බුදු දහම ගැන දැනගන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    බුදු දහම ගැන දැනගන්න

    07bb.jpg


    ajahnchah4.jpg


    මම මේ කියන්න යන්නෙ අපේ බෞද්ධ සහ බෞද්ධ නොවෙන ඕනම කෙනෙකුට කියවලා බලන්න වටින පොත් ටිකක් ගැන..මේ පොත් වල සදහන් වෙන්නෙ අචාන් චා හිමියන්ගේ ධර්ම දේශනා.....මේ හැම පොතකම ධර්මය ගැන ඉතාමත් සරල උදාහරන සහිතව උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා...කම්මැලි නැතිව කිවන්න පුලුවන්....:):):)

    01. කැලේ ගහක්

    kale.jpg


    "මගේ භාවනා පුහුනුව ගැන මිනිසුන් මගෙන් විමසති.
    භාවනාව සදහා මගේ මනස සකස් කර ගන්නේ කෙසේද..?.. එහි කිසිම විශේෂයක් නැත.එය තිබිය යුතු තන මම තබමි..එසේ නම් ඔබ වහන්සේ රහත් දැයි ඔවුන් අසති..මා එය දන්නේ කෙසේද.? මා හරියට කැලෑවේ අති ගසක් වැනිය..එය කොල වලින් ,අතු පතරින්,මලින් හා පලතුරු වලින් සමන්විතය...කුරුල්ලෝ පලතුරු කෑමටත් , ලැගීමටත් පැමිනෙති...සත්තු එහි සෙවන යට විවේක සොයති...එහෙත් ගස ඒ කිසිවක් නොදනී....ගස ගසේ ස්වභාවය අනුව වැඩේ..ගස ගස සේම පවතී.."

    "සියලුම ආගම එකම දිසාවක් බලා ධාවනය වෙන නොයෙක් වර්ගයේ වාහන වැනිය..මෙය එලෙසින් තේරුම් ගත නොහැකි අයගේ හදවත් තුල ආලෝකයක් නැත"

    02.සජීවී දහම

    sajiei.jpg


    "දැන් ඔබ , යම්කිසි වලක් තිබේ යයි සිතන්න..එහි පතුලේ යම්කිසිවක් තිබේ යැයි ද සිතන්න..දැන් යමෙකු ඒ වල තුලට අත යවා , එය පතුලටම අත නොගිය විට ඔහු පවසන්නේ එම වල ඉතා ගැබුරු බවය...වල තුලට අත යවන සිය දහසකුත් දෙනා පවසන්නේ වල ඉතා ගැඹුරු බවයි....ඔවුන්ගෙන් එක් අයෙකු හෝ තම අත දිග මදි බව නොකියති"

    "මිනිසුන් පිං ‍රැස් කර ගැනීම සදහා මේ දිනවල රට පුරා වන්දනාවේ යති..ඔවුන් මම සිටින බා පොං අරණ ද තමන්ගේ ගමන් මගෙහි එක් නැවතුම් පලක් කරගන්නා බව දක්නට තිබේ..එසේ යන සමහර අය තුල පවතින ඒ තරම්ම තද හදිස්සිය නිසා ඔවුන් දැක ගැනීමට වත්, ඔවුන් සමග කතා කිරීමටවත් මට අවස්තාවක් නොලැබෙයි..ඔවුන් සැම දෙනාම යන්නේ කුසල් සොයාගෙනය...වැඩි දෙනෙකු වැරදි ක්‍රියාවලින් වැලකී සිටීම සදහා ක්‍රමයක් සොයා යන බවක් මට නොපෙනේ...පින් ‍රැස් කිරීමට මේ තරම් බලා පොරොත්තු තියාගෙන සිටින ඔවුන් ඒවා තබා ගත් යුත්තේ කොතැනකද කියාවත් නොදනිති.....ඔවුන්ගේ මේ ක්‍රියාව කිලිටි රෙදි කඩකට සායම් පෙවීමක් වැනිය..."


    03.සිතට ආහාර

    sithata-aha.jpg


    04. නැත

    achan.jpg


    මම පැරනි සිද්ධස්තාන නැරඹීමට සමහර විට යමි..සමහර තැන් වල ඇති ගොඩනැගිලි ආදිය දෙදරා ගොසිනි. එවිට මගේ මිතුරන්ගෙන් යම් කිසිවකු පවසනු ඇත්තේ "හරි අපාරාධයක් මෙය දෙදරා ගොස්" යනුවෙනි. එවිට මා දෙන පිලිතුර : "මේවා මේ ආකාරයට දෙදරා නොයන්නේ නම්
    බුදුන් කියා කෙනෙකුද නොසිටිනු ඇත..ධර්මය කියා දෙයක්ද නොතිබෙනු ඇත..ඒවා දෙදරා යාම සිදුවී ඇත්තේ එය බුදුන් වහන්සේගේ ධර්මයට නියමාකාරයෙන්ම අනුකූල වන නිසා යි" යන්නය

    Download LINKS

    http://www.ajahnchah.org/singhala/index.php

    http://english.sinhalaelibrary.com/?s=Achan+cha
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම මේකෙ පළමු පොත කියවල තියෙනවාද කොහෙදො...
    හරියට මතක නෑ..
    මොනව උනත් හරි වැදගත් දෙයක්..
    ඔය බුද්ධ ධර්මය නැතිව.. බුද්ධ දර්ශණය ඉගෙන ගන්න අයට හරිම වැදගත් පොත් කට්ටලයක්
    ස්තුතියි මල්ලි..
    +8 රෙප්
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113

    obata pin

    thanks mchn :)

    bohoma pin yaluwa rep aded....

    patta machan Thnxx

    godak pin



    RePost බුවා;13541619 said:
    සිරාවටම නියම්යි මචන්.....
    එලමකිරි.......
    රෙප් ඉවරයි හොදේ.....

    මම මේකෙ පළමු පොත කියවල තියෙනවාද කොහෙදො...
    හරියට මතක නෑ..
    මොනව උනත් හරි වැදගත් දෙයක්..
    ඔය බුද්ධ ධර්මය නැතිව.. බුද්ධ දර්ශණය ඉගෙන ගන්න අයට හරිම වැදගත් පොත් කට්ටලයක්
    ස්තුතියි මල්ලි..
    +8 රෙප්

    thanks.....

    Budu Saranai !

    Patta MAchan :D

    thanks machan

    :):):):):):):):):):)
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඕවා කියවලා තමයි අපේ ඩිලාන් නදීෂ කොලුවත් මහණ උනේ, කැම්පස් එකේ 2nd year එකට පස්සේ පොර missing, බලද්දි සූරියවැව දිහා ආරාමෙකලු :(,

    හොඳ බොක්කක් නැතිවීම දුකයි.. මොනවා කරන්නද පෙර පින පහල උනාම :).. යන්න වෙනවා
    ඔය තට්ටේ ගාල ඉන්නේ මගේ බොක්ක තමයි :)

    mwd4lv.jpg