එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
කස්ටියට මතක ඇති නේද අපි කලින් පොලොන්නරු ගියා.....
ගියපු නැති අය මෙතනින් යන්න....
http://www.elakiri.com/forum/showthread.php?p=13297984#post13297984
අද අපි යන හදන්නේ රිවස්ටන්...
යමුද එහෙනම්....
යන කලින් බඩු ටික ලෑස්ති කරගෙන ඉමු....
මෙන්න ගමනට අත්්‍යාවශ්ය බඩු ටික.....
ඇති තරම් වතුර බෝතල්...(රිවස්ටන් වල වතුර බොන්න තැනක් ඇත්තෙන නැ.....)
පැදුරක් ( වෙන මොකේටවත් නෙමෙයි බොල වාඩි වෙන්න)
සෙරෙප්පු දෙකක්.....
තියෙනවා නම් කැමරාවක්....
නාන්න අවශ්ය ඇදුම්.....
උබලගේ හොදටයි කියන්නේ කොල්ලෙක් නම් කොට කලිසමක් ඇදන් වරෙන්.....
සමහර එව්න් ඩෙනිම් ගහගෙන ඇවිත්, ගෙදර ගිහින් ඩෙනිම ගලවද්දි තමයි කකුලෙ එල්ලිලා ඉන්න කූඩැල්ලෝ දකින්නේ.....
එතකොට කොහොමද කියලා කියන්න ඕන නැනේ....
අනික සෙරෙප්පු දාගෙන යන්න කියන්නෙත් මේ නිසාමයි...
පේනවනේ කූඩැල්ලා ලේ බීලා තියෙන තරම්.....
ඔන්න දැන් යන්නයි හදන්නේ.....
අපි ගමන පටන් ගත්තේ පොලොන්නරුවෙන්....
එතනින් ගිරිතලේට ගිහින්, බකමූන හරහා තමයි ගියේ.....
අපි කන්න නැවැත්තුවේ ගගක් අයිනේ.... පට්ටම පොට් එකක්...
මෙතන පැදුරක් එලාගෙන ආතල් එකේ කෑවා....
වැඩිය කෑවේ නෑ..
කඩල,සැන්ඩ්විච්, පාන් වලට ලූනු දාල ටෝස්ට් කරල.....
ඊට පස්සේ හොදට ඉගුරු දාපු තේ එකක් බිවා...
හම්මා... මතක් වෙද්දිත් කෙල එනවා.....
හ හා ඉතින් උබලත් ඔය කෙල එහෙම පිහගෙන නැගපියව් වෑන් එකට.....
හැබැයි මචන්ලා තව එකක්....
පේනවා නේද කට්ටිය කෑම කාලා මෙතනම කුනු දාලා ගිහින් තියෙන හැටි....
එහෙම කරන්න එපා මචන්ලා....
ඔන්න දැන් ආපහු ගමනේ...
කට්ටිය හෝ ගාලා සින්දු කියනව........
ඔන්න දැන් ටික ටික් සීතල වැටෙන්න පටන් ගන්නව.....
වටපිටාවත් ටිකක් වෙනස් වෙලා......
දැන් ඈතින් ඈතින් ලස්සන කදු එහෙමත් පේනවා....
හැමදේම කොල පාට වෙන්න පටන් අරන්........
මේ තියෙනේ යන ගමන් පහු උනු ගගක්...
ගගක් කීවට පොඩි එකක්...
එවෙලෙම හිතා ගත්තා කොහොම හරි මේකෙන් නානවා කියලා....
ඊලගට අපි එන්නේ ""Y"" හන්දිය කියන මෙන්න මේ පුවරුව ගාවට.....
මෙතනින් දකුනට දාලා යන්න ඕන.....
මෙන්න යකෝ බල්ලෙකුත් අපිට හරස් වෙලා... මේකා වෑන් එක නවත්තනකම්ම අපිට යන්න දුන් නෑනේ.....
දැන් නම් සැහෙන්න සීතල වැටිලා....
බලාපල්ලකෝ මේ හරකා දිහා...
මුගේ මොල්ලියේ ලොකු.....???????
මේ පැත්තේ ඉන්න හැම හරකගෙම මෙහෙම තමයි....
ඔන්න ආව රිවස්ටන් වලට...
මෙතන ඉදලා ගමන පයින් තමයි....
හා හා ඉක්මනට බැහැපලා වෑන් එකෙන්.....
ඇතුලු වෙන තැනම කඩ ටිකක් තියෙනව.. කන්න ගන්න දෙයක් එතනින්ම ගනිල්ල....
ආයේ උඩ මොකුත්ම නෑ...
මෙතන පේර, ඇබුල් පේර, වල් රබුටන්, ජම්බෝල, වෙරලු, බඩඉරිගු, රොටී, එලවලු රොටී, වඩේ, කඩල තියෙනව..... අපිනම් හැම දේකින්ම වගේ ගත්තා....
හැබැයි රජෝ පොල් රොටී කනකොට පෙරේතකමට වැඩිපුර ලුනුමිරිස් දාගන්න එපා,,,,
පට්ටම සැරයි....
මෙතන ඉදන් ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ.....
මාරම ලස්සනයි,,,,
හැබැයි කූඩැල්ලෝ ඉන්නවා.....
පාර මැද්දෙන් යමල්ලා....
අනික වෙන පවුල් එක්ක යන්න එපා, තමන්ගේ පවුලේ උන් ටික විතරක් ඉන්න ටිකක් පරක්කු වෙලා යමල්ලා...
නැත්නම් එක ගොඩේ යන කොට ආතල් නෑ....
අනික මේ බලපල්ලකෝ ආච්චිලා දෙන්නෙකුත් හරි හරියට නගින හැටි.....
හැබැයි එක දිගටම නගින්නත් එපා....
ටිකක් ඉදලා, ලස්සන බල බලා නැගපල්ලා.... 3km වගේ යන්න තියෙනවා....
මම ඉතින් යන ගමන් පොඩි macro පාරකුත් දැම්මා.....
මෙතන ආතල්ම පොට් එක තමයි හුලන් කපොල්ල.....
පුදුම වේගෙන් හුලන් යන්නේ....
මතක් කරලා කැප්, තොප්පි, බූල් බෑන්ඩ් අතට ගනිල්ලා... නැත්නම් ගහගෙන යනවා.....
ගොඩාක් අය මෙතනින් ආපහු හැරිලා එනවා....
එහෙම එන්න එපා... තව ටිකක් උඩට යමු....
උඩට ගිහාම ටෙලෙකොම් එකේ ටවර් එක තියෙනවා....
එත් තාම ගමන ඉවර නෑ....
තව පොඩි කන්දක් නගින්න ඕන....
මෙච්චර වෙලා අවේ තාර පාරේ,,,,
දැන් නම් අංශක 45ට වගේ ආනත කන්දක් නගින්න ඕන...
පරිස්සමෙන් වරෙල්ලා... ලිස්සයි....
හම්මා වටේට ලස්සන....
දැන් ඉහ්තින් බලලා ඉවර නම් යමල්ලා......
බහින එක නම් සිම්පල්....
ඔන්න දැන් කොහොම කොහොම හරි බැස්ස කියමුකෝ...
දැන් යමු නාන්න....
මතකනේ අර කලින් පහු උනු පොට් එක....
මෙතන පාර අයිනේ සෙනග ගොඩයි,,,
එත් ටිකක් උඩහට යන කොට පට්ට place තියෙනවා....
ඒ නිසා කම්මැලි නැතුව යමල්ලා......
වතුර නිල් කැටේ වගේ...... සීතයි, පිරිසිදුයි...
සනීපෙට පැය 2ක් විතර නාගත්තහම පුදුම බඩ ගින්නක් එන්නේ...
අපි බත් කෑවේ මේ ගහ යට....
කෙසෙල් කොලේ ඔතපු බත්, අබ ඇට දාල හින්දලා උයපු පරිප්පු, අබත් එක්ක තෙල් දාලා ගත්ත සම්බෝල, ලූනූ හොදට දාලා තෙල් දාපු අල, කලුවට හිදෙන්න උයපු කුකුල් මස්...
හම්මා..... ඔය කෙල පිහදා ගනින්....
මමත් බත් පිගන් දෙකකටම වැඩේ දුන්න....
දැන් ඉතින් යමල්ලා ගෙවල් වලට,,,,
ආයෙත් දවසක යමුකෝ මාත් එක්ක ඇවිදින්න....
එහෙනම් මම කැපුනා....
හොදයි නම් සලකලා යන්න....
අනිත් එක මචන්, අපි අරන් ගියපු පත්තර කොලේ පවා ගෙදර ගෙනවා....
කරුනාකරලා පරිසරය විනාශ කරන්න එපා.....

Last edited: