විදුලිය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උල්පත් පිරීලයි ගගුලක් ගලන්නේ...
    ගගුලක් වැටීලයි ඇල්ලක් තැනෙන්නේ...
    ඇල්ලෙං කැරකිලයි රෝදය දුවන්නේ...
    රෝදය දුවාලයි විදුලිය ලැබෙන්නේ.....

    කලක ඉදං නෑ වැඩිපුර වහින්නේ...

    නියගය ගැනයි දසතින් හඩ නැගෙන්නේ...
    පැය දෙක තුනක් විදුලිය නැති කරන්නේ...
    නොරච්චෝලයට අපි පින් දෙවන්නේ...

    වැහි දෙවියනේ අපහට උන වියෝයා.....

    නියගය නිසා ජල උල්පත් සිදේයා.....
    ලොකු ලොකු කැලෑවල් ටික ටික කැපේයා...
    කතිරේ බලෙන් මරු ‍වැඩ මෙහි කෙරේයා....



    දවසක් සතියක් වෙහෙසිලයි ශනිදා ලබන්නේ...

    වැඩගොඩ සිහි වෙලයි සයනෙන් දුවන්නේ...
    වොශින් මැශිම පණගන්වා දමන්නේ...
    රෙදි කදු ශිකර එය සෝදා දමන්නේ...

    හා... බීට් එක මාරු කරමු ....
    :rofl:

    රෙදි ටික හෝදං හෝදං යන්නේ.....

    වැඩ ටික මාගේ හොදට කෙරෙන්නේ....
    එක..පාරම ඇයි එය නවතින්නේ.....
    ලයිට් කපාලයි කියා ඇහෙන්නේ... :baffled:

    රයිස් කුකර් එක බාගෙට ගහලා.....

    අම්ම අඩයි ගෑස් ඉවරයි කියලා....
    දරලිප නිසලව ඇත දර හිදිලා...
    මයික්‍රොවේව් ථල නෑ දැං දමලා.. :rolleyes::baffled:

    අදත් දවාලට කාලා ඉවරද...

    කඩේ යමං දැං මොනවා කරන්නද...
    පයිං ගිහිං ඇත පොඩි හෝටලෙකට..
    මුදලාලිට අද ඇදෙයි සුවිප් එක...

    ආතල් එකෙ කම්පියුටර් ලෝකේ...

    ෆේස් බුකින් චැට් දුර යයි මේකේ....
    මේ හැමටම ලොග් වී සුරලෝකේ....
    වගේ ඉන්නෙ මං දාගෙන E.K

    එකපාරට යූපීඑස් අඩලා...

    කියයි මචං දැං පව කට් කරලා...
    අයියෝ ඩාලිං ලයිටුත් කපලා...
    යන්නට වෙයි මට දැං ඔබ දමලා....

    ඉන්දියාවටත් විදුලිය දීලා....

    තමිල්නාඩුවේ තොරනක් ගහලා...
    කර්ණාටක සංගීතය ගහලා..
    ලංකාවට අද විදුලිය කපලා ...:baffled:

    මොකක්ද අයියෝ මේ මල සමයම...

    කෙල්ල කියා තව ගස්සං යයි මට....
    ලවත් ඉවර වෙයිදෝ මළ කෙලියට...
    විදුලි ඇමති උඹ අහුවෙයංකො මට... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ubadha heduwe ban...?
    pattayi........:D
    rep denna belu............
    :yes:
    ඇයි උඹ මේ වගේ එකක් තව කොහෙ හරි දැක්කද ?
    8.gif

    දැක්කනං දැන්ම කියපං .. :yes:

    එළ එළ .. අවුලක් නෑ.. ;)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඉන්දියාවටත් විදුලිය දීලා....
    තමිල්නාඩුවේ තොරනක් ගහලා...
    කර්ණාටක සංගීතය ගහලා..
    ලංකාවට අද විදුලිය කපලා ...:rofl::rofl::D:D:D:D

    aDooo fattai :D:D:D