ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චාටර් වැඩ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චාටර් වැඩ

    සියළු දෙනාගේ දැන ගැනීම පිණිසයි මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න

    මේ කියන බැංකුවත් සමග මගේ පුද්ගලික තරහක් නැති බව මුලින්න්ම කියන්න ඔනේ.. හැමෝටම දැන ගන්න මේ දාන්නේ මට මේ බැංකුව විසින් සිදු කල අසාධාරණයක්. මේ දේ අනිත් අයට උනෝත් ඒ අය මේ බව දැනුවත් වෙලා ඉන්න එක හොදයි කියලා හිතුන නිසයි එළකිරි සෙට් එකට මේ බව දැනුවත් කරන්න හිතුවේ.

    මට තියෙන්නේ චාටර් බැංකුවේ :growl:(මෙහෙම කීවට වරදක් නෑ මම හිතන්නේ) වීසා කාර්ඩ් එකක් ලිමිට් එක 40,000යි පසුගිය ජුලි මාසේ දවසකදී මගේ අතින් කාඩ් එකේ ලිමිට් එක පැනලා ඔවර් ලිමිට වුනා. කට්ටියට තෙරේනවා ඇතිනේ ඒ කියන්නේ කාඩ් එකේ තියන 40,000 හේ ලිමිට් එකට වඩා මම බඩු ගත්තා ඇත්තටම ඒක වුනේ මගේ වරදින්. :no::no::no: බිල එනකම් මම දැනන් හිටියේ නෑ මගේ ලිමිට් එක පැනලා කියලා. හරි දැන් එහෙම වුනා කියමුකෝ.. ජුලි මසේ මගේ බිලට ඕවරලිමිට් ප්‍රී කියලා රුපියල් 900ක මුදලක් එකතු කරලා තිබුනා. කරන්න දෙයක් නෑ මගේ වරදනේ. ඔය පල්ලෙහා තියෙන්නේ ඒ බිල


    12530594.jpg


    මගේ වරද නිසා මම හැකි ඉක්මනට (අගෝස්තු 10 වෙනිදා) බැංකුවට රුපියල් 10,000ක මුදලක් දැම්මා :nerd: දැන් හරි දැන් මගේ එකවුන්ට් එකේ බැලන්ස් එක රුපියල් 31 ගානකට අඩු වෙන්න ඔනේ මෙන්න බොලේ ඊලග මාසේ බිල ආවා.. මුංව කොටියම කාපිය:growl::growl::growl: මුං ආයෙමත් මගේ බිලට ( ඒ කියන්නේ අගෝසතු මාසේ බිලටත්) ඕවරලිමිට් ප්‍රී කියලා රුපියල් 900ක මුදලක් එකතු කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ බිල.





    ඔන්න ඉතිං මගේ යකා ඉහ මොලේට ගැහුවා:growl: ඇයි බන් අපි දුක් මහන්සියෙන් හම්බු කරන සල්ලි මුංට නිකං පුදන්න ඔනේද. ගත්තා මුගේ කස්ටමර් කෙයාර් එකට කෙල්ලෙක් කතා කලේ මම ඇහුවා ඇයි මගේ මාස දෙකකට ඕවරලිමිට් ප්‍රී ගහලා තියෙන්නේ කියලා. මෙන්න මේකී කියනවා ඒ සැරේ මසේ බිල අවසන් කරද්දි ඕවරලිමිට් තිබුනොත් එකටත් දඩ ගහනවා ඒ වගේම ඊලග මාසේ බිල පටන් ගන්නකොට් ඕවරලිමිට් තිබුනොත් ඒ මාසෙටත් දඩ ගහනවා කියලා. මමත් අන්දුන් කුන්දුන් වුනා ඒකිගේ කතාවෙන් පස්සේ මම කෝල් කට් කරලා මගේ යාළුවෙක් ඉන්නවා ණය හා තොරතුරු එකේ මම යාළුවට කථා කරාම වූ කීවා එහෙම වෙන්න බෑ මුංගේ කස්ටමර් කෙයාර් කථා කරලා පැමිණිල්ලක් දාන්න දාලා ඒ නම්බර් එක තියාගන්න. අඩු කරලා තිබුනේ නැත්තම් ඒ නොම්බරේ අරන් ඇවිත් ණය හා තොරතුරැ එකේ පැමිණිල්ලක් දාන්න කියලා. ඔන්න දැන් කොල්ලා වීරයා වුනා :):) මගේ බිල ආයෙමත් බැලුවා. මගේ බිල හදන්නේ හැම මාසේම 18 වෙනිදා ජුලි 29 වෙනිදා තමයි මගේ බිල ඕවරලිමිට් වෙලා තියෙන්නේ. අගෝස්තු 10 වෙනිදා වෙනකොට මම රු. 10,000ක් මගේ එකවුන්ට එකට දාලනේ එහෙමනම් කොහොමද මගේ මාස දෙකකට ඕවරලිමිට් ගහන්නනේ. ඔන්න මගේ ඉහමොල අයේමත් රත් වෙලා මල පැනලා ගත්තා කෝල් එකක් කස්ටමර් කෙයාර් එකට:frown: අයෙත් කතා කලේ කෙල්ලෙක් මම ඒකීට විස්තරේ කීවම ඒ කෙල්ලත් අර කලින් කෙල්ලගේ බනේම මට කීවා මට ඒ සැරේනම් හොදටම මල පැන්නා:growl: මම කීවා මට මේක කථා කරලා කියන්න විතරක් නෙමෙයි මට පැමිණිල්ලක් දාන්න ඔනේ කියලා පස්සේ ඒකි මගේ ඔක්කෝම විස්තර අරන් මට දුන්නා නොම්බරයක් මේක තියාගන්න අයෙත් කාථා කරනවනම් මේ පැමිණිලි නොම්බරේ කියලා විස්තර දැන ගන්න කියලා

    හරි දැන් මම බලාගෙන හිටියා සැප්තැම්බර් බිල එනකම් මෙන්න බොලේ බිල එනවා අර ගාන අඩු කරලා මේ තියෙන්නේ ඒ බිල






    ඇයි මචංලා මු මේ වගේ වැඩ කරන්නේ මම කථා කරලා අහපු නිසා මගේ ගාන අඩු කලා නැත්නම් මටත් කෙලියා. මුං මේ වගේ කී දෙනෙකුට කරනවා ඇත්ද (පවු අහිංසක මිනිස්සු) මම නම් හිතා ගත්තා කාර්ඩ් එකේ ණය ටික ගෙවලා කාර්ඩ් එක කැන්සල් කරනවා කියලා. මේ වගේ පහත් වැඩ කරන බැංකුවක් එක්ක මොන ගනුදෙනුද කියලා හිතුනා. මේ වගේ වැඩක් උබලාට වුනොත් බය වෙන්න එපා කෙළින්ම ණය හා තොරතුරැ එකට යන්න. අපේ වැරැද්දක් නැත්නම් මුංට කරන්න ඔනේ හරිය එතන කට්ටිය හොදට කියලා දෙයි :no::no::no:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oka chater bank aekaka machan.matat ohoma case aekak wela mama card aeka cancel kala.danna kenukuta nam kawadawat yanna denna aepa
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    oka chater bank aekaka machan.matat ohoma case aekak wela mama card aeka cancel kala.danna kenukuta nam kawadawat yanna denna aepa

    ඔව් මචං මමත් හිතාගත්තේ ඒකම තමයි
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඕකුන් කොහොමත් ඔහොම බලු වැඩ කරන්න දක්ෂයෝ. ඔයි වගේම තමයි නේෂන් ට්‍රස්ට් එකත් ..ඔයි ලියුම් එවන්න සහ හිග වාරික වලට call කරන්න ඕකුන් වෙනම සෙට් එකකට බාර දෙනවලු. වාහන උස්සන්න ලිසින් කොම්පැනි වලින් අර මොක්කුන්ටද බාර දෙනවා වගේ ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කැත සීන් එක..පැමිනිල්ල දැම්මට පස්සේ බෑන්ක් එකේ සීනියස් ලා ඒ සබන්ධව ආයෙත් බලනවා...එතකොට වැඩේ තේරෙනවා එයාලගේ වැ‍රැද්දක් කියලා....ටක් ගාලා වැ‍රැද්ද හදනවා...ඒ වගේම තමයි ඕක බැලන්ස් කරලා හදපු ඩයල් එකට සෑහෙන්න අහගන්න වෙනවා ගොඩක් වෙලාවට ඩිඩක්ටි වෙනවා..මම කලින් වැඩ කල තනක මට සැලරි දෙනකොටත් ඔය වැඩේ කලා ස්කිල්ස් 87% ගානක් තියෙනවා..ප`මනට් වෙන්න ඕන ලෙටර් එක මට විතරක් ආවේ නෑ..ඒ උනාට Intranet එකේ තියෙනවා ප`මනට් කියලා..මම බලන් හිටියා මෙන්න ඊළඟ මාසේ මගේ සැලරි අප් වෙලත් නෑ..අනික් උන්ට ලැබුනා...මම HR එකට ගියා ගේම ඇද්දා...මෙන්න ඊට පස්සේ මාසේ හිඟ මුදලත් එක්කම සල්ලි ලැබුනා..මට ඒ වෙද්දිම කළ කිරිලා හිටියේ පඩියයි.පමනට් කලා කියන ලියුමයි දෙකම අරන් ගෙදර නැවතුනා....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕකුන් කොහොමත් ඔහොම බලු වැඩ කරන්න දක්ෂයෝ. ඔයි වගේම තමයි නේෂන් ට්‍රස්ට් එකත් ..ඔයි ලියුම් එවන්න සහ හිග වාරික වලට call කරන්න ඕකුන් වෙනම සෙට් එකකට බාර දෙනවලු. වාහන උස්සන්න ලිසින් කොම්පැනි වලින් අර මොක්කුන්ටද බාර දෙනවා වගේ ...

    සහතික ඇත්ත මචන් කතාව :):):):):)
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    මචං ඇයි අපි තියන තුට්ටුව දෙකත් පිටරට බැංකු වලට පුදන්නෙ. ඕක වීසි කරල ගනින් ලංකාවෙ බැංකුවකින් credit card එකක්. මම පාවිච්චි කරන්නෙ සම්පත් බැංකුවෙ credit card එකක්. අවුරුදු 5ක් තිස්සෙ පාවිච්චි කරනව අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකුන් කොහොමත් ඔහොම බලු වැඩ කරන්න දක්ෂයෝ. ඔයි වගේම තමයි නේෂන් ට්‍රස්ට් එකත් ..ඔයි ලියුම් එවන්න සහ හිග වාරික වලට call කරන්න ඕකුන් වෙනම සෙට් එකකට බාර දෙනවලු. වාහන උස්සන්න ලිසින් කොම්පැනි වලින් අර මොක්කුන්ටද බාර දෙනවා වගේ ...
    :yes::yes::yes::yes: