ඔන්න මම නෙවේ ලිව්වෙ!
මම මේ ලිපිය උපුටා ගත්තෙ මම follow කරන බ්ලොග් එකකින්..මුලින්ම කියන්න ඔනෙ මම නෙවේ අයේශා..ඒ කියන්නෙ මේ ලිපියේ කතෲ..එයා මම දන්න අඳුරන කෙනෙක්..ඔබගේ තරහ මරහ mata -rep දීමෙන් හෝ නරක වචනයෙන් බැනීමෙන් පිටකරගත හැක..මේ ලිපිය සැර වැඩියි..ඒවගේම මම මෙම ලිපියේ සමහර කරුණු වලට සම්පූර්ණයෙන්ම එකඟ නොවේ..
මේ ලිපිය පළ කිරිමේ මූලික අදහස වන්නේ මිනිසුන් අතර පවතින පුහු සංස්කෘතික මාන්නයේ සැබෑ නිරුවත පෙන්වාදීමයි,නමුත් මතක තබා ගන්න,මම මෙතන ඒකාකෘතිකරණය කරන්න යනවා නෙවෙයි මොකද සිංහල බෞද්ධ ජනසමාජයේ මේ මිත්ය මතවල ගිලි නැතුව බුද්ධිමත් ලෙස සිතන මිනිස්සු පවා සිටින නිසා.
සිංහල බෞද්ධ ජනසමාජයේ වර්තමානයේ දක්නට ඇත්තේ ඉතා අමුතුම ආකාරයේ සංස්කෘතියක් මේ සංස්කෘතිය සමහර විට ස්ලාමීය මුල්ලා මානසිකත්වයත් ඉක්මවා යනවා. බහුතර සිංහල යැයි තමන්ව හදුන්වා ගනු ලබන පිරිස් පවසන්නේ තමන් බෞද්ධ දහමින් පෝෂණය වූ කොටසක් ලෙසත් තමන්ගේ සංස්කෘතියද එසේ බෞද්ධ දහමින් පෝෂණය වී ඇති බවයි නමුත් මේ අද වර්තමානයේ සමාජය දිහා බලනකොට අපිට පෙනී යන්නේ සිංහලයගේ (මමත් සිංහල තමයි) සංස්කෘතිය බෞද්ධ දහමින් නොව අතීතයේ හින්දු සමාජයේ පැවති මිත්යා මත වලින් ගහන බවයි, මේ බමුණු මත බුදුන්ගේ කාලයේ ඔහු විසින් තරයේම ප්රතික්ශේප කරන ලද ඒවා නමුත් එය එසේ වුවත් අද බෞද්ධ කියාගන්නා මිනිස්සු තවමත් කරපින්නා ගෙන සිටින්නේ ඒ බුදුන් විසින් ප්රතික්ශේප කරන ලද ඒ මතයි.
සංස්කෘතිය ගැන හදුන්වාදීමට ප්රථම අප දැන ගත යුත්තේ සංස්කෘතිය යනු කුමක්ද යන්නයි, සංස්කෘතිය කියන්නේ ඇත්තටම ඉතා පුළුල් මාතෘකාවක් මේ පුළුල් මාතෘකාවේ විවිධ දෑ අන්තර්ගත වෙන්න පුලුවන්, සංස්කෘතිය යන්නෙහි නිර්වචනය තමයි. සංස්කෘතිය කියන්නේ යම් මිනිසුන් කණ්ඩායමක පවතින ලක්ෂණයි , මේ ලක්ෂණ භාෂාව මගින්ද, ආගම මගින්ද, ගන්නා අහාර පාන මගින්ද, සමාජ පුරුදු මගින්ද, චිත්ර සහා සංගීතය මගින්ද විස්තර කර පවතිනවා. මේ නිර්වචනය අනුව සංස්කෘතිය කියන්නේ ආගමක් නෙවෙයි ඒක එතනින් එහාට ගිය මාතෘකාවක්, ඉතින් මේ අනුව බලනකල අපිට පැහැදිලි වෙන්නේ සිංහල සංස්කෘතිය කියන්නේ හුදෙක්ම බෞද්ධ දහමින් විතරක් නෙවෙයි අනෙක් සංස්කෘතීන් වලින්ද පෝෂණය වී ඇති බවයි, මොකද බෞද්ධ දහම කොතනකවත් රසාස්වද සපයන එකක් නෙවෙයි මොකද බෞද්ධ කමේ මූළික හරය තමයි අතහැරීම, ඉතින් චිත්ර සහා සංගීතය අද සිංහල ජනසමාජයට ලැබිලා තියෙන්නේ බෞද්ධ දහමින් වෙන්න බෑ,
අනෙක් එක තමයි ගන්නා අහාර පාන, අද සිංහල බෞද්ධ කියාගන්නා පිරිස් විශාල වශයෙන් මස් අනුභව කරනවා ,බෞද්ධ දහමේ විස්තර වෙන්නේ චතුශ්කෝටික මාංශය අනුභව කිරිම පමණක් කැපබවයි නමුත් අපිට සමාජය දිහා බලන කළ පැහැදිලි වෙන්නේ චතුශ්කෝටික කෙසේ වෙතත් රිසි සේ සත්තු මරමින් මිනිස්සු ඒවා ආහාරයට ගන්නා බවයි, ගොඩක් බෞද්ධ කියාගන්නා පිරිස් මුස්ලිම් මිනිස්සුන්ට චෝදනා කරනවා හරක් මරනවා කියලා ,හරක් මස් කනවා කියලා නමුත් ඒ චෝදනාව කරන මිනිස්සු ගෙදර ඇවිත් කරන්නේ තමන්ගේ අම්මා හෝ බිරිද පිළියෙල කරලා දෙන කුකුළ් මස් එක එක කටට ගිල දැමීමයි, අනෙක් එක රට පුරා අද විශාල වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඌරු, කුකුළ් ඝාතකා ගාර තිබෙනවා ඉතින් මුස්ලිම් මිනිස්සුන්ට හරක් මරන එකට චෝදනා කිරිම කුහක කමක් තමන් වැරද්දක් කරන එක නවත්වලා ඕනේ අනුන්ට උපදෙස් දෙන්න නමුත් තමන් වැරදි කර කර අනුන්ට උපදෙස් දීම විකාර සහගතයි.. තමන් අඩුම තරම නිර්මාංශකයෙක් වී හරක් මස් කන එකට විරුද්ධ වෙනවා නම් ඒක සාධාරණ වෙන්න තිබුනා නමුත් තමන් කන්න පුලුවන් හැම මසක්ම කාලා හරකට එනකොට විතරක් සත්ව කරුණාව පහළවීම මගින් පෙනෙන්නේ මේ අමුතුම විකාර සහගත සංස්කෘතියේ පවතින කුහකත්වය නෙවේද? මේ ගැන පවසන කොට මේ ලේබල් ගහගෙන ඉන්න මිනිසුන් කරන්නේ ,”හරකා කියන්නේ කිරි දෙන සතෙක් ඉතින් අපි ඒ සතාට කිරි දෙන එකේ කෙළෙහිගුණය වත් තියෙන්න ඕනේ” නමුත් මම දන්නා පරිදි කිරි ලබාදෙන්නේ එළදෙනුන් පමණයි පිරිමි සතුන් කිරි දෙන්නේ නෑ, ඉතින් කෙළෙහිගුණය එසේ නම් තමන් දැක්විය යුත්තේ එළදෙනුන්ට මිසක් පිරිමි සත්තුන්ට නෙවෙයි..සමහරෙක්ට දැන් තර්ක කරන්න පුලුවන් ගවයා කිරි දෙන නිසා එළදෙනුන්ටත් නිදහස දෙන්න ඕනේ කියලා. මොකද ලිංග භේදය නොසලකා දෙගොල්ලොම හරක් කුලකයේ නිසා. හරි දැන් අපි එහෙම හිතමුකෝ එතකොට කිකිළී බිත්තර දෙනවා කියලා ඔය කියන කවුරුත් කුකුළට අභය දානය දෙනවද? කවුරුත් අඩුම ගානේ හිතනවද බිත්තර වල කෙළෙහි ගුණය වත් තියන්න? කුකුළ් පැටවුන්ගේ හොට පොඩි කාලේම අද කපලා දාන්නේ කවුද? ලංකාවේ ප්රතිශතය අනුව ගත්තම පැහැදිලි ලෙස සිංහල-බෞද්ධ කියාගන්නා මිනිස්සු තමයි මේක කරන්නේ.

Last edited: