කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල්
ලස්සන නිර්මාණයක් දැක්කම ඉස්සල්ලම මතක් වෙන්න එලකිරිය. ඒ හින්දම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.
කලින් දැකල තියනවනම්, re post නම් තරහ අවසරයි.
දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන්
ඇඳ නම් ලෑලි මැස්සෙන්
අලුයමින් බැස යයි
තාත්තා නම් අපේ මළ හිරු
ගිවිසුම නිසා කන්න දිය යුතු
"මම උක්කුං" කිරි කඳුළක් නොදුටු
අම්මා දාල ගිය තුන් වැනියා, පරම්පරා තුනක
මම, අපේ තාත්තා, තාත්තගේ තාත්තා
මහත්වරුනි, මේ ඇත්ත "පට්ට" ඇත්ත
මේ තමයි අපි ඉපදුණ බිම මියැදෙන බිම
සහතිකයි මුඩු බිම් කෑලි රේල් පාර අයිනක
බ්ලූමැන්ඩල් මහා කුණු කඳු අපේ අස්වනු
මේ දැනුත් බලා සිටින්නේ එනතුරු හොඳම කුණු ලොරි
කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් නංගිට
බෙලෙක්ක, යකඩ බෝතල්, තාත්තාට මට
ඉඩදෙන්න මොහොතකට සිහින ලෝකෙට
අම්මා ආවා වගේ දැනේවි එතකොට අපට
[අඩ පියාසැරිය | 1999]
ප්‍රේමරත්න තෙන්නකෝන්
මං නිතර කියවන බූන්දියෙන් ........
http://boondionline.blogspot.com/
ලස්සන නිර්මාණයක් දැක්කම ඉස්සල්ලම මතක් වෙන්න එලකිරිය. ඒ හින්දම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන.
කලින් දැකල තියනවනම්, re post නම් තරහ අවසරයි.
දිරාපත් ලෑලි මඩුවේ අඩ නින්දෙන්
ඇඳ නම් ලෑලි මැස්සෙන්
අලුයමින් බැස යයි
තාත්තා නම් අපේ මළ හිරු
ගිවිසුම නිසා කන්න දිය යුතු
"මම උක්කුං" කිරි කඳුළක් නොදුටු
අම්මා දාල ගිය තුන් වැනියා, පරම්පරා තුනක
මම, අපේ තාත්තා, තාත්තගේ තාත්තා
මහත්වරුනි, මේ ඇත්ත "පට්ට" ඇත්ත
මේ තමයි අපි ඉපදුණ බිම මියැදෙන බිම
සහතිකයි මුඩු බිම් කෑලි රේල් පාර අයිනක
බ්ලූමැන්ඩල් මහා කුණු කඳු අපේ අස්වනු
මේ දැනුත් බලා සිටින්නේ එනතුරු හොඳම කුණු ලොරි
කුණු කෑම, කුණු දොඩම්, කුණු ඇපල් නංගිට
බෙලෙක්ක, යකඩ බෝතල්, තාත්තාට මට
ඉඩදෙන්න මොහොතකට සිහින ලෝකෙට
අම්මා ආවා වගේ දැනේවි එතකොට අපට
[අඩ පියාසැරිය | 1999]
මං නිතර කියවන බූන්දියෙන් ........
http://boondionline.blogspot.com/
කොටු 7 පැනපු සතුටටත් එක්ක



ඉක්මනට 8 ට යන්න .........




ඉක්මනට 8 ට යන්න .........

Last edited:

