බුදු සමය හා ලෝකයේ සෙසු ආගම්...
යුරෝපය හා එය සතු ආගම ආසියාතික යුදෙව්වන්ගෙන් උපත ලැබීය. පීටර් ගැලීලියානු ජාතික මසුන් මරන්නෙක් විය. ආගමේ නිර්මාතෘවරයා නාසරෙත්හි යුදෙව් ජාතික වඩු කාර්මිකයෙකුගේ පුත්ර යේසු තුමා විය. ඉස්ලාම් සමය මහම්මත් තුමා විසින් අරඹන ලදී. එතුමා මෙකා රාජ්යයෙහි සිටි අරාබි කාන්තාවක යටතේ තවලම් කණ්ඩායමක සංවිධායක නිලධරයා වශයෙන් මෙහෙ කළ සේවකයෙකි. ශෛන්ඩ අවෙස්ත සමයේ ආරම්භක සෝරෝ ඇස්තර් පර්සියානු ජාතිකයෙකි. ජෙහෝවාගේ ආගම ඊජීප්තුවේ උපන් හීබ්රූ ජාතික මෝසෙස් විසින් අරඹන ලද්දකි. ප්රොතෙස්තන්ත ක්රිස්තියානිය ලූතර්ගේ නිර්මාණයකි. හේ උපතින් ජර්මානුවෙකි. වෛදික බ්රාහ්මණ සමය බ්රාහ්මණ ඍෂීන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනයකි. උපනිෂද්හි දැක්වෙන රහස්ය ධර්මය පැරණි ඉන්දියාවේ රාජර්ෂීවරුන් විසින් අරඹන ලද්දකි. යාඥවල්කය පවා පුහුණුව ලද්දේ රාජර්ෂීවරයෙකු යටතේය. (විෂ්ණ පුරාණයේ හතර වැනි අධ්යාය බලන්න) ජෛනයන්ගේ තීර්ථක ආගම වේසාලියේ මහා වීර විසින් අරඹන ලදී. නූතන වේදාන්තවාදය මලබාරයේ බමුණෙකු වූ ශංකර් විසින් අරඹන ලදී. විශ්ෂ්ඨ අද්වෛත සමය රාමනුජාචාර්ය බ්රාහ්මණයා විසින් ආරම්භ කරන ලදී. ද්වෛත සමය වෛතාන්යය බ්රාහ්මණයා විසින් ආරම්භ කරන ලදී. තාඕ ආගම චීන ජාතික දාර්ශනිකයෙකු වූ ලාඕත්සේ විසින් අරඹන ලදී. කොන්ෆියුසියස් සමය චීනයේ කොන්ෆියුසියස් විසින්ද අරඹන ලදී. වර්තමාන බ්රහ්ම සමාජය රාජ රාම් මෝහන් රායි නමැති බ්රාහ්මණයෙකු විසින් අරඹන ලදී. පැරණි චීන සංරක්ෂක රාජ්යය හුවා දක්වන සමය පද්ධතිය හැර මේ සියලු ආගම්වලට ඇත්තේ පොදු පදනමකි. තාඕගේ ආගම මෙලොව කටයුතු පිළිබදව සැලකිල්ලක් නොදැක්වීය. චීන දාර්ශනිකයාගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුව පැවැතියේ තාඕ පිළිබඳ දිව්යමය සිද්ධාන්තය සොයා ගැනීම කෙරෙහිය. අද්වෛත වේදාන්තය, වෛදශිෂ්ටාද්වෛත වේදාන්තය, ද්වෛත වේදාන්තය, වෛතාන්ය විසින් අරඹන ලද බෙංගාල වෛෂ්ණවයන්ගේ ආගම යන මේ සියල්ල ඉන්දියාවේ ප්‍රභවය ලද ආගම්ය. එසේම බුදු සමයට පසුව පහළ වූ ආගම්ය. සික්වරුන්ගේ ආගම, වෛශිෂ්ටාද්වෛතවාදය, ද්වෛතවාදය, වෛෂ්ණවවාදය යනාදිය මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්රමණය කිරීමෙන් පසු පහළ වූ ආගම්ය. බ්රහ්ම සමාජය පිහිටුවන ලද්දේ බ්රිතාන්යමයන් බෙංගාලය යටත් කර ගැනීමෙන් පසුවය.
කපිලවස්තු පුරයේ රජ කුමරෙකු වූ ශාඛ්යමුනී ගෞතම සර්වඥයන් වහන්සේ ලොවට ඉගැන්වූ ආගම ස්වාධීනව පවත්නේය. ඓතිහාසික වශයෙන් ලොව පැරණිතම ආගම එයයි. මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්රමණය කිරීමෙන් පසු බ්රාහ්මණ සමය මහත් වධහිංසාවලට පත්විය. යේසු තුමාගේ ආගම යුරෝපා බිමෙහි පිහිටුවනු ලැබීමෙන් පසු එය තවදුරටත් දිළින්දන්ගේ ආගමක් නොවීය. එය රාජ්යතාන්ත්රික දේශපාලනඥයාගේත්, මිත්යාවාදී පූජකයාගේත් ආගම බවට පත්විය.
ඉස්ලාම් සමය මුලදී මෙකා දේශයේ දේශපාලන සරණාගතයින්ගේ ආගම විය. මහම්මත් තුමා දේශපාලන බලය සියතට ගත් පසු එය දෛවවාදයේ ආගම බවට පත්විය. යලි මුස්ලිම්වරුන්ගේ අතෙහි කඩුවේ බලය පැවැති තාක් එය පවත්වාගෙන ගිය ආක්රමණකාරී ක්රියා කලාපය අත් නො හළේ ය. මහම්මත් තුමා මෙකාහි ජනතාවට අලුතින් යමක් ඉගැන්වූයේ නැත. එතුමා ප්රකාශ කළ එක ම දෙය වූයේ මෙකා ජනතාව විසින් එතෙක් වැඳුම් පිදුම් කරන ලද සෙසු දේවතාවන් විනාශ කොට දමමින් අල්ලා දෙවිඳු පමණක් තනි කොට ගැනීම ය. බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ ආදම්ගේ කථාවත් වෙන බොහෝ කථාවනුත් හේ ණයට ගත්තේ ය. බයිබලයේ එන විශ්ව නිර්මාණය පිළිබඳ විස්තරය එහි ඇති පරිද්දෙන්ම ගෙන හැර පෑවේ ය. ජෙහෝවා නම් ලෝක නිර්මාතෘගේ නාමය “අල්ලාහ්” යැයි වෙනස් කිරීම ය එතුමා විසින් සිදු කරන ලද්දේ. ආදියෙහි පටන් පැවැති ජාතික ගෝත්රික සිරිතක් වූ ලිංග චර්ම ඡේදනයත් මෙකා නගරයෙහි ඇති කාලවර්ණ පාෂාණයක් වන කාබා ගල නමස්කාර කිරීමේ සිරිතත් තරයේ අත් නොහැර පැවැත්වීම එතුමාගෙන් අනුමත විය. මේ කියන කාබා ගල පවත්නා ප්රදේශයෙහි වූ මෙකාහි පුරාණ දේවස්ථානය මහම්මත් පවුලට අයත් වූවක් විය. මහම්මත් යන නාමයමත් එතුමා උගැන්වූ ධර්මයට වඩා පැරණිතර වූවකි. තමා විජයග්රාහී වීරයා බවට පත්වූ පසුත් එතුමා ඒ පැරණි නම් රැක ගත්තේ ය.
යුදෙව්වාදය වූ කලී පැරණි බැබිලෝනියන්වරුන්ගේද ඊජීප්තුවේද පැවැති ආචාර ධර්මයේ මිශ්රණයකි. යුදෙව් ධර්මය හා ජෙහෝවා ද යන දෙක ඔවුනොවුන්ගේ ප්‍රතිෂ්ටාව මත රැඳී පවතී. “මම ශුද්ධාත්මය වන දේව බලය වෙමි.එම්බා ඊශ්රායලය; ඔබ මගේ ශුද්ධ ජනතාවය” යන්න ඒ ජෙහෝවා අනුගාමී අනාගත වක්තෘන් හඬ නගා කළ ප්රකාශයයි. යුදෙව්වන් බැබිලෝනියාවට පිටුවහල්කර යවනු ලැබූ අවස්ථාවේ පෙරළා ආපසු එන්නට වූ කල යුදෙව් සමයට තුබූ තැන අහිමිව ගියේය. යුදෙව්වෝ අන්ය භක්තිකයන් තම ආගමට නතු කර ගැනීමට එතරම් සැලකිල්ලක් නොදැක් වූහ. බොම්බාය නගරයෙහි ජීවත්වන පාර්සිකාරයෝද එබඳුය. ඔවුන්ගේ ඇදහිලි වෙසෙස ඔවුන්ට පමණක් සීමා විය. බමුණු කුලයට අයත් වූවෝද අන්යාගමිකයන් හෝ කුලවලට හෝ රටවලට අයත් වූවන් තම සමයට හරවා ගන්නට යත්න දරන්නෝ නොවෙති. සංස්කෘත භාෂාවෙන් රචිත ඔවුන්ගේ ග්රන්ථ බ්රාහ්මණ නොවූවන් විසින් කියවීම වළක්වනු ලැබ ඇත. බමුණු නොවූවනට වේද කියැවීමට අවසර නැති විය. බමුණු කුලයෙන් වෙනස් වූ ශුද්ර නම් හීන කුලවලට අයත් වූවෝ බ්රාහ්මණ වංශිකයන්ගේ පාලනය යටතෙහි වූහ. බමුණන් විසින් බමුණු නොවන්නන්ට උපනයන කර්මය සිදු නොකරන ලදී. වෙනත් පෙදෙස්වල බමුණු සමය පිළිබඳ ප්රනචාරක කාර්යයක් සිදු නොවේ.
මහම්මත් තුමා එතුමාගේ සාමයික කාර්යය ආරම්භයේදීම ආක්රමණකාරී සාංග්රාමික ප්රතිපත්තියක් පිළිගත්තේය. සංග්රාපම භූමියෙහි අවසන් හුස්ම හෙළන සටන් වැද සිටින සෙබලාට මරණින් මතු ස්වර්ග රාජ්යය සහතික කරන ලද්දේය. හොඳ අහාර මඟින් මිස වෙනයම් ක්රමයකින් යුද්ධ ජීවය රැකගත නොහැකිය. යුද්ධ ජීවයට බාධා පමුණුවන බැවින් මත්පැන් පානය තහනම් කරන ලදී. මෙය ඉතා පැරණි ඉගැන්වීමකි.
ඉන්දියාවේ පෞරාණික ක්ෂත්රීයයෝ රණ බිමෙහි සටන් කොට ජීවිතක්ෂයට පත්වන මිනිසාට ස්වර්ග රාජ්යයේ සම්පත ලබා දීමට ගිවිසුම් දුන්හ. ශ්රී කෘෂ්ණගේ භගවත් ගීතා දර්ශනයෙහි දැක්වෙන පරිදි රණබිමට වැදුණහුට ඒ සඳහා පිදෙන පඬුර ස්වර්ග රාජ්යට යැයි සහතික කළේය. ජාතක කථා වස්තුවක් වන මහා බෝධි ජාතකයෙහි මේ බව සඳහන් වේ. සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයෙහි මේ ඉගැන්වීම බුදු රදුන් දවසෙහිද දඹදිව පැවැති බව දැක්වෙන තැන් ඇත. සටනෙහිදී මියයන සෙබළා මතු ස්වර්ග රාජ්යයෙහි ජන්ම ලාභය කෙරෙයි යන්න මෙහි සඳහන් වේ. භික්ෂු සමාජයට සෙබළුන් වැද ගැනීම ප්රතික්ෂිප්තය. ඒ ඔවුන්ගේ සේවාව රාජ්ය පාලකයනට යුධ බිමෙහිදී අවශ්යය වූ හෙයිනි. යුදෙව්වන්ගේ ආගම හුදු රණකාමී ආගමක් විය. ජෙහෝවාගේ අණදීම යටතේ ජුදාගේ සේනා විසින් ඒ හැම වචනයක්ම එසේම ඉටු කරනු ලැබීය. යුධ බලය ඇති ආක්රමණශීලී ආඥාදායකයෙකුගේ සියලු යුද්ධෝපායය ජොහෝවා විසින් ස්වාභිමතය ලෙස පිළිගන්නා ලදී. ඔහුට යුදෙව්වන් දමනය කොට ගත නුහුණු අවස්ථාවල හේ බැබිලෝනියාවට ගොස් එහි නෙබුචද්නසාර් රජු හා එක්ව ගෙන අහිංසක යුදෙව් ජනයා සිරකරුවන් ලෙස බැබිලනයට ගෙන යාමට පාවා දුන්නේය. පරණ තෙස්තමේන්තුව කියන පරිදි අනාගත වක්තෘහු ඔහුගේ රිසි පරිදි ඔහු විසින් මෙහෙයවන ලදහ. කෝරාන් ග්රන්ථයෙහි කියන්නේ මෙලෙස මහම්මත් තුමා කැමති වූ මාර්ගය කුමක් වූවත් ඒ මග අනුගමනය කරන ලෙස එතුමා අල්ලාට උපදෙස් දුන් බවයි. එසේම, මහම්මත් තුමාගේ අභිප්රාදය ඉටු කිරීමට අල්ලා නිතරම සැරසී සිටි බවද එහි කියැවේ. මේ පිළිවෙත පිළිපැදීමට ජෙහෝවා අසමත් විය. යුදෙව්වන් ජයග්රහණය කරා යොමු කරවීමට හැම ප්රයත්නයක්ම දැරූ නමුත් ජෙහෝවාට යෙරුසෙලමේ මොරයා කන්ද අත්හැර යාමට සිදු විය. පරණ තෙස්තමේන්තුවේ අන්තිම ග්රන්ථය (පරිච්ඡේදය) මලාචි නම් වේ.ඉන් ඔබ්බට ජෙහෝවාගේ කටයුතු පිළිබඳ කිසිඳු ඉතිහාසයක් නොදක්වා දීර්ඝ අන්තර් කාලයක්(විවේකයක්) ගෙවී යයි. ඉන් කලකට පසු යළිත් නසාරෙත්හි අනාගත වක්තෘවරයාණන් සමඟ හේ කලඑළි බසී. ඒ අවස්ථාවෙහි හාත්පසින් වෙනස් වූ ක්රියාදාමයක යෙදෙයි. හෙතෙමේ සියල්ලන්ගේ පියාය. වසර තුන්සියයක් පමණ වන තෙක්ම, එනම්, යේසු තුමාගේ පහළ වීමට පෙර ජෙහෝවාගේ ඉතිහාසය මුළුමනින්ම හිස් පිටුවකි.
ග්රීසිය, ඊජීප්තුව, සිරියාවේ බැබිලනය, පර්සියාව සහ අශෝක අධිරාජයාගේ කාලයෙහි තක්සලාව අගනුවරව පැවැති ගන්ධාරය, ගංඟා නම් නදී මිටියාවතෙහි වූ රාජධානිය ගැන දැන සිටියහ. ඇලෙක්සැණ්ඩර් ගන්ධාරයට පැමිණීමට බොහෝ කලකට පෙර ගංඟා නම් ගං නිම්නයෙහි ජනයා තක්සලාව ශිල්ප ශාස්ත්රය අධ්යනයේ මධ්යස්ථානයක් ලෙස දැන සිටියහ. ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයෙහි සිට ඉන්දියාවට මහම්මදික ආක්රමණය සිදු වූ තැන් දක්වා වූ එදා මෙදා තුරෙහි ඉන්දියාවෙහි සිට මෙසපොටේමියානු රටවල් හරහා ඊජීප්තුවට ගොඩබිමින් වැටී තිබූ මහා මාර්ගයක් විය. චීන රාජ්යයත්, ඊජීප්තුවත් අතර තුර්කිස්ථානය ඔස්සේ පැවැති පණිවිඩ හුවමාරු මාර්ග විය. ඉන්දියාවේ බටහිර දෙස පිහිටි රටවලට ඉස්ලාම් භක්තික යුද හමුදා කළ ආක්රමණයෙන් පසු ඉන්දියාවට වැටී තිබූ මේ මහා මාර්ගයට බාධා පැමිණ, පසුව ක්රමයෙන් අමතක වී ගියේය.
ලොවෙහි පවත්නා සියලු ආගම් කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. විනාශකාරී සහ විනාහකාරී නොවන යනුවෙනි. වෛදික බ්රාහ්මණයන්ගේ ආගම, සොරෝඇස්ත්රියානු සමය, මහම්මත් සමය, යුදා සමය, ක්රිස්තියානි සමය, කොන්ෆියුසියස් සමය සහ ශෛව වේදාන්ත සමය රුධිර යාග පූජාවෙහි යෙදුණු ආගම්ය. විනාශකාරී නොවන ආගම් නම් බුදු සමය, ජෛන සමය හා චෛතාන්යගේ වෛෂ්ණව සමයත්ය. ජෛන සමය අහිංසාව පිළිබඳ ඉගැන්වීම මුදුනින් පිළිගත් ආගමක් වුවද අන්තගාමී වීමේ හේතුවෙන් එහි ඵලදායීතාවය හීන වී ගොස් ඇත. බොදු සමය පමණක් හුදු මනෝ විද්යාත්මක පදනමක පිහිටා සිටියේ කසාවත් හැඳි බ්රහ්මචාරීන්ගේ ශාසනය තුළට වැදගනු ලැබූ භික්ෂූනට පමණක් ඉගැන්වූ ආගමක් විය. දෙවියන් පිළිබඳ ජනප්රිය ආගමත්, අපාය, ප්රේතයන්, රුධිර පූජාවෙන් තොර පැරණි ඉන්දියාවේ බ්රහ්මයන් පිළිබඳ කරුණු මඳ වෙනස්කම් සහිතව බුදු රදහු ගෘහස්ථ ජනයාට උගැන්වූහ. බුදු රදුන් අනුගමනය කළ ගෘහස්ථයෝ සුදු පිළී ඇන්දහ. තීර්ථක යනු ජෛනයන්ගේ ආගමට දෙන ලද නාමය විය. බුදු රදුන් දවස දර්ශනය පිළිබඳ විවිධ නිකායයෝ වූහ. මේ හැම නිකායයක්ම, ස්වර්ගයට යාමේ මාර්ගය දැක්වීය. ගංඟා නදියේ හා වෙනත් ගංඟාවන්හි පූජනීය ජලය නෑමෙන් ස්වර්ගයට යා හැකි යැයි බමුණෝ ඉගැන්වූහ. එසේම, යාඥාවෙහි යෙදීමෙන් ආත්මය ස්වර්ගයට යැවිය හැකි යැයිද ඔහු ඉගැන්වූහ. ඉන්දීය ජනතාව මන්වන්තරයෙහි ප්රධාන දෙවියා ලෙස සැලකුවේ බ්රහ්මයාය. හෙතෙමේ මෛත්රීයයේ හා කරුණාවේ දෙවියා විය. ලෝකයා ගලවන ලෙස බ්රහ්මයා බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේය. මෛත්රීය, කරුණාව, සුඛිත, මුදිත බව, තෘප්තිය යන මේ ගුණාංග පිරීම, බ්රහ්ම ලෝකයෙහි ඉපැදීමට අවශ්යය විය. මෛත්රියයේ දෙවියා බුදුරදුන් සතුව පැවැති ප්රඥාවේ ශ්රේෂ්ඨත්වය නිසා උන්වහන්සේට නමස්කාර කළේය. බුදු රදහු තමන් අනුත්තර සම්මා සම්බෝධියට පත්වීමෙන් පසු තමා පිදිය යුත්තේ කවරෙක්දැයි මුළු විශ්වයම පුරා පිරික්සා බැලීය. ජීවත් වෙමින් සිටි දෙවියන්, බඹුන්, බ්රාහ්මණයන් අතරෙහි තමාගේ වන්දනයට හෝ ගෞරවයට සුදුසු කිසිවෙකුත් උන්වහන්සේ නුදුටුවහ. බ්රහ්මයා බුදු රදුන් ඉදිරියෙහි පහළ වූයේ මේ අවස්ථාවෙහිය. එසේ පෙනී සිට පූර්ණ බුදු වරයෙකුගේ නමස්කාරය පිළිගැනීමට සුදුසු කිසිවෙකුත් නොවූ බවත්, බුදු රදුන් නමස්කාර කළ යුත්තේ ශ්රේෂ්ඨ ධර්මයට (සත්යයට) බවත් ප්රකාශ කොට සිටියේය.
සියලුම ආගම් විවිධ නම්වලින් හැඳින්වෙන දෙවියෙකු ඉදිරිපත් කරයි. හෙතෙමේ බ්රහ්ම, බ්රහ්මන්, ඊෂ්වර, විෂ්ණු, මහාදේව, ශිව, ජෙහෝවා, අල්ලා, තාඕ, එලෝහිම්, අහමස්මි, ජා, බාල්, ඔසිරිස්, අහුරමස්දා, රා, මර්දුක්, කුරුමාසබා, දෙවියන් වහන්සේ, ගොත්,භොග්, ඕම් ආදී නම්වලින් හැඳින්වේ. මේ දෙවිවරුන්ගේ නිර්මාතෘවරු මනුෂ්යයෝය. සෑම ජාතියකටම තමාගේ දෙවියෙක් සිටී. ඊෂ්රායලයේ දෙවියා කැනානයේ දෙවිවරුන් සමග යුද වැද සිටියේය. ඊර්ෂ්යයා පරවශව සිටි හෙතෙමේ තමා හැර අන් කිසිවෙකුට නොවදින ලෙස ඊෂ්රායලයේ දරුවනට නියම කළේය. එහෙත්, ඔවුන් ඔහුට සවන් නොදුන් හෙයින්, සෙසු දෙවිවරුන් පසුපස ඔවුන් යති’යි කියමින් කෝපයට පැමිණියේය. සටන් බිමෙහිදී ඇතැම් විට හේ බැබිලනයේ දෙවියාට පරදී. එක් අවස්ථාවක ඊෂ්රායලුන් ෆිලිස්තීනුවන් අතින් පරාජයට පත්වූ විට ඔහු දෙව්රුව තැන්පත් කළ කුටිය රණ බිමෙහි දමා පළා ගියහ. දෙවියා එතුළ සිරවී සිටියේය. ජයග්රාහී ෆිලීස්තීනියානුවෝ එය ගොන් කරත්තයක දමා ඊෂ්රායල්වරුන් වෙත පිටත් කොට හැරියහ. එය කුඹුරට ගෙනැවිත් අත්හැර දැමූ විට ඇතැම් ඊෂ්රායල්වරුන් කූඩුව තුළට එබී බැලූහ. ඉන් කෝපයට පත් දෙවියා මෙකාහි එක් දෙවියෙකු පමණක් ඉතිරිකොට සෙසු සියලු දෙවිවරුන් විනාශ කළා පමණක් නොව, ඉතිරි කළ දෙවියාද තනි කළේය. මෙයට වසර හයදහසකට පෙර මෙසපොටේමියාවේ පසින් මිනිසා මැවූ බව ක්රිස්තියානීහු කියා සිටිති. අල්ලා දෙවිඳු වසර හත්දහසකට ඉහත මිනිසා මැවීය. බ්රහ්මයා කුල සතර මැවූ බවත්, තමන් සූර්යයාගෙන් පැවත එන බවත්, එහෙයින්, සූර්යයා තමන්ගේ නෑයා බවත් බමුණෝ කියා සිටිති. වෛශ්යයෝත්, ශුද්රයෝත් දාර්ශනික කරුණු කෙරෙහි උනන්දුවක් නොදක්වති. එහෙයින්, තමන් නියෝජනය කිරීම සඳහා දෙවියෙකු සොයා ගැනීමට ඔහු අපොහොසත් වූහ. කායස්ථයෝ තමන්ගේම දෙවියා මවා ඔහු චිත්රගුප්ත නමින් හැඳින්වීය. ශිල්පී කුලයෙහි ඇත්තෝ තමන්ගේම දෙවියා මවා ගෙන ඔහු විශ්වකර්ම යැයි නම් කළහ. රුසියානුවෝ ඔවුන්ගේ දෙවියා භොග් යනුවෙන් නම් කළහ. පැරණි රෝමවරුන්ගේ දෙවියා බ්රහස්පති (ජුපිටර්) විය. ග්‍රීකවරුන්ගේ දෙවියා සියුස් විය. පැරණි බ්රාහ්මණයෝ ජනතාවගේ ඒ ඒ රුචියට ගැලපෙන පරිදි තිස්තුන් කෝටියක් දෙවිවරු මැවූහ. එසේ වූ පමණට වඩා හොඳය. සෑම පුද්ගලයෙකුටම ඉෂ්ට දේවතාවෙක් විය. ඒ දෙවියා ඔහු ආරක්ෂා කරන්නා විය. ඒ සොක්රටීස්ගේ යක්ෂයා වැන්නෙකි. යේසු තුමා තම දෙවියා හැඳින්වූයේ ‘අප පීතෘවරයා’ යන නමිනි. ගුප්ත ආගම්වල දෙවිවරු මෙලොව අවුරුදු කෝටි සංඛ්යාත කාලයක් පැරණි බව නොදනිති. දෙවිවරුන් ප්රකාශයට පත්කළ අනාගත වක්තෘවරුනට පවා නවීන භූ විද්යා ව පිළිබඳව හෝ රේඩියම් ධාතුව පිළිබඳව හෝ දැනුමක් නොවීය. පෘථිවියේ වයස මේ යැයි තීරණය කිරීමට පිටුබල දෙන පැහැදිලි සාක්ෂියක් විදයාඥයනට ලැබී නැත. ඊජීප්තුවේ හා බැබිලෝනියාවේ පුරාණ වස්තුවලින් දැක්වෙනුයේ මේ රටවල අවුරුදු අටදහසකට පමණ ඉහත ශිෂ්ඨ ජාතීන් විසූ බවය.
යුදෙව්වන්ගේ ආගම පැරණි බැබිලෝනියන්වරුන්ගේ හා ඊජීප්තු වැසියන්ගේ මිත්යා කථාවල මිශ්රණයකි. ග්රීක, රෝම, සිරියානු, පර්සියානු, ඊජීප්තු, බැබිලෝනියානු යන මෙතෙක් ජාතීන් රැසක් තමන්ගේම ශිෂ්ටාචාරය ලෙස පහළ කරගෙන විඳිමින් ආ සභ්යත්වයක ඵල බුදිමින් සිටි අවදියක ජේසු තුමා පහළ විය. පැරණි අවදියෙහි රෝමවරු ඊජීප්තු, ඇසිරියා ඈ රටවල පැවැති පැරණි ඇදහිලි ක්රම විනාශ කරලීමට කටයුතු නොකළහ. කොන්ස්ටන්ටයින් රෝම අධිරාජයා කිතු සමය වැළඳ ගැනීමෙන් පසු ඒ අනුව, කිතුනු සමය වැළඳ ගත්තෝ පැරණි ඇදහිලි ක්රම විනාශ කරලන්නට උත්සුක වූහ.එතැන් සිට පැරණි ආගම් විනාශ කිරීම ඇරැඹණි. එවකට පැරණි දේවස්ථාන ලෙස පැවැති තැන් සියල්ල වනසන ලදී. දාර්ශනිකයන් ලෙස සිටි නුවණැත්තන් ඉතිරි නොකොට, ගින්නෙන් පුළුස්සා මරා දැමූහ. ඉන් වසර පන්සියයක් පමණ ගිය තැන මහම්මත් තුමා ඉස්ලාම් ධර්මය ලොවට දේශනා කරන්නට විය. ආක්රමණකාරී මුස්ලිම්වරු ගින්න හා කඩුව අමෝරාගෙන ක්රිස්තු ධර්මයට නතු වූ පෙදෙස් කරා ආක්රමණය මෙහෙයැවූහ. සුළු ආසියාවෙන් සහ ඊජීප්තුවෙන් ක්රිස්තු ධර්මය පළවා හරින ලදී. යුද බිම්දී කිසියම් ජාතියක් විජයග්රහණය කළ විට ජයග්රාහී පක්ෂයේ දෙවියා හුවා දක්වනු ලැබේ. පරාජයට පත් දෙවියා ක්ෂේත්රයෙන් පළවා හරිනු ලැබේ. දෙවියන් පහළ වන්නේත්, අතුරුදන් වන්නේත් ඒ අයුරිනි. ජෙහෝවා අතුරුදන් වූ අතර ‘අපේ පීතෘ දෙවියා’(මිනිසුන් අතර) පහළ විය. අහුරමස්දා පර්සියාවෙහි පහළ විය. එහෙත්, පර්සියාව ඉස්ලාමය යටතට පත්වූ පසු අහුරමස්දා පලවා හැරීමත්, ඒ වෙනුවට අල්ලාගේ පැමිණීමත් සිදු විය.
ඉන්දීය පුරාණ ග්රන්ථවල දෙවිවරුන් හා ඍෂිවරුන් අතර නොයෙක් කරුණු අරභයා සාකච්ඡා පැවැති බව සඳහන් වේ. මේ වාර්තාවලින් ප්රාකාශ වන පරිදි දේවතා - ඍෂි යන දෙපක්ෂය කිසිඳු විරෝධයකින් තොරව සහදශීලී ලීලාවෙන් සාකච්ඡා පවත්වා ඇත. දෙපක්ෂය අතර ඊර්ෂ්යයා වෛර ආදියක් හටගත් බවක් සඳහන් නොවේ. මහා දේව, ඊෂ්වර, ශිව, විෂ්ණු, ශ්රී කෘෂ්ණ, බ්රහ්ම යන හැම දෙනම ඔවුන්ගේ පන්තීන්ද හවුල් කරගනිමන් සුහද ලීලාවෙන් ඍෂීන් සමග ඒ සාකච්ඡාවල නිරතව සිටියහ. ලොව වසර හත්දහසකට වඩා පැරණි බවත් දෙවියා විසින් මිනිසා මැටියෙන් නිර්මාණය කරන ලදැයි යන්නත්, දැන සිටින දාර්ශනිකයෙක් නොඅදහයි. මේ නිර්මාණ කථා මිත්යාගරුක ජනයාගේ බොළඳ මිත්යාව විශ්වාසය. බුදුරදුන් ඇරැඹි ආගමික දර්ශනයට පටහැනිව ඉදිරිපත් කරන ලද චෝදනාවක් නම් තථාගත ධර්මය දේවත්වයක් නොපිළිගන්නා ඉගැන්වීමක්ය යන්නය. බුදු රදුන් ලොව පහළ වූයේ දෙවියන්ගේ හෝ යකුන්ගේ හෝ උදව් නොලබා ලෝකයාට විමුක්ති මාර්ගය දේශනා කිරීමටය. දෙවිවරුන් පිළිගත් ජනයා දෙවියන් වහන්සේට ඔවුන්ගේ උදව්ව අවශ්යය නොවූ හෙයින් උදහසට පත්විය. මෙය හරියටම තෙල් හා පහන් වැටිය දැල්වීමෙන් පමණක් එලිය ලබා ගත හැකියැයි විශ්වාස කළ මිනිසා බඳුය. හෙතෙමේ තෙල් එළිය හැර වෙනත් එළියක් නොපිළිගනී. විදුලි කාර්මිකයා පැමිණ තෙල් හෝ පහන් තිරයක් නැතිව තමාට දීප්තිමත් එළියක් ලබා දිය හැකි යැයි කී විට තෙල් පහන් කාරයා මෙසේ කීය:
“ඒක වෙන්න බැහැ. තෙල් හා පහන් වැටිය සහිතව මට විදුලි එලියක් දෙන්න. එවිට මා තෘප්තියට පැමිණෙනවා.”
කැළැඹුණු හිසැති මිනිසාට පරිණාම විද්යාව පිළිබඳව හෝ විදුලි විද්යාව පිළිබඳව හෝ දැනුමක් නැති බැවින් තෙල් හෝ පහන් වැටියක් හෝ නැතිව දීප්තිමත් එළියක් ලැබිය හැකි යැයි විශ්වාස නොකරයි. බුදු සමය පැරණි දේව භක්තිකයන් තුළ සංකල්පයක් නැති අලුත් දේ උගන්වන ආගමකි. රුධිර පිපාසා ඇති, කෝපශීලී දෙවිවරුන්ගේ උදව්ව් නැතිව විමුක්තිය ලැබිය හැකි යැයි ශාන්තිනායකයාණෝ වදාළහ.
පැරණි ඉන්දියාවේ ශිෂ්ඨ ආර්ය වර්ගයාට බුදු රදුන් දුන් ආගම මනෝ විද්යාත්මක එකකි. කෝපය, ඊර්ෂ්යා ව, ද්වේශය, මානය, මෝහය නැතිකර ගැනීමට දෙවියෙක් අවශ්යාය නොවේ. ඒ වූ කලී අභ්යන්තර වර්ධනය පිළිබඳ ආගමකි. තමන්ම ඊර්ෂ්යාවෙන් හා කෝපයෙන් බර වී සිටින කල එබඳු කෝපී දෙවියෙකුට තවත් කෙනෙකු කෝපයෙන් මුදවා ගැනීමට උදව් විය නොහැකිය. තෙල්, පහන් වැටි, ගිනිකූරු ආදියකින් තොරව විදුලි ඩයිනමෝවකින් ආලෝකය ලබා ගැනීමට හැකි සේම, බුදුරදුන්ගේ විද්යාත්මක ප්රඥාව පිළිබඳ මාර්ගය අනුගමනය කිරීමෙන් උපරිතම ශාන්තියත්, සාමයත් උදාකර ගත හැකිය; එසේම, ස්වකීය පෞද්ගලික උත්සාහයත්, සිතෙහි පුද්ගල පාරිශුද්ධියත් ඒ සඳහා අවශ්යය. බෞද්ධයාගේ දේව සභාවට අල්ලා, ජෙහෝවා, දෙවියන් වහන්සේ, ගොත් හෝ වෙනත් ඕනෑම දෙවියෙකු ඇතුළු කොට ගත හැකිය. විසි වන සියවස තුළ පහළ වූ කවර නමුත් දෙවියෙකුට බෞද්ධ දේව සභාව විවෘතය. බෞද්ධයා දෙවියනට වෛර කරන්නෙක් නොවේ. බෞද්ධයා මෙත්තා භාවනාව පුරුදු කරන්නෙකි. බෞද්ධයාගේ මෛත්රීය දෙවියන්, භූතයන්, යකුන් ආදී සියල්ලන් කෙරෙහි පැතිර සිටින්නකි. හෙතෙමේ සියලු දෙවියන් පිළිගෙන ඒ හැමට ඔහුගේ මෛත්රීය පුදයි. එහෙත්, මිනී මරන, කෝපයට පත්වන, නගරවලට ගිනි තබන, අසරණ මිනිසුන් - ස්ත්රීන් හා ළමුන් මරන, සුළි සුළං, කුණාටු, භූමි කම්පා , මේඝ ගර්ජනා, වසංගත රෝග පමුණුවන සහ මිනිසුන් අන්ධයන්, බිහිරන්, ගොළුවන් කරන දෙවිවරුන් බෞද්ධයා ප්රතික්ෂේප කරයි. ඇතැම් දෙවිවරුනට ඔවුන්ගේ ආහාරය සඳහා වයින්, පාන් සහ මස් අවශ්යය වෙයි. තවත් දෙවිවරුනට ගව දෙනුන්ගේ රුධිරය නොලැබුනහොත් සතුටට පත්නොවේ. තවත් සමහර දෙවිවරු සතුනට සතුන් මරා උන්ගේ මස් කෑමට ඉඩ දී ඔවුන්ගෙන් වැඳුම් පිඳුම් ලබා ගනිති. ඔහු මඳ සංගීතයකින්, ඉටිපන්දම් එළි කිහිපයකින් සහ යාඥා ගීතිකා කිහිපයකින් තෘප්තියට පත්වෙති. සෑම මිනිසෙක්ම තම බුද්ධියට අනුව දෙවියෙකු නිර්මාණය කරගනී. බෞද්ධයන් සියල්ලනට මෛත්රී කරයි. එසේම, තමා කරන යහපත් ක්රියාවලින් ලැබෙන පිං ඔවුනට අනුමෝදන් කරවයි. එහෙයින්, කිසිඳු දෙවියෙකු බෞද්ධයෙකු සමඟ උරණ විය යුතු නැත.

--------------------මෙතෙක් කල් ෆේස්බුක් වෙබ් අඩවියේ පමණක් පල කරනලද ලිපි, එළකිරි වෙබ් අඩවියේද පල කිරීමට මා විසින් අදහස් කළා. දැනට එළකිරි වෙබ් අඩවිය තුල සිදු කිරීමට අපේක්ෂා කරන්නේ ලිපි පල කිරීම පමණයි. මෙහිදී ඔබට අන්තර්ගතය පිළිබද අදහස් දැක්විය හැකියි. නමුත් ඔබට මේවායේ අන්තර්ගතය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයි නම්, ෆේස්බුක් ගිණුමහා සම්බන්ධවිය හැකිය.
Code:http://www.facebook.com/dilanpanchana.jayasinghe
(c) පංචන ජයසිංහ.