රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න ඉගෙන &#3

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න ඉගෙන 

    මේක ගත්තේ
    Code:
    siraawatamadha.blogspot.com
    එකෙන්..............
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....

    හොද නම් සලකලා යන්න....



    අපි පිට රටින් ආනයනය කරන බඩු බාහිරාදිය, කෑම ජාති ඕන තරම් ගන්නව.කීල්ස් සුපර්, කාගීල්ස් ෆුඩ් සිටි, ආපිකෝ සුපර් සෙන්ටර් වගේ ප්‍රසිද්ධ තැන් වල ඒව ඕන තරම් විකුනන්න තියෙනව..ඒත්, පිට රටින් එන හැම කෑම ජාතියක්ම/භාණ්ඩක්ම හොඳද??හොඳ නෑ කියල කියන්න අපිට බෑ. ඒත් සමහර රටවල්, එක එක විදිහෙ මනුශ්‍ය ශරීර සෞඛ්‍යයට හෝ සතුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ නැති දේවල් නිශ්පාදනය කරනව කියල ප්‍රසිද්ධ වෙලා තියෙනව..උදාහරණ විදිහට,
    චීනය- "BLACK-HEARTED GOODS" නිශ්පාදනය කිරීම ගැන විශාල වශයෙන් පසුගිය කාලයේ කතා බහට ලක් වුනා. මොනවද මේ Black- Hearted Goods කියන්නෙ??ඉතා පහල තත්වයන් යටතේ හෝ නියමිත අවසර බලපත්‍ර රහිතව, පරිභෝජනයට හානිකර වන අයුරින් නිශ්පාදිත භාණ්ඩ/ආහාර වලට කියන්නෙ Black Hearted Goods කියල...

    2007දි, චීනයෙන් අපනයනය කරන ලද, භාවිතයට නුසුදුසු බෙහෙත්, දත් බෙහෙත්, විශ සහිත සත්ව ආහාර, කුඩා දරුවන්ට නුසුදුසු ඊයම් තීන්ත ආලේපිත සෙල්ලම් බඩු හා වෙනත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ ලොව පුරා ඇති බව අනාවරණය වුනා..ඊට අමතරව චීනයේ නිශ්පාදිත කිරි නිශ්පාදන වල මෙලමයින් අධික බව අනාවරණය වුනේ ඒ රටේ කුඩා ලමයින් 300,000ක් වකුගඩු හානි වීම නිසා රෝහල් ගත කලාටත් පස්සෙ..ඇත්තටම මේ මෙලමයින් කියන්නෙ ප්ලාස්ටික් සහ මැලියම්/ගම් වර්ග නිශ්පාදනයට යොදා ගන්න රසායනික ද්‍රව්‍යයක්..හිතල බලන්න ඒවගේ එකක් කිරිත් එක්ක පොඩි එකෙක් බිව්වම??
    මතකද ඒ දවස් වල ලංකාවට චීනෙන් කිරි ගෙන්නන එක නැවැත්තුව??

    ඇමෙරිකාව- ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ජාන විකෘති කරන ලද ආහාර පාන හා STEROIDඑක් කරන ලද ආහාර පාන නිශ්පාදනය හා අපනයනයට..
    Steroid කියන්නෙ විටමින් හා හෝමෝන එකතු කරන ලද සංයෝගයක්..අපි දන්න බාසාවෙන් නම්, තහනම් උත්තේජක කියන්නෙ මේවට තමයි..අර ක්‍රීඩකයො හොරෙන් බොන්නෙ..සමහර රෝග වලට බේතක් විදිහට වෛද්‍ය වරුන් සමහර විට නිර්දේශ කරනව..උදාහරණයක් විදිහට පිළිකාවක් සමග සටන් කරන රෝගියෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පණගැන්වීමට මේ බේත නිර්දේශ කරනව..ඒත් මේව වෛද්‍ය නිර්දේශයකින් තොරව තහනම්..ඒත් ඇමරිකාව මේව ආහාර වලටත් දානව.

    ජාන විකෘති කරන ලද ආහාර කියන්නෙ රසායනික හෝ විකිරණ මගින් DNA සංයුතිය වෙනස් කරපු ආහාර..ඉතින් මේ ජාන විකෘති කරපු ආහාර ගොඩක් රට වල තහනම්..
    එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ සැම්බියාවට එවපු ජාන වෙනස් කල ආහාර නවත්තන්න එරට බලධාරීන් තීරණය කලා.වෙනිසියුලාවේ හියුගෝ චාවේස් මේ ආහාර එරටට ගෙන්වීම තහනම් කලා..හන්ගේරියාවෙත් තහනම් කලා..ඇමෙරිකාවෙන් අපනයනය කරන හාල්, ජාන විකෘති කරන ලද ඒවා බව අනාවරණය වීමත් සමගම, 2010දි යුරෝපා රටවල් එම හාල් ගෙන්වීම අත් හිටවීමට තීරණය කලා..

    අනිත් රටවල් වලින් මොන මොන ජරාව එවනවද කියල මං නම් දන්නෙ නෑ ඇත්තටම..ඔයාල දන්නවනම් මට කියන්න..



    අපි කොහොමද මේ බඩු මොන රටෙන්ද එන්නෙ කියල දැන ගන්නෙ??මේ පැකට් වල පිටිපස්සෙ නිශ්පාදිතයාගේ රට ගහල තියෙනව..ඒකෙන් බලන්න පුලුවන් කම තිබ්බ..දැන් ටිකක් අමාරුයි...

    කොහොම කොහොම හරි මේව ලෝකෙ හැමෝටම ආරංචි උනානෙ..ඒ රටවල් වල නිශ්පාදිත කෑම ජාති මිලදී ගැනීමෙන් මිනිස්සු වැලකුනා..ලංකාවෙ මිනිස්සු නෙමේ.වෙන රටවල් වල අය :-) අපේ රටේ මිනිස්සු මේව දන්නෙත් නෑ බොහෝ විට..
    ඉතින් ඒ රටවල් අලුත් වැඩක් පටන් ගත්ත..දැන් උන් අපනයනය කරන කෑම වල, පැකට් එකේ, නිශ්පාදිත රට මුද්‍රණය කරන්නෙ නෑ..ඒ වෙනුවට තියෙන්නෙ බෙදාහරින්නාගේ රට/නගරය තමයි ගහන්නෙ..
    ඉතින් එතකොට අපි කොහොමද මොන රටේද කියල දැන ගන්නෙ??ඒකටත් ක්‍රමයක් තියෙනව..

    BAR CODE

    ඒ තමයි පැකට් එකේ පිටිපස්සෙ තියෙන බාර් කෝඩ්( BAR CODE) එකෙන්...

    මේ පින්තූරෙ තියෙන්නෙ EAN-13 බාර් කෝඩ් එකක්.මේකෙන් නිශ්පාදිත රට දැන ගන්න එක හරිම ලේසියි.. ඒ මේකෙ යටින් තියෙන කෝඩ් එකේ පලවෙනි ඉලක්කම් 3න්...එක එක රටවල් වලට එක එක ඉලක්කම් වෙන් කරල තියෙන්නෙ..

    Barcode-EAN13-Bulgaria.jpg




    මෙන්න EAN Country code ලිස්ට් එක..

    00 සිට 13 ඇමෙරිකාව හා කැනඩාව
    30 සිට 37 ප්‍රංශය
    400 සිට 440 ජර්මනිය
    45 සිට 49 ජපානය
    460 සිට 469 රුසියාව
    471 තායිවානය
    479 ශ්‍රී ලංකාව
    489 හොංකොං
    528 ලෙබනනය
    570 ඩෙන්මාර්කය
    624 ලිබියාව
    626 ඉරානය
    690 - 695 චීනය
    700 නෝර්වේ
    729 ඊශ්‍රායලය
    770 කොලොම්බියාව



    මෙතන ටිකයි දැම්මෙ..මුලු ලිස්ට් එකම නම් දිග වැඩියි..මං සයිට් එක දෙන්නම් කැමති අය ගිහින් බලන්න..සේරම රටවල් තියෙනව.
     
    Last edited by a moderator:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Elaz eth machan ape rateth rice wala arsenic thienawa kiyanawa neda? Raja rata Kidney patients la godak inne me arsenic mix wuna wathura nisalu neda? Lankaweth fruits walata mokakda behethak gahanawalu neda? mehema beluwoth apita kanna deyak ithuru wenawada?