සිංහල බෞද්ධකම සහා සංස්කෘතික කුහකත්වය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සිංහල බෞද්ධකම සහා සංස්කෘතික කුහකත්වය

රටේ විවිධ පුද්ගලයන් මෑතක සිට උත්සහා කරනවා විවිධ අනවශ්‍යය ආකාරයේ ප්‍රශ්ණ ඇති කරලා ජාතික සමගිය විනාශ කරන්න. Destiny Found නම් තැනැත්තෙක් ලියා ඇති බෞද්ධ ලේබල් ගහගෙන සිටින අන්තවාදීන් ගැන විචාරයයි මේ.අන්තවාදීන්ගෙන් තොර යහපත් ,ගුණගරුක සමාජයක් බිහි කිරිමට පදනම සැකසීමයි මෙම ලිපි මාලාවේ අරමුණ.

politics-religion-money2.jpg






සින්හල බෞද්ධයා යන වචනය ඔබ සහ මම ඕන තරම් අසා ඇත. සින්හල බෞද්ධයා කී සැනින්ම ගැටලුවක් මතු වේ. එනම් බෞද්ධයෝ හැම දෙනාම සින්හල විය යුතුද යන්නය්. බුදු රජානන් වහන්සේ දේශනා කලේ ජාති කුල මල බේද අතහැර දමා එකා මෙන් සිටිය යුතු බවය්. එම නිසා සින්හල බෞද්ධයා කී සැනින් එතන නිර්මානය වන්නේ බුදු දහමේ මූලික ඉගැන්වීමට පටහැනි තියරියකි. මන්ද යත් බුදු දහම දේශනා කරන ලද්දේ කුල මල ජාති බේද නොතකා පොදුවේ මනුස්ස වර්ගයාට වීමය්, මෙම නිසා සින්හල බෞද්ධ යැය් ලේබලයක් හදා ගෙන බුදු දහම තමන්ගේ බූදලයක් කරගැනීමට තැනීම සිනහ උපදවන සුලුය.

ගැටලුව මෙය නොවේ. මෑතකදී පටන් මෙවැනි සින්හල බෞද්ධ යැය් කියා ගන්නා අන්තවාදීන් පිරිසක් විසින් වෙනත් ආගම් ඉලක්ක කරගෙන මඩ ව්‍යාපාරයක් දියත් කොට තිබේ. අන්තවාදියා මොන ආගම ඇදහුවත් අන්තවාදියෙකි. ඉස්ලාම් භක්තිකයෙකු තමන්ගේ ආගම වෙනුවෙන් මිනී මරන්නට සූදානම් වෙනවානම් ඔහු මුස්ලිම් අන්තවාදියෙකි. වෙනත් ඕනෑම ආගමකට මෙය පොදුය. සින්හල බෞද්ධයා තමන්ගේ ආගම වෙනුවෙන් අනිත් ආගම් වලට මඩ ගසය්ද, අනිත් ජාතීන් හෙලා දකියිද, ඔහු බෞද්ධ අන්තවාදියෙකි.

මෙම සින්හල බෞද්ධ අන්තවාදීන්ට අනුව අනිත් ජාතීන සූදානම් වන්නේ සින්හල බෞද්ධයන් නැති කොට දමා රට අල්ලා ගැනීමටය්. මෙවැනි මනෝ විකාර ඔප්පු කිරීමට ඔවුන්ට කිසිම සාධක නැත. ඔවුන්ට අනුව අන්‍යාගමිකයන් හොන්දින් හෝ නරකින් යටපත් කොට පාගා දැමිය යුතුය. නමුත් අන්තර්ජාලයේ සිටිනා ලියන්නට හෝ හිතන්නට තරම් දැනුමක් හෝ හැකියාවක් නැති copy paste බබාලා විසින් මේවා තව දුරටත් එලකිරි වැනි වෙබ් අඩවි හරහා ව්‍යාප්ත කරවය්. ඔය කියන ආකාරයෙන් මුස්ලිම් අන්තවාදීන් හෝ වෙනත් ආගමික අන්තවාදීන් රට අල්ලා ගන්නට හදය් නම් කල යුත්තේ සින්හල බෞද්ධ අන්තවාදයෙන් එයට පිලිතුරු දීමද. නැත, අන්තවාදයෙන් අන්තවාදයට පිලිතුරු දුන්නොත් වන්නේ අන්තවාදය තවත් පැතිරීමය්. එය ඔබ අදහන බුදු දහමටද පටහැනිය. මුස්ලිම්වරුන්ට මඩ ගැසූ පලියට ඔවුන් බුදු දහම අදහය්ද, නැත, සිදු වන්නේ මුස්ලිම්වරුන් තවත් සන්විධානය වීම පමනි. අවසාන ප්‍රතිපලය වන්නේ ජාති අරගල සහ සිවිල් යුද්ධය්. මේවා copy paste බබාලාට තේරෙන්නෙ නැත්තේ ඔවුන්ට සාම්ප්‍රදායික රාමුවෙන් එහාට සිතීමට තරම් බුද්ධියක් නැති හෙයිනි . ඉතින් අවසානයේදී සිදු වන්නේ මෙවැනි බාලයන් පිරිසක් යොදා ගෙන බෞද්ධ අන්තවාදය පතුරවන්නන් තමන්ගේ අරමුනු ඉටු කර ගැනීමය්.

මම කිසිම ආගමක් අදහන්නෙකු නොවේ. මන්දයත් ආගමෙන් සිදු වන්නේ මිනිසුන් තවත් බෙදා වෙන් කිරීම පමනක් වන බැවිනි. නමුත් ඔබද මා සිතන විදියටම සිතිය යුතු යැය් මම කියන්නේ නැත. තමන් කැමති ආගමක් අදහාගත්තාට ප්‍රශ්නයක් නැත. නමුත් එය සිදු විය යුත්තේ අනෙකාට කරදරයක් නොවන ලෙසින්ය. වඩාත් පැහැදිලිව කිවහොත්, බෞද්ධයෙකු ඉස්ලාම් හෝ වෙනත් ආගමිකයකුට ඇඟිල්ල දික් කිරීම ජෝක් එකක් තවත් නැත. මන්දයත් බෞද්ධයො උවද ඉස්ලාම් භක්තිකයකු වුවද, කිතුනු බැතිමතෙකු වුවද කරන්නේ එකම දෙයක් වීමය්. එනම් ඔප්පු කර නැති දෙයක් ගැන විශ්වාසය තබා කටයුතු කිරීමය්. දෙවියන් ලෝකය මැව්වා කියා ඔප්පු කොට නැත, මෙය පාවිච්චි කොට සින්හල බෞද්ධයෝ උඹල මහා මෝඩයො යැය් අන්‍යාගමිකයන්ට අපහස කරය්. නමුත් ලොකුම විහිලුව වන්නේ, අල්ලා ගැනීම නැති කල විට නිවන් දකිනවා යන්නද ඔප්පු කොට නැති වීමය්, සත්වයා සන්සාරයේ ඉපදි ඉපදි මැරෙන බවද ඔප්පු කල නැති වීමය්, කර්මය කියා දෙයක් ඇතය් ඔප්පු කර නැති වීමය්. මේ අනුව බලන කල අන්‍යාගමිකයන් මෝඩයන් නම් බෞද්ධයන්ද මෝඩයන්ය, ඔවුන් ද කරන්නේ තමන් ජීවිතේට අත්විඳ නැති දෙයක් ගැන භක්තියෙන් කටයුතු කිරීමය්.

මෙයින් පැහැදිලි වන්නේ ආගමක් තවත් ආගමකට වඩා උසස් වත් පහත් වත් නැති බවය්. මේ නිසා සිදු විය යුතු වන්නේ සින්හල බෞද්ධයන් අන්‍යාගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දීමය්. අන්‍යාගමිකයන්ද් කල යුත්තේ සින්හල බෞද්ධ යැය් කියා ගන්නවුන්ට ඔවුන්ගේ ආගමික නිදහස ලබා දීමය්. මේ නිසා කුලල් කා ගැනීමේ තේරුමක් නැත. සියල්ලන් සමගිව ජීවත් විය යුතු වේ. අඩුම තරමේ තමන් බෞද්ධයෙක් කියාගන්නවානම් බුදු දහමේ මූලික ඉගැන්වීම්වත් අනුගමනය කරන්න, එනම් අන්‍ය ආගම් වලට ගරු කරන්න, සහජීවනයෙන් කටයුතු කරන්න . ඒසේ නොකිරීමෙන් ඔබ ඔබ අදහන බෞද්ධ ධර්මයට අපහස කරය්. විචාර බුද්ධියක් නැති බාලයන් මෙය දුටු සැනින් වලිගෙ පාගගන්නා බව නියතය.”අඩෝ මේක අපේ රට ඩෝ, මේක අපේ ජාතිය ඩෝ, අපි නියම බෞද්ධයෝ යකෝ” යැය් කියමින් වෙනදා ආකාරයටම ඔවුන් පිලිතුරු දක්වනවා ඇත. නමුත් එයින් සිදු වන්නේ මගේ මතය තවත් තහවුරු වීම පමනි.

උපුටා ගැනීම

http://www.elakiri.com/forum/showthread.php?t=1105195
 
Last edited:

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    well done

    මචන් උබ කියන දේවල් ඇත්ත එත් ඒවා තේරුම් ගන්න මිනිස්සු නැහැ. උබේ පොස්ට් එකට එක රිප්ලයි එකක්වත් නැත්තේ එළකිරි එකේ ඉන්න බහුතරයක් සිංහල බෞද්ධ අමු මැට්ටෝ ම නිසයි. ඒ අයට ඔය අදහස් කීවම උන්ට උබව එපා වෙනවා. උන් මුස්ලිම් ආගමට විරුද්ද උනාට මුස්ලිම් උන් එක්ක හැප්පෙන්න යන්නේ නැහැ ඒ වෙනුවට උබල වගේ ඇත්ත කතා කරන උන් හතුරෝ කර ගෙන මෝඩ තර්ක ගෙනෙල්ල හැප්පෙනවා. උබේ දැනුම දියුණු කර ගනින් මම හිතන්නේ කවදාවත් මේ අහිංසක මැට්ටෝ ටික මේවා තේරුම් ගන්නේ නෙති වෙයි. සරල අදහසකින් කීවොත්, ඩාවින්ගේ පරිනාම වාදයට අනුව තමන් අවට ලෝකය හරියට තේරුම් ගන්න මිනුස්සු survive වෙනවා සහ reproduce කරන්න පුළුවන් වෙනවා. උබල වගේ අය, උබගේ ගේ පරම්පරාව ඒ විදිහට survive වෙයි. එත් මේ අහිංසක මිනිස්සු ටික, උන්ගේ බෞද්ධ ආගම සිංහල ජාතිය සේරම තව ටික කාලෙකින් විනාශ වෙලා යයි. දනටත් ඒක වෙනවා පෙනෙනවානේ. එක මේ විශ්වයේ නීතිය.
     

    Similar threads