ග්ලැඩියේටර්වරු ගැන දැන ගමු.....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ග්ලැඩියේටර්වරු ගැන දැන ගමු.....

    මේ දවස් වල නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ මොනවා හරි බලන්න හිතුවා එතකොට තමා ස්පාටකස් එක මතක් උනේ.ඒක බලල මට උණක් හැදුනා ග්ලැඩියේටර්ස්ලා ගැන කොච්චරද කිවුවොත් ‍රැට හීනෙන් පේන්නෙත් උන් ෆයිට් කරන්වා.ඒනිසා මම පොඩ්ඩක් ග්ලැඩියේටර්ස්ලා ගැන හෙවුවා මේ ඒ ටික.

    spartacus-blood-sand-logo.jpg


    ග්ලැඩියේටර්...මේ නම කියනවිටම අපගේ මතකයට එන්නේ රෝමය.ඒ පැරණි රෝමයේ වුනු ද්වන්ධ සටන්වල යෙදුනු සටන්කරුවය ග්ලැඩියේටර් යන නමින් හැදිවූයේ.මෙහෙ සිංහල අර්ථය තමා කඩුගත් මල්ලවයා.එහෙම නැතිනම් සටන්කරුවා කියන එකයි.අපි පොඩ්ඩක් මෙයාලා ගැන විස්තර ටිකක් හොයලා බලමු.
    අතීතයේදි ග්ලැඩියේටර්වරු පුදපූජාත්මක චාරිත්‍රයක කොටස්කරුවන් වුනා.රෝමයටමේ චාරිත්‍රය ලැබුනේ එටෘස්කන්වරුන්ගෙනි.පළමුවෙන්ම රෝමයටමෙය හදුන්වාඩෙනු ලැබුවේ ක්‍රිස්තුපූර්ව 264දීය.ඒ ජුනියස් බෘටෝස් නැමැතිතම පියාට ගෞරව පිණිස ඔහුගේ අවමගුලේදී ඔහුගේ පුතුන් විසින් ග්ලැඩියේටර්වරුන් 3දෙනෙකු යෙදවීමත් සමගය.මෙම ග්ලැඩියේටර් සටන් බොහෝවිට ආගමික උත්සව හා බැදී පවතී.මෙහිදී යුධ ඇදුමින් සැරසුනු ග්ලැඩියේටර්වරයෙකු මලවුන්ගේ ලොවට යැවීම නිසා ඔවුන් සතු‍ටු වේ යැයි විශ්වාසකරනලදී.
    සාමාන්‍යයෙන් ග්ලැඩියේටර් කෙනෙකු සදහා ‍තෝරා ගන්නේ දඩුවමට නියම වු අපරාධකාරයෝ,යුද්ධයේදී අල්ලාගන්නාලද හිරකරුවෝ හෝ වහලුන්ය.ස්පාර්ටකස් වගේ.සමහර නිදහස් මිනිසුන්ද මේ වෘත්තියට යොමු වූ අතර ඒ තමන්ට ප්‍රසිද්ධිය හා ධනවත් අයගෙන් ආධාරය ලැබේ යන බලාපොරොත්තුවෙනි.ස්පාර්ටකස් එකේ වාරෝ මේ වගේ සල්ලි වලට ආව කෙනෙක්.මේ නිදහස් මිනිසුන් බොහෝවිට සමාජයෙන් පිටමංකල අයයි.එසේත් නැතිනම් නිදහස ලද වහලුන්ය.එසේත් නැතිනම් විශ්‍රාමලද සොල්දාදුවන්ය.මේ අය තමන්ගේ සටන අවසානයේ එකෙකු ඉතිරිවෙන තුරු සටන් කරනු ලබනවා.මොවුන් විශේෂවූ පාසල්වල සටන් පුහුණුව ලබනවා.
    මේ ග්ලැඩියේටර් සටන් වසරකට 10 වරක් 12 වරක් පවත්වනු ලබනවා.සමහරවිට සැටර්නේලියා
    [FONT=Times, Times New Roman] (Saturnalia[/FONT]) නම් සෙනසුරු දෙවියන්ට පවත්වන උත්සවයේදීද පවත්වයි.
    gladiatorjupit.jpg


    මේ සටන් පවත්වනු ලබන්නේ අර්ධකවාකාර රඟමඩලකය.මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ රෝමයේ කොලොසියමය. මේක මට මතක විදිහට පැරණි ලෝක පුදුමයක්ද කොහෙදෝ.....මෙය ක්‍රි.ව 80 දී පමණ නිර්මාණය කරනලදී.මෙය නරඹන්නන් 50,000 පමණ අසුන්ගත හැක.මෙම අති විශාල නිර්මාණයත් එය නගරය මැද පිහිටීමත් එකල රෝම අධිරාජ්‍යයේ මෙම ක්‍රීඩාවට වූ සැලකිල්ල ප්‍රදර්ශණය කරයි.එම සැලකිල්ල නිසාම සතුන් දහස් ගණනකට තම ජීවිත්යෙන් වන්දිගෙවන්නට සිදුවිය.සැදෑකාලයේදී මෙහිදී සන්නද්ධ යුධ ඇදුම් නිසා එහාමෙහා වීම සීමා කරනලද යුගල් වශයෙන් යොදනලද ග්ලැඩියේටර්වරු දැකිය හැක.මෙම සංග්‍රාම භූමිය තුලදී සිදුකරන සෑම තරගයක්ම පාහේ මරණයකින් තීරණය විය යුතුද නැද්ද යන්න තීරණය කිරීම ප්‍රේක්ශකයන් තීරණය කරයි.එය ඇගිල්ල උඩට එසවීම හෝ ඇගිල්ල පහලට දැමීම මගින් සංකෙත්වත් කරයි.කෙසේ හෝ පරාජිතයට මරණය උරුමය.ඉතා කලාතුරකින් මෙම තරගයකදී පරාජිතයාට සමාව හිමිවේ.
    gladiator-04.jpg

    ග්ලැඩියේටර්ලා ගැන රෝමන්වරු දැක්කේ කොහොමද???

    ඒකාලයේදී රෝම ජනයා අතර වූයේ වර්තමානයේ සුපිරි ක්‍රීඩාතරු ගැන පවතින ගෞරවයමුසුවු හැගීමක්මය.මොවුන්ගේ මේ දක්ශතාවන් එකල ඉතා උසස් තැනක තිබූ අතර එයට පසුව අශ්වකරත්තධාවකයින් හා නළුවන් විය.මෙම ග්ලැඩියේටර්වරුන් මෙතරම් දක්ශතා පෙන්වීම පි‍ටුපස රෝම සංස්කෘතිය හා සදාචාරය විය.එය පහත කරුණු වලින් යුක්ත විය.

    Fortitudo (strength)-ශක්තිය
    Disciplina (training) -පුහුණුව
    Constantia (steadiness) -ස්ථිරබව
    Patientia (endurance) -ඉවසීම
    Contemptus mortis (contempt of death) -මරණයට බියනොවීම
    Amor laudis (love of glory) -ගෞරවයට ඇති ආශාව
    Cupido victoriae (desire to win)-ජයග්‍රහණයට ඇති කැමැත්ත

    එකල වූ සොල්දාදුවන්ට ග්ලැඩියේටර්වරු සටන්කරන ආකාරය බැලීමට නියමව තිබූ බව පැවසේ.ඒ ඔවුන්ගේ නොබියව සටන් කිරීම හා ආචාරශීලිත්වය හොඳ සොල්දාදුවෙක්ගෙන් බලාපොරොත්තු විය යුතු නිසාවෙනි.එසේ උවද රගමඩලේදී එයට විරුද්ධ දේ සිදුවුයේ මොවුන්ගේ වු අඩු අධ්‍යාපන තත්වය හා හුදු රසාස්වාදයම තැකූ හෙයිනි.
    මොවුන් තම ප්‍රතිවාදියාගෙන් මරණයට පත්වුවද එය ගෞර්වනීය මරණයක් නිසවෙනි.මොවුන් අතරින් සමහරෙක් රෝම ජනයාගේ ආදරය දිනාගෙන සිටිබව පැහැදිලිවන්නේ පොම්පෙයි නගරයේ බිත්තිවල ලියා තිබී හමුවු කුරු‍ටුගී නිසාවෙනි.
    spartacus_gods_of_the_arena_episode_5_2011_01_6x4.jpg

    එසේ වුවත් ග්ලැඩියේටර් යන වචනය කොතරම් දරුනු වචනයක්ද යන්න සිසරෝ නැමැත්තා තම දේශපාලන ප්‍රතිවාදීන් වූ මාර්කස් ඇන්ටොනියෝස් හා පබ්ලියස් ක්ලොඩියස් යන්නන්ට ග්ලැඩියේටර් යන්නෙන් ඇමතීම තුලින්ම පැහැදිලි වේ.
    එසේම එකල වූ වංශවත් පවුල්වල තරුණයන් ග්ලැඩියේටර්වරුන් ලෙස ලුඩස් ම, පුහුණු පාසල් තුල පුහුණුව ලැබූහ.නමුත් ඔවුන් ප්‍රසිද්ධ ආකරයේ සටන්වලට යොමු නොවීය.එසේ වුවද එය ලී කඩුවලින්කරන සටනක් පමණක් විය.
    බොහෝ වංශවත් දරුවන්
    collegia iuvenum නමින් හැදින්වූ පාසල තුලින් ඵුණුව ලැබූහ.මොවුන් අතරින් කවුරුන් හෝ කැමැත්තෙන් ග්ලැඩියේටර්වීමට ඉදිරිපත් වුවහොත් ඔවුන්ද අනෙක් ග්ලැඩියේටර්වරුන් මෙන් ලුඩස් නම් පාසල තුල පුහුණුව ලැබිය යුතුය.මෙම අවුරුදු 3 අවසන් වු පසු ඔවුන්ට තම පවුල් කරා යා හැකිය.බොහෝ තරුනයන් මෙයට එකතු වූයේ ඔවුන්ට රෝම හමුදාවට බැදීමෙන් වැලකීමටය.

    පොඩ්ඩක් මෙයාලගේ සටන් කරන ක්‍රම ටිකත් කියලම මේ ටික ඉවරකරන්නම්.
    gladiators-2.jpg

    Eques (“Rider”)
    මෙකේ තේරුම අසරුවා කියන එක. මොහුන් සැන්දෑකාලයේදී සුදු අසෙකු පිට නැගී යුධ භූමියට එන අතර අශ්වයා පිටහිද හෙල්ලවලින් හා බිමට බැස කඩුවලින්ද සටන් කල බව කියවේ.
    Murmillo (also myrmillo or mirmillo)

    මේ වර්ගයේ සටන්කරුවෝ බොහෝ පැරණිය.මොවුන් කෙටි කඩුවකින් හා පාමුලාපලිහකින් යුක්තය.කඩුව සහිත අත හා වම්පස කකුල ආවරණය කරගෙන හෙල්මටය අළංකාර පිහා‍ටුවලින්ද සරසා ගෙන සිටී

    Thraex
    මෙම වර්ගයේ සටන්කරුවන් ත්‍රේශියානුවන් බව සදහන් වේ.මොවුන් සීකා නම්වු වක්වු කෙටි කඩුවකින් හා කුඩා පලිහක් දරයි.කඩුව දරන අත මනිකා නම් ආවරණයෙන් ආවරණය කරගෙන ඇත.හෙල්මටය කුකුල් කරමලයක් මෙන් පිහා‍ටු වලින් සරසාගෙන සිටී.
    gladiatorjup2.jpg


    Hoplomachus
    ඉහත වර්ග දෙකටම සමාන ලක්ශන දරයි.කෙටි සටන් සදහා කුඩා කඩුවක් දරයි.
    Retiarius
    අනිත් සටන් ක්‍රමයන්ට වඩා වෙනස්ය.පලමුව දැලක් විසිකර සතුරා අසුකර ඇනීමට උත්සහා කරයි.එය අසාර්ථකවුවහොත් ත්‍රිශුලය භාවිතාකරයි.කෙටි සටන් සදහා කුඩා කඩුවක් දරයි.කිසිම ආවරණයක් නොපලදින අතර උරහිස පමනක් ආවරණය කරගෙන ඇත.
    04.gladiators.jpg

    Secutor (the “Pursuer”)
    මෙහුට ලුහුබදින්නා ( )ලෙසද ව්‍යවහාර කරයි.මොහු මර්මිලෝ නම් සටන් ක්‍රමයට සමානව සටන් කරයි.වෙනස වන්නේ පලඳින හෙල්මටය බිත්තරයක හැඩ ගන්නා අතර එහි පිහා‍ටු කිසිවක් නැත,

    Scissor (the “Slasher”)
    සින්හලයෙන් පිහියකින් හෝ කඩුවකින් කපන්නා ලෙසට අර්ථදැක්විය හැක.මොහු අතට සවිවු කෙටි තලයක් සහිත ආයුධයක් හා පිහියක් දරයි.මේ තලය සහිත අත දැල් වලින් බේරීමට උපකාරීය.කිසිම පලිහක් හෝ ආවරණයක් නැති නිසා කොරපොතු වනි දණහිස දක්වා දිගු ඇදුමක් අඳියි.
    o-spartacus-gods-of-the-arena-episode-3-review-paterfamilias.jpg

    Provocator (the “Challenger”)
    අභියෝගකරන්නා වශයෙන් සිංහල තේරුම දියහැක.බෙල්ල ආවරණය වූ හෙල්මටයක් පළඳියි.පපුවද ආවරණය කරගෙන කෙටි කඩුවක් හා පලිහක් දරයි.කඩුව ඩරන අත හා වම් කකුලට ආවරන පැලද ගෙන සිටී.

    පුදුම කට්ටක් කෑවේ මේක ලියන්න.මමම තමා ට්‍රන්ස්ලේට් කරේ.අඩුම ගානේ මොනවහරි කොටලා යන්න වෙච්චි මහන්සියටවත්.කමෙන්ට් එකක් වත් වැ‍ටුනම පුදුම සන්තෝසයක් දැනෙන්නේ....:D:D
    හොදයිනම් සලකන්න.:yes:

     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    නියමයි මචන්...ගොඩක් ආසාවෙන් කියෙවුවා...:D:D:D
    බොහොම ස්තුති මචන් මේ වගේ විස්තරයක මහන්සි වෙලා අපිත් එක්ක බෙදාගත්තට...
    :yes::yes::yes:
    +++
    rep
     
    • Like
    Reactions: crazy_lakshitha

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    නියමයි මචන්...ගොඩක් ආසාවෙන් කියෙවුවා...:D:D:D
    බොහොම ස්තුති මචන් මේ වගේ විස්තරයක මහන්සි වෙලා අපිත් එක්ක බෙදාගත්තට...
    :yes::yes::yes:
    +++
    rep

    ela machan

    niyami machan.. :)

    elakiri rep +

    Good post, keep posting, +7....:D

    GR8 machan

    ealaaaaaa

    නියමයි යාළුවා...
    rep added

    niyama post ekak machan hodata wisthara athuwa liyala tiyanawa.digatama liyamu oyawage ewa. danuma beda gatthata tnx

    ela machan :)

    rep+3

    honday machan

    Ela post ekak

    හොදයි හොදයි රේප්+ :P:yes:


    ගොඩාක් ස්තූතියි ඔය හැමෝටම:D.පුලු පුලුවන් හැටියට මමත් මට සැලකුවට +වලින් සැලකුවා:P. මොනවා නැතත් උබලාදාලා යන කමෙන්ට් 1 ගොඩක් වටිනවා.:yes:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    niyamai machan pana yanda athi type karanna

    තෑන්ක්ස් මචං.:D
    මේක ලියන්න ඊයේ ඉදලා විස්තර හෙවුවා..සිංහලට හරවන්න ගියාම ඒ බාසාවෙන් කියන නම් වලට සිංහල තේරුම් නෑ...:no:
    මල කෙලියයි.ඉතින් සමහර කෑලී අතෑරලා දැම්මා :rofl:
     
    • Like
    Reactions: Handuna