මිනීමරුවා කවුද ?????......කියවලාම දැනගන්න

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මිනීමරුවා කවුද ?????......කියවලාම දැනගන්න

    මේ මම කියවපු මැගසින් 1ක තිබ්බ කතාවක් .අද කාලයේ මේ වගේ දේත් වෙන නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා:P:P.කියවන්න.හොදයි නම් කියලා යන්න.:lol:

    1994 වසරේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනය නිමිත්තෙන් පැවති රාත්‍රි භෝජන සංග්‍රහයේදී,එහි සභාපති වෛද්‍ය හාපර් මිල්ස් මහතා විස්මයජනක මරනයක ඇති සංකූලතාව පැහැදිලි කිරීම සදහා මේ කතාව ගෙන හැර දැක්විය.
    1994 මාර්තු මස 23 වන දිනරොනල්ඩ් ඔපස්ගේ සිරුර පරීක්ෂා කරබැලූ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ඔහු හිසට වැදුණු වෙඩි පහරකින් ඇතිවූ තුවාලයක් නිසා මියගොස් ඇතිබව නිගමනය කළේය.සියදිවිහානි කරගැනීම සදහා ඔපස් තට්‍ටු 10ක් උස ගොඩනැගිල්ලක 10වන මහලේසිට බිමට පැන තිබේ.සිය අපේක්ෂාවන් ඉ‍ටු නොවීම නිසා තමා මේ ලෙස සිය දිවි නසා ගන්නා බවට ඔහු සටහනක් තබා තිබිණි.ඔහු නමවෙනි මහල පසු කරමින් පහතට වැටෙන විට හදිසියේ ජනේලයකින් පිටවු වෙඩි උණ්ඩයක් හිසේ වැදී එවිටම මරණයට පත්විය.
    එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරමින් සිටි කම්කරුවන්ගේ ආරක්ෂාව සදහා අටවෙනි මහලට පහළින් ආරක්ෂක දැළක් එලා තිබු බව මියගිය තැනැත්තා හෝ වෙඩි තැබූ තැනැත්තා දැනගෙන සිටියේ නැත.මේ නිසා රොනල්ඩ් ඔපස්ගේ සියදිවිනසා ගැනීමේ තැත ඔහු බලාපොරොත්තු වු ආකාරයට සිදු නොවන්නට ඉඩ තිබිණි.
    "සාමාන්‍ය පිළිවෙතට අනුව කිසියම් තැනැත්තෙක් සියදිවි නසාගැනීමට තැත්කර, අවසානයේ සිය අභිමතාර්ථය ඉ‍ටුකරගත්හොත්,එය සිදුවන්නේ ඔහු සිතූ ආකාරයට නොව වෙනත් ආකාරයකට වුවද ,මෙය විග්‍රහ කරන්නේ සියදිවි හානිකරගැනීමක් ලෙසටය" .යි වෛද්‍ය මිලර් තවදුරටත් පැවසුවේය.
    එම වෙඩිපහර පිටවූ නවවෙනි මහලේ පිහිටි කාමරයේ වයසක ජෝඩුවක් වාසය කළහ.මෙවිට කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඔවුන් දබර කරමින් සිටි අතර,ඔහු ඇය දෙසට තුවක්කුවක් එල්ල කරගෙන තර්ජණය කරමින් සිටියේය.මහත් කැළඹීමට පත්ව සිටි වයසක මිනිසා සිය බිරිය දෙසට එල්ල කරගෙන සිටි තුවක්කුවේ කොකා ගැස්සුවේය.ඔහුගේ ඉලක්කය වැරදී ජනේලයෙන් පිටතට ගිය උණ්ඩය ,ජනේලය පසුකර පහතට වැටෙමින් සිටි ඔපස්ගේ හිසේ වැදුණි.
    "කිසියම් තැනැත්තෙක් A නැමැත්තා මැරීමට තැත්කර වැරදීමකින් B නැමැත්තා මරණයට පත්වුවද ඔහු B නැමැත්ත මරණයට පත්කිරීමට වරදකරු වේ."
    වයසක තැනැත්තාට මිනීමැරුම් චෝදනාව එල්ලවූ විට ඔහුත් බිරිදත් දැඩිලෙස කියා සිටියේ තුවක්කුවට පතුරුම් දමා තිබු බව ඔවුන් දැන නොසිටි බවයි.පතුරොම් දමා නැති තුවක්කුව තව තම බිරිදට එල්ලකර ඇය බියවැද්දීම සදහා තර්ජනය කිරීම තමා පුරුද්දක් වශයෙන් කරගෙන ගිය බව පැවසුවේය.ඇය මරා දැමීමේ අදහසක් ඔහු තුල කොහෙත් ම නොවීය.
    "තුවක්කුවට පතොරොම් දැමීම මහලු මිනිහා නොදැනුවත්වම සිදු වූවක් ලෙස සැලකීමට ඉඩ තිබිණි." මෙම සිදුවීම සිදුවීමට සතියක්ට් පමණ පෙර වයසක ජොඩුවගේ පුතා තුවක්කුවට පතුරොම් දමනු තමා දු‍ටු බව විමර්ශනවලදී ඉදිරිපත්වූ සාක්ෂිකරුවෙක් පැවසුවේය. වයසක ස්ත්‍රිය සිය පුතාට මුදල් ආධාර නොදීම නිසා ඔහු බලවත් කොපයකින් පසුවිය.පියා නිතර මවට තුවක්කුව එල්ලකර තර්ජනය කරණබව දන්නා ඔහු තුවක්කුවට පතොරම් දමා ඇත්තේ පියා තම මවට වෙඩි තබනු ඇත යන අපේක්ෂාවෙනි.කොකා ගස්වනු ලැබූවේ ඔහු විසින් නොවුවද මේ මරණය සම්බන්ධයෙන් ඔහු වැරදිකරු ඔහු බවට පත්විය.මේ අනුව වයසක ස්ත්‍රියගේ පුතා රොනල්ඩ් ඔපස්ගේ මිනීමරුවා බවට පත්විය.තවදුරටත් විමර්ෂන කිරිමේදී අනාවරණය වුනේ සියදිවිනසාගැනීමට තැත්කල රොනල්ඩ් ඔපස් මහලු ස්ත්‍රියගේ පුතා බවට අනාවරණය විය.
    තම මව මරණයට පත් කිරීමට යොදනලද උපක්‍රමය අසාර්ථක වීම නිසා ඔපස් පසුවූයේ මහත් කනස්සල්ලෙනි.මේ නිසා මාර්තු 23 දින දසවෙනි මහලේ සිට බිමට පැන සිය දිවි නසාගැනීමට ඔහු තීරණය කලේය.ඔහු බිමට පනින විට නවවෙනි මහලේ ජනේලයෙන් හදිසියේ පිටවූ වෙඩි උණ්ඩය වැදී අතරමගදී මිය ගියේය.අවසානයේ ඔහු තමාගේම මිනීමරුවා බවට පත්විය......:(:((දිට්ඨ ධම්මවේධනීය කර්මය):frown::frown:
    ගොඩක් මහන්සිවුනා ටයිප් කරන්න:(:(.මමමයි ටයිප් කරේ අනේ ඒකටවත් බම්ප් 1ක් දාලා කැමති නම් රෙපක් දීලා පලයල්ලා. :D:D
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සියදිවිහානි කරගැනීම සදහා ඔපස් තට්‍ටු 10ක් උස ගොඩනැගිල්ලක 10වන මහලේසිට බිමට පැන තිබේ.සිය අපේක්ෂාවන් ඉ‍ටු නොවීම නිසා තමා මේ ලෙස සිය දිවි නසා ගන්නා බවට ඔහු සටහනක් තබා තිබිණි

    EEEyaaaa :P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    uba ewath kiyola thiyada bun :P
    kiyavima minisaa paripurna miniseku karayi
    1.gif