 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 7,965
Join Date: Sep 2007
Location: ලොකෙන් උතුම් රටේ
|
|
|
මරු_සැඟවගත්_දියවැල -
08-18-2012, 10:28 AM
මරු සැඟවගත් දියවැල....
මේක මට ඊ-මේල් එකකින් ආවේ, වටිනා දෙයක් නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා....

අප හැම දෙනා ම සැප විඳීමට කැමති යි. දුකට අකමැතියි. සැපක් ම යි පතන්නෙ. දුක පිළිකුල් කරනවා. සෑම කෙනෙක් ම ජීවිතය සතුටින් ගත කරන්න කැමති යි. නමුත් අවාසනාවන්ත ලෙස බොහෝ දෙනෙක් දුකෙන් තමයි ජීවිතය ගත කරන්නෙ. බොහෝ ජීවිත, අඩදබර, විහිළුතහළු, ඕපාදූප, ඉරිසියා කිරීම් ආදි දේවල් තුළ කැරකිකැරකි ඔහේ ගත වෙලා යනවා. මෙලොව-පරලොව සැප සලසන පිවිතුරු ඉලක්කයක් බොහෝ ජීවිතවලට නැහැ. නෑයන්ට ඇලිල, කාමයන්ගෙන් ම සතුටුවෙමින්, කාමයම සොයමින් ඒ ජීවිත හිස් විදිහට ගෙවිල යනව. කාමය ඉක්මවා ගිය පිවිතුරු සැප අත්විඳින ආකාරය ගැන නො දත් ඔවුනට සැපදුක් ආදි ලෝක ධර්මයන් හමුවේ ඉතිරි වෙන්නෙ කාමය ම පැතිල්ලක් විතරයි.
අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන් සහ නොයෙක් මිථ්‍යාදෘෂ්ටීන් නිසා වර්තමාන මිනිසුන්ගේ වින්දන රටාව විකෘති වෙලා. තව ඉදිරියට මේ තත්වය බොහෝ දරුණු වේවි. මේ නිසා ම සමහර අය තමන්ගේ වටිනා ජීවිත පවා පරදුවට තබා ළාමක වූ වින්දනයක් බලාපොරොත්තුවෙන් නොයෙක් හිස් දේවල් කරන්න පෙලඹෙනවා. කල්ප ගණනකින්, අතිශය දුර්ලභව ලැබෙන මිනිස් ජීවිතයක වටිනාකම තේරුම් ගැනීමේ වාසනාව ඔවුනට අහිමිවීම නිසයි එහෙම වෙන්නෙ.
බොහෝ අය විවේකයක් ලබා ගැනීමේ අරමුණින්, පිරිස එකතු වෙලා විනෝද චාරිකා යන්න කැමති යි. දවස් ගණන් කාලබීල විනෝද වෙලා අකුසල් ගොඩක් එකතු කරගෙන, විවේකයක් වෙනුවට වෙහෙසක් ඉතුරු කරගෙන ආපහු එනවා. මේ ගමන් අතරතුර ගඟක්, මුහුදු වෙරළක් එහෙම හමුවුව හොත් පීනන්න දන්නෙ නැතත් වතුරට ටිකක් බැහැල විනෝද වෙන්නත් මේ අය අමතක කරන්නෙ නැහැ. බොහෝ වෙලාවට, “පනින්න පෙර සිතා බලනු” කියල අප පොඩි කාලෙ අහල තිබ්බ දේ මේ අයට අමතක වෙනවා. අන්තිමේදි තවත් වටිනා ජීවිතයක් දියේ ගිලී මිය යෑමේ ලැයිස්තුවට එකතු වෙනවා.
ඔබ දන්නවාද වසරකට 1100ක් පමණ ලංකාවේ දියේ ගිලී මිය යෑම් වාර්තා වෙනව කියල? මෙයින් සැලකිය යුතු පිරිසක් මුහුදේ නෑමේ දී දියේ ගිලී මිය යෑම් ලෙස යි වාර්තා වෙන්නේ. පිහිනීමට නො දැනීම, මත්පැන් පානය කර සිටීම සහ මුහුදු වෙරළ ආශි‍්‍රත ව ඇති වන දිය වැල්වලට හසුවීම මේ මිය යෑම්වලට හේතු ලෙස සලකන්න පුළුවන්. අප අවධානය යොමු කරන්න සූදානම් වන්නේ මේ තුන් වැනි කාරණය සම්බන්ධව යි. මුහුදේ නෑමට ගොස් දියේ ගිලී මිය යෑම් බොහෝ ප‍්‍රමාණයක් ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇතත් මේ සම්බන්ධව කථා වෙන්නෙ බොහොම අඩුවෙන්. කෙසේ වෙතත් මුහුදට බහින්න කලින් එහි ඇති අවදානම ගැන දැන ගෙන සිටීම වැදගත් වේවි.
දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි.
මුහුදු රළ විශාල ජල ප‍්‍රමාණයක් වෙරළට රැගෙන එනවා. එම රළ බිඳී යෑමෙන් පසු මේ ජලය නැවත මුහුදට ගලා යා යුතුයි. නො කඩවා පැමිණෙන රළ මේ ආපසු ගලා යෑමට බාධා කරනවා. නැවත මුහුදට ගලා යන තෙක් මේ ජලය වෙරළ ඉමදිගේ දෙපසට ගමන් කරමින් සිට ක්‍ෂණික ව පහසු ස්ථානයකින් වේගයෙන් මුහුදට ගලා යාම සිදු වෙනවා. වෙරළාසන්න ව මුහුදු පතුලේ පවතින වැලිපරවල සෑදී ඇති හිඩැස්වලින් මෙසේ දියවැල් (Rip Currents) ඇති වීම සිදු වෙනවා. 1 වැනි රූපයෙන් දැක්වෙන්නේ බාදිය අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක්. එවැනි ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මිනිත්තුවකටත් අඩු කාලයක දී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබ ව රැගෙන යන්න මේ දියවැලකට පුළුවන්.
දිගු වෙරළ තීරවල සාමාන්‍යයෙන් මීටර් 200කට වරක් වගේ මෙවැනි දියවැල් ඇති වෙනවා. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් නිසා මුහුදේ පිහිනමින් සිටින අය මෙන් ම ඉණ තෙක් මුහුදට බැස සිට ගෙන සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදී යන්න පුළුවන්. මේ නිසා පිහිනන්න දන්නෙ නැත්නම් මුහුදට බහින්නෙ නැති එක වඩාත් නුවණට හුරුයි. ඔබට ඔබ ගැන කොපමණ විශ්වාස වුණත් කිසි ම විටක තනිව ම මුහුදේ නාන්න යෑමෙන් වළකින එක හොඳයි.
දියවැල් ඇති වෙන තැන් හඳුනා ගන්නෙ කොහොම ද?
2 රූපය
සාමාන්‍යයෙන් අප පාර පනින්න පෙර දෙපස හොඳින් බලනවා. ඒ වගේ, මුහුදට බහින්න පෙරත් ටික වෙලාවක් හොඳින් නිරීක්‍ෂණය කළොත් දියවැල් ඇති වෙන තැන් හඳුනා ගත හැකි යි. වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයට දකින්න පුළුවන්. මේ සුදුපැහැති තීර අතරේ සමහර තැන් නිසල, අඳුරු ලෙසින් නිරීක්‍ෂණය වෙනවා. (2 වැනි රූපය බලන්න.) මේ තැන්වලින් ජලය මත පාවෙන නොයෙක් ද්‍රව්‍ය මුහුදට ගලා යනු දකින්න පුළුවන්. එවන් ස්ථානවලින් තමයි දියවැල් ඇති වෙන්නේ. මේ නිසා ඔබ කොතරම් පිහිනීමට දක්ෂ වුණත් මුහුදට බහින්න පෙර මෙසේ ටික වේලාවක් නිරීක්ෂණය කළොත් වඩා ආරක්‍ෂාකාරී තැන් සොයා ගන්න පුළුවන් වේවි. මේ දියවැල්වල වේගය පිහිණුම් ශූරයන්ගේ වේගයටත් වඩා වැඩි බව ඔබ මතක තබා ගන්න. සමහර මුහුදු තීර කොහෙත් ම දිය නෑමට නිර්දේශ කරන්නෙ නැහැ. නොයෙක් අනතුරු හැඟවීමේ පුවරු මෙවන් ස්ථානවල සවිකර තිබෙනවා. මුහුදට බහින්න පෙර මේ ගැනත් ටිකක් විමසිලිමත් වෙන්න. අවදානම් සහිත ස්ථානවල පවා මුහුදේ පිහිනීමෙන් තමන්ගේ පුහු වීරත්වය පෙන්වන්න සමහර අය කැමති යි. හිස් මිනිසුන්ගෙන් ලැබෙන පුහු වර්ණනාවන්ට වඩා අතිශය දුර්ලභව ලැබෙන මනුෂ්‍ය ජීවිතය වටින බව ඔබ අමතක කරන්න එපා.
දිය වැලකට හසුවුණොත් කුමක්ද කළ යුත්තේ?
3 රූපය
දිය වැලකට හසුවුව හොත් කිසි ම විටක ඊට එරෙහි ව පීනන්න උත්සාහ කරන්න එපා. දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නො හැකියි. මේ වෙනුවට වෙරළට සමාන්තර ව පිහිනීමෙන් දියවැලෙන් ඉවත්විය හැකියි. ඉන් පසු වෙරළ දෙසට පිහිනන්න පුළුවන්. (3 වැනි රූපය බලන්න) මෙසේ ඉවතට පිහිනන්න නො හැකි නම් ජලය මතුපිට රැඳී සිටිමින් උදව් අවශ්‍ය බවට අත උස්සා සංඥා කරන්න.
හැම තිස්සෙම නුවණින් සලකා අර්ථය දැන ගෙන කටයුතු කරන ලෙසට යි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දී තිබෙන්නේ. ඉතින් නිකරුණේ වටිනා ජීවිත අවදානමකට භාජනය නො කර, දුර්ලභව ලැබුණු, ඉක්මනින් අවසන් වෙලා යන මේ මිනිස් දිවිය මෙලොව සහ පරලොව සැප පිණිස පවතින ගුණ ධර්ම දියුණු කරගන්නට යොමු කිරීමට යි බුද්ධිමත් අය කල්පනා කළ යුත්තේ.
“ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන් ම තිබෙන්නේ මරණය මිසක් නො මැරී සිටීමක් නො වෙයි. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි පිළිපදින්ට ඕන. වැනසීයන්න නම් එපා! මේ උතුම් අවස්ථාව මඟ හැරෙන්ට ඉඩ දෙන්න එපා!”
-සාරිපුත්ත මහ රහතන් වහන්සේ
|
 |
Senior Member
|
|
Posts: 1,856
Join Date: Jan 2007
Location: Colombo
|
|
|
08-18-2012, 10:32 AM
good post machan...
|
 |
Senior Member
|
|
Posts: 920
Join Date: Mar 2012
Location: Camp
|
|
|
08-18-2012, 10:34 AM
good post..
|
 |
Senior Member
|
|
Posts: 1,369
Join Date: Nov 2010
Location: 120 Paara aine
|
|
|
08-18-2012, 10:34 AM
Goog post machn..
|
 |
Senior Member
|
|
Posts: 58,343
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
|
|
|
08-18-2012, 10:39 AM
Good post
|
 |
Senior Member
|
|
Posts: 1,087
Join Date: Apr 2008
|
|
|
08-18-2012, 10:40 AM
muhude nannath bayai den nam,,any way good post
|
 |
Senior Member
|
|
Posts: 451
Join Date: Oct 2011
|
|
|
08-18-2012, 10:40 AM
bump
|
 |
Senior Member
|
|
Posts: 4,881
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
|
|
|
08-18-2012, 10:42 AM
Good post
Rep 3+
|
 |
Senior Member
|
|
Posts: 3,400
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
|
|
|
08-18-2012, 10:45 AM
ela rep+
|
 |
Senior Member
|
|
Posts: 1,513
Join Date: Oct 2006
Location: IN YOUR HEART
|
|
|
08-18-2012, 10:48 AM
maxxa brooo but rep denna ba kiyanawa ne.. :'(
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|