සිංහල ටයිප් කරන්න එක එක Tools පාවිච්චි කරල එපා Š
ඔන්න යාලුවනේ මං අදත් එලකිරි බාන්ඩයක් අරං ආවා. මං දන්නවා දැන් ගොඩක් දෙනා සිංහල භාවිතයට පුරුදු වෙලානෙ. සිංහලෙන් චැට් කරන්නෙ, බ්ලොග් ලියන්නෙ, ෆේස්බුක් ස්ටේටස් දාන්නෙ වගේ දැන් හැමදෙයක්ම සිංහල කරනය වෙලා. යුනිකෝඩ් වල වර්ධනය තමයි මේකට හේතුව ඉතිං. ම්ම්ම් ඉතිංං මං මේ දෙන්න යන්නෙ ගොඩක් දෙනෙක් බලං හිටපු සොෆ්ට්වෙයා එකක්. කිහිප දෙනෙක් මගෙනුත් අහල තිබුනා. මේ සොෆ්ට්වෙයා එක හැදුවෙත් මං අර ෆොටෝශොප් වල සිංහල ලියන්න පුලුවන් ටූල් එකක් දුන්නෙ. අන්න එයාලමයි.
ඇත්තටම මේ සොෆ්ට්වෙයා එක නං හැමෝටම ගොඩක් වටින දෙයක්. මේක ගැන පොඩි විස්තරයක් කිව්වොත්, අපි සිංහල ටයිප් කරන්න එක එක ක්‍රම පාවිච්චි කරනවනේ. එක්කො ඔන්ලයින් සිංහල ලියනවා, නැත්තං අපිට හොඳයි කියල හිතෙන Tool එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙ ටයිප් කරල ඕනෙ තැනට කොපි පේස්ට් කරනවනේ. ඒත් මෙහෙම ටයිප් කරගෙන කරගෙන යනකොට අපි ගොඩක් දෙනෙක්ට ආපු ප්‍රශ්නයක් තමයි මෙහෙම ටූල් එකක් පාවිච්චි නොකර අපිට ඕනෙ තැන කෙලින්ම සිංහල යුනිකේත වලින් SMS ටයිප් එකෙන් සිංහල කොටන්නෙ කොහොමද කියන එක. ඒකට අපි හොයාගත්තු විසඳුම තමයි Google IME කියන Software එක. ඇත්තටම ඒකත් නරකම නෑ. ඒකෙන් අපිට පුලුවන් උනා ෆේස්බුක් එහෙම චැටක් දානකොට කොපි පේස්ට් නොකර කෙලින්ම සිංහල ටයිප් කරන්න. ඒත් ඒක ටිකක් ලෙඩ දුන්නා. මට නම් ඇත්තටම කොපි පේස්ට් හොදයි කියල හිතුනා. ඒත් දැන් මේ ටූල් එක ඒකට හොඳ විසඳුමක් වෙලා තියෙනවා. මේකෙ නම තමයි පැන්සල. නැත්තං The Pencil.
මගේ බ්ලොග් එකත් සිංහලෙන් ලියන හින්දා මේක ගැන දැන ගත්තු ගමන් මම කරේ මේක බාගෙන ටෙස්ට් කරන එක. බඩු එලකිරි. නියම නිශ්පාදනයක්. මේ ටූල් එකෙන් ඔයාට පුලුවන් ඔයාට අවශ්‍ය ඕනම තැනක (බුකියෙ, බ්ලොග් එකේ, වර්ඩ් ඩොකියුමන්ට් එකක) වගේ ඕනම තැනක කරදරයක් නැතුව Direct සිංහල ටයිප් කරන්න. ඒ කියන්නෙ අපිට දැන් පුලුවන් Copy Past මලකරදරේට සමුදෙන්න. මේ ටූල් එක ටිකක් Google IME එකට සමාන උනත් මේකෙ පෙනුම වගේම වැඩත් ගොඩක් නවීකරනය කරල තියෙනවා.
මෙතන ඉදන් මේ පෝස්ට් එක ලියන්නෙ මේ කියන ටූල් එකෙන්.
ටිකක් පුරුදු වෙනකන් අමාරුයි වගේ... කොපි පේස්ට් වලටම පුරුදු වෙලා හිටපු හින්දා වෙන්න ඇති. ම්ම්ම් මොනවා උනත් මේ ටූල් එකෙනුත් ඔයාට පුලුවන් යුනිකෝඩ් වලින් ෆොටෝශොප් වල සිංහල ලියන්න වගේම වෙන වෙන ෆොන්ට් පාවිච්චි කරන්නත්. එල් නේ? ඇත්තටම සිංහල් පාවිච්චි කරන හැමෝටම මේක මාර ප්‍රයෝජනවත් කියල මම කියනවා.
මේක වැඩ කරන හැටි ගැන කිව්වොත් ඉස්සෙල්ලම ඔයා මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාගෙ ඩෙස්ක්ටොප් එක් යටින් එනවා මෙන්න මේ වගේ පොඩි බාර් එකක්.
මේකේ තියෙන ON/OFF බොත්තමෙන් තමයි මේක වැඩ කරන්නෙ. ඒ කියන්නෙ මේක ඔන් කියල තිබ්බම ඔයා කොතන ටයිප් කරත් සිංහලෙන් ටයිප් වෙන්නෙ ඔයාට ඉංග්‍රීසි ටයිප් කරන්න ඕනෙ නම් ඒක ඕෆ් කරන්න වෙනවා. ඒ වගේම ඔයා ෆොටෝශොප් හරි ඔෆිස් වල හරි වැඩක් කරනව නම් මේ බාර් එකේ තියෙන Unicode කියන බොත්තම උඩ ඔබල ඉන්න ඕනෙ. එතකොට ඔයාට පුලුවන් ඕනම සිංහල ෆොන්ට් එකක් පාවිච්චි කරල සිංහල ලියන්න. කොහොමද එක ගලෙන් කුරුල්ලො දෙන්නයි නේ?
හරි එහෙනම් වැඩි විස්තර ඕනෙ නම් මේ වීඩියෝ එකත් බලන්න.
DOWNLOAD HERE
Software | සිංහල ටයිප් කරන්න එක එක Tools පාවිච්චි කරල එපා වෙලාද? මෙන්න කිසි වදයක් නැතුව Tool එකක් නැතුවම සිංහල ටයිප් කරන්න

Last edited:

නියමයි මචන්....