Payoneer_Card_ගැන_සිංහලෙන්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Payoneer_Card_ගැන_සිංහලෙන්

    Payoneer Card ගැන සිංහලෙන්




    IObit.jpg

    Payoneer Card කියන්නේ මොකක්ද?

    මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.


    images


    Payoneer Card එක තියෙන්නේ මොකටද?


    අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.


    කවුද කියන්නෙ මුදල් ලන්කාවට ගන්න බෑ කියල..!!


    images


    ලංකාවට වලංගුද?

    ඔව්. සම්පූර්ණයෙන්ම වලංගුයි. කිසිම අවුලක් නෑ. රෙස්පට් එකේ භාවිතා කරන්න විතරයි තියෙන්නේ.


    Payoneer Card එකක් ගන්නේ කොහොමද?




    වැනි වෙබ් අඩවි හරහා ලේසියෙන්ම කාඩ් එකක් ගන්න පුලුවනි.

    images

    Payoneer Card කතාන්දරය


    එකෝමත් එක කාලෙක අපි පේනියර් කාඩ් එකකට ඉල්ලුම් කලා කියලා හිතමුකෝ. ඉතින් ඊට පස්සේ පේනියර් ගිනුමේ තවමත් පෙන්නන්නේ Unverified, Inactive Account කියලා. කාඩ් එකක් ඉල්ලලා සති තුනකින් විතර ගෙදරටම කාඩ් එක එනවා. ඊටපස්සේ කාඩ් එකේ විස්තර අපි Payoneer ගිනුමට ලොග් වෙලා ඇතුලත් කරන්න ඕනේ.


    ඒත් දැනගතයුතු දේවල් කිහිපයක් තියෙනවා,


    1. එම Payoneer කාඩ් එකහි තොරතුරු ඇතුලත් කරන අවස්තාවේ අපි PIN නම්බරයක් ඇතුලු කරන්න ඕනේ. අපි කැමති අංක 4කින් යුතු මතක හිටින නම්බරයක්.


    2. නොමැකෙන පෑනකින් කාඩ් එක පි‍ටුපස අපේ අත්සන යොදන්න ඕනේ


    3. ඉහත කරුන සියල්ල සම්පූර්ණ කලත් තාම කාඩ් එක Active නෑ. Active කිරීම සදහා අපට යම් මුදලක් වැයවෙනවා

    Payoneer Card එක Active කරන හැටි

    මේ සදහා අපට වෙනත් VISA/MASTER කාඩ් එකක් තියෙන්න ඕනේ. HNB Card, Sampath Web Card හෝ වෙනත් ඕනැම බැංකුවක කාඩ් එකක් යොදාගන්න පුලුවන්. හැබැයි අඩුම තරමේ $20 ක් ඒ කාඩ් එකේ තියෙන්න ඕනේ. පලවෙනි පාර Payoneer Cardඑකට මුදල් ලෝඩ් කල සැනින් එයාලාගේ ගාස්තු එයාලා කපාගන්නවා. Active කිරීමේ ගාස්තුව $10යි.


    images


    Payoneer Card එකේ ගාස්තු

    https://payouts.payoneer.com/partners/Default/fees.aspx?pid=4112380&bhcp=1&bhjs=1&bhqs=1


    ATM Withdrawal Fee = $2.15 + 3%

    සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ

    images



    Payoneer Card එකෙන් රුපියල් ගන්න හැටි

    http://www.mastercard.com/us/personal/en/cardholderservices/atmlocations/index.html


    ඉහත ලින්ක් එකෙන් ඔබේ ප්‍රදේශයේ මුදල් ලබාගත හැකි ATM යන්ත්‍ර බලාගන්න පුලුවන්. කාඩ් එක මැෂින් එකට දාලා අවශ්‍ය මුදල ගහපු ගමන්, කාඩ් එකේ තියෙන ඩොලර් රුපියල් වෙලා එලියට එනවා.


    (Commercial Bank / Sampath Bank / National Savings Bank )

    images


    PayPal, Plimus & Payoneer Card


    PayPal මුදල් Payoneer Card එකට දාලා, ලංකාවේ ATM එකකින්.


    අන්තිම ප්‍රතිපලය බැලුවොත්, PayPal වල තිබුන ඩොලර්, ලංකාවෙන් රුපියල් විදියට. හරියට බැලුවොත් මේකත් මැජික් එකක් වගේ වැඩක්. ඉතින් කවුද කියන්නේ පේපැල් ලංකාවට සල්ලි එවන්නේ නෑ කියලා?


    ගිහින් එන්නම්,

    ඔබට ජය!



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla


     
    Last edited:

    dumindu89

    Member
    Oct 15, 2011
    65
    4
    0
    Apo meyaa ubalata aadareta neme me thread eka dala tiyenne. Ubala link eka click karala sign up unoth eyata $25 k hamba wena hinda.