දියවැඩියාව ගැන දන්නවද????

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දියවැඩියාව ගැන දන්නවද????

    මේක ගත්තේ internet එකෙන්..............
    Photo දාල ලස්සන කරලා ගත්ත එක විතරයි මම කලේ.....
    Repost තමයි.... එකනේ මට Repost බුවා කියන්නේ....

    හොද නම් සලකලා යන්න....





    facts-about-diabetess.jpg



    මධුමේහය යනුවෙන් ව්‍යවහාරයේදී හඳුන්වා දෙන්නේ දියවැඩියාවයි. දියවැඩියාව වැළඳීමට ප‍්‍රධානතම හේතුව ලෙස අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් හෝමෝනය අඩුවෙන් ස‍්‍රාවය වීම හඳුන්වා දිය හැක. අපේ ශරීරයේ ඇති ලේ වල සීනි ප‍්‍රමාණය පාලනය කරන්නේ ඉන්සියුලීන්ය. මේ ඉන්සියුලීන් ස‍්‍රාවය වීම ක‍්‍රමවත් නොවුණ විට අප දියවැඩියාව වැළඳුණා යයි කියමු. මේ අනුව පැහැදිලි වන්නේ ලේ වල ඇති සීනි ප‍්‍රමාණය සමාන්‍ය තත්ත්වයෙන් තබා ගැනීමට ඉන්සියුලීන් ඉතාම වැදගත් බවයි. ලංකාවේ ජනගහනයෙන් 1% ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙති.


    map.jpg




    යමෙකුට දියවැඩියාව ඇති බව හඳුනා ගැනීමට පහත රෝග ලක්ෂණ උපකාරී වේ.අධික ලෙස ජලය පානය කිරීම, දෙතොල් වේලිම,නිතරකුසගිනි ඇතිවීම, අධිකව මුත‍්‍රා කිරීම,මුත‍්‍රා කරන වාර ගනන වැඩි විම, ශරීරය කෙට්ටු වීම, බර අඩුකම, පෙනුම අඩුවීම, තෙහෙට්ටුව, ඉක්මනින් විඩාවට පත්වීම, සමේ රෝග ඇතිවීම, සුළු තුවාලයක් වුවද සුවවීමට කලක් ගත වීම

    5680167_f496.jpg


    images


    දියවැඩියාව ඇතිවීමට ශරීරයේ තරබාරුකම බෙහෙවින් බලපායි.

    av0804063-2.jpg


    ආහාර පාලනය, ව්‍යායාමය, ඖෂධ භාවිතය තුළින් මෙම රෝගී තත්ත්වයන් පාලනය කළ හැක. දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ ලෙස ඇස්වල පෙනුම අඩුවීම, වකුගඩු රෝගී වීම, අංශභාගය ඇතිවීම මේ අතර වේ. නිසි අයුරින් ප‍්‍රතිකාර නොගත හොත් අත් පා හිරි වැටීම, කල් පවතින තුවාල ඇති වීම තුවාල සනීප නොවීම නිසා ශල්‍යකර්ම මගින් අත් පා කපා ඉවත් කිරීමටද ඇතැම් අවස්ථා වලදී සිදුවේ.දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම ඉහළ යාම හා පහළ වැටීම නිසා රෝගීන් සිහිමුර්ජා වීම සිදු විය හැක. මේ තත්ත්වය Diabetic coma ( ඩයබිටික් කෝමා ) යනුවෙන් හඳුන්වා දේ. රුධිරයේ ඇති සිනී මට්ටම පහළ වැටීම හයිපොග්ලයි සීමියා(Hypogly cemia) හෙවත් හයිපො ඇටැක් (Aypo Attach) යනුවෙන් ඉංගී‍්‍රසියෙන් හඳුන්වා දෙන අතර සිංහල භාෂාවෙන් මෙය අවග්ලුකෝසියාව යනුවෙන් හඳුන්වා දේ.



    Diabetes%2BDiagnosis.jpg11.jpg


    අවග්ලුකෝසියාව ඇතිවීමට ගත වන්නේ විනාඩි කීපයකි. හිසරදය, බඩගිනි දැනීම. දහඩිය දැමිම, සහ පෙනීම බොඳවී යාම, වැනි රෝග ලක්ෂණ මුලින් මතුවේ. මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විටක ඉක්මනින් සිනී ටිකක් ටොෆී එකක් , ග්ලුකොස් ටිකක් රෝගියාට ලබා දීම හොඳ ප‍්‍රතිකාරයකි. රුධිරයේ ග්ලුකොස් මට්ටම වැඩිවීම හෙවත් අධිග්ලුකෝසියාව ඇති වීම සඳහා ඇතැම් විට පැයක් පමණ කාලයක් ගතවේ. ඇතැම් විට දින ගණනක් වුවද ගත වන්න්ට පුළුවන. ඉන්සියුයලීන් ඌනතාවය නිසා ග්ලුකෝස් දහනයෙන් ශක්තිය ලබා ගැනීමේ හැකියාව සෛල වලට අහිමි වේ. මේ අඩුව පිරවීම සඳහා ශරීරයේ ඇති මේදය වැඩිපුර දහනය වේ. මේ නිසා අධි ග්ලුකෝසියාවට ප‍්‍රතිකාර ලෙස ඉන්සියුලීන් නික් ෂෙපණය කිරිමයි. (ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් මගින් ශරිර ගත කිරීම) බොහෝ විට රෝග ලක්ෂණ පහවී ගියද දියවැඩියාව නිට්ටාවට සුව වන බව අපට නිගමනය කළ නොහැක. නමුත් රුධිරයේ සිනීමට්ටම සමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වන්නේ නම් වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ගත යුතුය. නවීන විද්‍යාවට අනුව දියවැඩියාවට නිසි ප‍්‍රතිකාර කළහොත් සාර්ථක ප‍්‍රතිඵල ළඟාකර ගත හැකිය.එසේ නොමැතිව තමාට වැළදී ඇති රෝගී තත්ත්වය පිළිබඳ කලකිරුණු ස්වභාවයෙන් කල් ගත කිරිම සුදුසු නොවේ. මක් නිසාද ලෝකයේ ඇතැම් දක්ෂකි‍්‍රඩකයින්, නළුවන්, රාජ්‍ය නායකයින්, දියවැඩියාව රෝගයෙන් පෙළන අය සිටිති. ඔවුනගේ සිය දක්ෂතා සඳහා දයවැඩියාව වැනි රෝගී තත්ත්වයන් බල පා නොමැති බැවිනි.

    images