ආස කෙල්ලෙක්ට ඊ-මේල් කිරීම වරදක්ද? (කොල්ලන"
කස්ටියටම මේක කියන්න මම හිතුවේ උඹලාගෙන් ඔපීනියන් එකක් ගන්ට.
ඉතින් මචනලා.. මට මේ කෙල්ලව මුලින්ම සහ අන්තිම වතාවට හමුවුනේ පන්සලක. එයා ඇවිත් හිටියේ අම්මත් එක්ක.
මේ ළමයාව (බය වෙන්ට එපා... ළමයා කිව්වට වයස 25ක් විතර ඇති), දැකපු වෙලාවේම මට අමුතු ඉස්සර කොහේ හරි දැකල තියෙන හැගීමක් දැනුනා... (ඒක විස්තර කරන්න මම දන්නේ නැහැ... හැබයි ඉතින් ලස්සන හැගීමක්)
ධර්ම දේශනාවෙන් පසු මම ඉතින් බයෙන් බයෙන් ගිහින් එයාගේ අම්මත් එක්ක කතා කලා. පස්සේ මම අර ළමයත් එක්කත් කතා කලා.
ඒත් ඉතින් මචන්ලා... එයාගේ ෆෝන් නොම්මරේ වත් මම ඉල්ලුවෙ නැහැ. (හිතපන් බන් ටිකක්... ඒ වෙලාවේ දැකපු කොල්ලෙක්ට ෆෝන් නොම්මරේ දෙයිද හැදිච්ච කෙල්ලෙක්?)
ඔන්න ඉතින් එයාගේ අම්ම නම් එපි දෙන්නට කතා කරන්න ඉඩ දුන්නා.. හරිම හොඳ ඇන්ටි කෙනෙක් (මමත් ඉතින් පිලිවෙලකට අදින කොල්ලෙක්)
ටික වෙලාවකින් මේ දෙන්නාම මට යනවා කියලා යන්න ගියා.. මමත් ඉතින් ගෙදර ගියේ දහසක් පැතුම් පොදි බැදගෙන. මම හිතුවා මගේ හිතේ තියෙන දේ එයාට ඊලග සතියේ කියලා එයාගෙන් ෆෝන් නොම්මරේත් ඉල්ලගන්නවා කියලා..
උඹලට කියන්න, මම හරිම ලස්සන සතියක් ගෙව්වේ.. එයා ගැන සිත සිත.
ඒත් මචන්ලා.. මම ආයේම ඒ දෙන්නව දැක්කෙම නැහැ. මම මාස ගානක් සතිපතා පන්සලට ගියා එයා එයි කියල... නමුත් ආවෙම නැහැ!
ඔන්න දවසක් මම ඉන්ටර්නෙට් එකේ චෙක් කරනකොට එයාගේ නම වගේ කෙනෙක් මියුසික් ටියුශන් දෙන ඇඩ් එකක් දැක්කා. ඒකේ එයාගේ නොම්මරේ සහ ඊමේල් තිබුනා.
මම ඉතින් එයාට ඊමේල් කලා.. මාව මතකද? මම හිතන්නේ මේ මට එදා පන්සලේදී හම්බුන ගර්ල් නේද? මම ආසයි ඔයාට පුලුවන් නම් ආයෙත් කථා කරන්න.... ඔන්න ඔය වගේ බයිලා ටිකක් ගහලා... (ගොන් යකෙක් බන් මම)
මම තවත් කිව්වා ඔයාට වෙලාවක් තියනවනම් ප්ලීස් මට ඊමේල් කරන්න කියලා.
ඒත් එයා මට ආයේ රිප්ලයි කලේ නැහ. මගේ යාලු බුවෙක්ට මේ කතාව කිව්වම ඌ මට චූ යන කතා වගයක් කියල මාව බයකලා.. ඒ යකා කිව්වා සමහර විට ඒ කෙල්ල මේ ගැන පොලිස්සියට කියයි, රෙඩි වෙලා හිටපන් කියල...
ඉතින් බන් මාත් මාර බයේ හිටියේ.. ඊට පස්සේ සතියේ මම පන්සල පැත්තේ ගියෙත් නැහැ (ඇයි බන් අරූ කිව්ව හැටියට ඒකී කවුරුහරි දම්මලා මට ගැහුවොත්?)
ඊට පස්සේ සති දෙකකට පස්සෙත් මම පන්සලට ගියා... ඒත් එයා ඇවිත් හිටියේ නැහැ.....
ඔන්න ඕකයි තත්ත්වය... මට හැමදාමත් වෙන්නේ ඕකමයි බන්. කැලේට හද පායනවා වගේ කෙල්ලෙක් අහම්බෙන් කථා කරනවා... ඒත් ඉතින් මට ඒ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න බැහ. මම මහා කාලකන්නියෙක් කියලා මට හිතෙනවා..
කවදාහරි මටත් මැරෙන්න වෙන්නේ අර "අනුර බණ්ඩාරනායක" වගේ තනිකඩයෙක් වගේ කියලා හිතෙනකොට සසර කලකිරෙන්වා බන්....
උඹලා මොකද කියන්නේ මේ කෙල්ලගේ සීන් එක ගැන? අනේ පුලුවන්නම් ටිකක් උපදෙසක් දීපල්ල බන්...
උඹලට පින්!!

මෙහෙම කරපන් කෙලින්ම කෙල්ලගේ අම්මට කියපන් scene එක.. 