ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
Reply
 
Thread Tools
(#1)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is online now
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,060
Join Date: Jan 2008
Location: Colombo
ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2 - 08-07-2012, 12:54 PM

මගුලක් ද කරන්නේ??? part 2
බොහෝ දෙනාගේ වැඩි ඉල්ලීම මත මගුලක් ද කරන්නේ??? part 2 දාන්න හිතුනා..

මගුලක් කන්න ඇගිලි ගනින අපේ කොල්ලො වෙනුවෙන් දාන්නෙ..විස්තර පළවෙනි එකේ ගොඩක් තියෙනවා..මෙන්න

මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthr...2#post12823772

දැන් ඉතුරු ටික මෙන්න

අපිට මගුලට දල වශයෙන් යන වියදම් ටික පොඩ්ඩක් ගණන් හදල බලන්න පුලුවන් විදිහට මම ඒවා වෙන වෙනම දාලා පෙන්නන්නම්..මෙන්න.මේවා මිල ගණන් විවිධ පරාසයන්ගෙන් තියෙන නිසා මම දන්න විදිහට අවම මිල දාන්නන්...උඹල කැමති විදිහට ගණන් තෝර ගනින්..


Wedding Suits
Bride Wedding Saree (අවම 8,000-10,000 ක්, උපරිම ලක්ෂ ගණන්)

Brides Made's saree (අවම 2,000) * ගොඩක් වෙලාවට රෙදි අරගෙන සාරි හදන නිසා මේ ගානට රෙදි ගන්න පුලුවන්...ඩ්‍රෙස් මේකින් කරන කෙනා පොඩි ගාණකට සාරි හදන මෝස්තර දාලා කැටයම් දාලා දෙයි)
Flw Girl (අවම 2,000)

Bridal Shoes (අවම 4,000)

Brides Made's Shoes (අවම 2,000)

Flower Girl Shoes (අවම 2,000)

Dress Making (අවම 15,000)

Bridle Dressing (අවම 40,000 ක් වත් යයි.. දෙවෙනි මනමාලියො ගාන අනුව ගාන වෙනස් වෙනවා..දෙවෙනි මනමාලියෙක්ට අවම 5000 ක් විතර ගනියි.)

Bridle Bouqet (අවම 6000 ඉදල..නෙලුම් වලින් කරනවනන් ඒ ගාන..රෝස වලින් කරනවනන් 9-10 ක් විතර, ඕකිඩ් වලින් කරනවනන් 12-15 ක් විතර)

bride Mades Bouqet (අවම 4000)

Flower Gild Crown & Bouqet (අවම 4000)

Groom Nilame Kit (අවම 8000)

Groom's Friends (අවම 5000)

Page Boy (අවම 4000)
Jewelley Necklass (අවම පවුම් 2 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයෙන් එහා යයි)

Rings 2 (අවම පවුම් 1.5 ක් විතර යයි..එහෙම වුනාම ලක්ෂයකට ආසන්න ගාණක් එයි)

කකුල හෝදන්න පොඩි එකෙක් ඉන්නවනන් ඒකටත් මුද්දක් දෙන්න එපැයි
ඒකට පොඩි එකක් ඕනිනන් විතරක් හදල දීපන්..නැති වුනා කියල වැරැද්දකුත් නැහැ..අපිට වාසියි.



Hotel Charge (උඹල තෝර ගන්න මෙනූ එකයි හොටෙල් එකයි එන පිරිසයි අනුව වෙනස් වෙනවා)


Hotel Decoration (අමු මල් වලින් කරනවනන් ලක්ෂයෙන් උඩ තමයි.ඒත් අවම...කෘතිම මල් වලින් කරනවනන් අමු මල් වලින් කරන ගානෙන් ගොඩක් අඩුවට කරන්න පුලුවන් (අවම 50,000)

Invitation Card (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Cake (කෑල්ලක් රු. 35 ඉදල වගේ තියෙනවා..)
Wedding Cake බොක්ස් (පෙට්ටි) - (කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් -රු. 10 ඉදල මොස්තර තියෙනවා)

Wedding Car & Deco (වෙඩින් කාර් තියෙනවා පැය 4 ට රු. 8,000 වගේ ඉදල..ලිමෝ එකක් ගන්නවනන් පැය 4ට 80,000 යි දන්න එකෙක් සෙට් කරගනින්)

Ashtaka & Jayamangala (අෂ්ටක 5,000 ඉදල, ජයමංගල 4,000 ඉදල) ඔය සෙට් එකම එකෙක්ට භාර දුන්නනන් එල..පෝරුවෙ බඩුත් එක්කම (3,000)එක පැකේජ් එකක් 20,000 කට වගේ ගන්න පුලුවන් නැටුම් කණ්ඩායමකුත් (8,000) එක්කම) එතකොට මගුල දවසෙ පොල් මල් හොයන්න ලදපස්මල් හොයන්න සුදු රෙදි හොයන්න වාත වෙන්න ඕනි නැහැ

Present for parents (මේකෙදි වෙන්නේ ගෑනු ළමයගෙ අම්මට කරන ගරු කිරීමක් විදිහට..සාමාන්‍යෙයන් කිරි කඩ හේලය කියල තමයි මේකට කියන්නෙ..සුදු රෙදි යාර 21 ක් දෙනවා ගෑනු ළමය බීපු කිරි වලට සමාන වෙන්න කියල, ඒත් දැන් ගොඩක් දුරට සුදු රෙදි වලින් වැඩක් නැති නිසා මොකක් හරි ඇදුමක් පැළදුමක් දෙනවා..උදා.සාරියක් වගේ) ඉතින් අම්මට විතරක් දීල ඉන්න එක හරි නැති නිසා තාත්තටත් මොනව හරි දෙනවා..දැන් මනමාලයගෙ පැත්තෙ අම්මටයි තාත්තටයිත් තෑගි දෙනවා පෝරුවෙ වෙලාවෙදි..)

Photo & videography (පුලුවන් තරම් දන්න එකෙක් සෙට් කරගන්න..දෙකම එක තැනකින් කරනවනන් එල..නැත්නන් දෙගොල්ලො ගැටෙන්න පුලුවන්, ලයිට් වලදි..ෆොටෝ ගද්දි, වීඩියෝ කරද්දි, ෆ්ලෑෂ් වෙද්දි,) ඒක නිසා එක තැනකින් දෙකම කරවගන්න..අදුරන එකෙක්නම් ෆොටෝස් ටික අරගන්න විතරක් බාර දීල ඉතුරු ටික උඹලම කරගනින්..නැත්නන් ෆොටෝස් වලට 50 ක් විතර යයි අවම. වීඩියෝ වලට 25,000 විතර යයි අවම..ෆොටෝස් කරද්දි උඹලට තැන්ක් යූ කාඩ් කොච්චර ඕනිද කියල බලපන්.. එක ෆැමිලි එකකට අවම 1 ගානෙ කාඩ් ගාන හදපන්..වැඩිපුර 25 ක් විතර ගනින්.. උඹල දෙන්නගෙ එන්ලාජ්මන්ට් ෆොටෝ එකක් ඉල්ලගනින් මගුල දවසෙම දවල්ට ලැබෙන විදිහට..කැමතිනන් ආපු අයගෙ අත්සන දාලා හදන සිග්නේචර් පොටෝ එකකුත් ඉල්ලගනින්..මතක ඇතිව එන හැම එකාගෙම පොටෝ එකක්වත් ගන්න කියපන්. හැම එකාම කපල් එකත් එක්ක ඉන්න පොටෝ එකක් ගනින්. පවුල් පිටින් ඉන්න උන් එක පවුල එක ෆොටෝ එක ගානෙවත් ගනින්. නැත්නන් අන්තිමට කස්ටිය චුරු චුරු ගානව අනිවා.

Photo location (දැන් ගොඩක් වෙලාවට හොටේල් එකේ ෆොටෝ ගන්නවට අමතරව වෙන ලස්සන ප්ලේස් වල පොටෝස් ගන්නවා..) උදා..ගංගාරාම පන්සල, නිදහස් චතුරශ්‍රය, දියවන්නාව.. ඒකට ලස්සන තැනක් තෝරගනින්..අන්තිමට ඉතුරු වෙන්නෙ ඇල්බම් එක නිසාවෙන්

Registar - මගුල රෙජිස්ටර් කරන කෙනා - සාමාන්‍යෙයන් එක දිස්ත්‍රික්කයක ජෝඩුවක්නම් ටිකක් කරදර අඩුයි. වෙඩින් එක තියෙන හෝටලේ අවට අයිති රෙජිස්ටාර් කෙනෙක්ට කලින් දන්වා දිනය වෙන්කරගන්න..අඩුම මාසෙකට කලින්වත්...දිස්ත්‍රික්ක දෙකක දෙන්නෙක්නම් එක්කෙනෙක්ගෙ ප්‍රෙද්ශය භාර රෙජිස්ටාර්ගෙන් ලියුමක් අරගෙන අනිත් පැත්ත භාර රෙජිස්ටාර් ට දීම අනිවාර්ය්‍ය වේ. රෙජිස්ටාර් සදහා මිළ - (නීත්‍යානුකූල විවාහවීමට මිළ රුපියල් වලින් 1,090 කි )

Sound (වෙඩින් එක දවසෙ බෑන්ඩ් එකක් සෙල්ලන් කරනවද, 2 පීස් එකක් ගහනවද, 3 පීස් එකක් ගහනවද නැත්නන් ඩීජේ පොරක් සෙට් කරගන්නවද කියල තීරණය උඹේ අතේ..ඩීජේ පොරක් 6,000 ක් විතර, බෑන්ඩ් එකක් 15 ක් විතර අවම ගන්නවා)

Hotel Rooms for 2 days (උඹල බැදල පැනිහද බලන්න නවතින්න යන හෝටලේ තීරණය කරපන්..සීතලේ ගැහි ගැහි පැණිහද බලනවද නැත්නන් මුහුදු වෙරළ පැත්තෙ යනවද කියල තීරණය කරපන්.. ගොඩක් වෙලාවට හොටෙල් රෑම් එකක් දවසකට රු. 5000 ඉදල වගේ තියෙනවා. මෙන්න ගොඩක් වටින සයිට් එකක් රෑම් වල ගනන් බලා ගන්න.
HTML Code:
http://www.booking.com
. බුක් කරද්දි ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් ගැන අවබෝධයෙන් බුක් කරන්න. යද්දි වටින කියන ඒවා නැතිවෙන්න පුලුවන් නිසා (අරක ගැන නෙමෙයි කිව්වේ..ඒක කොහොමත් නැතිවෙනවනෙ..මම කිව්වෙ රත්තරන් බඩු, සල්ලි, කැමරා වගේ ඒවා) පරිස්සමින් වැඩ කරගනින්..

Travelling - උඹලට එහෙ මෙහෙ යන්න එන්න යන වියදම..මේකට අතේ කීයක් හරි වැඩිපුර තියාගනින්..අතේ නැතත් බැංකුවෙ දාලා හරි කාඩ් එකක් ලග තියාගනින්..දන්න කියන එකෙක්ගෙන් වාහනයක් සෙට් කරගනින්.. ඩ්‍රයිවින් වෙන එකෙක් කරනවනන් එල..මොකද උඹ වැඩ කරල කරල මහන්සිත් ඇති නිසා වෙන එකෙක් ඒ රාජකාරිය කරන එක හොදයි.



වෙඩින් එක දවසෙ කරන්න තියෙන කරන්න වෙන වැඩ ටිකකුත් තියෙනවා (අහවල් එක ගැන නෙමෙයි කියන්න හදන්නෙ ) ප්‍රතිචාර අනුව ඒකත් පස්සෙ දාන්නන්..


නොදැක්ක අයටත් බලන්න බම්ප් කරල පලයල්ලා.

Last edited by Kumara456; 08-07-2012 at 03:54 PM.
Reply With Quote
(#2)
Old
jkadithya's Avatar
jkadithya jkadithya is offline
Senior Member
jkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to alljkadithya is a name known to all
 
Posts: 14,921
Join Date: Mar 2007
Location: ~ElaKiri Traveler~
08-07-2012, 12:59 PM

ammata siri..mata epa..man bandinne nah :S
Reply With Quote
(#3)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 31,180
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
08-07-2012, 01:00 PM

පිස්සු හැදෙයි
Reply With Quote
(#4)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,347
Join Date: Sep 2009
Location: my world
08-07-2012, 01:09 PM

ela machan thanks ...
Reply With Quote
(#5)
Old
radiax's Avatar
radiax radiax is offline
Senior Member
radiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of lightradiax is a glorious beacon of light
 
Posts: 8,980
Join Date: Dec 2007
Location: සුන්දර හදවතක..-NRJ-
Send a message via Skype™ to radiax
08-07-2012, 01:15 PM

අඩෝ උඹ නම් දෙයියෙක් මචන්...
ලොකු උදව්වක් කලේ...
සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. දැන් දන්නවා මොනාද යන වියදම් කියලා.
පුලුවන් නම් හොද හොටෙල්ස් ටිකක් ගනන් හිලව් එක්කම දාපන්. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.

මචන් හොටෙල් එකෙන් හොටෙල් ඩෙකෝ කරනවා නේද?
මගේ එක කරන්න ඉන්නේ 5-6 අතර ගානකින් තමා. (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා)..බොන්න දෙන්නෙ නෑ.ඉතින් ලොකු ගානක් අඩු වෙනවා.(උබලට එන්න වෙන්නෙ නෑ ඒ කියන්නේ)
පුලුවන් විදියට ඇඩ්වයිස් කරපන්..
Reply With Quote
(#6)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is online now
Senior Member
dwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant futuredwpsg has a brilliant future
 
Posts: 8,371
Join Date: Nov 2011
Location: Iɳ ɱყ ԃɾҽαɱ
08-07-2012, 01:17 PM

මේක දැකල අපේ උන්ට බදින එක එපා වෙයිද දන්නේ නේ?
Reply With Quote
(#7)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is online now
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,060
Join Date: Jan 2008
Location: Colombo
08-07-2012, 01:21 PM

Quote:
Originally Posted by radiax View Post
අඩෝ උඹ නම් දෙයියෙක් මචන්...
ලොකු උදව්වක් කලේ...
සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා. දැන් දන්නවා මොනාද යන වියදම් කියලා.
පුලුවන් නම් හොද හොටෙල්ස් ටිකක් ගනන් හිලව් එක්කම දාපන්. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි.

මචන් හොටෙල් එකෙන් හොටෙල් ඩෙකෝ කරනවා නේද?
මගේ එක කරන්න ඉන්නේ 5-6 අතර ගානකින් තමා. (ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා)..බොන්න දෙන්නෙ නෑ.ඉතින් ලොකු ගානක් අඩු වෙනවා.(උබලට එන්න වෙන්නෙ නෑ ඒ කියන්නේ)
පුලුවන් විදියට ඇඩ්වයිස් කරපන්..
(ඔන්න දැන් කින්ඩි හිනාව දාන්න එපා) පල හු&^&..
යකෝ අපි කොල්ලන්ට හිනාවෙන්නෙ නැහැ..පුලුවන් තරම් සප් එක දෙනව මිසක්..

මේකයි සීන් එක..සමහර හොටෙල් වලින් ඩෙකරේෂන් ෆී දෙනවා. හැබැයි සමහර ඒවා චා..නිකන් දෙන නිසා චා ඒව ගන්නත් බැහැ..ඒක නිසා උඹ බලපන් උඹට ෆිට් ද කියල..නැත්නන් පිටින් ඩෙකරේට් කරගනින්..
බොන්න දෙන්නෙ නැති එකට මම 100% කැමතියි.මාත් එහෙමයි කරේ. හේතු ගොඩක් නිසා ඒක ගොඩක්ම හොදයි. (මම බොන්නෙ නැති නිසා අපිට එන්න පුලුවන් වෙයි )
පළවෙනි ත්‍රෙඩ් එක බැලුවද උඹ? ඒකෙ වැඩි විස්තර ඇති..
Reply With Quote
(#8)
Old
charutha1's Avatar
charutha1 charutha1 is offline
Senior Member
charutha1 has a spectacular aura aboutcharutha1 has a spectacular aura aboutcharutha1 has a spectacular aura aboutcharutha1 has a spectacular aura aboutcharutha1 has a spectacular aura about
 
Posts: 2,873
Join Date: May 2007
Location: Hmmm No Idea... :P
Send a message via MSN to charutha1 Send a message via Skype™ to charutha1
08-07-2012, 01:36 PM

ela ela pattaaa thanks for the valuable info
Reply With Quote
(#9)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
08-07-2012, 01:37 PM

thanks...
Reply With Quote
(#10)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is online now
Senior Member
Kumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud ofKumara456 has much to be proud of
 
Posts: 30,060
Join Date: Jan 2008
Location: Colombo
08-07-2012, 01:37 PM

Quote:
Originally Posted by jkadithya View Post
ammata siri..mata epa..man bandinne nah :S
Quote:
Originally Posted by sudu pusa View Post
පිස්සු හැදෙයි
Quote:
Originally Posted by hspa3.5 View Post
ela machan thanks ...

Reply With Quote
Reply

Bookmarks

Tags
උඹල නෑ, ජංගි කුමා, ජංගි ත්‍රෙඩ්, දෙවෙනි ගමන, බදින්න බැරියෝ, මංගල මල්දම, මුසි+කුමා ගයි, යමු හද පානේ.., සුදු කුමාර, aru, dat, kuma samalingikaya, wedding

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04022 seconds with 8 queries