නිම් නැති සත්‍ය
මොහොතින් මොහොත ගෙවෙන කාලය ඇරඹුණේ කෙදිනක දැයි, කෙලස දැයි නොදනිමු.
එහත් ඒ ඇරඹුමේ සිට අවසානය තෙක් අවස්ථා සම්භන්දය පිරවීමට විවිධ නම් වලින් ඇවිත් යන්නෙමු.
මහා ප්‍රාඥයින් පවා ප්‍රේමය ඉදිරියේ බිළිදන් විය,
ප්‍රේමාලිංගනදී ගැහැණිය ඉදිරියේ රටවල් කරවූ රජවරුන් පවා ළදරුවන් විය.
සත්‍ය පසෙක දමා නාමමාත්‍රික සතුට සොයා හැල්ලේ දුවන්නේ අපේ වරදින් නොව.
එය සිදුවන්නට තිබිය යුත්තකි.
භෞතිකයන් ලෙස ගත් කල විශ්වයේ තනිවුවන් ලෙස හැඟුනත්,
ශක්තින් ලෙස ගත් කල විශ්වයේ අප තනි නොවේ.
එය ශක්තිය එක්තැන් කළවුන් පවා අපට ඒත්තු නොගන්වන්නේ මන්ද?
එක් අතකට එය ගඟට ඉනි කැපීමක් විය යුතුය.
පධාර්ථයන් වශයෙන් ගත් කල සියල්ලෝ අනන්ත ලෙස සමාන වුවත්,
තමන්ගේ අභිමතය උදෙසා වෙන්වී තම පිල ශක්තිමත් කිරීමට,
අනෙකාගේ අයිතිය උදුරා ගැනීමට පසුබට නොවන අවදියට පැමිණ ඇත.
එයද පුදුමයක් නොවේ!
වන්නට තිබුනේ එයම වූ කලී.
පධාර්ථයෙන් ශක්තිය වෙන්වූ පසු සියල්ලෝ සියලු දේ වටහා ගනී.
අවසනාවක මහත!!!
සියල්ල නැවත සිදුවීම ඇරඹී ඇත.
තේරුම

Last edited:

එලට ලියල තියෙනවා
අද වෙනතුරු පොත නැහැ.. දුකක් නෑ කවුරු හරි කියවලා දෙයක් ඉගෙනගන්න නිසා.. ඒත් බොරු කියන එක මට අල්ලන්නෑ..
මම පොතේ එක අකුරක් කියෙව්වෙ නැහැ..