එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස

    සුබ දවසක් EK යාලුවෝ ඔක්කොටම ! ගොඩ දවසකට පස්සේ වැදගත් ලිපි පෙළක් ආරම්භ කරන්න හිතුන, එළකිරියේ මේ වගේ ලිපි කියවන කට්ටියට සමහරවිට වැදගත් වෙයි. සැරින් සැරේ ඉඩ තියන වෙලාවට මේකේ ඉතිරි කොටස් දාන්නම්, අද කියන්න හදන්නේ "එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් පලවෙනි කොටසයි". ලංකාවේ ඉන්න ගොඩක් දෙනා මේ ගැන නොදන්නා නිසා අලුත් දෙයක් වෙයි කියල හිතනවා.

    ලිපි පෙළ ආරම්හ කරලා හා හා පුර කියල කියන්න හදන්නේ ශෆීලියා අහමඩ්ගේ ඝාතනය ගැන. මන් මුලින්ම ප්‍රාර්ථනයක් කරනවා මේ වගේ දේවල් හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා කියල. කව්ද ශෆීලියා අහමඩ් කියන්නේ දන්නවද ? මෙන්න මෙයාට :

    Shafilea_Ahmed.jpg


    මෙයාව ඝාතනය කරනකොට වයස අවුරුදු 17 යි. එංගලන්තේ ඉපදුන පකිස්තාන් ජාතිකයෙක්. තව විදියකට කිව්වොත් British - Pakistani කෙනෙක්. මේ කෙල්ල හරි ලස්සනයි හුරු බුහුටියි. West Yorkshire කියන ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ අම්මයි , තාත්තයි , නංගියි එක්ක.

    west-yorkshire-map.gif


    අවුරුදු 17 යි කිව්වහම තම ඉස්කෝලේ යන කෙනෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ? මාද්‍ය වාර්තා කරලා තිබුන විදියට ශෆීලියා ගොඩක් මානසික ආතතියකින් ජීවත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මෙයාගේ දෙමවුපියෝ නිතරම කරදර කරනවලු පාකිස්තානේ ඉන්න කාවද ජෝඩු කරවන්න, මේ කෙල්ල ඇහැටවත් දැකල නැතිලු, කැමතිත් නැතිලු. එංගලන්තේ ඉපදුන, එහෙමත් නැත්තම් ජීවත් වෙන බොහෝ දෙනෙක් එහෙ ජීවන රටාවට හුරු වෙනවා. ඒක සාමාන්‍යයි. කවුරුහරු කිව්වොත් පකිස්තාන් සම්ප්‍රදායට එංගලන්තේ ජීවත් වෙන්න කියල ඒක විහිළුවක් වෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ කෙල්ලත් මෙහෙ විදියට ජීවත් වෙලා තියෙන්නේ, එකේ කිසි වැරද්දක් නෑ. හැබැයි ඒක මෙයාගේ දෙමව්පියන්ටනම් දිරවල නෑ. අනේ ඉතින් එහෙම දිරෙව්වෙ නැත්තම් එක්කෝ පකිස්තනෙට යන්න ඕන නේද යාලුවනේ :yes:?



    සිය දිවි නසාගන්න උත්සාහයක :

    කොහොම හරි මෙයාල 2003 දී පකිස්තනෙට නිවාඩුවකට ගිහින් තියනවා මුළු පවුල පිටින්ම. මේ ගියපු ගමනේදී ටිකක් බයානක සිදුවීමකුත් වෙලා තියනවා, දන්නවද මොකක්ද කියල? වස බෝතලයක් පානය කරලා සිය දිවි නසාගන්න උත්සහ කරලා මේ කෙල්ල. හැබැයි ඒක එලිඋනෙ පස්සේ. මෙයාගේ තාත්තනම් කිව්වේ ලයිට් ගියපු වෙලේ දුව වැරදීමකින් fruit juice කියල හිතල බීල කියල. කොහොමහරි මැරිලා නෑ ජීවිතේ බේරිලා. මෙහෙම ගිහින් ආපහු එංගලන්තෙට ඇවිත්. 2003 සැප්තැම්බර් 11 වෙනිදා මෙයා අතුරුදහන් කියල දැන ගෙන තියෙන්නේ. සතියක් තිස්සේ ඉස්කෝලේ ආවේ නැත්තේ ඇයි කියල teacher බලල පස්සේ පොලිසියට මේ බව දන්වල. එතන ඉඳන් තමයි ශාෆීලියට මොකද උනේ කියල හොයන්න අරගෙන තියෙන්නේ.


    කාවද සැක ?

    මෙයා අතුරුදහන් උනාට පස්සේ හැම තැනම හොයල, සැක කටයුතු හැමෝගෙන්ම ප්‍රශ්න කරලා. හැබැයි ලොකු දෙයක් හොයාගන්න බැරි වෙලා. මේ අතරේදී තමයි බ්‍රිතාන්‍ය පොලිසියට ආරංචි වෙලා තියෙන්නේ පකිස්තනෙට ගියපු ගමනේදී වෙච්ච සිදුවීම. අර මනමාලයට ජෝඩු කරන්න ලොකු උත්සහයක් දෙමවුපියෝ විසින් අරගෙන තියනවා ඒක අසාර්ථක වෙලා අන්තිමට මේ කෙල්ල වහ බිව්වා කියන එකත් විස්තරාත්මකව හොයා ගෙන. ආ.. කියන්න බැරි උනානේ, මෙයාල අර නිවාඩුව ඉවරවෙලා එංගලන්තෙට ආවට පස්සේ වස බිව්වා ඒකට දුවට ප්‍රතිකාරත් කරලා තියනවා. ම්ම්.. මෙහෙම යද්දී තමයි දෙමවුපියෝ ගැන සැක පහල කරලා තියෙන්නේ. හිතන්න පුලුවන්ද යාලුවනේ මෙච්චර දියුණු රටක මේවගේ නුගත් වැඩක් මේ මිනිස්සු කරයි කියල??


    කෝ body ඒක ?

    මම මුලිනුත් කිව්වනේ ශාෆීලිය අතුරුදහන් කියල? මෙහෙම යද්දී 2004 පෙබරවාරි මාසෙක කෙන්ට් නදිය ආසන්නයේ තියන Cumbria කියන ප්‍රදේශයේදී මල සිරුරක් හමු වෙලා තියනවා, එතකොට ඒ ප්‍රදේශයට ලොකු ගං වතුරකුත් ගලල ඉවර උන විතරලු. DNA ටෙස්ට්, අතේ තිබුන අබරණ වලින් මේ කවුද කියල අඳුරගන්න සමත් වෙලා තියනවා. වෙන කවුරුත් නෙමෙයි 2003 සැප්තැම්බර් මාසේ අතුරුදහන් උන ශාෆීලිය. ඒ වෙනකොට සිරුර ගොඩක් විකුර්ති වෙලා ඇට කටු විතරක් ඉතුරු වෙන තත්වෙට පත් වෙලා තිබිල තියෙන්නේ. මරණ පරීක්ෂනේදී තහවුරු වෙලා තියනවා ගෙල සිරකර සිද්ද කරපු මිනීමැරීමක් කියල. මේ වෙනකොට සැකය ශාෆීලියගේ දෙමවුපියන්ගේ දිහාටනේ යොමු වෙලා තිබ්බේ? ඒ වෙනකොට කරුණු ගොඩක් අනාවරණය කරගෙන හමාරයි. මන් කිව්වනේ ශාෆීලියට තව සහෝදරියක් හිටිය කියල? ඒ සහෝදරි දැකල තියනවා මව සහ පියා එකතුවෙලා ශාෆීලියව එහෙමත් නැත්තම් තමන්ගේ අක්කව මරා දමනවා. මේ මව සහ පියා ශාෆීලියගේ නංගිටත් තර්ජනය කරලු මේක කාටවත් කිව්වොත් එයාවත් මරනවා කියල.

    16233926.jpg



    සැකකරුවන්ට මොකද උනේ ?


    මේ තමයි ශාෆීලියගේ මව සහ පියා. තව විදියකට කිව්වොත් මේ ඝාතනයේ සැකකරුවෝ දෙදෙනා.

    s-SHAFILEA-AHMED-large640.jpg


    මෙයාල පපොච්චාරනයකුත් කරලා, දුව විවාහ යෝජනාවට අකමැති උන නිසා පවුලට අවනම්බුවක් වෙයි කියල හිතුවලු, පියාට ඇති උන කෝපය නිසා කටට plastic bag එකක් දල ගෙල සිරකරාලු. මැරුණට පස්සේ blanket එකක් ඔතල පාලු කැලෑබද තැනකට ගිහින් දැම්මලු.
    මේ දෙන්නට නඩු පවරලා මේ මාසේ මුලදී තීන්දුවක් දුන්න ජීවිතාන්තේ දක්වා සිර දඩුවමකට යටත් කරලා. විශේෂ සිදුවීම තමයි චුදිතයන්ට විරුද්ධව සාක්කි දුන්නේ එයාලගෙම දෙවැනි දුව, ඒක තමයි එකම සාක්කිය ඇහෙන් දැකපු. තීන්දුව අහල මවනම් අඬ වැලපුනලු, හැබැයි පියා එහෙම නැතුව සාමාන්‍ය විදියට හිටියලු. කොච්චර දරුණු හිත්ද නේද යාලුවනේ :(?

    බලන්නකෝ අන්තිමට උන දේ? Lawyer කෙනෙක් වෙන්න අසාවෙන් හිටපු කෙනෙක්ට ජීවිතේ නැති උන, ජීවත් වෙලා ඉන්න දරුවන්ගේ පවුල විසිරිලා ගිය. ඉක්මනට කේන්ති යන අපිත් මේවා පාඩමකට ගත්තොත් හොඳයි.

    _Shafilea_Ahmed_702610t.jpg


    article-2183160-00706CD600000258-140_306x423.jpg



    මේ එයා ලියපු poem දෙකක්

    'Happy Families'

    I don't pretend like we're the perfect family no more
    Desire to live is burning
    My stomach is burning
    But all they think about is honour
    I was like a normal teenage kid
    Didn't ask 2 much
    I jus wanted to fit in
    But my culture was different
    But my family ignored


    'I Feel Trapped'

    It was my last year in school, so happy with my friends I got lots to do
    But came this day when everything changed
    I came home it seemed like a normal day
    But sumthing wasn't right
    I wish I coulda changed the event
    I shoulda killed myself instead
    I'd rather have been dead
    Coz now I have a burden on my chest
    And now it won't go away - the guilt, the pain..

    kenda401474_184720_jb.jpg




    මහන්සි වෙලා ලිව්වේ, හොඳනම් ප්‍රතිචාරයක් දෙන්න. ඒ අනුව ඉතුරු ලිපිත් දානම්.
    හැමෝටම සුබ දවසක් !!

    අයිතිය බන්ටු සතුය, උපුටා ගැනීම තහනම්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තෙන්ම පවු මචං..
    වැඩේ නම් සුපිරියි.. දිගටම කරපන්..
    මමත් කලින් ඔය වගේ ලිපි කිහිපයක් දැම්මා.. ලොව සසල කළ සුපතළ මරණ කියලා.. ඒත් ඒක අතරමඟ නැවතුනා..

    [FONT="][SIZE=2][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT][SIZE=2]
    [/SIZE] [FONT="] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
    සියල්ල වෙනස් කළ මිනිත්තු අට
    http://www.elakiri.com/forum/showthread.php?t=1438391
    [/FONT][FONT="][SIZE=2][COLOR=Red][COLOR=Blue].................................................. ......................................
    [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]
    [FONT="][SIZE=2][COLOR=Blue]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා[COLOR=Sienna]
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438544[/URL]
    [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="].................................................. ......................................[/FONT][FONT="][SIZE=2][COLOR=Red][COLOR=Blue]
    [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/FONT]
    [FONT="][SIZE=2][COLOR=Blue]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්[COLOR=Sienna]
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438794[/URL]
    [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="].................................................. ......................................[/FONT]
    [FONT="][SIZE=2][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT][SIZE=2]
    [/SIZE] [FONT="]අලුත් මණාලියට මොකද වුණේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1440335
    [/FONT][FONT="][SIZE=2][COLOR=Red][COLOR=Blue].................................................. ......................................
    [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="]..::[ලොව සසල කළ සුපතළ මරණ] [05 කොටස]::..[/FONT]
    [FONT="][SIZE=2][COLOR=Blue]මරණයක් වූ Hello Kitty[/COLOR][/SIZE][/FONT][SIZE=2]
    [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1442947[/URL][/SIZE][SIZE=2]
    [/SIZE][FONT="].................................................. ......................................[/FONT]
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඒක තමයි මචෝ, පව්. මේ මිනිස්සු ගැනනම් කියල වැඩක් නෑ.






    ඇත්තෙන්ම පවු මචං..





    වැඩේ නම් සුපිරියි.. දිගටම කරපන්..
    මමත් කලින් ඔය වගේ ලිපි කිහිපයක් දැම්මා.. ලොව සසල කළ සුපතළ මරණ කියලා.. ඒත් ඒක අතරමඟ නැවතුනා..

    එළකිරි වැඩක්නේ මචෝ උඹ කරලා තියෙන්නේ. මමත් EK join වෙන්න කලින් මේ ලිපි ටික කියෙව්වා. එතකොට දන්නැනේ මේ උඹ කියල. ලස්සනට මහන්සිවෙලා වැඩේ කරලා තියනවා. එකට උඹට ගොඩක් thanks ! මේ thread ඒක කරනකොට මීට කලින් මෙහෙම series එකක් තිබ්බ කියල මතක් උනේවත් නෑ, එහෙම කාගෙවත් දෙයක් copy කර කර නිර්මාණ කරන්න මම කැමති නෑ මචෝ. මේ ටිකේ මෙහෙ murder cases ටිකක් වාර්තා උන, එනිසයි මගේ ඔලුවට මේ වගේ idea එකක් ආවේ.
    තව පොඩි දෙයක් තියනවා, ලැබිල තියන ප්‍රතිචරනම් මදි නේද? මේ වගේ මහන්සි වෙලා අනික අය එක්ක share කරන්න ලියපු එකකට මීට වඩා සැලකිල්ලක් ලැබෙන්න ඕන කියන ඒක තමයි මගේ අදහස. ලියන කෙනා දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනද, කොච්චර වෙලාවක් වැය කරන්න ඕනද කියල. සමහර වෙලාවට කිසිම වැඩකට නැති හිස් දෙයකට comment එකක් දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, එත් හොඳ දෙයක් අගය කරන්න කෙනෙක් නෑ, ඒක ගැනනම් කණගාටුයි මටත්. විනෝදය එක්කම මේ වගේ දේවල් වලටත් තැනක් ලැබෙන්න ඕන. බලෙන් ප්‍රතිචාර ගන්න හදනව නෙමෙයි මම. මේ වගේ දේවල් මීට කලිනුත් EK එකේ දැකල තියනවා.


    නියමයි මචං ,...........

    Thanks මචෝ. උඹේ avatar ඒක කුණුහරපයක් වගේ මට පෙන්නේ :P

    great machan


    Thanks මචෝ :D

    patta bang
    rep

    Rep එකටයි comment එකටයි many thanks මචෝ !

    Thanks Man And Good One

    Yo welcome සනා ! :D

    එල..බන්ටුවෝ...

    එල kandiyo :D

    ඉස්තුති මචන්.....දිගටම කරගෙන යමු.
    Rep+++

    Ok මචන්, Rep & Comment එකට තෑන්ක් යු !


    Thanks මචෝ

    ela macho...
    00020408.gif

    එල, thanks පොඩි මල්ලියෝ (කෝ චුටි මල්ලි?)

    ela ela... crazy yage thread wagayak thibba...
    mahansiyata 6+k magen

    Thank you very much මචෝ !! Crazy ගේ links ටික 1st page එකේ තියනවා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බන්ටු;13204978 said:
    Thanks ගයාන් සහෝදරයෝ !!
    දිගටම දාන්න රෙප් දෙන්න බැහැ ලගදි දුන්න නිසා:yes:;)