Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

මුලින්ම කිව යුතු දෙයක් වන්නේ , මට පෙර මෙම ෆෝරම් එකේ Android පිළිබඳව උනන්දුවක් ඇතිකළ සහෝදරයන්ට මගේ ස්තුතිය පිරිනැමෙන බවයි.
මෙහිදී මම ඉදිරිපත් කෙරීමට අදහස් කරන්නේ ඔබ විසින් ඔබගේ Android ෆෝනය Root කිරීමට පෙර ඔබ විසින් අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල් වලට අදාළ කරුණු හා මග පෙන්වීම් වේ.
වැඩිදුර විස්තර කතාකිරීම අනවශ්‍ය අතර මෙම Tutorial එක භාවිත කෙරීම සඳහා යම්තරමක් දැනුම ඔබ සතු විය යුතු බව මගේ මතයයි.
ඔබට මම විසින් පහත දක්වනු ලබන මාතෘකා වලට අමතර වෙනත් යමක් දැනගැනීමට අවශ්‍ය නම් එය පහත thread වලට ගොස් විසඳා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Elakiri Android Market 2
ANDROID වැඩකාරයෝ
(මෙම ලිපිය මගේ මහන්සියෙන් ලියන ලද ලිපියක් වන නිසා මගේ අවසරයකින් තොරව මෙය උපුටා නොගන්නා ලෙස මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා.නමුත් සමහර පිරිස් එය කමකට නොගන්නා බව මම දනිමි. එය ඔවුනගේ අධ්‍යාපනයෙහි හෝ ආකල්ප වල වරද හෝ මන්දබුද්ධික බව මම දනිමි.)
[KERNEL]
උදාහරණයක් විදියට මෙය පුද්ගලයෙක් ලෙස සැලකුවොත්, මෙයා තමයි පරිගණකයක හෝ ෆෝන් එකක Hardware හා Software (Applications) අතර සම්බන්ධීකාරක ලෙස කටටුතු කරන්නේ. කොටින්ම කිව්වොත් “පරිපාලකයා”.
මෙහි ප්‍රධාන කාර්යයන් 03 ක මුලිකවම හඳුනාගන්න පුළුවන්.
01. Process Management (CPU එක ආශ්‍රිතව කෙරෙන කටයුතු)
02. Memory Management (RAM එක ආශ්‍රිතව කෙරෙන කටයුතු)
03. Device Management ( දෘඩාංග ආශ්‍රිතව කෙරෙන කටයුතු )
ඉතින් ඉහත දැක්වෙන දේවල් පිළිබඳව සලකල බලනකොට kernel ඒකෙන් කරන දේ වන්නේ Applications වලට ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන hardware සහභාගී කරවා ගැනීමට පහසුකම් සැපයීමයි.
Root කරන ලද phone එකක kernel ඒකෙන් විශාල කාර්යභාරයක් සිදු වෙනවා.මොකද ගොඩක් වෙලාවට stock එහෙම නැත්නම් original ROM එකත් එක්ක එන kernel එක tweak,නැත්නම් කාර්යක්ෂමව වෙනස් කරලා නෑ. ඉතින් Android developers ලා ඔවුනට අවශ්‍ය පරිදි විවිධාකාරයේ kernel හදනවා. මෙම Android kernels,linux මත පදනම්ව නිපදවනු ලැබී.මන්ද Android යනු Linux හි mobile සඳහා භාවිත කිරීමට වෙනස් කරන ලද සංස්කරණයකි.එකෙන් ඔවුන් ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වන්නේ ,
01. පුළුවන් තරම ROM එක Speed හා smooth කරන්න.
02. අදාළ device එකෙහි අලුත්ම drivers භාවිත කරන්න. (Touch,GPU,CPU,Radio වැනි)
03. හැකිතරම් ROM එක stable ලෙස පවත්වාගෙන යාමට.
04. Android ෆෝන් වල තියන ප්‍රධාන ගැටලුව වන battery බලය භාවිතය කාර්යක්ෂම කිරීමට වේ.
උදා: HTC Sensation 4G/XE/XL යන ෆෝන් වල stock kernel එකෙහි USB OTG (USB On-The-Go) තිබ්බේ නෑ. ඒ කියන්නේ කෙලින්ම USB Flash Drive එකක් ෆෝන් එකට සම්බන්ධ කර DATA transfer කරන්න බෑ. නමුත් දැන් නවතම kernel එක භාවිත කරලා ඒ USB OTG පහසුකමත් HTC Sensation ෆෝන එකට ගන්න පුළුවන්.
ඉතින් ඔයාලා root කරන ලද ෆෝන් එකක් තියනවා නම් එහි model එකට හා ROM එකට ගැලපෙන kernel එකක් යෙදීමෙන් ඔබට ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්.
ROM එකට ගැලපෙන කියල කිව්වේ....
• HTC Sense UI සහිත ROM නම් sense kernel හෝ Sense නැති ICS නම් ICS kernel
• Samsung Galaxy වල touchwiz interface එකට පහසුකම් සපයන හෝ රහිත kernel භාවිත කල හැකියි.
**** වැදගත් දෙයක් වන්නේ kernel එක වැරදි එකක් දැම්මා කියල ෆෝන් එක BRICK වෙන්නේ නෑ. නමුත් boot loops (නැවත නැවත restart වීම) , FCs (Force close) වැනි දේ සිදුවිය හැක. SD හෝ internal separated memory එකෙහි තිබෙන දේවල් බේරුනත් ROM එකට අදාළ DATA නම් ඉවත් විය හැකි වෙයි.
[ROM]
| rom - read only memory, මෙය සාමාන්ය බාවිතයෙදි වෙනස් කරන්න බැරි දත්ත ගබඩාව. phone චලට rom හැටියට සලකන්නෙ මේ වෙනස් නොවන ගබඩාවට දාන මෘදුකාංග වලට. මේක බොහො විට distro එක වෙනවා. Froyo,gingerbread,Ice Cream Sandwich, Jellybean හැටියට එන්නෙ මේ distros.
distro යනු distribution ට කෙටි පදයකි. distro ලෙස සලකන්නෙ kernel සහ මූලික උපාංග වලට අවශ්ය මෘදුකාංග එකතුවට.
Rom එකට මෙම මෘදුකාංග දාන පිලිවෙතට තමයි flash කරනවා කියන්නෙ.
root කරනවා කියන්නෙ root user (වින්ඩෝස් වල administrator) access ලබාගන්නවා කියන එක. මේකේන් phone එකේ ඕනෑම වෙනසක් කරන්න access ලැබෙනවා. |
~kosandpol
මෙය පිළිබඳව නම් ගොඩක් කතා කරන්න අවශ්‍ය නැති වේ යන්න මගේ මතයි.මන්ද කෙටියෙන් කිවහොත් ඔබගේ පරිඝනකයෙහි ඇති Operating System (Windows 8,7,XP,Ubuntu etc)එකට මෙය සමාන වෙයි.Android ලෝකයේ ROM යන්න ජනප්‍රිය වචනයකි.ROM පිළිබඳව කියනවට වඩා Android වල ROM development එක ගැන මම කියන්නම්.
මෙහිදී සිදුවන්නේ developers ල විසින් ෆෝන් එකට ආපු stock ROM එකම හෝ වෙනත් ෆෝන් එකකට ආපු අලුත් ROM එකක් භාවිත කරලා features වැඩි කරන ලද, speed එක හා හොඳට stable අලුත් ROM එකක් සෑදීමයි.
උදා: Samsung Galaxy S සඳහා මුලින්ම ආවේ Android OS, v2.1 (Eclair) . නමුත් පසුව developers ලා විසින් Android OS, v2.3 Gingerbread හා ඊළගට Android 4 ICS සහ දැන් නවතම Android 4.1 Jellybean (beta) ROMs ද සාදා ඇත.
තවද Galaxy S3 හි ROM එක භාවිතයෙන් Galaxy S2 සඳහා මෙන්ම Galaxy S සඳහා ROM සාදනු ලබයි.
HTC One X හි නැවත සංස්කරණය භාවිතයෙන් Desire HD,EVO 3D හා Sensation වැනි ෆෝන් වලට ROMs සාදනු ලබයි.
කුමන ෆෝන් එකක ROM එක base කරගෙන custom ROM එක හැදුවත් එක ඔබගේ model එකට අදාලව developers ල විසින් සාදනු ලබයි.එම නිසා ඔබගේ කැමැත්තට අනුව වේගවත් ,ස්ථාවර , වැරදි අඩු (bugs) ROM එක ඔබගේ root කරන ලද ෆෝන් එකට යෙදීමෙන් ඔබට එම නැවුම් අත්දැකීම විඳගත හැකිවේ.
(නිවැරදි ROM භාවිත නොකිරීමෙන් DATA නැතිවී, ඔබව ඉතා ඛේදනීය තත්වයකට පත්විය හැක.)
[BootLoader]
මෙයින් අදහස් වන්නේ අදාළ OS එක boot කිරීම සඳහා පහසුකම් සපයන වැඩසටහනකි. උදාහරණයක් ලෙස මෙය බොහෝ දුරට සාමාන්‍ය PC එකක BIOS මෙන් ක්‍රියාකරනවා.තවද සමහර විට මෙහි සමහර කොටස් ROM එකෙහි හා kernel එක හා සෘජුව සම්බන්ධ වන බව මතක තබා ගත යුතුයි. තවද මෙය එකිනෙකට වෙනවා mainboards (motherboards) සඳහා වෙනස් වේ.
එමනිසා මෙම කොටසට ඇත ගැසීමේදී දැඩිව පරිස්සම් විය යුතු වේ. මන්ද අපේ අය්යලා Root කිරීමෙහි වැඩේ අනා ගන්නේ මෙතනදී වන නිසාවෙනි.
Mobile ෆෝන් වල මෙම bootloader එක ගොඩාක් විශේෂිත වනුයේ, මෙතුල එම අදාළ ෆෝන් එකට පමණක් විශේෂිත වූ කොටස් කිහිපයක ආරක්ෂා කිරීම මෙය සතුව තිබෙන හෙයිනි.
01. Radio (ෆෝන් එකට අදාළ signal හා antenna එක සම්බන්ධ වැඩසටහන.)
02. Recovery ( හදිසි අවස්ථාවලදී boot නොකර කිසියම් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරීමට හෝ reset කිරීමට හෝ factory repair / replacement වලදී හෝ ROM එක නැවත පිහිටුවීමට භාවිත කරන වැඩසටහනකි.)
ඉතින් මෙම bootloader එක unlock කිරීම තුලින් අපට අලුත් bootloader එකක් ,ඉහත සඳහන් කල Radio එක සඳහා අලුත් version එකක් flash කරන්න පුළුවන් වන අතර, විවිධාකාර පහසුකම් සහිතව Android Developers ල විසින් නිපදවන ලද [Recovery] භාවිත කෙරීමෙන් Custom ROMs දැමීමටද තවත් වැඩ කටයුතු රාශියක් ඉටුකර ගත හැකි වේ.
ඉතින් යහලුවනේ Root කිරීමට අදාළ වන ප්‍රධානම කරුණ වන්නේ මෙම bootloader එක unlock කර ගැනීමයි.මන්ද එය නොකිරීමෙන් Radio හෝ Recovery flash කිරීමට නොහැකි වේ.Custom Recovery එකක් නැතිව ROM දැමිය නොහැකි වේ.(සමහර Advanced methods වලින් custom Recovery නැතිව ROM දැමිය හැක.)
[Bootloader] එකක් දැමීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
01. මුලින්ම Bootloader එක unlock කර තිබිය යුතු වෙයි.
02. එය අනිවාර්යෙන්ම ඔබගේ ෆෝන් එකෙහි motherboard එකට 100% කම ගැලපිය යුතු වේ.
03. ඔබට පෙර කවුරු හෝ එය ඇත හදා බලා (test) ඇත්ද යන්න බලන්න.
04. Flash කෙරීමට පෙර අනිවාර්යෙන්ම එම file එක corrupt /damage වී ඇත්ද යන්න බලන්න.
05. බැටරි බලය 75% වඩා අනිවාර්යෙන් තිබිය යුතුයි.
06. පරිගණකය battery backup සහිත හෝ UPS සහිත විය යුතු වෙයි.
07. පරිගණකයට install කලයුතු mobile device drivers, ADB (Android Debug Bridge) Applications n drivers හා Android SDK යන දෑ හරියාකාරව තිබේදැයි බලන්න.
***** නිවැරදිව Bootloader එක Flash නොකිරීමෙන් ඔබගේ ෆෝන් එක අනිවාර්යෙන්ම ක්‍රියාවිරහිත විය හැක (Bricked) . දුක්බරම කරුණ වන්නේ, එය නැවත ගොඩ දැමීමටද නොහැකි වෙයි. Semi-Brick වුවහොත් පමණක් ඉතා වෙහෙසවී ගොඩ දමා ගත හැකි වෙයි. මා විසින්ද දැනට ගොඩ දමා ඇත්තේ ස්වල්ප ෆෝන් ප්‍රමාණයකි.මන්ද කුමන දැනුමක් තිබුනද එය ඉතාම වෙහසකර ක්‍රියාවලියකි.
[Radio]
ඔබගේ ෆෝන් එකෙහි Signal හා Antenna ව සම්බන්ධව හා wireless devices (wifi,BT) සම්බන්ධ වැඩසටහන් මෙහි අන්තර්ගත වෙයි.ඉතින් යහලුවනේ මෙහිදීද අලුත් Radio එකක් ෆ්ලෑෂ් කරනවා නම්,

** SD කාඩ් එක තුලින්package එකක් හරහා upgrade කරනවා නම් අනිවාර්යෙන්ම battery power එක බලන්න. Process අතර මොනවා හරි සිදු උනොත් නම් ඉතින් ඔබට දෙවියන්ගේම පිහිට තමයි.එම නිසා ඉතා පරිස්සමෙන් මෙය සිදු කරන්න.
***Radio එක flash කිරීමේදී යම් අවුලක් සිදු වුනහොත් ෆෝන් එක brick නොවිය හැකි නමුත් නැවත කවදාවත් signal නම් නැතිවීමට ඉඩ ඇත.
[Recovery]
මේක තමයි ඉතින් අපේ සරණට ඉන්නේ හැම වෙලාවකම . Original stock recovery එකෙන් වැඩ ගන්න පුළුවන් system vendors ලට විතරයි. නමුත් Custom Recovery එකක් දමා ගැනීමෙන් අපට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ෆෝන් එකක් Root කිරීමෙන් අපි බලාපොරොත්තු වන ප්‍රධාන දෙයක් වන්නේත් මෙයයි.Custom Recovery එකක් මඟින් අපට කරගත හැකි දෑ පහත පරිදි වේ.
1. Custom ROMs install කරගන්න පුළුවන්.( Install zip file from SD card)
2. Custom kernels install කරන්න පුළුවන්.
3. ඕනෑම App එකක් zip file එකක් ලෙස install කරන්න පුළුවන්.
4. ඔබගේ SD Card එක partition කරන්න පුලුවන්.
5. ඔබගේ ෆෝන් එකේ system,boot,cache යන ඔක්කම wipe කරන්න පුළුවන්.
6. Factory Data reset කරන්නත් පුළුවන්
ඉතින් ඔය වගේ අපිට Custom Recovery එකකින් එකී මෙකී නොකී ගොඩක් දේවල් කරන්න පුළුවන්.නමුත් මතක තියා ගන්න, ෆෝන් එක root නොකර මේ සෙල්ලම් දාන්න බැහැ.
දැනට තියන ජනප්‍රියම Custom Recoveries වන්නේ
1. 4eXT Touch Recovery
2. ClockworkMod Recovery යන දෙකයි.
ඉතින් යහලුවනේ, ඉහත සඳහන් කල සියලුම වැඩසටහන් install කරන්න Android SDK සහිත ADB භාවිත කරන්න වෙනවා.එහි තිබෙන Fastboot කියන ක්‍රමයෙන් තමයි මෙම වැඩ සටහන් flash කිරීමට සිදුවන්නේ.
මම ඔබලාට මුලිකවම දැනගත යුතු දේවල් මේ විදියට සරලව කිව්වත් මම බලාපොරොත්තු වෙනවා, Android SDK සහ ADB commands පිළිබඳවත් පොඩි tutorial එකක් සිංග්ලිෂ් වලින් ලබා දෙන්න.
මගේ කාල වෙලාව අනුව ඔබලාට තියන ප්‍රශ්න විසඳා දෙන්නම් නමුත් එයට කල්ගතවීමක් සිදු උනොත් එයට සමා වන මෙන් ඉල්ලා සිටිමි.
~KANDYAN
ස්තුතිය---->
XDA Developrs- M0narX n Venom team
kosandpol

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1294195
ANDROID වැඩකාරයෝ
Code:
http://elakiri.com/forum/showthread.php?t=1360769

Last edited: