Steve Jobs ගේ බිස්නස් රහස්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Steve Jobs ගේ බිස්නස් රහස්

    Steven-Jobs-9354805-2-402.jpg


    අපි හැමෝම අහලා ඇති ස්ටීබ් ජොබ්ස් ගැන. ලෝකයේ විශාල පරිගණක සමාගමක නිර්මාතෲවරයාව සිට මියගිය සාර්ථක ව්යාසපාරිකයෙන් තමයි ඔහු.

    තමන් වැදූ අම්මාගෙන් තාත්තාගෙන වෙන්වෙලා, විශ්ව විද්යානල අධ්යාපනේත් කඩාකප්පල් කරගෙන අවසානේ දියුණුවේ හිනිපෙත්තටම නගින්න ඔහු සමත් වුනා.

    ඔහු මහා මැජික්කාරයෙක් නෙවෙයි. ඔහුත් අපි වැනිම මනුශ්යටයෙක්. ඔහුටත් අනන්තවත් වැරදීම්, පසුබැහීම් වෙලා තිබෙනවා. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙක් වගේ එම පීඩාවලින් නොවැටී ඔහු තමන්ගේ මාර්ගයේ ගමන් කරා. ලෝකයේ සෑම කෙනෙක්ම 100% සාර්ථක වෙන්නේ නෑ. ජොබ්ස් උනත් එහෙමයි. නමුත් තමන් ලබාපු ජීවිතයෙන් මුලු ලෝකයම වෙනස් කරන්න ඔහුට පුලුවන් උනා.

    BBC නාලිකාව මෙහු ගැන වාර්ථාමය චිත්රීපටයක් හැදුවා. මීට ටික කාලයකට පෙර මෙය නිර්මාණය උනත් ඔහුගේ ජීවිත කතාව අපි හැමදෙනාටම වැදගත් වෙන එකක් නිසා මම ඒ චිත්රෙපටය මෙතන ඇතුලක් කරනවා. අනිවාර්යයෙන්ම බලන්න.



    මෙහුගේ ව්යාපාර හා ජීවන රහස් කිහිපයක් මම කෙටියෙන් දකවන්නම්. බොහෝවිට මේ රහස් ව්යාපාරික ක්ශේත්රයට වැදගත් වෙයි

    1) අලුත් විදිහට හිතන්න. ඒ හිතුවිල්ල කොච්චර රැඩිකල් උනත් කිරීමට අපහසු වුනත් තමන් සිහින දකින එක, අලුත් අලුත් අදහස් සැලසුම් කරන එක නවත්තන්න එපා

    2) තමන්ගේ ඉලක්කයට යාමට අවශ්ය ඕනෑම මානව හා භෞතික සම්පතක් ඉක්මනින්ම තමන් වෙත ලබාගන්න. ඒ වාගෙම තමන්ට අනවශ්ය සියලුම සම්පත් බැහැර කරන්න. ව්යාපාරයකදී නම් මානව හා භෞතික සම්පත් මේ ගණයට ඇතුලු කරන්න පුලුවන්. ඒක කොතරම් අපහසුවක් උනත් තමන්ට වේදනාවක් උනත් තමන්ගේ අවසාන ඉලක්කයට බාධා වෙන ඕනෑම දෙයක් විනාශ කරන්න පසුබට වෙන්න එපා

    3) තමන් වරක් අසමත් වුවහොත් වෙනත් මාර්ගයක් තෝරාගන්න. නමුත් ඒ මාර්ගය තමන්ගේ අවසාන ඉලක්කය කරා යන එකක් දැයි සැකහැර දැනගන්න. ස්ටීව් ජොබ්ස් තමන් නිර්මාණය කරපු Apple සමාගමෙන්ම එළියට ඇද දැමූ විට තමන්ගේ අවසාන ඉලක්කය වූ "තාක්ෂණයෙන් ලෝකය වෙනස් කිරීම" යන්න ඉටුකරගැනීමට Pixar, NEXT වැනි සමාගම් මිලට ගෙන ඒවා ලාභ ලබන තත්වයට ගෙනාවා. අවසානයේ සමාගමට නැවත්ත් ජොබ්ස් නැතුවම බැරි චරිතයක් උනා

    ජොබ්ස් ගේ ව්යා පාර ඥානය ඉතාම වැදගත්. මේ ඔහුගේ බිස්නස් රහස් කීපයක්

    1) සෑමවිටම වෙනස් දෙයක් කරන්න. ඒකාකාරී දේවල් වලට මිනිසුන් අකමැතියි. අනිත් සෑම තරඟකරුවෙක් ගෙන්ම වෙනස් වූ අංග තමන් තුල ඇතිකරගතහොත් පාරිභෝගිකයෝ නිතැනින්ම ඔබ වෙත ඇදේවි

    2) පාරිභෝගික මතයට සංවේදී වන අතරම තමන් නිර්මාණය කල නව අදහස් වලට ඉල්ලුමක් පාරිභෝගිකයින් අතර ඇතිකරන්න. Apple සමාගමේ සම්පූර්ණ වෙලඳ උපක්රාමය මෙයයි. Apple සමාගමේ භාන්ඩ පාරිභෝගික මතයට සංවේදී වෙමින් ඔවුන් විසින් ඇතිකරනු ලැබූ සංස්කෘතියට නිතැනින්ම පාරිභෝගිකයින් නම්මාගැනීමක් සිදුකෙරෙනවා. ඒම නිසා Apple නිෂ්පාදන වැනි වෙනත් ඒවා කොතරම් තිබුනත් පාරිහෝගිකයා වෙතම ඇදේ.

    3) සෑම විටම සරල බවක් හා එකම Theme එකක් යොදාගැනීම. Theme එකට අනුව ඔවුන්ගේ නිෂ්පාදන, කාර්යාල, වෙලඳ ප්‍රචාරන හා සේවක පිරිස පවා හැඩගස්වා තිබෙනවා. එයින් යම් පිළිවෙලක් හා ක්රමවත් බවක් ඇතිවෙනවා. (සරල බව පිළිබඳ අදහස ඇතිවූයේ බුදුදහමින් බව ජොබ්ස් වරක් කියා සිටියා.)

    4) ආයතනයේ සේවකයින් හා සැකැස්ම වෙනස් කිරීමට කවදාවත් ජොබ්ස් පසුබට උනේ නෑ. ආයතනයට අවශ්‍ය නොවන අය වගේම අවශ්යච නොවන ව්‍යාපෘති පවා වෙනස් කරා. ජොබ්ස් තමන්ගේ සේවයකයින් ගෙන තදින් වැඩගත් ස්වාමියෙන් බව ප්‍රකට කරුණක් නමුත් සේවකයින්ගේ ආත්ම විශ්වාසය ඉහල නංවා ගැනීමට ඔහු ඉතාම හොඳින් ක්රියා කලා.

    5) ව්යාපාරික සම්බන්ධතා ඇතිකරගැනීමටත් තමන්ට අවාසි වන අවස්ථා ඉවෙන් මෙන් දැනගෙන එවිට එම සම්බන්ධතා බිඳ දැමීමටත් ජොබ්ස් ක්‍රියා කලා. ඒ වගේම සෑම විටම ව්‍යාපාරය කෙරෙහි තමන්ගේ 100% අවධානය හා ශ්‍රමය ඔහු යෙදවූවා. තමන්ගේ සියලුම දේවල් පසෙකට තබා ආයතනය ගැන සිතීම එතරම් යහපත් වුනේ නැතත් සාර්ථකත්වය උදෙසා යම් යම් කැපකිරීම් කරන්න ඕන බවත් මතක තබා ගන්න

    ඉහත සඳහන් බොහෝ කරුණු බහු ජාතික සමාගම් වලට් විතරක් නෙවෙයි, සිල්ලර කඩයකටත් යොදාගන්න පුලුවන් දේවල්. කවුරු හරි අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත්, තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්නත් මේ කාරණා උපයෝගී කරගත්තා නම් සාර්ථකත්වය නියත බව අවසාන වශයෙන් කියන්න කැමතියි
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    වැදගත් :)
    මෙයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව
    steve ඒකාලෙ stanford uni එකේ උපාධි ප්‍රදාන උත්සවේ කරපු කතාවත් ලස්සනයි :)
    රෙප් ඉවරයි හෙට අනිවා දෙන්නම්
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    වැදගත් :)
    මෙයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව
    steve ඒකාලෙ stanford uni එකේ උපාධි ප්‍රදාන උත්සවේ කරපු කතාවත් ලස්සනයි :)
    රෙප් ඉවරයි හෙට අනිවා දෙන්නම්
    ඔව් ඔව් මම ඒක අහලා තියෙනවා. ගොඩක් inspirational lecture එකක්

    "Stay Hungry. Stay Foolish." ~~~ best quote ever :yes: