සිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා````

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා````

    ඩසිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා

    norway.jpg
    යුරෝපයේ බහු සංස්‌කෘතිය අසාර්ථක වී ඇති බව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මීට වසර කිහිපයකට පෙර ප්‍රකාශ කළාය. යුරෝපයේ බහු සංස්‌කෘතිය විශේෂයෙන් මුස්‌ලිම් ජනගහනය වේගයෙන් වැඩිවීම යුරෝපීයන්ට විශේෂයෙන් සුදු මිනිසුන්ට ප්‍රශ්නයක්‌ වී ඇත. යුරෝපයේ බහු සංස්‌කෘතිය අසාර්ථක වීම කෙසේ වෙතත් එයට එරෙහිව ලෙයින් යකඩින් ක්‍රියාත්මක වූවෙක්‌ ලෙස නොර්වේ ජාතික 33 හැවිරිදි ඇන්ඩර්ස්‌ බෙහාරින් බ්‍රෙවික්‌ හැඳින්විය හැක. බ්‍රෙවික්‌ නොර්වේ රාජ්‍යයෙන් බිහි වූ ප්‍රමුඛතම ත්‍රස්‌තවාදියාය. ඉස්‌ලාම්කරණයට එරෙහිව සටන්වැදි ඔහු 2011 ජුලි 22 වැනිදා තනිවම ක්‍රියාත්මක විය. ඔස්‌ලෝ නගරයේදී කාර් බෝම්බයක්‌ පුපුරවා 8 දෙනෙක්‌ මරා දමා පසුව නෝර්වේ කම්කරු පක්‍ෂයේ තරුණ ලීගය උතෝයා දිවයිනේ පැවැත්වූ සමුළුවට පහරදී තවත් පුද්ගලයන් 69 දෙනෙක්‌ මරා දැමීය. නොර්වේහි මුස්‌ලිම් ජනගහනය වැඩිවීමට විරුද්ධව බ්‍රෙවික්‌ කම්කරු පක්‍ෂයේ සුදු තරුණ තරුණියන් මරා දැමුවේ එම පක්‍ෂ ආණ්‌ඩුව ආසියානු රටවල මුස්‌ලිම් ජාතිකයන්ට සරණාගත තත්ත්වය යටතේ පුරවැසිකම් ලබාදීමට කටයුතු කිරීමට එරෙහිවය.

    බ්‍රෙවික්‌ගේ මේ ත්‍රස්‌තවාදී ප්‍රහාරය නොර්වේ රාජ්‍යයට මෙන්ම එරට පුරවැසියන්ට දරාගත නොහැකි විය. ඇත්තෙන්ම එරට ආරක්‍ෂක අංශ මෙවැනි ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ කිසිදිනෙක බලාපොරොත්තු වූයේ නැත. නෝර්වේ රාජ්‍යයේ අධිකරණය මගින් එරට වැරැදිකරුවකුට ලබාදෙන උපරිම දඬුවම 21 වසරක සිරදඬුවමකි. එරට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ නැත. එම නිසාම 2012 අප්‍රේල් 16 සිට බ්‍රෙවික්‌ට එරෙහිව නොර්වේ අධිකරණයේ විභාග වූ නඩු විභාගයේ තීන්දුව වූයේද මේ පුද්ගලයාට වසර 21 කට උපරිම වූ 10 වසරකට අඩු නොවූ සිරදඬුවමක්‌ නියම වීමය. වෙනම සිරකඳවුරක බ්‍රෙවික්‌ තබනු ලබන අතර ඔහු ගැන සොයා බැලීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු වෙනම කණ්‌ඩායමක්‌ ද පත් කෙරෙනු ඇත. වසර 21 ක දඬුවමින් පසුවද ඔහු සමාජයට අන්තරාකාරී පුද්ගලයකු ලෙස තීරණය වුවහොත් එය දීර්ඝ කිරීමට අධිකරණයට බල ඇති බව නඩු තීන්දුවේ සඳහන් වේ.

    නඩු තීන්දුව අවසානයේ බ්‍රෙවික්‌ තමාට සමාව අයෑදීමට අවශ්‍ය යෑයි කීවේය. එහෙත් ඔහු සමාව අයෑදියේ තමාගේ ත්‍රස්‌ත ප්‍රහාර නිසා මිය ගිය අයගෙන් නොවේ. ඔහු සමාව ඉල්ලුවේ ජාතිකවාදීන්ගෙනි. තමාට තවත් ප්‍රහාර එල්ල කිරීමට නොහැකිවීම ගැන ඔහු ජාතිකවාදී බලවේගවලින් සමාව අයෑදියේය. ඔස්‌ලෝ අධිකරණය මෙන්ම එම නඩු තීන්දුවද තමා පිළිනොගන්නා නමුත් මෙයට එරෙහිව ඇපෑලක්‌ ද ඉදිරිපත් නොකරන බව හෙතෙම කීවේය. මෙම නඩු තීන්දුව ලබා දුන් දිනයේ බ්‍රෙවික්‌ කළුපාට කෝට්‌ එකක්‌ ඇඳ අළු පැහැති ටයි පටියක්‌ පැළඳ සිටියේය. නඩු තීන්දුව කියවද්දී හෙතෙම සිනාසුණේය. නොර්වේ මෙන්ම යුරෝපයම භීතියට පත් කළ මේ ඝාතනයෙන් මාස 13 කට පසු එහි චූදිතයාට සිර දඬුවම් හිමිව තිබේ.

    බ්‍රෙවික්‌ සිරභාරයට ගැනීමෙන් පසු ඔහු මානසික රෝගයකින් පෙළෙන්නේ දැයි වෛද්‍යවරුන් යොදා පරීක්‍ෂණ සිදු කරන ලදි. මුලින්ම මානසික වෛද්‍යවරුන් තීරණය කළේ ඔහු භින්නෝන්aමාදයෙන් පෙළෙන බවයි. පසුව ඔහු උන්මත්තකයකු බව තීරණ කරන ලදි. එහෙත් නඩු තීන්දුවේදී ඔහු මානසික රෝගියකු නොවන බව ප්‍රකාශ විය. යුරෝපයේ මාරාන්තිකම වෙඩි තැබීම සිදු කළ බ්‍රෙවික්‌ ක්‍රිස්‌තියානි ආගමිකයෙකි. ඔහු අයත් වන්නේ නොර්වේ ක්‍රිස්‌තියානි නිකායටය. නොර්වේ සුදු ක්‍රිස්‌තියානි ආධිපත්‍ය රැක ගැනීම වෙනුවෙන් මුස්‌ලිම්කරණට එරෙහිව තනිව ක්‍රියාත්මක වූ බ්‍රෙවික්‌ මේ ප්‍රහාරය සඳහා සැලසුම් සකස්‌ කළේ 2002 සිටය.

    2009 දී ප්‍රාග් නුවරට ගොස්‌ බලපත්‍ර රහිත ආයුධයක්‌ මිලදී ගැනීමට කටයුතු කළේය. පසුව බලපත්‍රයකින්ම අර්ධ ස්‌වයංක්‍රීය පිස්‌තෝලයක්‌ ලබා ගැනීමට කටයුතු කළේය. බ්‍රෙවික්‌ ගොවිපළක්‌ පවත්වා ගෙන ගිය අතර එහි එළවළු, කොමඩු වගා කළ අතර ඔහුගේ අසල්වැසියෝ ප්‍රකාශ කළේa මේ තැනැත්තා වටිනා කමිස අඳින නගරයේ වෙළෙන්දෙක්‌ ලෙස තමන්a සිතා සිටි බවයි.

    නොර්වේ රාජ්‍යය හා බටහිර යුරෝපය මුස්‌ලිම් ආක්‍රමණයට ලක්‌ වීමට එරෙහිව 2011 ජුලි 22 වැනිදා ඔහු එල්ල කළ ප්‍රහාරයේදී 14 හැවිරිදි දැරියක්‌ද මරණයට පත්විය. ඔස්‌ලෝ පොලිසියේ විශේෂ බලකාය උකොයා දිවයිනට පැමිණිවිට ඔහු සටනකින් තොරව ආරක්‍ෂක අංශයට භාර වූයේය.

    බ්‍රෙවික්‌ උකොයා දූපතට පැමිණියේ පොලිස්‌ නිලධාරියකු ලෙස වෙස්‌වලාගෙනය. මේ දූපතටම එම අවස්‌ථාවේ 536 දෙනෙක්‌ රැස්‌ව සිටියහ. කම්කරු පක්‍ෂයේ තරුණ තරුණියන්ට වෙඩි තැබීමට හෙතෙම සිය පිස්‌තෝලයෙන් වෙඩි 121 ක්‌ තැබූ අතර තම අර්ධ ස්‌වයංක්‍රීය රයිෆලයෙන් වෙඩි 136 ක්‌ තැබීය. උකෙයා දිවයිනේදී ඝාතනය වූ 26 හැවිරිදි තරුණියකට බ්‍රෙවික්‌ හයවතාවක්‌ වෙඩි තබා තිබිණි. මේ සිද්ධියට මුහුණපා දිවි ගලවාගත් තරුණ තරුණියෝ රැසක්‌ අදත් මේ භීතියෙන් පෙළෙන මානසික රෝගීන් වී ඇත. ඔවුන්ගෙන් සමහරුන් සිය අධ්‍යාපන කටයුතු අතහැර දමා ඇති බව නඩු විභාගයේදී හෙළි විය. එහෙත් මේ සියල්ල සිදු කළ බ්‍රෙවික්‌ තවමක්‌ සිනාසෙයි.

    චතුර පමුණුව
     
    • Like
    Reactions: udithag and nnccbb

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්ණය සංස්කෘතික ගට්ටනයයි. මුස්ලිම් වරුන් බටහිරට ගිහින් බටහිර සංස්කෘතියට අනුගත වෙන්නේ නැතුව තමන්ගේ සංස්කෘතිය පවත්වාගෙන යන්න බලනවා (අරාබි ස්ලාම් සංස්කෘතිය). මම මේ කියන්නේ කොටසක් ගැන හැම මුස්ලිම් කෙනාම එහෙම නෑ. ඉතින් මේක වෙනස් වෙන්න ඕන නම් මේ සංක්‍රමණය වෙන මිනිස්සු බටහිරට ,බටහිර සංස්කෘතිය වැළදගන්න ඕනේ නැත්නම් අඩුම තරමේ බටහිර සංස්කෘතියට ගැළපෙන සංස්කෘතියක් වත් පිළිපදින්න ඕනේ (ඉන්දියන්, ජපාන, චීන වගේ). දැන් හොදම උදාහරණය තමයි ස්ලාම් වලින් කියනවා කාන්තාවන් 4 දෙනෙක් බදින්න පුලුවන් කියලා මුස්ලිම් පිරිමින්ට මේක බටහිර තහනම් නමුත් සමහර මුස්ලිම් වරුන් මේක කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණ ඇති කරගන්නවා, අනෙක් එක තමයි ස්ලාම් වලින් බාල වයස්කාර ගැහැණු ළමුන් සමග විවාහ වෙන්න අවසර දෙනවා මුස්ලිම් පිරිමින්ට මේකත් බටහිර තහනම් මේ අයට බටහිර කියන්නේ Pedophile කියලා. අනෙක් එක ස්ලාම් වලින් මුස්ලිම් කාන්තාවන්ට අනෙක් පිරිමින් සමග විවාහ වෙන්න දෙන්නේ නෑ. නමුත් ගොඩක් මුස්ලිම් වරුන් අනෙක් ආගම් වල ස්ත්‍රීන් සමග විවාහ වෙනවා මේක නිසා වෙන්නේ සංස්කෘතික අසමතුළිත තාවක් ඇතිවෙන එකයි රටේ එතකොට රටේ ස්වේදිශිකයන්ට බැරිවෙනවා තමන්ගේ සංස්කෘතිය රැකගන්න එතකොට ප්‍රශ්ණ එනවා, අනෙක් එක ස්ලාම් වලින් උත්සහා කරනවා ෂාරියා නීතිය සහා ෂාරියා උසාවි ක්‍රියාත්මක කරන්න බටහිර, මේකෙන් දෙන්නෙත් ඉතා දරුණු දඩුවම් නමුත් බටහිර මේ දරුණු දඩුවම් ඉවසන්නේ නෑ මොකද බටහිර අද පවතින්නේ සාමකාමි පරිසරයක් සතුරාටත් පවා සමාව දෙන වතාවරණයක් බටහිර තියෙන්නේ ඉතින් පරිසරයක ෂාරියා ක්‍රියාත්මක වෙන එකට බටහිර මිනිස්සු කැමති නෑ. ඉතින් බටහිර තියෙන ප්‍රශ්ණය මේකයි සංස්කෘතික ගට්ටනය. මේකට හැම මුස්ලිම් වරයාම වගකියන්නේ නෑ. දැන් බලන්න ඔසමාගේ පුතා , තාත්තා ත්‍රස්තවාදියෙක් වුනත් පුතා ඉන්නවා අනෙක් අයට කරදරයක් නැතුව. ඉතින් මම හිතන්නේ මිනිස්සු යම් ආගමක් නියෝජනය කරාට වැරදි කාරයෝ වෙන්නේ නෑ. මිනිස්සු අන්ධ ලෙස තමන්ගේ බුද්ධිය මෙහෙය වන්නේ නැතුව අනෙක් අය ගැන කිසිම තැකීමක් නොකර වැඩ කරන කොට තමයි මේ ප්‍රශ්ණ එන්නේ.
    බටහිර මේ ප්‍රශ්ණ වලට හේතුව සරණාගතයන්ව ගැනීමයි මේ අතර අන්තවාදීන් පවා ඇවිල්ලා ඉන්නවා. බටහිර විසින් මීට පස්සේ වත් තමන්ගේ රටවලට මිනිස්සු ගන්න කොට දැඩි මතදාරීන්, ආධානග්‍රාහියෝ නොගන්නවා නම් ඒක ගොඩක් හොදයි..
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa


    සහතික ඇත්ත....:yes::yes::yes:මුන්ට අපි ඕවා කිව්වහම අපිට කියන්නේ ජාතිවාදියෝ කියලා...
    :angry::angry::angry:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa


    සහතික ඇත්ත....:yes::yes::yes:මුන්ට අපි ඕවා කිව්වහම අපිට කියන්නේ ජාතිවාදියෝ කියලා...
    :angry::angry::angry:

    :yes::yes:
     
    • Like
    Reactions: somadasa
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa


    සහතික ඇත්ත....:yes::yes::yes:මුන්ට අපි ඕවා කිව්වහම අපිට කියන්නේ ජාතිවාදියෝ කියලා...
    :angry::angry::angry:

    ow machan la mewa inna unta kiyanawata wada hodai kata piyagena innawa..anthime kohemawath yana wesige puthalagen ape ammalatath benum ahagenai netharawenne...ehema un ne inne...
    athdekim thiyenawa mata nam

    :angry::angry::angry: