තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු.....

    මේක ගත්තේ internet එකෙන්..............
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....

    හොද නම් සලකලා යන්න....





    තයිරොක්සින් ඌණතාවයHypothyroidism

    තයිරෝයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන තයිරොක්සින් හෝමෝනය අඩු වූ විට මෙම තත්වය ඇති වේ. තයිරොක්සින් ඌණතාවය ශරීරයේ විවිධ ක්‍රියාවලින් මන්දගාමී වේ. වැඩිහිටි කාන්තාවන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම රෝගයෙන් පෙලෙන අය වේ. ස්ත්‍රීන් අතර මෙය වඩාත් බහුල වේ. ඕනෑම වයසක කෙනෛකුට තයිරොක්සීන් ඌණතාවය ඇති විය හැකි වුවද, වයස වැඩි වෙත්ම මෙය සෑදීමේ හැකියාව වැඩි වේ.



    තයිරෝයිඩ් ඌණතාවයට හේතු
    1.ප්‍රතිදේහ නිසා තයිරොයිඩ් ග්‍රන්ථියට වන හානිය නිසා (Auto Immune Thyroiditis) එහි ක්‍රියාකාරිත්වය අඩු වීමෙන්,
    2.තයිරොයිඩ් ග්‍රන්ථියේ ශල්‍යකර්ම හා විකිරණශීලී අයඩින් ප්‍රතිකාරය නිසා
    අයඩින් ඌණතාවය හේතුවෙන් - තයිරොක්සින් හෝර්මෝන නිපදවීමට අයඩින් අවශ්‍ය වන බැවින් 3.අයඩින් ඌණතාවය තයිරොයිඩ් හෝර්මෝන ඌණතාවයට හේතුවන ප්‍රධාන සාදකයයි.
    4.සමහර ‍ඖෂධවල අතුරු පලයක් ලෙස
    5.පිටියු‍ටරියේ ග්‍රන්ථියේ ආබාධ
    6.සංජානනීය තයිරොයිඩ් ඌණතාවය



    තයිරොයිඩ් ඌණතාවයේ ලක්ෂණ
    රෝග ලක්ෂණවලට ප්‍රධාන හේතුව තයිරොයිඩ් හෝමෝන ඌණතාවයයි.

    අධික තෙහෙට්ටුව
    බර වැඩි වීම.
    මල බද්ධය
    හිසකෙස් තුනී වීම.
    ඇග පත රුදාව
    ශීතල බව දැනීම.
    වද බව
    වියලි සම
    මානසික මන්දගාමී බව
    කට හඩ ගොරෝසුවීම.
    මාස් ශුද්ධිය අක්‍රමවත් වීම හා අධික රුධිර වහනය
    ලිංගික ආශාවන් අඩු වීම.
    ආදිය මෙහි දැකිය හැකි සමහර රෝග ලක්ෂණ වේ.
    ඇති විය හැකි සංකූලතා

    මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබා නොගැනීමෙන් දිගුකාලීනව පහත දී ඇති සංකූලතා ඇති විය හැක. මෙම රෝගය ප්‍රතිකාර නොගෙන දිගු කාලීනව පැවතීමෙන් හෘද රෝග ඇති වීමට ඇති හැකියාවන් වැඩිවේ.
    ගර්භනීමව්වරුන්ට රක්තහීනතාවය, මල දරු උපත්, අඩු බර දරු උපත්, ලේ වහනය යන සංකූලතා ඇති විය හැක.
    තවද, තයිරොයිඩ් ඌණතාවය නිසා ඇති වන “කෝමා” (Coma) දුර්භ නමුත් භයානක තත්වයකි.
    ප්‍රතිකාර
    තයිරොයිඩ් හෝර්මෝන ඌණතාවය ලේ පරීක්ෂණ මගින් නිර්ණය කළ හැක. රුධිරයේ TSH හෝර්මෝන මට්ටමෙන් හා T4 (තයිරොක්සින්) හෝර්මෝන මට්ටමෙන් රෝගය නිර්ණය කළ හැක.

    තයිරොක්සින් හෝර්මෝනය පෙත්තක් ලෙස ලබා දීම මෙහි ප්‍රතිකාරය වේ. සාමානයයෙන් තයිරොක්සින් හෝර්මෝන පෙති ගැනීමෙන් මෙහි රෝග ලක්ෂණ පහ වන අතර මාස 2 - 3 කින් නැවත රුධිර පරීක්ෂාවක් කර තයිරොක්සින් මාත්‍රාව වෙනස් කළ හැක.

    කැල්සියම් හා යකඩ සහිත ආහාර මෙම පෙත්ත අවශෝෂනය කිරීම කෙරෙහි බලපාන අතර උ‍දේ ආහාරයට පෙර හිස් බඩ පෙත්ත ගැනීම වඩාත් උචිතය.

    බොහෝ දෙනෙකුට තයිරොක්සින් ප්‍රතිකාරය ජීවිත කාලය තුලම ගත යුතුවේ. මෙම පෙති ශරීරයේ ඇති ස්වභාවික තයිරොක්සින් වලට සමාන නිසා මෙහි අතුරු ආබාද ඉතා අල්පය. එහෙත් තයිරොක්සින් හෝර්මෝනය වැඩි වීමෙන් හට ගන්නා ලක්ෂණ වන වෙ‍ව්ලීම, කෙට්ටුවීම, අධිකලෙස දහඩිය දැමීම, බඩ බුරුල්කර යාම, හෘද ස්පන්ධනය වේගවත් වීම, ආදිය ඇති විය හැක.

    සමහර බෙහෙත් වර්ග රුධිරයේ තයිරොක්සින් මට්ටම වෙනස් කිරීමට හේතු වන බැවින් ඔබ මෙම පෙති ගන්නේ නම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට දන්වන්න.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif