දුෂණය කොට මරා දැමු සෙබලා

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
දුෂණය කොට මරා දැමු සෙබලා

ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතිනවා.

මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ මදුසංක නමැති සෙබළෙකි. මේ සෙබලා වව්නියාවේ සිටියදී ඔහුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික බලහත්කාරකම් කරන බවට කිහිප විටක්ම තමන්ගේ මවට පවසා තිබුණි.

මේ අතවර නිසා යුද හමුදාවෙන් ඉවත් වීමට තීරණය කොට සිටි මෙම සෙබලා මිය ගිය බවට හදිසියේම ඔහුගේ මවට කඳවුරෙන් පණිවිඩයක් ලැබේ. මේ ගැන සොයා බැලීමේදී කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම සෙබලා බංකරයේ සිටියදී සියදිවි නසා ගත් බවයි.

නමුත් අධිකරණ පරීක්ෂණයේදී සෙබල මදුසංකගේ ඉළ ඇට කීපයක්ද කැඩී තිබෙන බව හෙළි වී තිබු නිසා නැවත මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි.

දැනට පුරා වසර දෙකක් මේ සෙබලාගේ මව වන ආරියවතී මහත්මිය යුක්තිය සොයමින් වගකිවයුත්තන් වෙත අයාචනා කලද තවමත් ඇයට යුක්තිය ඉටු වී නැත. සෙබල මදුසංකගේ මරණය පිලිබඳ යුද හමුදාව, මුලතිව් පොලිසිය නිසි අයුරින් පරීක්ෂණ නොපැවැත්වූ බව එම සෙබලාගේ මව චෝදනා කරයි.

උසස් නිලධාරීන් විසින් යුද හමුදාවේ සෙබළුන් දුෂණය කිරීම බොහෝ කාලයක් පුරා පවතින බවත් මේ නිසා විශාල සෙබළුන් පිරිසක් යුද හමුදාව හැරගොස් තිබෙන බවත් සමහරු දිවි නසාගෙන හෝ අපරාධ හෙළි නොවීම සඳහා ඝාතනය කොට ඇති බවත් යුද හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු පවසයි.

තමන් යුද හමුදාවේ සිටියදී මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා වලට විරුද්ධව පියවර ගත් නමුත් බොහෝ විට හමුදාවේ කිර්ති නාමයට කැළලක් ලෙස සලකා මෙවැනි අපචාර යට ගැසීමට උසස් නිලධාරීන් බොහෝ විට කටයුතු කරන බව මෙම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගියදා අවනීතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ ආරම්භක උත්සවය කොළඹ නව නගර ශාලාවේදි පැවති අතර එදින උත්සවයට නාත්තන්ඩිය ප්‍රදේශයේ තමන්ගේ පුතාට ලිංගික අතවරයක් කොට මරා දැමීම පිලිබඳ කියන කතාව පහතින් බලන්න.

gossip9
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    issara nan wade deela wedi thiyala kiyanwa koti maruwa kiyala.. aiyo salli dan kiyanawa siya divi nasa gaththa kiyala....

    sudu kollonwa okunta penna baa!
     

    Similar threads