කියවන්න යමක්

Mar 16, 2012
310
132
0
මචන් උදේ පාන්දරම මුහුණු පොතේ තිබුන ලිපියක් කරන්න හිතුනා ටිකක් දිගයි තමයි ඒත් පුළුවන්නම් මේක ටිකක් වෙලාව අරන් කියවන්න.... මේකෙ තියෙන විදිහට ආණ්ඩුව රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරල රාජ්‍ය පාසල් වගේම විශ්ව විද්‍යාලත් වැඩක් නැහැ කියන මතය රට තුල ව්‍යාප්ත කරන්න යනව කියන එක ඇත්ත තමා මචන් ඒක ඇස් පනාපිටම පේන්න තියෙනව මෑත කාලයේ සිද්ධ උන සිද්ධි ගොඩක් ඒවා අහම්බෙන් සිහ්ධ උන ඒවා නෙමෙයි සැලසුම් කරන ලද දේවල්... ඒත් මචන් රාජ්‍ය විශ්ව විද්‍යාල මිනිස්සුන්ට එපා වීම පිලිබදව මුලින්ම ඇගිල්ල දික්වෙන්න ඕනි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කියන එකත් අනිවාර්යෙන්ම කියන්න ඕනි

කාලෙකට පස්සෙ අමාරුවන් හරි ලියන්න හිතුනෙ ඇහෙන, දැනෙන , හැඟෙන දේවල් තව දුරටත් හිතේ තියාගෙන හිරකරගෙන ඉන්න හදන නිරර්ථක උත්සාහය නිසයි. ඒවගෙම මේ පාර ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රශ්න කලින් පිටවුණු බවකුත්, ඒකට විරුද්ධව අනුරාධපුරේ උද්ඝෝෂණයක් තිබුණු බවත් කියවුණා.
කොහොම නමුත් මට මතක විදියට දැනට අවුරුද්දක විතර වෙලේ ඉඳන් විභාග දෙපාර්තමෙනතුවෙන් හරියට තියාපු විභාගයක් ගැන නම් අහන්න ලැබෙන්නෙ නෑ. කැම්පස් කේස්, ඒ ලෙවෙල් කේස්, ඒ මදිවට ශිෂ්‍යත්වෙත් කේස්. හරියට විභාගයක් තියාගන්නවත් බැරි නම් දෙපාර්තමේන්තුවක් මොකටද?

අපි කෙලිනම කතාවට බහිමු.
මම ශිෂ්‍යත්වෙ ලිව්වෙ 1996 දි. සාමන්‍යපෙළ කලේ 2002. උසස්පෙළ 2005. අපි ඉස්කෝලෙ යන කාලෙ මේ විදියෙ වැරදි කිසිම දෙයක් විභාගයක තිබුනෙ නෑ. මට විතරක් නෙවෙයි ඒකාලෙ ලියපු අයට මතක ඇති අඩුම ගානෙ වාර විභාගයකදි වත් අපිට ප්‍රශ්න පත්තර වරද්දල දුන්නෙ නෑ. උත්තර පත්තර ප්‍රශන් පත්තර එක්ක දුන්නෙ නෑ. ප්‍රශ්න අදහ ගන්න බැරි විදියට වැරදිලා තිබුනෙ නෑ.
කවි පද වෙනුවට කුණුහරප මුද්‍රණය කරල තිබුනෙ නෑ.
පොඩ්ඩක් හිතල බලන්න මේ හැම දේම සිද්දවෙන්න පටන් ගත්තෙ දැනට අවුරුදකට - දෙකකට කලින් ඉඳලා. මුලින්ම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ප්‍රශ්න පත්තර වැරැද්දුවා. ඊට පස්සෙ උත්තර පත්තර ප්‍රශ්න පත්තරත් එක්ක දුන්නා. අන්තිමට කුණුහරපත් මුද්‍රාණය කරල දුන්නා. උසස්පෙළ කරපු ලමයින්ව නන්නත්තාර වෙන විදියට ප්‍රථිපල දුන්නා. අන්තිමට උසස්පෙල ප්‍රශ්න එහෙම්පිටින්ම වැරද්දල දීල තිබුනා. ඊට පස්සෙ ශිෂ්‍යත්ව විභාගෙත් අනා ගත්තා.
ටිකක් කල්පනා කරල බැලුවොත් ඕනම කෙනෙක්ට තේරෙනව මේකෙ එක්තරා රටාවක් තියනව කියලා.
නැතනම් මේ තරම් කාලයක් හරියට කරපු දේවල් එකපාරටම වරදින්නෙ කොහොමද? උසස් පෙළ ප්‍රථිපල මේ තරම් වරදින්නෙ කොහොමද? මේට කලින් විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග තිබුනෙ නැද්ද?
පොඩි පොඩි ගැටලු මතු උනත්, ඒවට දෙපාර්තමෙන්තු මට්ටමෙන් හොඳම විසඳුම් දීල ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට වැඩ කලා. ඒත් ප්‍රවෘත්ති සාකච්ඡාවලදි අධ්‍යාපන ඇමතියයි, උසස් අධ්‍යාපන ඇමතියයි, විභාග කොමසාරිස් තුමයි කතා කරන දේවල් බැලුවාම මුං ඉස්කෝලෙකට ගිහින් තියෙන එවුන්ද කියලත් වෙලාවකට හිතෙනව. වෙච්ච වැරැද්ද බාර ගන්න කිසි කෙනෙක් නෑ. අඩුම ගානෙ අපිට වැරැද්දක් උනා ඒක ඉක්මනට නිවැරදි කරන්න කටයුතු කරනව කියල කියන්නවත් මුන්ට කොන්දක් නෑ. හැමෝම එක එකාට බෝලෙ පාස් කර කර ඉන්නව.
ඒත් එක්කම ආචාර්ය වරුන්ගෙ ප්‍රශ්නෙට හරි විසඳුමක් දෙන්නත් කිසිම කෙනෙක්ට බෑ. ඔවුන්ගෙ ඉල්ලීම් දිහා බැලුවාම ඒව කොයි තරම් සාධාරණද කියල ඕනෙම කෙනෙක්ට තේරෙයි. මොකද, විදුලුබල මණ්ඩලේ හරි තෙල් සංස්ථාවෙ හරි අවුරුදු පහක සේවාකාලයක් සහිත රියදුරෙක් (අවම සුදුසුකම 8 වසර සමත්) ගන්න වැටුප ප්‍රථම හෝ දෙවනි පංතියේ සාමාර්ථයක් එක්ක අවුරුදු පහක සේවා කාලයක් තියෙන ආචාර්ය වරයෙකුට ලැබෙන වැටුපට වඩා වැඩියි.
මම මෙතනදි රැකියා ඉහල හරි පහල හරි ලේබල් කරන්න යන්නෙ නෑ. ඒත් රටේ අනාගතයට වැඩි දායකත්වයක් දක්වන මිනිස්සුන්ට මීට වඩා දෙයක් අනිවාරයයෙන්ම සිදු විය යුතුයි කියන තැනයි මම ඉන්නෙ.
ඒත් එක්කම විශ්ව විද්‍යාල වල ගැටලු වලට විසඳුම් දෙන විදියෙන් පේනවා අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් අමුතු ලෝකෙකින් අවිත් වගේ තීරන ගන්න හැටි.
මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඒකට විරුද්ධත්වයක් දැක්වුවොත් ඒක කරන්නෙ ජෙප්පො, කරන හැම එකාම ජෙප්පො කියල ලේබල් ගහන එකයි මුලින්ම කරන්නෙ.
ඒ අතරෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේනවමයි කියල උසස් අධ්‍යාපන ඇමති කියනව.
මම මුලිනුත් කිව්වා මේකෙ එක්තරා රටාවක් තියනව කියලා. ටිකෙන් ටික රටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලු වලට යවනවා රජයේ පාසැල් වැඩකට නැහැ. ඒවට යවනවට වඩා ඉන්ටනැෂනල් ස්කූල් එකකට තමන්ගෙ ලමයව යැව්වොත් වඩා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන් කියන එක අදටම බොහෝමයක් රටේ මින්ස්සුන්ගෙ හිත් වල තියෙනව. ඒක රැල්ලල්ක් විදියට රටේ හැම තැනම ක්‍රියාත්මකයි. තැන තැන අලුතෙන් ඇතිවෙන අන්තර්ජාතික පාසැල් දිහා බැලුවම ඒක හොඳටම හිතා ගන්න පුලුව්න්. ඒ රැල්ල කොයි තරම් දරුණුද කියනව නම් අවුරුද්දක් පහල පන්තියට හරි තමන්ගෙ දරුවව ඇතුලත් කරවන්න දෙමවුපියො ලෑස්ති වෙලා ඉන්නෙ. මේක කිසි සේත්ම අතිශ්‍යෝක්තියක් නෙවෙයි මොකද අපෙ ගෙදරට පහල ගෙදර පොඩි එකා ලබන අවුරුද්දෙ 8 වසරට පාස් වෙන්න තියෙද්දි ඌව ඉන්ටනැෂනල් ස්කූල් එකකට ලබන අවුරුද්දෙ 7 වසරට ඇතුලත් කරන්න (8 වසරෙ ඉන්න ඉඩ නැති නිසා) උගේ දෙමවුපියෝ ලෑස්තියි. ඔයවගේ දෙමවුපියෝ මේ රටේ ඕනෙ තරම් ඉන්නවා.
මම කලිනුත් කිව්වා මේක සිද්ධ වෙන්නෙ රටාවකට කියලා. ඇත්තටම රජයේ පාසැල් (විශේෂයෙන්ම ගමේ පාසැල්) වැඩකට නැති තැන් කියල පිලිගන්න මේ රටේ බොහොමයක් දෙමවුපියො ලෑස්තියි.

ඒවගෙම ඊලඟට රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න යනව රටේ තියෙන රජයේ විශ්ව විද්‍යාල කියන්නෙ රැග් කරන, පිකට් කරන, වර්ජන තියෙන කිසිම වැදගැම්මකට නැති තැන් විදියට.
මේකෙ අවසානය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක.
මේ වගේ තුච්ච අරමුණු ඉෂ්ට කරගන්න තමයි රජයේ ඉහලින් ඉන්න ඇමතියොයි උන්ට කත් අදින බත් බැලයොයි බලන් ඉන්නෙ. උන් ඒවට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ දිනමින වගේ රදා පත්තරයි අයි.ටී.එන් වගේ පස්ස හෝදන මාධ්‍යයි. ඒ වගෙම පැහැදිලිවම මේක කෙටි කාලීන සැලසුමක් නෙවෙයි. මේ රාජ්‍ය අධ්‍යාපනය නැති කරන්න හදන වැඩවලට අධ්‍යාපන කඩ කරන මිනිස්සු මුන්ට ඕනෙම දෙයක් දෙන්න ලෑස්තියි.
තවත් දෙයක් තියෙනව. මේ වෙනුවෙන් වගේම කැම්ප්ස් වල ඉන්න අලයො ටික එකතු කරල පිහිටුවා ගත්තු නිදහස් ශිෂ්‍ය සංගමය වගේ ව්‍යාපාරත්, සිසු හැරවුම් වල ඉන්න යුක්ති අබේධීර වගේ ඉත්තොත් මේ කොන්තරාත්තුවෙ කොටස් කාරයො.
උන්ගෙ සංගම්වල තේමාපාඨ, නොයෙක් වැඩ සටහන් වලදි දෙන පොර ටෝක් වලට අනුව නම් උන් තරම් රටට ආදරේ කරන් වෙන් කවුරුවත් නෑ. හැබැයි රටේ මිනිස්සු දන්නෙ නෑ උන් කැම්පස් එකේ ඉන්න ගමන්ම ඇමති වරුන්ගෙන් පඩි ගන්න රස්සා කරනව කියලා.
අපි දන්නව කථිකාචාර්ය වැඩ වර්ජනයට සහය නොදක්වන පිරිසකුත් විශ්ව විද්‍යාල වල ඉන්නව. ඒ මිනිස්සු එක්කෝ උවමනාවට හරි නැත්නම් වෙනත් කෙනෙකුගේ බලපෑමට හරි තමයි එහෙම ඉන්නෙ. ඒත් අඩුම ගානෙ රටේ අධ්‍යාපනයෙ හෙට දවස වෙනුවෙන් එක වචනයක් කතා කරන්නවත් බැරි තරමට මේ මිනිස්සු ගොලු වෙලාද?
වැඩේ තියන්නෙ සමහර කථිකාචාර්යවරු ඉන්නෙ අඟහරු ලොකෙන් ඇවිල්ල නෙ. ඒක නිසා අපිට කරන්න දෙයක් නෑ.

තවත් දෙයක් තියෙනව. මේක ලියන මමත්, කියවන ඔබත් (බොහෝ විට) නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉගෙනගත්තු අය. අපිට කොල්ලො පිකට් කරන කොට ඒවට යන්න බැරි වෙන්න පුලුවන්. ඇමෝනියා දාපු වතුර උනුත් එක්ක එකතුවෙලා කන්න බැරි වෙන්න පුලුවන්. උනුත් එක්ක කඳුලු ගෑස් කන්න බැරි වෙන්නත් පුලුවන්.
හැබැයි අපේ හෘදසාක්ෂිය දන්නව උන් කරන්නෙ වැරදි වැඩක් නෙවෙයි කියල. මොකද හෙට උපදින්න ඉන්න එකාටත් නිදහසේ ඉගෙන ගන්න තියෙන අයිතිය ආරක්ෂා කරන එක කොහෙත්ම වැරැද්දක් නෙවෙයි. උන් මොනව කලත් කැම්පස් එකෙන් එලියට එකකොට උපාධිය හම්බ වෙනව. උන් කතා කරන්නෙ උන්ගෙ අයිතිය ගැන නෙවෙයි උන්ට බැටන් පොල්ලෙන් ගහන පොලිස් කාරයගෙත් දරුවො වෙනුවෙන්. අන්න ඒ යටගහපු ඇත්ත ගොඩක් මිනිස්සුන්ට තේරන්නෙ නෑ. නැත්නම් තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නෑ. එහෙමත් නැත්නම් තේරුම් අරගේන සද්ද නැතුව ඉන්නවා.
ඒක නිසා අඩුම ගානෙ ආණ්ඩුවෙ කුණු හෝදන මාධ්‍ය වලිනුයි, ඇත්ත කත කරන්න බය මාධ්‍ය වලිනුයි රටේ මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියේන බොරුව නැති කරන්නවත් අපිට පුලුවන්.
ඇත්තටම ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල තව කෙනෙක්ට කියන්නවත් අපිට පුලුවන්. නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් අකුරක් හරි ඉගෙනගත්ත ණයට, තව පරම්පරා ගානකට ඒක ලබාදෙන්න කරන අරගලයෙදි ඒ වෙනුවෙන් අඩුම ගානෙ වචනෙන් හරි සහය දෙන්න අපිට යුතුකමක් තියෙනවා.
රටේ පාලක පැලැන්තිය (දේශපාලන භේදයකින් තොරව) හදන්නෙම මේක සල්ලි වලට යට කරල තමන්ගෙ මඩිය පුරව ගන්න. ඒක තමයි ටියුෂන් මාස්ටර් කෙනෙක්ට අධයාපනෙයි අධිකරණයට අපහාසකරපු, පෙන්වන්න බැරි තරම් වත්කම් එකතු කරගත්ත මිනිහෙකුට උසස් අධ්‍යාපනෙයි බාර දීල තියන්නෙ. ඒ මදිවට අලුතෙන් පක්ෂෙට පැන්න අධ්‍යාපන කඩ කාරයෙකුට 'අධ්‍යාපන අධීක්ෂණ' ඇමති කමකුත් බාර දීලා.

ඇත්තම කතා කරනව නම් අධ්‍යාපනයට අය වැය ප්‍රතිපාදන වලින් 6%ක් වෙන්කරන්න බැරි කමක් නෙවෙයි තියන්නෙ. එහෙම නොකර ඒවා වෙන වෙන දේවල් වලට වැය කර්න එකයි කරන්නෙ. දැනට ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් 1.86ක්. අධ්‍යාපනය වෙනුවෙන් පාරම්බාන පාලකයො කොහොම කිව්වත් අනෙක් රටවල්වල තත්වය මෙන්න.
ඩෙන්මාර්කය 8.7%ක්, මාලදිවයින 8.7%ක්, නෝර්වේ 7.3%ක්, ස්වීඩනය 7.3%ක්, කෙන්යාව 6.7%ක්, නෙදර්ලන්තය 5.9%ක්, ඊශ්‍රායලය 5.9%ක්, මලයාසියාව 5.8%ක්, බ්‍රසීලය 5.8%ක්, කොස්ටාරිකා 6.3%ක්, දකුණු අප්‍රිකාව 6.0%, කොරියානු ජනරජය 5.0ක්, දුප්පත්කමේ පතුළේම සිටින ස්වාසිලන්තය 7.1%, ඉතියෝපියාව 4% වැඩි ප්‍රමාණයක් ඒවගේම සමාජවාදී කියුබාව 18%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා.
ලංකාවෙ සිද්ධ උනු හෙජින් වංචාවෙ පාඩුව රුපියල් මිලියන එක් ලක්ෂ විසි හතර දාස් හත්සිය හතළිහයි
අධ්‍යාපනයට වෙන්කරපු මුදල 2011
අය වැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ විසි එක් දාස් තුන් සීයයි.
ඕනෙම කෙනෙකුට පේනවා අධ්‍යාපනේ යන්නෙ කොයි පැත්තටද කියලා.
ඇමති මර්වින්ගෙ පුතා කියනවා මම සාමන්‍යපෙලවත් හරියට පාස් නැහැ කියලා. පාවිච්චි කරන කාර් එකේ ගාන ලක්ෂ 400යි.
වටේට පෞද්ගලික ආරක්ෂකයො 8 දෙනයි.

රටේ මහ තැන් වල ඉන්න එවුන්ගෙ පුත්තු ක්ලබ් වල රස්තියාදු ගහනකොට, රටේ සල්ලි නාස්ති කරනකොට, පොඩි දරුවන්ව අනාථ කරනකොට අපේ ගමේ ගොවිතැන් බතක් කරලා ජීවිතේ ගැට ගහගෙන ඉන්න අම්ම තාත්තගෙ පුතාල තව පරම්පරා ගානකට අධ්‍යාපනේ රැක ගන්න පාරවල් ගානෙ ගුටි කනවා. කඳුලු ගෑස් කනවා.

අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්‍රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ට බත් පැකට් එකක්, අරක්කු ටිකක් දීපු මන්ත්‍රී තුමන්ලාගේ බූදලෙන් නෙවෙයි.
වැඩේ තියන්නෙ ලංකාවෙ බහුතරයක් වෙච්ච ආත්මාර්ථකාමී කුහක මිනිස්සු නිසා නියම ඇත්ත අනිත් මිනිස්සු දැන ගන්නෙ නෑ. අපිට කියන්න තියන්නෙ අයි.ටී.එන් මානසිකත්වයෙන් මිදිලා ලෝකය දකින්න කියන එකයි.
අධ්‍යාපනේට වැඩිපුර මුදල් දෙනවාකියන්නෙ තවත් දරුවන්ට ඉහලට යන්න, තමන් බලාපොරොත්තුවෙන මට්ටමේ ඉගෙනීමක් ලබා ගන්න පුලුවන් වෙනවා කියන එකයි. ඒක වෘත්තීය මට්ටමේ එකක් වෙන්න පුලුවන් නැත්නම් වෙනත් බාහිර සුදුසුකමක් වෙන්න පුලුවන්. අවසානෙදි රටේ බහුතරයක් බුද්ධිමතුන් බිහි වෙනවා.
ඒබ්‍රහම් ලින්කන් වගේ අය ප්‍රමුඛවම සලකපු අධ්‍යාපනය අපේ පාලකයො තමන්ට ඕනෙ විදියට පාලනය කරගෙන තියනවා. මතක තියා ගන්න එකම දේශපාලකයෙකුගෙවත් දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නෙ නෑ මේ වෙනකොට. ඒ කියන්නෙ කවද හරි උන්ට බලය ආපු දවසක නිදහස් අධ්‍යාපනය කියන දේට එක සතයක් වියදම් කරන එකක් නෑ.
එහෙම, රටේ මිනිස්සුන්ට මොලේ පෑදුනාම මුන්ට බලේ ඉන්න බැරි වෙන හන්දයි තවත් මේක කප්පදු කරලා සල්ලි තියෙන එකාට විතරක් ඉගෙන ගන්න දෙන්න හදන්නෙ. මොකද අසාධාරණයක් උනත් එහෙම කෙනෙක් කතා කරන්නෙ නෑ. මොකද තමන්ට ඇති වෙනකල් සල්ලි තියෙනවා. ඒ වගේම උන්ට අනිත් එකාගෙ දුක දැනෙන තරම හිතක් නෑ.
එක වතාවක් එස්.බී. ගෙ පුතා රට ඉඳල (කැම්පස් ඉඳල) එනකොට එක්කන් එන්න කටුනායකට යන්න වෙලාව පරක්කුවෙලා ඉගිල්ලුන ඩිපෙන්ඩර් එකක හැපිලා මනුස්සයෙක් මැරුණා බොරැල්ලෙදි. ඒක ගැන කතාවක් වත් නැති උනා දවස් කීපයකින්ම. බලන්න උගේ පුතාටයි අපේ පුත්තුන්ටයි සලකන වෙනස. අපේ පාරවල් ගානෙ කෑ ගහන කොල්ලොත් මේ රටේ තාත්තලගෙ දරුවො. හැබැයි ඒ තාත්තල අසාධාරණ විදියට සල්ලි හම්බ කරපු අය නම් නෙවෙයි. ඒ වගේම කොයි තාත්ත උනත්, 'මමයි ආඩම්බරකාර තාත්තා' කියල ලමයි ඉම්බ පලියට, කාර රේස් තිබ්බ පලියට, ලමයි වටේට තියලා පොටෝ ගහල ලොකුවට පාරෙ එල්ලපු පලියට ආඩම්බර කාරයෙක් වෙන්නෙ නෑ. කරන්න තියන්නෙ තව අවුරුදු ගානකින් හරි ඉපදෙන්න ඉන්න පොඩි එවුන්ට අධ්‍යාපනය කියන දේ වෙලඳ භාණඩයක් නොකර ආරක්ෂා කරන එකයි.

මේ ප්‍රශ්නය දිහා නිවැරදිව දකින්නට ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇස් පෑදේවා නිදහස් අධ්‍යාපනය ලබපු හැම කෙනාම මේ සටනට එකතු වේවා ප්‍රර්ථනා කරල සටහන නවත්තන්නම්.

මෙහි පූර්න අයිතිය චන්දික ගුනතිලක සතු විය යුතු
 
Anteros

Member
Nov 22, 2009
933
288
0
කතා කරලා වැඩක් නෑ සහෝ මේක තේරුම් ගනිද්දී අපේ අය පරක්කු වැඩි....
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    අතිශ්‍යෝක්තියක් නෙවෙයි මොකද අපෙ ගෙදරට පහල ගෙදර පොඩි එකා ලබන අවුරුද්දෙ 8 වසරට පාස් වෙන්න තියෙද්දි ඌව ඉන්ටනැෂනල් ස්කූල් එකකට ලබන අවුරුද්දෙ 7 වසරට ඇතුලත් කරන්න
    අදහස නිවැරදි කිරීමක්
    මෙතනදි
    ඉන්ටනැෂනල් ස්කූල් යන එකා O/L විභාගයට පෙනී ඉන්නෙ 10 වසරෙදී. නැති උන අවුරුද්ද අන්න ඒ විදියටයි ආපහු එන්නෙ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ටික රටේ හැම මිනිහගෙම ඔලුවලට රින්ගවන්න පුලුවන්නම්
     
    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    ඈ බොල ගොං හරකෝ.:P.. මේක ලියපු මනුස්සයාටත් අන්තිමට සමාජයට දෙන්න පනිවිඩයක් නෑ වගේ:no:.. ඔය මනුස්සයා කියලා තියන ටික මටත් තේරෙනවා:yes:.. මම හිතනවා ඕක ඕන පොඩි එකෙක්ට හිතුවොත් තේරෙන එකක් කියලා:P.. යකෝ මාත් කාටවත් කඩේ යන එකෙක් නෙමේ මචන්:D.. මාව වරදවා වටහා ගන්න එපා.:no:. මටත් තේරෙනව තත්වය.:yes: ඒ වුනාට අපි මොනවද කරන්නේ බන්.:( කලු ගල් එක්ක හැප්පිලා නිකන් අතපය තුවාල කරගන්න තරම් මම මෝඩයෙක් නෙමේ:no:.. හරි මෙක දාපු එකාම කියපන් දැන් අපි මොනවද කරන්න ඕනා කියලා:yes:.. තුවක්කුවක් අරන් ගිහින් ජනාදිපති තුමාගේ ඉඳන් ඉන්න ඔක්කොම ඇමතිලට වෙඩි තියලා එන්න කියල ද දැන් අපිට කියන්නේ:shocked:.. යකෝ අපිටත් තේරෙනවා දැන් වෙන්නේ මොකක්ද කියලා.:growl: සල්ලි තියන මනුස්සයා තම්ගේ ලමයාව රට යවලා හරි උගන්නනවා:yes:.. ඒ මනුස්සයට වුනත් බේරෙන්න සල්ලි නෑ බන්..:( රටේ ඉන්න ගොඩක් අය තමන්ගේ ලමය්ව රට යවන්නේ තමන්ගේ තියන ගේ විකුනලා හරි තමන් මුලු ජීවිත කාලයම හරි හම්බ කරපු සල්ලි ටික එකතු කරලා හරි තමා..:(:(:(

    එතකොට රටේ ඉන්න එහෙමත් එකෙක්ට තමා ටුක් ගලා පුතාට රට යන්න ඕන කිව්ව ගමන් ටක් ගාලා බැංකුවෙන් සල්ලි අරන් පුතාව රට යවන්නේ:yes::yes:. ඒවුනාට හැමෝටම ඒ වගේ සල්ලි නෑ බන්:no:.. මම කිව්වේ රට යන හැමෝටම උනත් එහෙම සල්ලි නෑ.:no: රට ගියත් උන් පාට් ටයිම් කරලා තමා ජීවත් වෙන්නේ:yes:. මම අර කලින් කිව්වා වගේ සල්ලි තියන උන් එහෙම රට යන්නෑ ඉගෙන ගන්න.:no: උන් කරන්නේ තාත්තගේ බිස්නස් එක දිගටම කරගෙන යන එක තමා.:D එහෙමත් එකෙක් තමා මචන් රට ගිහිල්ලා හොඳට ඉගෙන ගන්නේ උපතින්ම තියන බූදලයත් එක්ක.:D:D..

    මම නම් කියන්නේ රට යවන්න පුලුවන් මනුස්සය තමන්ගේ ලමයව රට යවපුදෙන්.:yes: ඉන්ටර් නැශනල් ස්කූල් එකකට ලමයව දාන්න පුලුවන් දෙමාපියා ලමයවා ඒ ස්කෝලෙට දාපුදෙන්.:yes: අපිට පාන්ද:P:P. ඒක ඇවිල්ල ඒ දෙමා පියන්ගේ කැමත්ත:yes::D... අපි කාටවත් බෑ ඒකට මුකුත් කියන්න:no:.. මම ත් රජයේ පාසල් වලින් ඉගෙන ගත්ත කෙනෙක් මට වුනත් එහෙම රට යන්න privat කරන්න සල්ලි නෑ තිබ්බෙත් නෑ:no::no::(.. ඒ වුනාට එහෙම පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරපුදෙන් ඒක මම ඒකට අකුල් හෙලන්නෑ:no::no:.. මෙතන වෙලා තියෙන්නේ ඔය ගොඩක් campas යන උන් ඊරිසියය් රට යන උන් රට ගිහිල්ලා හොඳට ඉගෙන ගෙන ආවොත් නොමිලේ ඉගෙන ගත්ත උන්ට තැනක් නැති වෙය් කියලා..:yes::D:D ඒක තමා මචන් තිත්ත ඇත්ත.:yes:. හැමදාම උනේ ඕක තමා.:yes:. හැම තැනම ඊරිසියාව අන්න එකය් ප්‍රශ්නය..:D:P.

    අහ්හ් අනිත් එක තමා ඔය නිදහස් අද්‍යාපනය ඉස්සරහට දාගෙන කැම්පස් වල කැගහන අය්යලත් ඇවිල්ල විපක්ශ දේශ පාලන කණ්ඩායම් වල හොඳ අත කොලු.:shocked::shocked::sorry:. විපක්ශයෙ කට්ටිය රජය අස්ථාවර කරන්න කැම්පස් එකේ ඉන්න අය්යලා කිහිප දෙනෙක්ට සල්ලි යාන වාහන දීලා.:P:D. හොඳට සලකලා කැම්පස් එකේ අහින්සක ලමයින්ව නිදහස් අද්‍යාපනය ඉස්සරහට දාලා උසි ගන්නනවා.:yes::growl::(. අනේ ඉතින් දුර ඇත පලාත් වල ඉඳගෙන ආව අහින්සක ලමයිනුත්:(:( ''හානේ ඔව් මය්:shocked::shocked:.. නිදහස් අධ්‍යාපනය රැක ගන්න ඔනා'' කියලා කට්ටියට එකතු වෙලා වැඩ කරනවා:(:D.. අනිතිමට වෙන්නේ රජයත් අස්ථාවරය්:yes:.. අර අහින්සක ලමයින්ට වෙන්නේ අද්‍යාපනය කඩා කප්පල් කරගෙන රටා වෛර කරන්න:yes:.. රජයත් ගානට ගහ ගන්න ටික යටින් ගහගන්නවා.:D. කැම්පස් එකේ ලමයි උසි ගන්වපු අය්යලා ටික අර විපක්ශයේ දේශපාලනය පිහිටෙන් ශේප් එකේ රක්ශාවක් හොයන් ජීවත් වෙනවා:yes:.. අවසානයේ විපක්ශයට ඕන දේ ඒ ගොල්ල කර ගන්නවා.:yes:. රජයේ ඉන්න මැති ඇමතිවරු ටික බෝලේ පාස් කර කර තමන් සුදනා වෙනවා.. :lol::lol::lol::lol:

    රටේ ඉන්න රට වැසියෝ විදිහට අපිට කරන්න දෙයක් නෑ මචන්ලා.:no::no::no:. අපි කාටද චන්දේ දෙන්න ඕනා.:shocked:. පර්ලිමේන්තුවට උගතුන් එනවා අඩුය්:yes:.. එහෙම උගතෙක් ආවත් එයාලට වැඩේ හරියට කරගෙන යන්න අනිත් අය ඉඩ දෙන්නෑ:no:.. ඒක නිසා රටේ උගත්තු රට දාල යනවා...:yes::(
    අපි හිතමු හොඳ කෙනෙක් රටේ ජනපති වුනා කියලා.:D:lol::lol: එහෙම වුනත් රට හදන්න බෑ.:no: බන්.:P. ආණ්ඩුවේ ඇමතුවරු කියන එකට ජනපතිට වුනත් නැවෙන්න වෙනවා.:yes:. මොකද ඇමති වරු ටික විපක්ශයට ගියොත් ආන්ඩුව පෙරලෙන නිසා.:yes:.

    අපිට වෙන්නේ අපේ පාඩුවේ පුලුවන් විදිහට ලමයෙක්ට උගන්වගෙන ජීවත් වන එක විතරය්.:yes:. ඒකත් අන්තිමට කවදා හරි කරන්න වෙන්නේ ප්‍රයිවට් campus හා international school වලට පින් සිද්ද වෙන්න තමා.. :D:D:lol::(

    ඇත්තටම:no::(:(:(

    අපි අසරණය් මචන් අපිට කරන්න දෙයක් නෑ:no::no::no:..
     
    Last edited:

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    uba samajayata dena panividaya okada

    මම පනිවිඩයක් දෙන්න උත්සහා කලේ නෑ බන්... මම කිව්වේ මට හිතෙන ඇත්ත තත්වය..... උබ කියන්නේ අපි දැන් අසරන නෑ කියලද.. මම නම් සාමාන්‍යය පුර වැසියෙක් මම නම් අසරනය් මම කියලා මොනවා කරන්නද?
    මට රජයක්වත් සමාජයක් වත් හදන්න බෑනේ බන්..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිවස;13375074 said:
    මම පනිවිඩයක් දෙන්න උත්සහා කලේ නෑ බන්... මම කිව්වේ මට හිතෙන ඇත්ත තත්වය..... උබ කියන්නේ අපි දැන් අසරන නෑ කියලද.. මම නම් සාමාන්‍යය පුර වැසියෙක් මම නම් අසරනය් මම කියලා මොනවා කරන්නද?
    මට රජයක්වත් සමාජයක් වත් හදන්න බෑනේ බන්..

    නිවස;13374568 said:
    ඈ බොල ගොං හරකෝ.:P.. මේක ලියපු මනුස්සයාටත් අන්තිමට සමාජයට දෙන්න පනිවිඩයක් නෑ වගේ

    moda athal nodi hitapan,ubata wagema hithana de kiyanna thread eka daapu manussayatath aithiyak thiyanawa.
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගොඩක් මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත මේක තමයි මචන්. මෙහෙම ගියොත් මේ ලංකාවට ඉදිරියට මොනවා වෙයිද කියල දෙයියෝ තමා දන්නේ. ඒ අස්සේ තවත් එළකිරි මෙම්බර් කෙනෙක් thread එක වගේම දිග comment එකක් දාලා තියෙනවා. උබවගේ එවුන් ගැන දුකයි. මං හිතනවා උබත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියල. මං වැරදිනම් සමාවෙන්න ඕනේ. උබ ඔය හිතන විදියට "අනේ මට මේවා වෙනස් කරන්න බැහැනේ" කියල හැමෝම හිතුවනම් මචං අපිට නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් නැතිවෙන්නේ ඒක ඇති උන කාලෙදිමයි.

    "අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්‍රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ."

    ඔය උඩින් තියෙන නම් දෙක කාගේද කියලවත් උබ දන්නවද බන්? ඔය නම් දෙකක් විතරයි. තව ඕනේ තරම් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුත් අද උබ හිතන විදියට එදා හිතුවනම් අද උබටත් මටත් ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් ඉතිරි වෙන්නේ නෑ. ඒ මිනිස්සු තමන්ගේ ජිවිතේ දීල උන්ට අරගත්තු දෙයක් නෑ. උබ විදියට හිතුවනම් උන් අද තමන්ගේ ඉගෙනීම ඉවර කරලා හොද තැන්වල ජොබ් කරයි. එත් උන් ඒ හැමදෙයක්ම කලේ උන්ගෙන් පස්සේ එන පරම්පරාවකට නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් තියෙන්න ඕනේ නිසා. ඔන්න ඔය ටික අද ලංකාවේ මිනිස්සුන්ට තේරුම්ගන්න බෑ. එක ඉතින් අපේම අවාසනාව තමයි. campus එකක කොල්ලෝ ටිකක් මොනවහරි දෙයක් ඉල්ලලා පාරට බැහැපු ගමන් ITN එකෙන් ජෙප්පෝ කියල හංවඩු ගහන්න පටන්ගන්නවා. අනේ ඉතින් අපේ බහුතරයක් මිනිස්සු ඕක පිලිගන්නවා. උද්ගෝෂණයක් තිබ්බොත් උන් ජෙප්පෝ. එහෙම බලනවානම් මේ රටේ වැඩිපුර ඉන්නේ ජෙප්පෝ. මං මෙතැනදී කියන්නේ නෑ campus එකේ jvp නැහමයි කියල. තියෙනවා. එත් නිදහස් අධ්‍යාපනය නැතිකරන්න එපා කියල පාරට බහින්නේ ඉදිරි පරම්පරාවට එක රැක ගන්න ඕනේ නිසා මිස jvp කරන්න නෙමෙයි.

    මේක public forum එකක්.එනිසා ඕනේ කෙනෙක්ට මේකේ තමන්ගේ අදහස කියන්න නිදහසක් තියෙනවා. එත් මචන් දෙයක් කියද්දී තමන් මේ කියන දේ කොයිතරම් දුරට හරිද කියල හිතල කිවුවනම් හොදයි. එහෙම නැතුව හිතට එන ගොන් පාර්ට් ඔක්කොම කිවුවම උඹ කවුද කියල රටම දැනගන්නවා. මං මේ කිවුවේ උඹටයි කියල උඹ දන්නවා නේද? ඔව් මචං
    avatar404632_1.gif
    "නිවස" උඹට තමයි මං මේ ටික කිවුවේ.
     
    Last edited:

    නිවස

    Member
    Jun 9, 2012
    61
    4
    0
    moda athal nodi hitapan,ubata wagema hithana de kiyanna thread eka daapu manussayatath aithiyak thiyanawa.

    ගොඩක් මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත මේක තමයි මචන්. මෙහෙම ගියොත් මේ ලංකාවට ඉදිරියට මොනවා වෙයිද කියල දෙයියෝ තමා දන්නේ. ඒ අස්සේ තවත් එළකිරි මෙම්බෙර් කෙනෙක් thread එක වගේම දිග comment එකක් දාලා තියෙනවා. උබවගේ එවුන් ගැන දුකයි. මං හිතනවා උබත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක් කියල. මං වැරදිනම් සමාවෙන්න ඕනේ. උබ ඔය හිතන විදියට "අනේ මට මේවා වෙනස් කරන්න බැහැනේ" කියල හැමෝම හිතුවනම් මචං අපිට නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් නැතිවෙන්නේ ඒක ඇති උන කාලෙදිමයි.

    එල.
    11.gif
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "අදත් අපි ඉගෙන ගන්නේ එදා වෙනුර එදිරිසිංහලා, ත්‍රීමා විතාරණලා තමන්ගෙ ජීවිත පූජා කරල රැකගත්ත අධ්‍යාපනෙන් කියන එක මේ රටේ බහුතරයක් මිනිස්සු දැන ගන්න ඕනෙ."
    [/COLOR][/SIZE][/B]

    මචන් අපේ රටේ නිදහස් අද්යපනක් කියල දෙයක් නෑ... හොඳම උදාහරණෙ උසස් පෙළ විභාගේ. ඕක පාස් වෙන්නේ අමතර පන්ති වලට සල්ලි විසිකරන අයට විතරය්. පොඩ්ඩක් හිතල බලපන්.

    ත්රීමා මටත් වීරයෙක් තමා.... හැබය් මිනිහ ජීවිතේ දීල තියෙන්නේ කොහෙවත් නැති දේකට නෙවෙය්ද...? පොඩ්ඩක් හිතල බලපන්...... අපේ රටේ අද්යාපනය නිදහස් නෑ.. නොමිලෙත් නෑ.... ඉතින් අද්යාපන ඉනිමගේ අන්තිම කොන වෙන uni වලට විතරක් විශේෂයක් කරන්නේ මොකටද?