ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!

    ක්‍රිස්මස් දූපත යනු ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා ඕස්ට්‍රේලියානු දූපතකි.මෙය සතුන් ව්ශාල ප්‍රමානයක නිජ භූමිය ලෙසද හැදින්විය හැකිය..



    1.jpg



    මේ දුපත ගොඩක් ප්‍රසිද්දයි රතු කකුලුවන් ගැන කතා කරද්දි.. මොකද මේ දූපතේ සිටින රතු කකුලුවන් කෝටි ගානක් කැලෑවේ ඉදන් වෙරලට එනවා උන් බෝවෙන කාලෙදි..

    ඔය ඉන්නේ ඩයල් එකක් අල්ල අල්ල ආසාවට....



    2.jpg



    තෙත් කාලගුනික තත්වය එනකොටම වැඩිහිටි රතු කකුලුවන් මිලියන 50කට අදික ප්‍රමානයක් මුලු දිවයින පුරාම කැලෑවල් වලින් වෙරල පැත්තට එනවා... ඔය එන්නේ කස්ටිය.. කොච්චියක් එහෙම ආවොත් කට්ටියට බඩු බනිස් පැකට් එක්කම...


    3.jpg


    රතු කකුලු කොල්ලෝ ටික තමයි මේ වෙරල වෙත යන ගමනේදි පෙරමුන ගන්නේ...උන්ට පස්සෙන් රතු කකුලු කෙල්ලො ටිකයි අම්මල ටිකයි ආච්චිලා ටිකයි එනවා...පස්සේ කස්ටියම එකතු වෙනවා....

    4.jpg


    මෙම කකුලුවන් වෙරල කරා ලන් වීමට දින 5ත් 7ත් අතර කාලයක් ගත වෙනවාලු.. වැස්ස සහ තෙතමනය සහිත කාලගුනික තත්වය
    නිසා තමයි උන්ගේ ගමන ප්‍රමාද වෙන්නේ.. නැත්තන් කස්ටිය දවස් 3න් ඇවිත්..


    5.jpg



    මෙහෙම මේ කට්ටිය පාර මාරුවෙද්දි ලොකු තදබදයක් ඇතිවෙනවලු සමහර අවස්තාවලදි.. එහෙම නොවෙයිද මෙච්චර ගානක් මෙහෙම ලව් කර කර යද්දි...

    ඉතින් ඔහොම යනකොට වාහනයක් එහෙම ආවොත් කකුලුවන් විශාල ප්‍රමානයක් ඉතා සුලු
    මොහොතකදී ඉතා අවාසනාවන්ත ලෙස චකා බ්ලාස්ට් වෙනවලූ.. සමහර අයගේ අත පය විතරලු බොඩිය නෑලු..
    සමහර අයගේ
    බොඩිය විතරලු.. ඔලුව නෑලු.. ඒත් අනිත් බේරිච්ච අය මේ අය ගැන හිතලා ගමන නතර කරන්නෙත් නැහැලු...


    6.jpg


    මුන්ගේ මේ උඩ තියෙන තියුනු දීප්තිමත් රත් පැහැ පොත්ත නිසා ගුවනේදී උනත් මුන් ගමන් කරන ලස්සන බලාගන්න ඉතා පහසුයිලු..


    7.jpg


    කකුලු කොල්ලෝ කකුලු නන්ගිලට ශොට් එක දුන්නට පස්සේ .... මචන්ලා මේ කකුලු අම්මලා ගිහින් මුහුදේ පොඩි පොඩි වලවල් වල බිත්තර දානවලු.. පස්සේ චූටි දලබුවෝ තමයි වර්දනය වෙලා කකුලු අයියලා බවට පත් වෙන්නේ..


    8.jpg



    මේ බිත්තර මාසයක් විතර මෙහෙම මුහුදේ තිබිල පස්සේ ඒවායින් එන කකුලු පැටවුන්ගේ ශරීරයේ හරස් දිග මිලිමීටර් 5යිලු... මුන් පස්සේ ආයිත් ඈත මුහුදේ ඉදන් වැඩිහිටි කකුලුවන්ව ප්‍රමුඛ කරගෙන ගොඩබිමට එනවලු දින ගනණාවකට පස්සේ..

    හොදටම කස්ටිය
    හෙම්බත් වෙලාලු එනකොට..එහෙම්ම දවසක් දෙකක් ආතල් එකටත් එක්ක වෙරලේ වැටිලා ඉන්නවලු මැරිලා වගේ...මුන් ගොඩබිමට ආවට පස්සේ එකාට එකෙක් නෑ..

    එක එකා හිතුන පැති වල පොලොව යටයි,, අතු අස්සෙයි, පදුරු අස්සෙයි
    රින්ගනවලු,, අයේ ලොවෙත් එන් නෑලු පෙන්නවත් අවුරුදු 3ක් විතර යනකල්..


    99.jpg


    මුන් වාර්ශිකව මෙහෙම එකවර විශාල ප්‍රමානයක් එලියට පැමිනීම හේතුවෙන් අපේ අමනුස්සයන් මොවුන්ව විශාල ලෙස ඝාතනය කරනවලු! ඩෙවල් වලට..

    999.jpg


    මන් අර කලින් කිව්වා වගේ වනාන්තරය නැති පැති වලින් මේ කට්ටිය මාරුවෙද්දී විජලනය වීම ප්‍රදානකොටගෙන වාහන වලට යට වීමෙන්
    සහ අනිකුත් ක්‍රියා වලින් වැඩිහිටියන් හා කකුලු දරුවන් දහස් ගනනින් මිය යනවලු... ඒ නිසාම මේ උඩ තියෙනවා වගේ කට්ටියට යන්න වෙනම පොලොව කපලා පාරවල් හදලා දිල තියෙනවලු එකේ කාර්ය මණ්ඩලය ව්සින්...


    9999.jpg




    තව මේ කාලෙදි ව්ශේශ ගමනාගමන ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වෙනවලු මේ කකුලුවන් වාහන වලට අහු වෙලා වලකජ්ජ ගහන එක නවත්තන්න.. එහිදී සමහර පාරවල් වහන්නත් වෙනවලූ මේ වගේ...
    ඉතින් මේ කකුලු සන්ක්‍රමනය සහ මෙම පුවරු ගොඩක්
    සන්චාරක ආකර්ශනය ලබගන්නවලූ..


    විද්යුත් තැපෑලෙන් ලැබුනු කරුනු ටිකකි.. පරිවර්ථනය කරනු ලැබුවේ මා විසිනි.. ජය වේවා !!!


    :love: :love: tshirtZ :love: :love:



     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83


    විද්යුත් තැපෑලෙන් ලැබුනු කරුනු ටිකකි..


    :love: :love: tshirtZ :love: :love:





    Very Good Post.නොදන්න දෙයක් දැනගත්තා.

    අනික කවුදබන් උඹලාට මේවාගේ වටිනා දේවල් ඊමේල් කරන්නේ?

    මටත් එනව.Viagra ඕනෙද? Penis enlargement pills ඕනෙද කියලා!
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියමයි මචන් ඔය seen එක අටපට්ටමේත් පෙන්නුවා වගේ මතකයි.රෙප් 2+
     
    • Like
    Reactions: tshirtZ