වර්ගවාදය සහ බයික්

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    වර්ගවාදය සහ බයික්

    මේක මගේ අනිත් නූලත් එක්ක link වෙන ත්‍රෙඩ් එකක් .මේක බලලම මගේ අනිත් Thread වලටත් යනවනම් වැඩිය හොඳයි කියලයි මගේ නම් අදහස.

    එහෙනම් ඔන්න අද බයික් වල වර්ගවාදෙ අවුස්සමු.ඔන්න වැඩේ පටං ගත්ත.

    බයික් කටු අපි සාමාන්‍යයෙන් වර්ග 8කට වෙන් කරනවා.ඒ ඒවගෙ හැඩය කාර්යක්ෂමතාම භාවිතය ආදී කරුණු ගැන සළකලා.
    1)Naked Bikes
    2)Commuter
    3)Off Road
    4)Sports
    5)Scooter
    6)Scooterette
    7)Cruiser
    8)Moped



    images

    1)හෙළුවෙං දුවන බයික් නොහොත් Naked Bike

    මෙව්වා කොටින්ම කිව්වොත් දර්ශීය බයික් කියන්නෙ මේවට.මේවා ඇවිල්ලා බයික් එකක මූළිකම අවස්ථාවෙ තියන බයික්.අපි කඩේට පාං අරං යන්න පදින ඉන්ඩියන් බයික් බොහෝමයක් වගේම බයික් උණ ගහලා තියන බහුතරයක් ලඟ තියන Honda Hornet 250 වැටෙන්නෙ මේ ගණයටම තමා.
    images

    images

    මේකෙ වැදගත්ම විස්තර ටික තාම කිව්වෙ නැහැ නෙ.පොඩ්ඩක් හිටපල්ල ඒ ටිකත් හෙමිහිට කියලා දාන්නම්.

    බයික් එක සංකීර්ණ වෙන්න වෙන්න ඒකට නොයෙක් දේ එකතු කරනවා ඒ වගේම බයික් එකේ අනාකුල හැඩය පවත්වා ගන්නත් විවිධ දේ කරනවා.මේ වගේ දේවල් හුඟක් කරන්නෙ බයික් එක ස්පෝට් පැත්තට බර වෙනකොට.ඒත් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Bike එකක නැත්තම් යතුරු පැදිය කියන එකේ එවැන්නක් ගැන වැඩි දුරකට සළකළා නැහැ.සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන යතුරු පැදියක් සුද්ද සිංහලෙන්ම කිව්වොත් ඕන වෙන්නෙ එතනදි තෙල් වැඩ කිරිල්ල සහ 100 km/h වෙනකම් දෙදරන්නෙ නැතුව යන්න පුළුවං වෙන එකයි.ඒක නිසා තමයි බහුතරයක් අපි එදිනෙදා පාවිච්චි කරන වන්ඩි Naked-Bikes වෙන්නෙ.

    ඒත් සුද්දා කියන එකට හොඳ නිර්වචනයක් දීලා තියනව.කොටින්ම කිව්වොත් මිනිහ සිංහලෙන්ම කියලා තියෙන්නෙ මෙහෙමයි.
    A Naked Bike is a motorcycle with little or no wind-deflection and an exposed chassis.

    2)Commuter

    Commuter කියන්නෙ එදිනෙදා තමන් ජොබ් එකට යන්න පාවිච්චි කරන බයික් එක.තෙල් නම් හොඳටම කරනවා.එතකොට උඹල අහයි නිකං ඉන්න බැරුවට මේකෙයි හෙළුවෙං යන බයික් වලයි තියන වෙනස මොකද්ද කියල.මෙහෙමයි මේ දෙක හරියටම මෙහෙමයි කියලා වෙන් කරලා අඳුර ගන්න බෑ.ඒත් එදිනෙදා රස්සවට යන මනුස්සයට කිලෝමීටර් 20 ක් ගොහිං එන්න හොනට්ටුවකින් යන්න බෑ නෙ.ඒ හේතුව මතම තමයි මේවා හැදෙන්නෙ.දකුණු ආසියාතිකරේ එදිනෙදා ජීවිතේ පාවිච්චි කෙරෙන යතුරු පැදි බහුතරයක් වැටෙන්නෙ මේ ගණයට.මොකෝ ඉතින් අපේ මිනිස්සු තෙල් බවුසර් පටවගෙන යන්නෙයි.මේ බයික් වල මම හොයපු විදියට සාමාන්‍යයෙන් උපරිම එන්ජින් ධාරිතාව එන්නෙ 150cc වගේ single cylinder.මේක මම හොයලා කරපු උපකල්පනයක් නිසා හරියටම දන්න කෙනෙක් වැරදි නම් කියන්න.

    Hero honda Hunk,CBZ,Glamour,Splender,Bajaj Discover 100,Yamaha FZ 16 වගේ බයික් වැටෙන්නෙ මේ පැත්තට.
    images


    3)Off-Road
    ඔන්න මේ එළකිරි යෙ කොල්ලො ටික කාපර් කරලා තියන Subject එක.මේ ගැන මට වඩා දන්න කොල්ලො මේ එළකිරියෙ ඕන තරම් ඉන්නවා.මම මෙව්වා හොයලා කියන ඒව වුනාට මේ වගේ පමණක් තොරතුරු ගිරවා වගේ වමාරන්න පුළුවං ඈයොත් මේකෙ ඉන්නවා කියා එක මතක් තියා ගත්තොත් හොඳයි.
    කොහොම උනත් ඉතින් පටං ගත්ත නූල් පොජ්ජ නෙ.මේකත් කියලම දානවා.

    Off Road bikesකියන්නෙ මොකද්ද?මෙන්න මෙහෙමයි අපේ ගෙවල් ගාව සුද්දා අයියා නම් කිව්වෙ.
    A motorcycle designed for use in the dirt or off-pavement. They are typically not street legal, but sometimes they have lights and larger gas tanks.
    මිනිහා එහෙම කිව්වට මට සැකයි ඇයි යකෝ අපේ එවුන් කාපට් පාරවල් වල ගෙඩි පිටින් දුවන්නෙත් Off ROad බයික් නෙ.මේවා තෙල් පිරිමැස්මටවත් හැඩයවත් බලාගෙන හදන වන්ඩි නෙමෙයි. මේ බයික් මූළිකවම හදන්නෙ දුෂ්කර මාර්ග වලට.නැත්තම් කොටින්ම කිව්වොත් Off Road gamesවලට.ඒ වුනාට මෙව්වා මහ පාරෙත් දුවන්න පුළුවං.නියම බයික් කටු.පොත්ත පිටිං හම ගහන්න පුළුවං.අප්පට සිරි දැන් නෙ මතක් උනේ මේකාට පොත්තක් නෑ නෙ??
    මේවා තෙල් පිරිමැස්ම ගැන වැඩි අවදානයක් නොදැම්මට සාමාන්‍ය off road bike එකක ඒ කාණ්ඩයේ වෙනත් යතුරු පැදියක් එක්ක ගත්තම හොඳට තෙල් කරනවා.මේ හදන්නෙ ඒවා පුළුවන් තරම් දුෂ්කර අවස්තාවලට ඔරොත්තු දෙන්න බලාගෙනමයි.ඒක නිසා ඉස්සරහට Telescopic suspensionsත් පස්සට Mono shock suspensionsත් තමයි සාමාන්‍යයෙන් එන්නෙ.
    images


    මේ දවස් වල ලංකාවෙ පිස්සුවක් වගේ යන Yamaha TW200 වගේම Kawazaki D-Trackerවගේ බයික් අයිති වෙන්නෙත් මේ කාණ්ඩෙටම තමයි. මෙතනත් මට තාම නොවිසඳුණු අවුලක් තියනවා ගන්න එකෙක් මාස 6ක් විතර පාවිච්චි කරලා විකුණනවා.කවුරුවත් ඒකට හේතුවක් එහෙම දන්නවද?

    එකක් කියන්නම ඕන Tw බයික් එක Dual purpose bike කියලා තමයි කියන්නෙ.ඒ කියන්නෙ Enduro, Offroad කියන කාණ්ඩ දෙකටම අයිති වෙන බයික් එකක්.
    images



    4)Sports Bike
    Sports Bikes හදලා තියෙන්නෙ මූළිකවම වේගය,Performance හා හැඩය පදනම් ව.හැසුරුවීමේ පහසුව ගැන බලලා තියනවා කිව්වට උස සාමාන්‍යය 5'5" වෙන ලංකාවෙ මිනිස්සු එක්ක බලද්දි ඒක ගැන ප්‍රශ්නෙකුත් එනවා.මේකෙ හැඩයත් Design කරලා තියෙන්නෙ(Aerodynamic) මේකෙ Speed එකට තල්ලුවක් දෙන විදිහටමයි.විශ්වාස කරපං අත පය කඩා ගන්න වගේම සල්ලි වැඩිපුර තියනව නම් ගන්නම වටින බයික් එකක් තමයි මේක.අපෙ සුද්දා අයියා උඹලට මේක ගැන මෙහෙම්මම කියන්න කියලා කිව්වා.
    Sports bike is a focused motorcycle designed for speed and handling. These machines are usually equipped with aerodynamic bodywork.

    මේවට ද උදාහරණ නැත්තෙ.Honda CBR 1000R,Kawazaki Ninja 1000 වැටෙන්නෙත් මේ ගණයට.
    images

    ඊළඟ මාතෘකාව ගැන නම් මම වැඩිපුර කතා කරන්න කැමති නෑ.හේතුව අහන්න එපා.කොහොම උනත් මෙච්චරක් කරපු එකේ ඒකත් දාන්නම්


    5)Scooter

    Scooty කියන ජාතියේ කොල්ලොන්ට හදපු එක.අපේ එවුං එහෙම හිතං හිටියට ස්කූටර් මුළින්ම හදලා තියෙන්නෙත් කොල්ලොන්ටමයි.මස්සෙ තමයි වෙනස්කම් කරලා කෙල්ලොන්ට වෙනම හරියන බයික් එකක් හදලා තියෙන්නෙ. අපේ සුද්දා අයියගෙ අදහස නම් මෙහෙමයි.
    Scooter is a light two-wheeled open motor vehicle on which the driver sits with legs together and feet resting on a floorboard.
    Yamaha Mate 50,Yamaha Xenon 125,TVS Wego වැටෙන්නෙ මේ පැත්තට.
    මේවා සාමාන්‍යයෙන් අපි ස්කූටි කියලා පාවිච්චි කරන ඒවට වඩා ප්‍රමානයෙන් තරමක් විශාලයි වගේම ඉහල එන්ජින් ධාරිතාවක් තියනවා.

    images


    6)Scooterette

    දැන් අපේ කොල්ලො කෙල්ලො Scooty කියලා පදින එක වැටෙන්නෙ මේ ගණයට තමයි.
    ඒ වුනාට මේවා Design කරලා තියෙන්නෙ කෙල්ලොන්ට
    මට නම් මොකෙක් කොහොම කිව්වත් මම කියන්නෙ Scooter ස්ත්‍රී පාර්ශවේටම Design කරපු ගෑනු විතරක් පදින්න ඕන bike ජාතියක්.සැප පහසුව අතින් නම් හොඳයි.සැප දෙන්නම හදපු එකක් මං හිතන්නෙ.Automatic gear එන්නෙ.මේ ගැන විස්තර කරන්න බෑ ඒත් සුද්ද අයියා ඔය ගෑනුන්ගෙ එව්ව ගැන විස්තර කරන්න හරි දස්සයා මෙන්න මෙහෙමයි ඌ කිව්වෙ
    Scooterettes are the types of scooters which are designed basically for female.They are normally small compared to the size of the scooters.
    images


    ඒත් අපිත් ඕවා නොපැද්දා නෙමෙයි. මමත් මුළින්ම ගන්න හිටියෙ Scooty එකක් පස්සෙ අපේ එවුන් රැල්ලට ගත්තා.උන් ගත්තට පස්සෙ ඉතින් ගමේ නංගිලට අක්කලට පයින් යන්න රුදාව නිසා උන්ටත් උංගෙ මහත්තුරු Scooty අරන් දුන්නා.අද වෙනකොට අපේ ගමේ ඉන්න ගෑනු බහුතරයක් ගාව ඔය මල මගුල තියනවා.එහෙවු එකේ අපි කොහොමද බං නම්බුවක් තියාගෙන රෙද්දක් ඇඳගෙන Scootyයකින් පාරට බහින්නෙ.
    ඒක නිසා තමයි මම තාමත් පුෂ් බයිසිකලෙන්...... හුලං ගහනවා යනවා.ඉන්ධන කාර්යක්ෂමතාවෙ අනන්තෙට පොඩ්ඩක් අඩුයි.
    බයික් කටු හොය හොය ඉන්න එකේ මෙන්න භාන්ඩෙ.

    images

    Hero Honda Pleasure,Bajaj Crystal,TVS scooty pept,Honda dio මේවට උදාහරණ.

    7)Cruiser

    බයික් කාපර් කෙනෙක් තම ජීවිත කාලය තුළදී පැදිය යුතුම බයික් එක.මෙව්වා තමයි ඇමරිකන් කාරයෝ උස්සලම තියන බයික් වර්ග.උන්ට මෙව්ව තමයි බයික්.අනික්වා බයිසිකල්.අපේ සුද්ද අයිය මේකට හොඳ නිර්වචනයක් දුන්න තේරෙන සිංහලෙන්ම
    A cruiser is a type of motorcycle that is low and long. They are outfitted with low seats, fat rear tires, and raked front forks. Foot pegs are located in an extreme forward position so that much of the road jolts are absorbed by the rear end.
    images


    Harley Davidsonලා හදන හැම බයික් එකක්ම වැටෙන්නෙ මේ පැත්තට.Yamaha virago තවත් උදාහරණයක්

    8)Moped
    මදුරුවා................උඹට නෙමෙයි කිව්වෙ
    මටත් එකෙක් හිටියා ඌ ඒ වුනාට මහ ලෙඩ ගොඩ.මේවා වැඩිවේගයක් ගැන හිතලා හදන එව්වා නෙමෙයි.කොටින්ම කිව්වොත් කිසි දෙයක් ගැන හිතන්නෙ නැතුව පුෂ් බයිසිකලේකට ඇන්ජිමක් හයි කරා වගේ තමයි.වගේම එන ඒවත් තියනවා.වැඩි බජට් එකකට යන බයික් එකකුත් නෙමෙයි.ඒ වුනාට අද මහින්ද මාමගෙ ආර්ථිකෙත් එක්ක අනර්කෙලී ලට පබාලට ඡන්දෙ දීපු එවුන්ට වගේම තාම මොකෙක්ටවත් ඡන්දෙ නොදාපු අපි වගේ එවුන්ටත් යන්න වෙලා තියෙන්නෙ මෙව්වා එකෙන්ම තමයි.මොකද කොල්ලො අද ආර්ථිකෙත් එක්ක කරන්න බෑ නෙ.
    මේකෙ තෙල් නම් සුපිරියටම වැඩ.එන්ජින් ධාරිතාව 100ccට අඩුයි.චේන් එකෙන් වගේම බෙල්ට් එකෙන් දුවන එව්වත් තියනවා.අදිනකොට නම් බයික් එක අදිනවා දෙදරන්නම.ලංකාවෙ තියෙන්නෙ වැඩිපුර 49cc ,69cc මාදිලි.මේවට ලයිසොන් රක්ෂණේ ඕනෙ නැතැයි කිව්වට දැන් කාලෙකට කලින් නීතියක් ගෙනාව නොවෑ.ඒත් මම මදුරුවා විකුණනකම්ම දිව්වෙ හෙල්මට්ටුවක් වත් නොදැම කිසි ලියකියවිල්ලක් වත් නැතුව නොවෑ.
    images


    TVS Heavy Duty,Luna Kinetic වගේ එව්වා තමයි උදාහරණ.




    තව නූලක් අස්සෙ අනිත් නූලත් කරනවා කියලා හිතන්නෙපා.දැන් නම් කොල්ලෝ ඇත්තටම අත රිදෙනවා ටයිප් කරලම.පුළුවන් නම් මෙව්වට Repක් දාලම යන්න.මටත් බයික් ගැන විස්තර හොයනකොට වෙන පටළැවිල්ලක් නිසා තමයි මේ ටික දැම්මෙ.මොකද මේක මම වගේම මේක බලන කොල්ලොන්ටත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතන නිසා.මම බයික් ගැන වැඩිදෙයක් දන්නෙ නැහැ ඒත් බයික් උණ නම් හොඳටම තියනවා කියලා දන්නවා.නැත්තං මෙච්චර කෙළියක් නටන්නෙ නෑ නෙ?අදටත් මම බයික් ගැන දන්න හුඟක් දේවල් වලට පිං දෙන්න ඕන එළකිරියෙ එළකිරි කොල්ලො සෙට් එකට.ඕන වෙලාවක බොක්කෙන්ම සප්.රත්තරං අයියගෙ ත්‍රෙඩ් බලලා හුඟක් දේවල් ඉගෙන ගත්තා.Kandyan අයිය ඕන වෙලාවක ඕන දෙයක් ඇහුවම කිසි ලෝබකමක් නැතුව මමත් චාටර් නොකර කියලා දෙනවා.GTRz අයියත් මගේ ගිය ත්‍රෙඩ් එකේ වැරදි පෙන්නලා මට හුඟක් උදව් කරා.අදටත් මම ඒවගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම මගේ ත්‍රෙඩ් බලලා රෙපක් බම්ප් එකක් දාල ගියපු හැම කොල්ලටම කෙල්ලටම ස්තූතියි.මෙව්ව එකටත් රෙපක් දාලම යන්න. අදින් පස්සෙ ලියන්න තියන ත්‍රෙඩ් ටිකක් දිගයි ඒකයි මේ ටික කියලම දැම්මෙ.
    එහෙනම් FZ1එක ගැන ඉතුරු ටිකත් කියවගෙන යන්න.මෙතනින් මොනව හරි ඉගෙන ගත්තනම් Rep දීලම යන්න.වැරැද්ද ක් තියේනම් කියන්න.මම ඒ ගැන කිසි තරහක් හිතන්නෙ නැත.

    මේ මගේ FZ1 ත්‍රෙඩ් එක
    Yamaha FZ1 2012
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් හදිස්සියෙන් එලකිරි ආවේ වැඩටයන්න කලින් ...PM වලට දවස් දෙකකින් උත්තර දැම්මෙත් නෑ.. (ලගදිම දානවා ) ඒ තරම් වැඩ.. ඒත් මේ වගේ සිරා ත්‍රෙඩ් දැක්කහම කොහොමද අහක බලන් යන්නේ.. නියමයි කොල්ලෝ.. ආයෙත් සුපිරිම වැඩක් කරලා.. මුලසිට පටන්ගන්න කෙනෙක්ට හුගක් වටිනා ත්‍රෙඩ් එකක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    "වර්ගවාදය සහ බයික්"
    මාතෘකාව දැක්කහම මට හිතුනේ වෙන දෙයක්.
    කොහොම හරි හොඳ ත්‍රෙඩ් එකක් දිගටම ගෙනියන්න
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    රත්තරං;13404703 said:
    මචන් හදිස්සියෙන් එලකිරි ආවේ වැඩටයන්න කලින් ...PM වලට දවස් දෙකකින් උත්තර දැම්මෙත් නෑ.. (ලගදිම දානවා ) ඒ තරම් වැඩ.. ඒත් මේ වගේ සිරා ත්‍රෙඩ් දැක්කහම කොහොමද අහක බලන් යන්නේ.. නියමයි කොල්ලෝ.. ආයෙත් සුපිරිම වැඩක් කරලා.. මුලසිට පටන්ගන්න කෙනෙක්ට හුගක් වටිනා ත්‍රෙඩ් එකක්

    Thanks ayye!