ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඉපැරණි මන්තර-අත්දුටුවයි! සත්‍යයි!

    අපේ ආතා හොඳ සර්ප විෂ වෛද්‍යවරයෙක්.යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය එහෙමත් හොඳට දන්නවා.දැනට ජීවතුන් අතර නෑ. මැරෙන්න කලින් මම ලියා ගත්ත මන්ත්‍ර අතරින් කාටත් ප්‍රයෝජනවත් විය හැකි කීපයක් ඕගොල්ලන්ට කියා දෙන්න හිතුනා. මේවයින් කීපයක සත්‍යතාවය මම බලල තියෙනවා.

    මස් මාංශ අනුභවයෙන් තොරව නාල පිරිසිදු වෙලා පන්සිල් අරගෙන ගෞරවයෙන් මේ කටයුතු කළ යුතුයි.

    21 වරක් ගැනීමට කෝපි ඇට 21ක් ගෙන එක් වරක් මැතිරූ පසු එක් ඇටයක් පසෙකට කරන්න.(ගණන් කිරිමේ පහසුව පිණිස ). ඉරටුවක් දෙකට නමා දෙහි හෝ තැඹිලි ගෙඩිය කලතන්නේ නම් මැනවි.

    ~සියලු බඩේ අමාරු/ අජීර්ණ වලට~

    දෙහි ඇඹුල් පීරිසියකට ගෙන මෙයින් 21 වරක් මතුරා බොන්න දෙන්න.
    ------------------------------------------------------------
    "ඕං නමෝ අප සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේට රක්ත අතීසාර රෝගයක් අල්ලච්චෙයි කියා ජීවක නම් වෙදා ගෙන්වූ තැනේදී ඔහු සතු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එඟග උඩුගං හැරුණු ආනුභාවයෙන් ආඥාවෙන් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා බඩේ රුදා,ගුල්ම රුදා,අමියා,අජීර්ණ,ඔක්කාර,වමන,අතීසාර සැණෙන් ගුණ වන්න සිද්ධ පත්තිනි අණින්,වෙසමුණි අණින් වරම්!

    එදා අප අමාමෑණියන් වහන්සේට ප්‍රතිකාර කිරීමට පතාගෙන ආ ඒ ජීවක නම් වෙදැදුරු තුමා සෑදු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එගඟ දියවර උඩුගං හැරුණු බව සත්‍යවාදි සෑබෑ නම් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා ඒ සියළුම රෝග මෙයින්ම සුවපත් වෙත්වා!"
    ------------------------------------------------------------

    ~සත්‍ය අංගුලිමාල පිරිත~

    ගර්භණී මව්වරුන්ට විලිරුදා අඩු කිරීමට හා සුවසේ බිහි කිරීමට තැඹිලි ගෙඩියකට 108 වරක් මතුරා බොන්න දෙනු.

    -අංගුලිමාල පිරිතේ අනුහස් දැක්වෙන ගාථා-

    "පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං
    උදකම්පි විනාසෙති සබ්බමෙව පරිස්සයං

    සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාධෙති තංඛණෙ
    ථෙරස්ස අංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං
    කප්පට්ඨායි මහා තෙජං පරිත්තං තං භණාමහෙ"



    තේරුම (මැතිරීම අනවශ්‍යයි.)
    යම් පිරිතක් බණන්නා වූ අඟුල්මල් තෙරහු විසින් හුන් සිටි තැන් දොහොනා ලද දියද පවා හැම උපද්‍රවම නසාද,යම් පිරිතක් තෙමේ සුවයෙන් දරුගැබ මව් කුසින් බිහිවීම තමා විසින් පිරවූ විටම සිද්ධ කෙරේද, අංගුලිමාල තෙරණුවන්ට බුදුන් වහන්සේ විසින් වදාරණ ලද කප්දීම් සිටනා වූ මහත් ආනුභාව ඇති ඒ පිරිත බෙණෙමු.

    -අංගුලිමාල පිරිත-

    "යතෝ හං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා...තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති"

    ------------------------------------------------------------

    ~අණවින,කොඩිවිණ,හූනියම් වලින් බේරී සිටීමට~


    ආනන්ද හාමුදුරුවො රොඩී දැහැනට අහු වුනාම බුදු හාමුදුරුවො නැවත වශී වලට හසු නොවී සිටීමට මේක ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරල තියෙනවලු.

    "අන්ඩරේ පාණ්ඩරේ කාර්නේඩ්
    කේව්රේච්චි හස්තේශ්වර ග්‍රීවේ
    බන්ධුමතී වීරමතී ධරවිඩ චිලිමලේ
    විලෝඩය විසානි ලෝකේ විෂ චල චල
    ගෝලමති ගණ්ඩවිලේ චිලිමලේ
    සාතිනිමේන යථා සන්විභකේත
    ගෝලමතී ගණ්ඩවිලා ‍යෛස්වාහඃ"

    (
    හඃ: උච්ඡාරණය කරන්නේ "අහ්" කියල)
    සියලුම අණවින ,කොඩිවිණ, සතුරු කරදර,පීඩා වලට හසු නොවේ.බැතිමත්ව නිතර සිහි කිරීමෙන් ප්‍රතිඵල ලැබේ.

    බුදුන් වහන්සේ විසින් අන්ද තෙරුන් රොඩී දැහැනෙන් මුදවාගත් ගාථාව. බන්ධන කපන්නේ මෙයිනි.

    "ස්ථිව්තිඃ සුනීතිඃ ස්වස්ථිඃ
    සර්ව ප්‍රාණ බියඃ සරඃ
    ප්‍රසන්නං නිර්දොෂං ප්‍රසාන්තං සර්වතෝ භයං
    ඊතෝ යත්‍ර සාම්‍යන්ති භයානි චලිතානිච
    තද්වෛ දේවා නමස්යන්තී සර්ව සිද්ධාර්ථ යෝනිනඃ
    ඒතේන සත්‍ය වාක්‍යෙන ස්වතන්ද්‍යාය භික්ඛවේ"

    ~බඩු සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට~


    මෙය බඩු වල ලියා තබනු.සොරා ගෙන නොයයි.

    "යස්සානුස්ස රණෙනාපි අන්තලික්කේපි
    පාතිනෝ පතිට්ඨම්පි ගච්ඡන්ති භූමියං
    විය සබ්බතා සබ්බුපද්දව ජාලම්බා
    යක්ඛචෝරාරි සම්භවා ගණ්නානංපි
    මුත්තානං පරිත්තං තම්බනාමහෙ"


    ------------------------------------------------------------
    ~අලියාට මතුරන මන්තර~

    "ඕං විසි විසි බුරණ්ඩු හඃ"

    ~වලසාට මතුරන මන්තර~

    1."ඕං දහසක් බුදුන්ගේ කුණු රොඩෙන් උපන් නීලද නීලද පෝවඩා පොඃ" (
    "පොඃ" කියවන්නේ "පොහ්" කියල )

    2."අරුමුණි, කුරුමුණි, අගත්තු මා මුණි රූ...රූ..."

    ~කොටියාට මතුරන මන්තර~

    "ඉරට ඉරපුල්ලෙ සඳට සඳ පුල්ලෙ බැද්දසාර පුල්ලෙ අත ඇරපන් කට ඇරපන් දිය පුල්ලෙ චෙඃ"

    ~කුලු මීමාට මතුරන මන්තර~

    "අං දෙක ගොපලු දේවතාවට බාරයි.කන්දෙක බිහිරි දේවතාවට බාරයි.කුර සතර පට්ටිකාර දේවතාවාට බාරයි.අදත් මගේ මූණ බලාගෙන එන වල්මදයාගේ කටින් ලේ දමා,නාසයෙන් පෙණ දමා යන්ඩ සුභවාගර දෙවියන්ගෙන් වරම්"
    ------------------------------------------------------------
     
    Last edited:
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    ඇත්තටම බොහොම වටිනා දෙයක් නාලා පරිසිදු වෙලා විතරක් බෑ බඩ ගැන අමතක උනාද ?:lol: මස් මාංශ මාළු නොරැක ඕව කෙරුවට වැඩක් නැ කොච්චරන බුදු ගුණ කිවත් අහිංසක සතෙකුගේ මාංශ උදරයේ දම ගෙන වැඩක් නැ ප්‍රති පත්තිය rakinda ඕන .....:)

    බුදු ගුණෙන් ඕනෑම දෙයක් කරනවානම් එහෙ ප්‍රති පත්ති පුජාව තිබිය yuthui

    යහපත් විදිහට ගත කරලා මේවා කෙරුවනම් ගින්දර වගේ ඕන එකක් වැඩ ..... කාගේත් දන ගැනීම පිනිස
     
    • Like
    Reactions: Gstar

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් එක මන්තරයක් දන්නව බන්...
    ඉස්සර අපෙ ගෙදර තඩි පොතක් තිබුන ඒකෙ නැති දෙයක් නෑ..
    මම පොඩි එකක් කට පාඩම් කරල බැලුව..
    වැඩේ 100% හරි ගියා
    11.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mulin mewa godak viswasa kale naa. Ath danata masa keepayakata issella una deyak nisa mama mea gatha wala thiyena force eka hodata dana gattha. Aka veda mahattheyek beheth raw materials aragena yanna Aurveyda beheth sappuwakata awillla hitiya. Mama ohu samaga talk ekak dala aduragena, ohuge gethara giya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ohuge house ekedi, veda mahatthaya mata mole gas dekak hand dekata dee mathuranna patan gattha magic ekak pennanam kiyala. Mama science walata garu karana kenek nisa, mama hodata baluwa , mole gas deke magnet fix karala thiyenawada kiyala . mole gas deka lagata karala baluwa akarrsanaya wenawada kiyala. Ehema une naa. magnet[kandam] fix karala naa evata. Mama mol gas daka allagena innakota dan veda mahatthaya mathuranawa
     
    Last edited: