Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
ElaKiri Traveler
>
Travel Sri Lanka
visit polonnaruwa 1
Page 1 of 19
1
2
3
11
>
Last
»
Thread Tools
(#
1
)
RePost බුවා
Senior Member
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
visit polonnaruwa 1 -
08-28-2012, 11:43 PM
හැමදම අනුන්ගේ දේවල් දාන එකේ අද හිතුනා මගේම මහන්සියෙන්, මගේම එකක් දන්න ඕන කියලා.....
මේ දවස් වල ගෙදරටම වෙලා ඉදලා එපා වෙලාම පට්ට අව්ව බලන් නැතුව දවල් 12ට විතර ගියා පොලොන්නරුවේ පොඩ්ඩක් ඇවිදින්න කියලා......
හැමදාම වගේ ඉතින් මුලින්ම ගියේ
වැව
බලන්න......
ඔව් ඔව් පරාක්‍රම සමුද්‍රය තමයි.....
1 වන පරාක්‍රමබාහු රජතුමානේ (ක්‍රි.ව 1153-1186)
මේක කෙරෙව්වේ.......
මේ වැව හදලා තියෙන්නෙ වැව් 5ක් හා කුඩා වැව් ගොඩක් එකතු කරලා......
තෝපා වැව, දුබුටුලු වැව, එරබදු වැව, කලහගල වැව, බූ වැව
එකතු කරලා තමයි හදලා තියෙන්නේ....
කාරගග හෙවත් අබන්ගග
හරස් කරලා,
ආකාශ ගන්ගාව හෙවත් අන්ගන්මැඩිල්ල
ඔස්සේ වතුර සපයනවා වැවට....
වර්තමාන
වැව් බැම්ම සැතපුම් 8.5ක්
වන අතරවැව්
කන්ඩියෙහි උස අඩි 40ක් ලු.....
අක්කර අඩි 80,000ක ජල ධාරිතාවයක් ඇති අතරජලාශයේ වර්ගඵලය අක්කර 5350ක්ලු... මෙමගින් අක්කර 18200ක් පමන වගා කරනවලු......
මේ තියෙන්නේ සාමන්්යයෙන් අපිට දක්නට ලැබෙන වැව......
පට්ට ලස්සනයි නේද????
එත් මචන්ලා මේ තියෙන්නේ දැන් මේ වැව පින්තූර ටිකක්.....
දුක හිතෙනවා නේද????
මේ දවස් වල තියෙන පෑවිල්ල නිසා වැව් ඔක්කොම හිදිලා....
අපේ කොල්ලෙක් නම් කීවේ මේ වතුර ටිකත් අයින් කරලා මුලු වැවම අලුතින් හාරනවා කියලා.....
දැනටත් බැකෝ දාලා වැව හාරන්න පටන් අරන් තියෙනවා.....
එත් තාම පෝඩ්ඩයි හාරලා තියෙන්නේ,,,..
බැකෝ වලින් හාරලත් මෙහෙම නම් ඉස්සර රජ කාලේ මේව හදන්න මොන ගේමක් දෙන්න ඇතිද?????
ඇඩෙනවා නේද????
බලාපල්ලකෝ මැරිලා ඉන්න බෙල්ලෝ ගාන,.....
ඇවිදිනකොට කට කට ගාලා පොඩි වෙනවා.....
පව් අප්පා....
කෝටි ගානක් බෙල්ලෝ මැරෙන්න ඇති...
බෙල්ලෝ වගේම මේකේ හිටපු මාලු, අනිත් සත්තු කීයක් මැරෙන්න ඇතිද?????
ඊට පස්සේ අපි ගියා ගල් විහාරේ බලන්න.....
යනකොට වෙලාව දවල් 1.30ට විතර ඇති....
ගෙදර හිටියනම් මේ වෙලාවට ගේ ඇතුලේ fan එක දාගෙනවත් ඉන්න බෑ...
ඒත් පුදුමේ කියන්නේ අපිට කිසිම අව්වක් දැනුනේ නෑනේ....
අම්මලා නම් කීවේ හාස්කම් කියලා...
අනේ මන්දා......
ගල්විහාරය හදලා තියෙන්නේත් 1 වන පරාක්‍රමබාහු රජතුමාම තමයි....
මේක පොත්වල තියෙන්නේ
"උත්තරාරාමය"
කියලාලු....
විශාල ගලක් කඩලා, ප්‍රතිමා 4ක් හදලා තියෙනවා....
මුලින්ම තියෙන්නේ ධ්‍යාන මුද්‍රාවෙන් නෙලනලද පිලිම වහන්සේ....
මෙය උසින් අඩි 15යි අගල් 2.5ක් උසයිලු.....
අනතුරුව ගුහාව තුල නෙලා ඇති පිලිම වහන්සේ අඩි 4යි අගල් 7ක් උසයි.....
බ්‍රහ්ම විශ්නු රූප දෙපස කොටා තියෙනවා....
පොලොන්නරු කතිකාවත කියන සෙල් ලිපියත් තියෙන්නේ මේ පිලිම වහන්සේ ලග.....
ඊලගට තියෙනහිටි බුද්ද ප්‍රතිමාව අඩි 22යි අගල් 9ක් උසයි.....
සැතපෙන බුද්ධ ප්‍රතිමාව අඩි 41යි අගල් 4කි...
කොහොමද වැඩ????
ඔක්කොම තනි ගලෙන්.....
තව කතාවක් තියෙනවා බන් මේ ගල උඩ පොකුනක් හදලා තියෙනවලු....
ඒ පොකුනේ වතුර ගල ඇතුලින් හැම තැනටම යන්න හදලලු තියෙන්නේ...
ඒ නිසාලු අව්රුදු ගානක් තිස්සේ තද අව්වට මේ ගල පුපුරලා නැත්තේ......
ගල් විහාරෙට ඉස්සරහින් තියෙනවා ලොකු ගලක්....
අපි මේ ගලටත් නැග්ගා...
පුදුමේ කියන්නේ මහ දවාලෙත් මේ ගල රත් වෙලා නෑනේ....
මේ ගල උඩ තියෙනවා මේ වගේ තව පොඩි ගල් දෙකක්....
මේ ගල් වලට කෝටු තිබ්බහම
අපල
දුරු වෙනවලු....
තියෙන කෝටු ගාන දැක්කහම මෙච්චර අපල කාරයෝ ඉන්නවද හිතෙනවා....
ඔන්න ඔහේ මාත් එකක් තියලා අවා.....
මෙන්න තියෙනවා පට්ටන සීන් එකක්....
සත්්යතාවය කොහොමද දන් නෑ....
මේ ගල උඩ ඉදන් දඩයම්කාර සුද්දෙක් සැතපෙන පිලිම වහන්සේගේ පපුවට වෙඩි තිබ්බලු....
කොහොම හරි වැදුනේ පපුවට නෙමෙයි අතටලු....
අදටත් මේ පිලිම වහන්සේගේ අතේ කොටසක් කැඩිලා තියෙනවා....
කොහොම හරි මේ වෙඩි තියපු සුද්දට වැඩි දුර යන්න උනේ නෑලු,
අලියෙක් ඇවිත් සුද්දව මැරුවලු.......
මේ ගල උඩ තියෙන්නේ සුද්දා වෙඩි තියද්දි කකුල් තියපු තැනලු...
මෙහෙම කකුල් තියාන කොහොම wedi තිබ්බද දන් නෑ....
මෙතන තියෙන අනිත් රූප වලින් කියනේ මේ සුද්දා ලබන ආත්ම වල
බල්ලෙක්, කපුටෙක්
වෙලා ඉපදෙන්න කියලා සාපයක්ලූ.........
අනිත් පුදුමය තමයි මේ ගල උඩ තියෙන බෝ ගහ....
අනිත් ගස් ඔක්කොම මැරිල තිය්න කොට මේ ගහ හොදට දලු දාලා....
ගල් විහාරයෙන් එන කොට යාලුවෝ ටිකකුත් හම්බ උනා....
ඊලගට අපි ගියේ කිරි වෙහෙර බලන්න....
මේ තියෙන්නේ ඇතුලු වෙන තැනම තියෙන සදකඩ පහන.....
මේක පරාක්‍රමබාහු රජතුමාගේ
සුබද්‍රා කියන බිසව
සිහිවෙන්න හදපු එකක්ලූ....
පැරනි හුනු බදාම තාම දකින්න තියෙනවා.....
සතර දිසානුගතව කුඩා වාහල්කඩ 4ක් හා කුඩා පිලිම ගේවල් දකින්න පුලුවන්....
මේ දාගැබ
උසින් අඩි 80ක් හා විශ්කම්බය අඩි 88ක්
විතර වෙනවලු.....
දැන් නම් මේක ටිකක් අලුත්වැඩියා කරනවා....
මේ වගේ ඉස්සර පාවිච්චි කරපු size n shape ගඩොල් වලින්මලු කරන්නේ....
ඔතනදිම තව අමුතු දෙයක් දැක්කා....
මේ තියෙන්නේ ඉස්සර කාලේ වැහි පීල්ලක්ලු....
වතුර කට දිගේ ඇවිත් වැටෙනවලු......
කොහොමද ඒ කාලේ gardening......
ඊලගට ගියා ලන්කාතිලකයට....
මේකත් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මානයක්....
ලක්බිමෙහි තිලකයක්
බදු හෙයින් ලන්කා තිලකය කියනවලූ.....
පොලොන්නරුවේ
ගඩොලින් කරපු ලොකුම ගොඩ නැගිල්ල
මේකලූ.....
මුලු විහාරයේම චිත්‍ර ඇදලා තිබුනලු.....
දැන් නම් මෙහෙමයි....
මේකේ බුද්ධ ප්රතිමාවත් ගඩොල් වලින්මලු කරල තියෙන්නේ...
උස අඩි 42ක්ලූ.....
වහලෙත් ගඩොල් වලින්මලු....
බිත්ති අඩි 55ක් විතර උසයිලු.....
මේකේ තව වැදගත් කරුනු දෙකක් තියෙනවා......
පලවෙනි එක තමයි මේ කොරගලේ විතරයි මුලු පොලොන්නරු ඉතිහාසෙටම
කාන්තා රූපයක්
තියෙන්නේ..
වෙන කිසිම එකක නෑලූ....
අනිත් එක පිලිම වහන්සේට ඉස්සරහින් උඩට නගින්න තියෙන මෙන්න මේ පඩිපෙල....
මේක මෙච්චර පොඩියට හදලා තියෙන්නේ පැත්තට යන්නලු.... පිලිමෙට පිටුපාලා ගියොත් අනිවා වැටෙනවලු.....
එතනින් එන කොට තමයි මෙන්න මෙයාව හම්බ උනේ...
ඔව් ඔව් වැලක් තමයි...
මේ රසකිද වැලක්ලු......
කැස්සට එහෙම ගන්නවලු......
මමත් අදමයි දැක්කේ...
උබලටත් පෙන්වන හිතුනා.......
මේ කනුව ගොඩාක් කල් මෙතන තිබිලා දැන් මේකේ ගහක මුලක් එතිලා.....
ලස්සනයි නේද????
දැන්නම් හොදටම මහන්සී ටයිප් කරලා....
:baffled :
:ne rd:
:conf used:
:roll eyes:
ඒ නිසා ගමනේ ඉතුරු ටික වෙන නූලකින් දාන්නම්...
තව එකක්.....
මම මේ පුරාන කතා, විශ්වාස හොයගත්තේ අම්මලාගෙන්, සීයලාගෙන් අහගෙන...
තව සුද්දොන්ට කියලා දෙන guaidලා කියන ඒවටත් හොට දාගෙන තමයි අහගත්තේ....
උස එහෙම හොයා ගත්තේ D.M. ජයවර්දන මහතා ලියපු """"""පොලොන්නරුව"""" කියන පොතෙන්.....
ඒ නිසා නිවැරදිතාවය කොහොමද දන් නෑ....
හොදයිනම් සලකලා ගියාට කමක් නෑ...
රෙප් දෙන්නේ නැතත් අනිත් අයට බලන්න BUMP කක්වත් දාගෙන යන්න.....
මේකට post 100ක් වැදුනොත් ඉතුරු කෑල්ලත් ඉක්මනටම දානවා......
Last edited by RePost බුවා; 08-29-2012 at
07:53 AM
. Reason: to add another informations
RePost බුවා
View Public Profile
Send a private message to RePost බුවා
Visit RePost බුවා's homepage!
Find all posts by RePost බුවා
(#
2
)
Johnnie_Walker
Senior Member
Posts: 3,412
Join Date: Mar 2012
Location: Keep Walking
08-28-2012, 11:48 PM
patta machan.
Johnnie_Walker
View Public Profile
Send a private message to Johnnie_Walker
Find all posts by Johnnie_Walker
(#
3
)
WwW.lk
Senior Member
Posts: 13,142
Join Date: Nov 2009
Location: kurunegala
08-28-2012, 11:53 PM
good work machan thanx
WwW.lk
View Public Profile
Send a private message to WwW.lk
Find all posts by WwW.lk
(#
4
)
RePost බුවා
Senior Member
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
08-29-2012, 12:04 AM
Quote:
Originally Posted by
Johnnie_Walker
patta machan.
Quote:
Originally Posted by
WwW.lk
good work machan thanx
thankz machanlaa.......
RePost බුවා
View Public Profile
Send a private message to RePost බුවා
Visit RePost බුවා's homepage!
Find all posts by RePost බුවා
(#
5
)
prageeth119lk
Senior Member
Posts: 16,527
Join Date: Feb 2010
Location: Galle
08-29-2012, 12:21 AM
මම පොලොන්නරු ආවොත් අනිවර්යෙන්ම යන තැනක්
කෝ යකො නිශ්ශංක ලතා මණ්ඩපය
5+ජයවේවා
prageeth119lk
View Public Profile
Send a private message to prageeth119lk
Find all posts by prageeth119lk
(#
6
)
shanehbrsj
Senior Member
Posts: 4,132
Join Date: Jun 2012
Location: In House Music
08-29-2012, 12:22 AM
rep+
patta machan
shanehbrsj
View Public Profile
Send a private message to shanehbrsj
Find all posts by shanehbrsj
(#
7
)
RePost බුවා
Senior Member
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
08-29-2012, 12:36 AM
Quote:
Originally Posted by
prageeth119lk
මම පොලොන්නරු ආවොත් අනිවර්යෙන්ම යන තැනක්
කෝ යකො නිශ්ශංක ලතා මණ්ඩපය
5+ජයවේවා
eewa ilaga eke machan... nethnam diga wedi,,,, thankz.....
RePost බුවා
View Public Profile
Send a private message to RePost බුවා
Visit RePost බුවා's homepage!
Find all posts by RePost බුවා
(#
8
)
RePost බුවා
Senior Member
Posts: 10,595
Join Date: May 2012
Location: මගේම පුංචි ලෝකෙක
08-29-2012, 12:37 AM
Quote:
Originally Posted by
shanehbrsj
rep+
patta machan
thankz machan.....
RePost බුවා
View Public Profile
Send a private message to RePost බුවා
Visit RePost බුවා's homepage!
Find all posts by RePost බුවා
(#
9
)
crazyboy119
Senior Member
Posts: 1,023
Join Date: Feb 2012
Location: kandy
08-29-2012, 12:42 AM
maxxxa....
crazyboy119
View Public Profile
Send a private message to crazyboy119
Find all posts by crazyboy119
(#
10
)
0716aravinda
Senior Member
Posts: 21,445
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
08-29-2012, 12:47 AM
යකඩෝ මේ තියෙන්නෙ ලොවෙත් පට්ට ත්‍රේඩ් එකක්...
බොලේ මරුනේ
අඩො සුපිරි ඔයි සිරාවට
මම 7ක් දුන්නා ඔන්න
0716aravinda
View Public Profile
Send a private message to 0716aravinda
Find all posts by 0716aravinda
Page 1 of 19
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
පොලොන්නරුව
,
ancient
,
best places
,
polonnaru
,
polonnaruwa
,
trip
,
visit
,
visit polonnaruwa
,
walk121
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04537
seconds with
8
queries