රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    මේ ත්‍රෙඩ් එක දාන්න හිටියේ ටික දවසක ඉදන් එත් විවිධ හේතු නිසා වැඩේ කල් ගියා (දන්නේ නැද්ද අපිට ඉතින් බාලගිරි දෝෂයනේ...;)) කොහොම කොහොම හරි ඉතින් ඔන්න අද වැඩේට අත ගැහුවා...:yes::yes::yes:

    මේක මම Elakiri Traveler Section එකේ දැම්මට මට ට්‍රැවල් කරන්න නම් දෙයක් තිබුනේ නෑ මොකද මේ දාල තියෙන දේවල් අපේ ගෙවල් පිටිපස්සේ බීච් එකේ සිදුවෙන ක්‍රියාකාරකම්...:yes::yes:

    රිටි පන්න ධිවර කර්මාන්තය
    (ලොකුවට දැම්මට කස්ටිය දන්නවද මන්ද මේ ගැන..:nerd: )

    scaled.php


    "රිටි පන්න" කියන්නේ ලංකාවේ මාළු අල්ලන ක්‍රමයක්, නවීන මාළු ඇල්ලීමේ උපක්‍රම හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන..:( මාළු ඇල්ලීමේ ක්‍රමයක්...


    මම දන්නා තරමින් මෙම මසුන් ඇල්ලීමේ ක්‍රමය දකින්න ලැබෙන්නේ ලංකාවේ දකුණු පළාතේ පමණයි:nerd::nerd: , දකුණු පළාතෙත් තරමක් හෝ සුලබව දකින්න ලැබෙන්නේ උණවටුන,හබරාදුව, කොග්ගල, කතළුව, අහංගම ( අහංගම, ඒ කියන්නේ අපේ ගම..:yes: ) යන ප්‍රදේශවලයි...


    තව දෙයක් මේ මසුන් ඇල්ලීමේ ක්‍රමය මගින් බොල්ලන් සහ කොරබුරුවන් වැනි කුඩා මසුන් පමණයි අල්ලනු ලබන්නේ..
    (දැන් අහන්න එපා මේ මාළුන්ගේ විද්‍යාත්මක නාමයන්..:frown::frown: මම ඕව දන්නේ නෑ..:no::no::no: අපි කියන විදිය තමයි මේ...:P:P)



    මේ කුඩා මසුන් ඉන්නේ විශාල රංචු වශයෙන් වෙරළට කිට්ටුවෙන් ඉතින් මුන් කාලෙන් එක එක ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා..
    (උනත් එක තැනක ඉන්න බැනේ...:P)
    ඔහොම මාළු ආවම ඉතින් දැනගන්නේ කොහොමද..:rolleyes::rolleyes: එකත් හරිම ලේසි.. මාළු ඉන්නේ විශාල රංචු පිටින් නිසා උන් ආවම විශාල කළු පැල්ලම් වගේ මුහුදේ දිස්වෙනවා... එක එකක් අනික තමයි මාළු ඉන්න තැන්වල මුහුදු ලිහිණින් නිතරම රවුම් ගහනවා දකින්න පුළුවන්..
    :P


    ඉතින් ඔන්න මේ දවස්වල අපේ පැත්තෙත් මේ වගේ ලොකු මාළු රංචුවක් ඇවිත් ඉන්නවා..:yes::yes: එකම තමයි හේතුව උනෙත් මේ ත්‍රෙඩ් එක දාන්න...
    ;)


    ඉතින් ඔහොම මාළු රංචුවක් ආවම ධීවරයෝ කරන්නේ ඒ මාළු රංචු අතරින් මුහුදේ ලී කණු හිටවනවා, ඊටපස්සේ ඒ කණුවල නගින ධීවරයෝ බිලි පිත්තක් ආධාරයෙන් මසුන් ඇල්ලීම සිදුකරනවා...


    මේ පහල තියෙන පිංතුර දැක්කම හොදට තේරුම් ගන්න පුළුවන්.. රිටි පන්න ක්‍රමය ගැන

    කොහොමද උදේම මාළු අල්ලන වෙලාවේ තියෙන ලස්සන..

    scaled.php


    මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් රිටි පන්න ක්‍රමයට මසුන් අල්ලන සහ අහුවෙන ආකාරය...:yes::yes:



    මුහුදු වෙරළේ සුන්දරත්වය විදින විදේශිකයෝ....


    scaled.php


    scaled.php


    උදේට සහ හවසට ධීවරයෝ මෙලෙස මාළු ඇල්ලීමේ නිරත වෙනවා...

    තවදෙයක්... මේක නරබන්න, ඡයාරූපයට නගන්න විදේශිකයෝ ආසදෙයක් තමයි.. ඉතින් එහෙම අදහසින් මෙතනට එන විදෙශිකයෝන්ට සිද්දවෙනවා මේ ධීවරයන්ට යම්කිසි මුදලක් පුජා කරන්න... ( ඒ කියන්නේ දත ගලවනවා..;):yes:) ඒ මුදල 500ක් 1000ක් වගේ වෙන්න පුළුවන්...:baffled:
    ඒ මුදල් ලබා ගන්නේ මෙතන ඉන්න ධිවර ප්‍රධානියා ඔහු එසේ එකතුවන මුදල් අවසානයේ ධීවරයන් අතර බෙදා දෙනවා....:yes::yes:

    මෙසේ මාළු අල්ලා ගොඩ රැගෙන එමෙන් පසු ප්‍රධානියා විසින් ධීවරයන් එකිනෙකා රැගෙන එන මාළු ප්‍රමාණයන් ගණනය කර එය සටහන් කරගෙන මාළු ලෑල්ලට නැතිනම් වෙළදපොලට යොමු කරනවා...

    scaled.php


    scaled.php


    අවසානයේ තමයි ධීවරයන් එකිනෙකා ඇල්ලු මාළු ප්‍රමාණයන්ට අනුව මුදල් බෙදා දීම සිදුකරන්නේ....:yes:

    මේ ඉන්නේ රිටි පන්න ක්‍රමයට ඇල්ලු කොරබුරුවන්....:rolleyes:

    scaled.php


    ඉතින් මේ විදියට මාළු ඇල්ලීමට ධීවරයන් බිලී පිත්තක් බාවිතා කරනු ලබනවා... ඒ බිලී පිත්තට යොදාගන්නේ කිතුල් ගසක අත්තක්.. එම කිතුල් පිති සැහැල්ලුයි... මේ ආකාරයෙන් මාළු ඇල්ලීමට ඇමක් භාවිතා නොකරයි...:rolleyes:

    එයට භාවිතා කරන්නේ පහත අකාරයේ ඊයම් වලින් තැනු කුඩා කොක්කක්...
    :nerd:

    scaled.php


    ඉතින් මෙන්න මේ නිසා තමයි මාළුවා කට හින්දා නහිනවා කියන්නෙත්....:yes::yes::D:D


    මේ කට්ටිය හවස මාළු අල්ලනවා...
    (මේ වෙලවට තමා විදේශිකයෝ වැඩිපුරම ඡයාරූප ගන්න කැමති මොකද ඉර බැහැගෙන යන වෙලාවේ මේ මාළු අල්ලන අකාරය අපූරු ලස්සන චිත්‍රයක් මවනවා...:cool::cool::cool:)


    scaled.php


    විශේෂ දෙයක් තියෙනවා කියන්න... මේ වගේ මාළු අල්ලන තැන්ක දැක්කොත් එතන මුහුදට නාන්නවත් රැල්ල පගන්නවත් යන්න එපා..:no::no:
    එහෙම යන්න ලැබෙන්නෙත් නෑ... එහෙම නාන්න හරි රැල්ල පාගන්න හරි හැදුවොත් මේ ඉන්න මාළු බය වෙලා දියබට යන්න පුළුවන් ඒ නිසා ධීවරයන්ගෙන් එකට ඉඩක් ලැබෙන්නේ නෑ...:no::no:
    එහම කරන්න යන්නත් එපා.. මොකද මේ මිනිස්සුන්ගේ අදායම් මාර්ගය මේක නිසා...
    :yes:

    රිටි පන්න ධිවර ක්‍රමය ගැන නම් ඔන්න කියලා ඉවරයි....

    ඔන්න දැන් ඉර බැහැගෙන යන වෙලාවේ අපේ බීච් එකේ ලස්සන කොහොමද බලන්න..

    (අපේ පැත්තේ මුහුදේ වැඩිපුරම තියෙන්නේ කොරල් පර ඉතින් මේ කොරල් පර එක්ක මුහුදේ යට තියෙන්නේ අමුතුම ලස්සන ලෝකයක්...:yes::yes:
    වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ..:cool::cool:

    අදහසක් තියෙනවා Underwater Cam එකක් ගන්න එහෙම උනොත් එදාට අනිවා පිංතුර ටිකක් දාන්නම්...
    11.gif
    )

    ( මම පිංතුර ගන්න වැඩ කාරයෙක් නෙමෙයි අඩුපාඩුවක් තියේ නම් සමාවෙන්න...:sorry::sorry::sorry:)


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    කොහොමද ලස්සන...???

    මේ ගල්වැටිය දැම්මේ ලගදි... හවසට මේක උඩට ගිහින් වාඩිවෙලා ඉන්නකොට වෙලාව යනවා තේරෙන්නේ නෑ... හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ...

    scaled.php


    මෙන්න තව ෆොටෝස් ටිකක්...

    ගල්වැටිය මත සිට...

    scaled.php


    scaled.php


    scaled.php



    ලංකාවට ඇවිත් ක්‍රිකට් ගහන සුද්දෝ... ( පට්ට අතල් බන් මුන් සෙල්ලම් කරනකොට තනි පිස්සු කෙලින්නේ...:lol::lol: )

    scaled.php


    scaled.php


    විදෙශියකයන්ගේ පැමිණීම අදායම් මාර්ගය කරගත් පිරිස්....
    ( පස්සේ දැක්කේ ඔයි සුද්දී ඇදුම් මාරු කරනවා කියලා.. නැත්නම් හිතලා වල්කමට ගත්තේ නෑ හොදේ...;););))

    scaled.php



    ත්‍රෙඩ් එක අවසානේ එක ඉල්ලීමකුත් තියෙනවා... මේ මුහුදු වෙරළ මේ වගේ ලස්සනට තියෙන නිසයි මේ ඡයාරූප ලස්සන... මේ මුහුදු වෙරළවල් අපවිත්‍ර කරන්න එපා.. ගොඩක් අය මේ වෙරළේ ඉදන් බොනවා( දන්නවනේ ඉතින් බොන්නේ මොනවද කියලා).... බිලා අන්තිමට කරන්නේ ඒ හිස් බෝතල් කුඩු කරලා දාලා යනවා..:growl::growl::growl: සිකරට් පැකට් හැම තැනම ඒ වගේම ප්ලාස්ටික් බිම බෝතල්..:angry::angry: බීච් එකේ තියාගෙන බිව්වත් කමක් නෑ ඒ වගේ තිරිසන් නම් වැඩ කරන්න එපා..:no::no: කවදාවත් විදේශිකයෝ එහෙම කරන්නේ නෑ..:yes::yes: උන්ගේ නොවුනත් උන් අපිට වඩා මේ බීච් එකේ ලස්සනට ආදරෙයි...:love::love: එනිසා ඒවා නියම විදියට බැහැර කරන්න...:yes: එහෙම නොවුනොත් ඉස්සරහට මේ බීච් වල ගන්න ෆොටෝස් වල කිසිම ලස්සනක් නැතිවෙයි...:(:(

    මේ කිසිම දෙයක් උපුටාගත් දෙයක් නෙමෙයි වීඩියෝ එකේ ඉදන් හැමදෙයක් මම විසින් ලබාගත් දේවල්...:yes:

    ටිකක් මහන්සි උනා මේ ත්‍රෙඩ් එකට, දැන් නම් හොද ගණන් ඉතින් උන මහන්සියට වත් සලකලා හිතේ තියෙන අදහස් එකතු කරලා කමෙන්ට් එකක් දාලා යන්න ගොඩක් වටිනවා එක...:):) අඩුම ගානේ බම්ප් එකින්වත් සලකන්න...:yes:
    :yes::yes:

    එහෙනම් කටියටම ස්තුතියි....
    මම කැපුනා....:):):)

    scaled.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට සුදු මල්ලියෙ
    නියමයි උඹ ත්‍රෙඩ් එකක් දානව කිව්වට මම හිතුවෙ නෑ මෙච්චර විස්තරයක් තියෙයි කියල
    නියමනෙ කොල්ලො
    අම්මේ බල මාලුවක් කන්න හොද උණු උණු එවා ගමේම යන්න ඕනෙ නෙ බන්
    අපිත් දෙසැම්බර් වල එනවනෙ ඔය පැත්තේ
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පට්ට සුදු මල්ලියෙ
    නියමයි උඹ ත්‍රෙඩ් එකක් දානව කිව්වට මම හිතුවෙ නෑ මෙච්චර විස්තරයක් තියෙයි කියල
    නියමනෙ කොල්ලො
    අම්මේ බල මාලුවක් කන්න හොද උණු උණු එවා ගමේම යන්න ඕනෙ නෙ බන්
    අපිත් දෙසැම්බර් වල එනවනෙ ඔය පැත්තේ
    අයෙත් අහලා බබා.. මාළු ඇබුල්තියල් කරලා පොල් සම්මබලකුත් එක්ක උණු උණු සබ්බා බතක් එක්ක කන එක තමයි මගේ කෑම...
    11.gif
    එල එල වරෙන් අනිවා මොනවා හරි කොරන්න බැරියැ...;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඔය වෙරළ තිරයෙ දැකපු දෙයක් තමයි අපේ සමහරක් උන් ගියහම ආයෙ වෙන කටවත් යන්න බැරි විදියට ජරා කරල කුජීත කරල තමයි එන්නෙ.ඒත් සුද්දො එහෙම නෑ උන් චාටර් උනත් උන් පරිසරයට ආදරය කරන එක අතින් අපේ උන්ට වඩා ඉහලින්ම ඉන්නවා.කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙ වැඩියෙන්ම බැනුම් අහන්නෙ දේශීය සංචාරකයින් තමයි.අපේ උන් කෑවද ටොෆී කොලේ හිටන් එතනම විසි කරනව.සුද්දො ඒ අතින් එහෙම නෑ.අන්න ඒකයි වෙනස
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අයෙත් අහලා බබා.. මාළු ඇබුල්තියල් කරලා පොල් සම්මබලකුත් එක්ක උණු උණු සබ්බා බතක් එක්ක කන එක තමයි මගේ කෑම...
    11.gif
    එල එල වරෙන් අනිවා මොනවා හරි කොරන්න බැරියැ...;)
    අම්මෙ බන් ඕව දැන් මතක් කරපු එක නම් හොද නෑ මල්ලියේ
    කොහොමෙයි ඉතින් කෙල ගිලෙන එකත් නවතින්නෙ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    මම ඔය වෙරළ තිරයෙ දැකපු දෙයක් තමයි අපේ සමහරක් උන් ගියහම ආයෙ වෙන කටවත් යන්න බැරි විදියට ජරා කරල කුජීත කරල තමයි එන්නෙ.ඒත් සුද්දො එහෙම නෑ උන් චාටර් උනත් උන් පරිසරයට ආදරය කරන එක අතින් අපේ උන්ට වඩා ඉහලින්ම ඉන්නවා.කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙ වැඩියෙන්ම බැනුම් අහන්නෙ දේශීය සංචාරකයින් තමයි.අපේ උන් කෑවද ටොෆී කොලේ හිටන් එතනම විසි කරනව.සුද්දො ඒ අතින් එහෙම නෑ.අන්න ඒකයි වෙනස
    කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන නම්...:no:
    අපේ එවුන්ට අපේ දේවල් ගැන කිසිම ගාන්නක් නැනේ...:no:
    හැමදේම නැති නාස්ති කරලා දාන්නමයි බලන්නේ...:angry::angry: