පුදුම හත ගැන ඇත්ත

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පුදුම හත ගැන ඇත්ත

    ලෝකයේ පුදුම හත ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. එමෙන්ම 2007 දී නම් කරනු ලැබූ නව පුදුම
    හත ගැනද ඔබ අසා
    ඇතැයි මා දනිමි. පිට කොටුවේ පොත් විකුණන්නන් මෙය නූගත් ගැමියන් ට පොත්
    ගසා විකුණති. කොළඹ ඇවිත් ගෙදර යන මිනිස්සු තමන් ගෙන ආ නවතම දැනුම දරුවන් ට දෙති. අද
    බොහෝ දෙනෙක් තම දරුවන් ට අලුත් පුදුම හත ගැන කියා දෙනු මා දැක ඇත්තෙමි.
    එහෙත් මෙහි සැබෑ තත්ත්වය (හෙවත් ඇත්ත) ඔබ දන්නවාදැයි මා නොදනිමි. මේ ත්‍රෙඩ් එක ඒ ගැන
    ඔබ දැනුවත් කිරීමටයි.
    පුරාන ලෝකයේ පුදුම හත යනු යුනෙස්කෝව විසින් පිළිගත්, පුරා විද්‍යාත්මක වටිනාකම් සලකා නම්
    කරන ලද්දකි. එම පුදුම වලින් අද ඉතිරිව ඇත්තේ ගීසා පිරමීඩය පමණකි.

    එහෙත් නව පුදුම හත යනු සිරස සුපර් ස්ටාර් වැනි වැඩ සටහනකි. එම පුදුම තෝරනු ලැබුවේ චන්ද මගිනි.
    එනම් වැඩි ජනගහනයක් සිටිනවා නම් එම රටේ දේ පුදුම ලෙස පත් වන බව ඔබට තේරුම් යනු ඇත. තෝරා
    ගනු ලැබූ පුදුම දෙස බලන විට ඔබට එය තේරුම් යනු ඇත. Cristo Redentor (Christ the Redeemer )
    යනු 1922 දී නිර්මාණය කරන ලද්දකි.
    cristo-redentor3.jpg

    වසර 5000 කට පෙර සාදනු ලැබූ පිරමීඩ පසෙක තිබියදී මෙය තේරුනේ
    ලතින් ඇමෙරිකානු චන්ද හේතුවෙනි.
    පසුව විවේචනයන්ගෙන් බේරීමට ගීසා පිරමීදයට ගෞරව සාමාජිකත්වයක් දුන්හ.
    :lol:
    චීනය සහ ඉන්දියාව තම නිර්මාණ තෝරා ගත්හ. මේ සඳහා
    බොලිවුඩ් තරු විශේෂ චන්ද ප්‍රචාරක වැඩ සටහන් වලට සහභාගී වූ බව ඔබට මතක
    ඇතැයි සිතමි.
    India

    A campaign to publicize the campaign in India gathered speed and it reached a climax in July 2007 with news channels, radio stations, and many celebrities asking people to vote for the Taj Mahal
    (wikipedia)


    Jordan

    Queen Rania Al-Abdullah of Jordan joined the campaign to back Petra, Jordan's national treasure.[2] Despite Jordan only having a population of under 7 million people, it has been claimed that over 14 million votes were made from the country.[2] This number is estimated as the New7Wonders Foundation never released such details about the campaign.
    (wikipedia) හොර චන්ද කොච්චර දාලද :rofl::rofl:


    Brazil

    In Brazil there was a campaign Vote no Cristo (Vote for the Christ) which had the support of private companies, namely telecommunications operators that stopped charging voters to make telephone calls and SMS messages to vote.[11] Additionally, leading corporate sponsors including Banco Bradesco and Rede Globo spent millions of reals in the effort to have the statue voted into the top seven.[2] Newsweek reports the campaign was so pervasive that:
    One morning in June, Rio de Janeiro residents awoke to a beeping text message on their cell phones: "Press 4916 and vote for Christ. It's free!" The same pitch had been popping up all over the city since late January—flashing across an electronic screen every time city-dwellers swiped their transit cards on city buses and echoing on TV infomercials that featured a reality-show celebrity posing next to the city's trademark Christ the Redeemer statue.
    —Elizabeth Dwoskin, Newsweek

    (wikipedia)

    ඔන්න චන්ද ව්‍යාපාර. :lol::lol:

    තවද මෙම පුදුම හත යුනෙස්කෝව මගින් පිළිගෙන නැත. ඔවුන් මෙය පටන් ගත් විගසම විශේෂ ප්‍රකාශයක්
    නිකුත් කරමින් තමන් මෙය ට සම්බන්ධ නැති බවත් තමන් මෙය පිළි නොගන්නා බවත් ප්‍රකාශ කළහ.

    මෙම පුදුම හතේ බිස්නස් එක කරනු ලැබුවේ New7Wonders Foundation නම් වූ ආයතනයක් විසිනි. තමන්

    ලාබ නොලබන ස්වෙච්චා සංවිධානයක් බව කීවද ඔවුන් සැබවින්ම New Open World Corporation (NOWC)
    නමැති ලාබ ලබන ව්‍යාපාරයක කොටසකි. ඔවුන්ගේ සියලුම ආදායම් බැර වන්නේ පැනමාවේ පිහිටි නීති කටයුතු
    සම්බන්ධ ව්‍යාපාරික ආයතනයකටයි.

    වසර දස දහස් ගණනක් පැරණි එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් සහ ඇතන්ස් හි ඇක්‍රොපොලිස් පසෙක

    තිබියදී ඉන්දියාවේ ටජ් මහල් සහ 1922 දී නිම වූ කොන්ක්‍රීට් පිළිම පුදුම හත ට නම් කර ඇත. ශ්‍රී ලංකාවේ
    ඇති වසර දහස් ගණනක් පැරණි නටබුන් සාධාරණ ඇගයීමකදී අනිවාර්යයෙන්ම ඉදිරියට එනු ඇත.
    Stonehenge.jpg


    Pic18-Acropolis-big.jpg


    GizaPyramid.jpg


    මා මෙම ලිපියෙන් නව පුදුම වල ඇති ස්ථාන ගැන කිසිදු අඩු තක්සේරුවක් කරන්නට සිතුවේ නැත.

    මා පෙන්වූයේ ඉන් බොහොමයකට වඩා වටිනා නිර්මාණ ඇති බව පමණකි. තවද කිසිදු බලධාරියෙක්
    පිළි නොගත් මෙම ව්‍යාපෘතිය තනිකරම ජනගහනය වැඩි රටවල උනන්දුවක් ඇති කර එමගින්
    ලාබ ලබා ගැනීමට කරන ලද්දක් පමණක් බව පෙන්වීමට පමණකි.

    එබැවින් මින් පසු ඔබ කාට හෝ නව පුදුම හත ගැන කියන්නේ නම් ඒවා පිළිගනු ලැබූ ඒවා නොවන බවද

    අවධාරණයෙන් කියා සිටීමට මතක තබා ගන්න. මන්ද යත් දරුවන් කුඩාකල ඉගෙන ගන්නා දේ තුලින්
    ඔවුන් ගේ අනාගතය හැඩ ගැසෙන බැවිනි.

    photos:internet
    facts:wikipedia

    මේක කියවල මොනවා හරි දැන ගත්ත නම් අඩු ගානේ බම්ප් කියල වත් ලියල යන්න. අනිත් අයටත් බලාගන්න. ඒක සමාජය ට ලොකු දැනුවත් කිරීමක් වේවි.
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    රිප්ලයි වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි. මම ඇත්තටම මේක දැම්මේ ගොඩක් අය මේක ට රැවටිලා ඉන්න නිසා.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    රිප්ලයි වලට, බම්ප් වලට, රෙප් වලට ස්තුතියි. මම ඇත්තටම මේක දැම්මේ ගොඩක් අය මේක ට රැවටිලා ඉන්න නිසා.