සමලිංගිකත්වය සහ සමලිංගිකත්වයේ ඉතිහාසය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සමලිංගිකත්වය සහ සමලිංගිකත්වයේ ඉතිහාසය

මෙය කියවීමට පෙර මගේ අදහස මෙයයි. මම පෞද්ගලිකව සමලිංගික සේවනයට ප්‍රිය නැත. යමෙකු මාහට එවැනි දෙකට ආරාධනා කරනවානම් ම එය තරයේ ප්‍රතික්ෂේප කරමි. නමුත් ම මම සමලිංගිකත්වය අනුමත කරමි. අද දකුණු ආසියානු සමාජයේ සමලිංගිකත්වය දකින්නේ හරිම වැරදි කෝණයකින්. සමලිංගික කියන වචනයේ ප්‍රසමප්තයෙන්ම යන්නේ ලිංගික ක්‍රියාවන්ය. නමුත් තත්වය මීට හාත්පසින්ම වෙනස් ය. දැන් උබල මට බැනපල්ලා "පොන්නය කියල " මම පොන්නයෙකුවත් කොලුකරයෙකුවත් නොවන බව මම දනිමි. මට හොද කෙල්ලෙක් ඉන්න පොරක්.

සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ආබාධිත තත්ත්වයක් නොවන බව සහ එයට ප්‍රතිකාරයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය 1990දී පිළිගත්තා.අද ලංකාවේ පිලිගත් වෘත්තීමය වෛද්‍යවරු පිළිගන්නෙත්, ආයුර්වේද වෛද්‍යවරු පිළිගන්නෙත් උපතින් එන ලිංගික යොමුව වෙනස් කළ නොහැකි බව.එහෙම ප්‍රතිකාර කරන්න ඕනෙ කුඩාකල සමලිංගික අතවරයකරට ලක් වෙලා ඉන් මානසිකව පීඩා විදිනවනම් විතරයි.

සමලිංගිකත්වය කාටවත් බලෙන් ආරෝපණය කරන්න බැහැ.ඊට කැමති පුද්ගලයන් පමණයි එයට යොමුවන්නේ.මේක උපතින් එන දෙයක්.මේ වගේ සමලිංගික තත්ත්වයට පත්වෙන්නේ සමාජයෙන් සියයට 2ක් 3ක් වගේ ප්‍රතිශතයක් විතරයි.උපරිම ලිංගික නිදහස දීලා තිබෙන ඇමරිකාවෙත් තත්වය එහෙමයි.අලුතින් දරුවන් බිහිවෙන්න බාධාවක් නැහැ

http://www.youtube.com/watch?feature=endscreen&v=_OOQWSVBHiU&NR=1

Source ,උපුටා ගැනීම.

http://viewportal.wordpress.com
http://malatanoenabambaru.blogspot.com

021009_eriegel_wedding_240x320.jpg

Untitled-4.jpg

අද කාලයේ ,මේ මහ පොළොවේ, එකම ඉර හඳ යට, එකම ආදරයක ඉරණම විධි දෙකකට විසඳෙන හැටි...

සමලිංගික සම්බන්ධය ගැන කියනවා නම් මේක සාමාන්‍යය දෙයක්. පිරිමියෙක් ගෑණියෙක් සමගම සම්බන්ධකම් පවත්වන්නම ඕනේ කියලා නියමයක් නෑ. ආදරයට ලිංග බේදයක් නෑ. සමහර මිනිස්සු හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක් බදින්නේ ළමයි හදලා පරම්පරාව ගෙනියන්නම විතර කියලා.
ඒක වැරදියි එහෙනම් ළමයි හම්බවුනේ නැත්නම් කෙල්ලව, කොල්ලව දාලා යන්න ඕනේ නමුත් එහෙම වෙන්නේ නෑ ගොඩක් අවස්ථා වල. ආදරය කියන්නේ පුද්ගලයන් අතර තියෙන මානසික බන්ධනයටයි. මේක ඇත්තටම බොහොම වැදගත් දෙයක් ප්‍රවර්තනය (නොනැසි පැවතිම) සදහා.
මේ ආදරයේ එක එක මට්ටම් තියෙන්න පුලුවන්. මේකේ උපරිම අවස්ථාව තමයි ප්‍රේම සම්බන්ධතා කියන්නේ. යාළු කම පවා එක්තරා ආකාරයක ආදර සම්බන්ධකමක්. අතීතයේ මානවයන් වනාන්තර වල ඉන්නකොට පරිසරය සමග උරෙන් උර ගැටෙන්න වුනා විවිධ අභියෝග ජයගන්න නිදර්ශනයක් වශයෙන් සත්තු සමග සටන් කිරිම, තමන්ගේ සතුරු මිනිස්සු සමග සටන් කිරිම වගේ. ඉතින් මේ ආදරය කියන මානසික බන්ධනය නිසා මිනිස්සු එක රැස් වුනා,කල්ලි හැදුවා , එකාමෙන් සතුරන්ට මුහුණ දී තමන්ගේ අභියෝග ජයගත්තා.

දැන් වුනත් එහෙම නේ අද කාලේ තමන් job එකක් ගන්න ගියා පවා තමන් දන්න කෙනෙක් ඉන්නවා වැඩේ ලේසිනේ. ඉතින් මේ ඔක්කොම මිනිස්සු අතර පවතින මානසික බන්ධනයේ ප්‍රතිඑලයක්. ඉතින් යාළුකමට ගෑණු පිරිමි භේදයක් නෑ වගේ ප්‍රේම සම්බන්ධතා වලට පවා ගෑණු පිරිමි භේදයක් නෑ. සමලිංගික සම්බන්ධකම් වල කිසිම වැරද්දක් නැති වෙන්නේ මේන්න මේ නිසයි.

සමලිංගික සම්බන්ධකම් කියන්නේ ගෑණු ගෑණු සහා පිරිමි පිරිමි අතර තියෙන සම්බන්ධතා වලටයි මේකට පිළිවෙලින් කියන්නේ Lesbian සහා Gay කියලා. මේ වගේ අය ඕනේම සමාජයක ඉන්න පුලුවන්.
මේ ළගදි ඉරානයේ සමලිංගික පිරිමි දෙන්නක් එල්ලලා මැරුවා ඉතින් මේකෙන් පෙනෙන්නේ මෙච්චර තද නිති තියෙන මුස්ලිම් රටවල පවා මේක පවතිනවා කියන එකයි.
සමහර අය බෙරිහන් දෙනවා Gay සහා Lesbian කියන එක පහත් , නින්දිත,පිළිකුල් සහගත දෙයක් මේක තහනම් කරන්න ඕනේ කියලා.

මේක හරියට සමලිංගිකයන් බලෙන් ගිහින්
කරේ එල්ලෙන නිසා බේරෙන්න බැරි තැන කියන දෙයක් වගේ. තමන් කැමති නැත්නම් සමලිංගික සම්බන්ධතා වලට පාඩුවේ ඉන්න. සමලිංගික එවුන් ඇවිත් කරේ එල්ලෙන්නේ නෑ බලෙන්.
සමලිංගික කම කියන්නේ පුද්ගලයන්ගේ තියෙන අහිංසක අශාවක් ඒක හරියට කොල්ලෙක් කෙල්ලක්ව පතනවා වගේ. තමන් කැමති නෑ කියලා ඒක තහනම් කරන එක ඇත්තටම මූලික මානව අයිතින් උල්ලංඝණය කිරිමක්
මම කියන්නේ ලංකාවේ මේ සමලිංගික විවාහ අනුමත කරලා නීතිගත කරන්න ඕනේ.අපි මුස්ලිම් වත් ක්‍රිස්තියන් වත් නෙවෙයි සමලිංගික සම්බන්ධතා වැරදි කියන්න.
අද ලංකාවේ තියෙන්නේ මුස්ලිම් මානසිකත්වයක් ඒක නිසයි අද මේ හැම ප්‍රශ්ණේම. බෞද්ධ මිනිස්සු නමට බෞද්ධ නමුත් දරන්නේ ස්ලාමීය මානසිකත්වය.

සමලිංගිකත්වයේ ඉතිහාසය

වර්තමානය වනවිට සමලිංගිකත්වය ලොව පුරා විවිධ රටවල අහසට පොළවමෙන් පිළිගන්නා මාතෘකාවකි.සමහර රටවල සමලිංගිකත්වය මරණ දඬුවමක් හෝ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් හෝ දීමට තරම් සාපරාධී ක්‍රියාවක් වෙද්දී සමහර රටවල එය විවාහයක් කිරීමට තරම් ප්‍රබල වූ ආදරණිය බැඳීමක් ලෙස පිළිගෙන ඇත. ලෝකය පුරා මෙවන් වූ විවිධත්වයක් ඇතිවීමට කාලයත් සමඟ ඒ ඒ රටවල පවත්නා වූ විවිධ ආගම් හා බැඳුනු විවිධ සංස්කෘතීන් වල වෙනස්වීම බලපා ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලිවම පෙනී යන කරුණකි.
අතීත ශිෂ්ටාචාරවල පටන්ම සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් ලෙස සැලකිණි. සමලිංගිකත්වය කෙරෙහි කිසිදු ආකාරයක අප්‍රසාදයක් හෝ තහනමක් දක්නට නොලැබුණි. සමලිංගික, විෂමලිංගික ලෙස මිනිසුන් බෙදා කොන්කිරීමක් දක්නට නොවීය

චීනයේ සූ(Zhou) රාජ සමයේ (ක්‍රි.පූ 1046-256) පිරිමි දෙදෙනෙකු අතර ඇතිවුණු සමරිසි ප්‍රේමකතාවක් චීන සාහිත්‍යයේ සඳහන් වේ. Pan Zhang නමැති කඩවසම් කතුවරයෙකු සහ ඔහුගෙන් ඉගෙනීමට පැමිණි පිරිමින්ගෙන් කෙනෙකු වූ Wang Zhongxian දුටු පළමු මොහොතේ පටන්ම ආදරයෙන් බැඳී අනතුරුව අඹු සැමියන්මෙන් එකම ඇඳ බෙදාගනිමින් එකිනෙකාට මහත් දයාවෙන් ජීවත්වුණු යුවලක් ගැන එහි සඳහන් වේ. මොවුන් දෙදෙන පසුව එකම කාලයක මිය ගොස් ඇති අතර ඉන් මහත් දුකට පත් ජනයා ඔවුන්ව Luofu නම් පූජනීය කන්දක වළදමා ඇත. පසුව එතැන ආශ්චර්යවත් ලෙස එකිනෙක බදාගනිමින් වැඩෙන අතු දෙකක් සහිතව ගසක් සෑදුණු බව කතාව අවසානයේ කියැවේ.එමෙන්ම 18වන සියවසේ ලියැවුණු චීන සාහිත්‍යයේ මහා සම්භාව්‍ය නවකතාවක් ලෙස සැලකෙන Dream of Red Chamberහි විෂමලිංගික ප්‍රේමය මෙන්ම සමරිසි ප්‍රේමය සහ සමරිසි සබඳතා ගැනද සඳහන් වේ.

කෙසේවෙතත් කිතු දහම යුරෝපය පුරා පැතිරයාමත් සමඟ සමලිංගිකත්වය කෙරෙහි වූ ආකල්පය වෙනස්වන්නට විය. එට හේතුව සමලිංගිකත්වය පාපයක් බව බයිබලයේ දක්වා තිබීමයි. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම ලෙස් පිළිගැනීමත් සමඟම සමලිංගිකත්වයට එරෙහිව නීති ගෙන එනු ලැබිණ. ඒ අනුව ක්‍රි.ව. 342දී රෝමයේ දෙවන කොන්ස්ටන්ටියස්(Constantius II) අධිරාජ්‍යයා විසින් සමලිංගික විවාහය තහනම් කරන ලදී. අනතුරුව ක්‍රි.ව 390දී සමලිංගික ක්‍රියාවක යෙදීම සාපරාධී ක්‍රියාවක් ලෙස නම්කරනු ලැබූ අතර ඊට වරදකරුවන් වූවන් ප්‍රසිද්ධියේ පණ පිටින් පුළුස්සා මරාදමන ලදී. රෝම අධිරාජ්‍යයේ ඇතිවුණු දුර්භික්ෂ, භූමිකම්පා සහ වසංගත රෝගවලට සමලිංගිකයින් හේතුවන්නේ යැයි මිථ්‍යා මතයක්ද ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රකාශ කර ඇත.7වන සියවසේදී පල්ලියේ ප්‍රකාශ අනුව ස්පාඥඥයේදී සමලිංගික ක්‍රියාවලට දඬුවම් දෙනු ලැබුවේ කර ඇඹීම, පිටුවහල් කිරීම, හිස බූ ගෑම සහ කසපහර සියයක් ලබාදීම ආදියෙනි.මෙලෙස කලක් සමලිංගිකත්වයට යුරෝපයේ තිබූ තත්ත්වය හාත්පසින්ම වෙනස් අතකට යොමුවන්නට විය.
සමලිංගිකත්වය පරදාර සේවනය තරම්ම පාපයක් සහ සොබාදහමට එරෙහිවූවක් ලෙස දිගින් දිගටම රෝමානු කතෝලික පල්ලිය විසින් හංවඩු ගසනු ලැබිණ.තෝමස් ඇක්වයිනාස්( Thomas Aquinas) නම් පූජකයා සමලිංගිකත්වය මිනීමැරීමට පමණක් දෙවෙනි වන පාපයක් බවට තර්ක කළේය.14වන සියවස ලබනවිට යුරෝපය පුරාම කිතු දහම පැතිර ගොස් තිබුණු අතර ඒ අනුව පෝලන්තය ආදී ප්‍රදේශ කීපයක් හැරුණු කොට මුළු මහත් යුරෝපයම සමලිංගික ක්‍රියාවකට මරණ දඬුවම දෙන තත්ත්වයට පත්වී තිබුණි. මේ දඬුවම් මධ්‍යතන යුගය, පුනරුද යුගයේ සිට 18වන සියවස දක්වාම යුරෝපය තුළ පැවතුණි.

මෙම නීති දරුණුම අන්දමින් ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රංශයේ සහ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේය. ෆ්ලොරන්ස් නගරයේ සිටි ගියොවානි ඩි ගියොවානි(Giovanni di Giovanni)නම් තරුණයකු ප්‍රසිද්ධියේ කර අඹා ගිනියම් වූ යකඩයකින් කලවා සහ ගුද මාර්ගය පිළිස්සීම, 1482දී රිචඩ් වොන් හොහෙන්බර්ග්( Knight Richard von Hohenberg ) නම් නයිට්වරයෙකු ඔහුගේ පෙම්වතා සමඟ ජර්මනියේ සූරිච් නගරයේදී පණපිටින් පුළුස්සා මරාදමනු ලැබීම, වංශාධිපතියෙකුගේ පුතෙකු පොළඹවා ගැනීමට යාම නිසා ප්‍රංශ කතුවරයෙකු වූ ජැක් චෝසන්(Jacques Chausson 1618–1661) පණපිටින් පුළුස්සා මරා දැමීම එකල අමානුෂික අන්දමින් ලබාදුන් දඬුවම් කිහිපයකට උදාහරණ පමණි. ලියනාඩෝ ඩාවින්සි පවා 1476දී සමලිංගික චෝදනාවක් ලැබ ඉන් නිදොස් වූ බව එකල උසාවි වාර්තාවක තිබී හමුවී ඇත.

7වන සියවසේදී අරාබියෙන් ඉස්ලාම් දහම් ව්‍යාප්තවීම ඇරඹුණු අතර අරාබීහු මොරොක්කෝවේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යක් ගොඩනැගීය. කුරාණයේ සඳහන්වන පරිදි සමලිංගිකත්වය දඬුවම් ලබා දිය යුතු පාපයක් බැවින් කාලිෆ් අල්-හයිඩි යටතේ ක්‍රි.ව. 785දී මුළු මහත් අරාබි අධිරාජ්‍යය පුරාම සමලිංගිකත්වයට මරණ දඬුවමක් දීම නීතිගත කෙරිණි. එවන් නීති සමහර මැදපෙරදිග රටවල්වල වර්තමානය වන තුරුම පවතියි. එහෙත් යුරෝපය සහ අරාබිකරය තුළ තත්ත්වය මෙසේ වුවත් ලොව අනෙක් ප්‍රදේශවල සමලිංගිකත්වය කෙරෙහි කිසිදු තහනමක් දක්නට නොලැබුණි

පසුව 15වන සියවසෙන් ඇරඹි දේශ ගවේෂණ යුගයේදී ස්පාඥ්ඥ, පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි සහ ප්‍රංශ ජාතිකයෝ ඇමරිකාවේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල් යටත් කරගන්නට පටන් ගත්හ. තම තමන්ගේ යටත්විජිතවල තම ආගම, සංස්කෘතිය සහ නීතිය ස්ථාපිත කිරීමට යුහුසුළු වූ යුරෝපීයයෝ ඒ අනුව සමලිංගිකත්වයට එරෙහිව එම යටත්විජිත වලද නීති ස්ථාපිත කළහ. ඒ අනුව ස්පාඥ්ඥයෝ ක්‍රි.ව. 1540 සහ 1700 අතර කාලයේ දකුණු ඇමරිකානු ශිෂ්ටාචාරවල සිටි සමලිංගිකයින් 1600කට අධික පිරිසක් බල්ලන් ලවා කැවීමෙන් සහ පිළිස්සීමෙන් මරාදමනු ලැබූහ. 1533දී එංගලන්තයේ අටවන හෙන්රි රජු විසින් පනවන ලද නීති පද්ධතිය යටතේ ඉංග්‍රීසින් විසින් තම අධිරාජ්‍යය තුළ පිරිමි සමලිංගිකයින්ව 1861 දක්වාම එල්ලා මරාදමනු ලැබිණි. කාන්තා සමලිංගිකත්වය සිදුවිය නොහැක්කක් ලෙස එංගලන්තයේ පිළිගෙන තිබූ නිසා එයට එරෙහිව නීති පැනවුණේ නැත. මෙලෙස මෙපමණකල් සාමාන්‍යකරණය වී තිබූ සමලිංගිකත්වය යුරෝපීයයන් නිසා සාපරාධීකරණය වීමක් ලොවපුරා සිදුවිය. කතෝලික සහ ඉස්ලාම් ආගම් වල බලපෑම නිසා චීනයේද එම ආකල්ප වෙනස් වන්නට විය. චීනයේ ක්විං(Qing) රජ සමයේදී(1644-1912) හා ජපානය 1873දී සමලිංගිකත්වය සාපරාධීකරණය කෙරිණ.නමුත් 1880දී ජපානය එම නීති ඉවත් කළේය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,amcwed2.jpg
 
Last edited:
  • Like
Reactions: amilaboy

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මගේ දැක්ම මේකයි. මේක ශ්‍රී ලංකාව.. බෞද්ධ රටක්.. ඒ නිසා ඔය සමලිංගික concept එක අපේ රටට වැද්ද ගැනීමේ දී පොඩ්ඩක් හිතන්න ඕනෙ. ඕක අමුතුවෙන් වැද්ද ගන්න ඕනෙ නෑ. මොකද මේක මිනිසාගේ මනසින්ම ඇතිවෙන දෙයක්. මොනව උනත් අපි මේ සිද්ධාන්තය පිලිගත යුතු නැහැ කියලයි මගේ මතය. මම මීට කලින් මේ ගැන විස්තර හොයල ත්‍රෙඩ් එකක් දැම්ම. මම හොයා ගත්ත ඒවගෙන් මම ආපු නිගමනය මේකයි. සමහරුන්ට මේක Fashion එකක්. සමහරුන් ජොලියට, තවත් සමහරු ලිංගික තෘප්තියට. ඒත් සමාජයේ කිසිම කෙනෙකුට වැඩදායී වෙලා නෑ. මම ලගදීම දවසක මේ ගැන සම්පූර්ණ විස්තර ඇතුව මම කරපු Research එක ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි ඉන්නෙ. ඒකෙදි මේ හැම කොනයකින්ම සමලිංගිකත්වය ගැන මම දාන්නම්. ඔන්න ඔහොම තමා මමනම් දකින්නෙ.

    මම මේ ගැන කලින් දාපු ත්‍රෙඩ් ගැන බලන්න මේතනින් යන්න.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    බෞද්ධ ධර්මයේ කොහේවත් සමලිංගිකත්වය ගැන කියලා නෑ ඔන්න හම්බයෝ නම් කියලා තියෙනවා උන්ව එල්ලලා මරනන් කියලා , කුරුසයොත් එහෙමයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,994
    113
    Ohio, USA
    ඇමේරිකාව මේකට අනුමැතිය දෙනවා කියල හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට බෙහෙත් නෑ කිව්ව පලියට මේක හරි කියලා සාධාරනය කරන්න උත්සාහ කරන එක වැරදියි.. මුලින්ම කියන්න ඇයි ඔයා පෞද්ගලිකවම මේවගේ සමලිංගික සම්බන්ධයට අකමැති කියලා? ඒකට හේතුවක් ඇතිනේ? ඔයා අකමැතිවෙන අතරේ ඇයි මේක හරි කියලා කියන්නේ? :eek:

    සම්බන්ධකම් වලට ලොකු තනක් දෙන ඔයා කැමතිද තමන්ගේ පව්ලේ කෙනෙක් සමලිංගික සම්බන්ධයක් පවත්වනවට? මේ ඔක්කොම අර කියනවා වගේ බයෝ වෝ එකේ අතු තමයි... මේ ලෝකේ හැමදාම මිනිස්සු ආයුධ වලින් යුද්ධ කරන්නේ නැහැ.. මේ වගේ දේවල් හරහා රටක මිනිස්සුන්ගේ බලය කඩනවා... රටක් පුරාවට නපුන්සක හෝ සමලිංගිකයන් පිරුනම ඒවගේ රටවල් යුද්ධයකින් තොරවම බලවත් රටකට පාලයට නතු කරගන්න ලේසියි... ඇමේරිකාව මීට කලින් මේවගේ දෙයකට ඉස්සරකාලේ ට්‍රයි කරා.. පොඩ්ඩක් හොයල බලන්න "ඇමේරිකන් ගේ බොම්" කියන එක ගැන... :nerd:
     
    ඇමරිකාවට ලංකාව අල්ලගන්න ඔනේ නෑ හම්බයන්ටයි ලංකාවට අල්ලගන්න ඕන වෙලා තියෙන්නේ.
    උන් තමයි සමලිංගිකයෝ කරන්නේ අපේ කොල්ලන්ව. සමලිංගික තමන් කැමතෙන් වෙන එක වෙනම දෙයක් බලෙන් කරන එක වැරදියි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,994
    113
    Ohio, USA
    ඇමරිකාවට ලංකාව අල්ලගන්න ඔනේ නෑ හම්බයන්ටයි ලංකාවට අල්ලගන්න ඕන වෙලා තියෙන්නේ.
    උන් තමයි සමලිංගිකයෝ කරන්නේ අපේ කොල්ලන්ව. සමලිංගික තමන් කැමතෙන් වෙන එක වෙනම දෙයක් බලෙන් කරන එක වැරදියි

    උඹ ඊක්වල් ග්‍රවුන්ඩ් ෆවුන්ඩර් මෙම්බර් කෙනෙක් වගෙයි. :lol::lol::lol::lol::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹ ඊක්වල් ග්‍රවුන්ඩ් ෆවුන්ඩර් මෙම්බර් කෙනෙක් වගෙයි. :lol::lol::lol::lol::rofl:

    මේක Pro Section එක. ඉතින් Off topic යන්න එපා හු*ත්තිගේ පුතෝ :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන හිතන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. .මේ විශය සම්බන්ධව කාරණා සමහර විට පරස්පර විරෝධී වගේම කාලෙන් කාලෙට වෙනස්වීම් වෙන්න පුලුවන්. සෞඛ්‍ය පර්යේෂන වගේ දේවල්.

    මුලින් හිතාගෙන හිටියේ සම්ලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා. නමුත් දැන් ඒක එසේ සලකන්නේ නෑ. මිනිසාගේ ස්වාභාවික නැමියාවක් විදිහට තමයි දැන් සලකන්නේ.

    බටහිර රටවලට ඕන නෑ සමලිංගිකත්වය පතුරුවන්න. මොකද ඒ රටවල තමයි වැඩියෙන් සමලිංගිකයින් ඉන්නේ. සමලිංගික අය වැඩිවෙලා රට දුර්වල වෙලා ඒක දේශපාලනමය ආකාරයකින් බටහිර රටවලට වාසිදායකයි කියන එක සම්පූර්ණ බොරුවක්. එහෙනම් බටහිර රටවල් තමන්ගේ රටවල සමලිංගික තහංචි දාන්න එපායැ. ඇමරිකාවේ වුනත් සමලිංගික විවාහ නීතිගත කිරීමට විවාද ආදිය යනවා. ඉහත කාරනේ තනිකර හිතලුවක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

    මේ කාරණේ තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි ස්වාභාවිකව සමලිංගික නැඹුරුවක් තිබීම හා ඒ ලක්ෂණ පෙන්නන අයව ආකර්ෂණය කරගැනීම. මේක සිද්ධීන් දෙකක්. අපිට ස්වාභාවික දේවල් නවත්තන්න බැරිනමුත් දෙවැනි සිද්ධිය හා බැඳුනු අනුබලදීම නම් වලක්වන්න පුලුවන්.

    ලංකාව මේ ගැටලුව ගැන කතාකිරීම හිතාමතාම නවත්තලයි තියෙන්නේ. මමත් කැමතියි සාමාජීය වශයෙන් පිළිගැනීමක් නැති සමලිංගිකත්වය සාමාන්‍ය කරණය නොකරන එකට. මේක සමාජ "ටැබූ" එකක් විදිහටම තියාගමු. එතකොට ලාංකීය සමාජයත් ආරක්ශාවෙයි
     
    උබේ ඔය avatar එකේ ඉන්නේ King David , ඌ gay එකෙක්.:lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උබේ ඔය avatar එකේ ඉන්නේ King David , ඌ gay එකෙක්.:lol::lol:
    It is not King David, but King Solomon, David's son. :P
    ඉතින් මට මොකද මචන්. මම gay නෙවෙයි නේ.
    මේක මම දැම්මේ මීට අවුරුදු 2 කට විතර කලින් එළිකිරි එකට ආපු කාලේ. King David/Solomon එහෙම වුනා කියලා මේ පින්තූරේ දාපු මම එහෙමයි කියලා කවුද කියන්නේ.
    මම මීට වඩා වැදගත් ප්‍රතිචාරයක් ඔබෙන් බලාපොරොත්තු වුනා :dull::dull: