ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට දැනගමු.....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට දැනගමු.....

    මේක ගත්තේ http://siriwansa.blogspot.com එකෙන්..............
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....

    හොද නම් සලකලා යන්න....



    ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල සිට දැනගමු.....


    gtrggggg.png


    සෑම මෙහෙයුම් පද්ධතියකටම පදනම් කරගන්නා පදනමට කර්නලය යැයි කියනු ලැබේ. විවිධ මෙහෙයුම් පද්ධතිවල අන්‍යතාවය නිර්මානය වන්නේ මෙම කර්නලයේ සිටයැයි පැවසේ. ලිනක්ස් යනු විවෘත මෘදුකාංග මෙහෙයුම් පද්ධතියකි.එහි පදනමට ලිනක්ස් කර්නලය ලෙස හදුන්වයි. ඇන්ඩ්‍රොයිඩ් යනු ඉහතකී ලිනක්ස් කර්නලය මත ගොඩනංවන ලද ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් පරිගණක වැනි ජංගම උපකරන ඉලක්ක කරගෙන නිර්මානය කර ඇති මෙහෙයුම් පද්ධතියකි.ගූගල් ආයතනයේ මූල්‍ය සහය මත ක්‍රියාත්මක වන මෙම මෘදුකාංග ව්‍යාපෘතිය මෘදුකාංග සංවර්ධකයින් රාශියකගේ එකමුතුවක් ලෙස හැදින්වේ.
    මෙම මෙහෙයුම් මෘදුකාංගය භාවිතාකරන්නන්ගේ උපකරන වලට අමතර මෘදුකාංග හැකියාවන් ලබා ගැනීම සදහා ගූගල් මූලිකත්වයෙන් ඇප්ස් ස්ටෝර් එකක් ක්‍රියාත්මක වන අතර එහි විවිධ ඇප්ස් වර්ග 600000 වඩා අධික ප්‍රමානයක් ඇති බවටයි පැවසෙනේ.ලොව වටා සිටින ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන්නන් විසින් මේ වන විට එම ඇප්ස් ස්ටෝර් වෙතින් බාගත කිරීම් බිලියන 20 කට අදික ප්‍රමානයක් සිදුකරගෙන ඇති බවටයි වර්ථා වන්නේ.
    2010 අවසාන භාගය වන විට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථන අතර භාවිතාවන ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනෙන අතර 2012 මුල් කාර්තුව අවසාන විට එය සියයට 59 ලෙසට සටහන් වනවා.2012 මුල්භාගයේදී මිලියන 400 ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සංක්‍රිය කරගත් උපකරන ප්‍රමානයක් ගැන වාර්ථාවන අතර දිනකට මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් උපකරන සංක්‍රිය වෙමින් පවතින බවයි සටහන් වන්නේ.