සිරිපා_හිමේදී_මිනිසුන්_අතරමං_කරන_බලවේග

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරිපා_හිමේදී_මිනිසුන්_අතරමං_කරන_බලවේග

    සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග

    siripa.jpg


    සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.

    සමන් දෙවිදුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට දඩුවම් විදි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ.

    සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ.

    එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුදු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අගුරු හතු, ඉදලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය ස`දහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද ඉදහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ ද තවමත් ජීවතුන් අතර සිටිති.

    සිරිපා කරුණාකරන ප‍්‍රධාන මාවත් හතෙන් එකක් වැටී ඇති දැරණියගල මාලිබොඩ ගමේ එවැනි සිදුවීම් මතක ඇති බොහෝ දෙනෙක් සිටිති.

    උඩමාලිබොඩ ගමේ කලකට ඉහත රතු අප්පුහාමි නම් තැනැත්තෙක් වාසයකර තිබේ. ඔහුට සී.ජී.ආර්. රතුඅප්පුහාමි යැයි කියති. ශරිරය කුඩා වුවත් රතු අප්පුහාමි නිරෝගී ශක්තිමත් තැනැත්තෙකි. හොද කාය ශක්තියක් තිබු ඔහුට සිමෙන්ති මිටි දෙකක්, භූමිතෙල් කෑන් එකක්, හාල් සේරු දහයක් එකවර ගෙනයා හැකි තරම් හැකියාවක් තිබු බව පැරැුන්නෝ කියති. මේ නිසාම ගම්මු ඔහුව යෝධයෙකු ලෙස හැදින්විය.

    හිමේ ඇති මුවන්පැන්නගලට ගොස් එහි ඇති වල්එනසාල් නෙළාගෙන එන්නට කුරුදු ටිකක් තලාගෙන එන්නට ඔහු සමතෙකි. හිමේ මේ අඩවියට සැමදෙනාටම යා නොහැකි බවට මතයක් ගම්මුතුළ පැලපදියම්ව තිබිණි. ඒ නිසා එවැනි තැනකට තනිව යනෙන තැනැත්තා ගම්මුන්ගේ වීරත්වයට පාත‍්‍රවන්නෙකි. රතුඅප්පුහාමිත් මෙවැනි ගමන්වලට හපනෙක් නිසා ගමේ හැමෝටම ඔහු වීරයෙක් ද විය.

    හිරු නැග එද්දී හිමේට යන ඔහු අතුරු ආන්තරාවක් නැතිව ගිය කාරණය ඉටුකරගෙන බිම් කරුවල වැටෙද්දි ආපහු ගමට එන්නට සමතෙක් බව කාගේත් පිළිගැනීම විය. දිනක් සුපුරුදු පරිදි වල් එනසාල් ටිකක් හොයාගෙන එන්නට රතු අප්පුහාමි පාන්දරින්ම ‘‘සමනල අඩවියේ මුවාපැන්නගල පැත්තට සේන්දුවිය. වෙනදා බිම් කරුවල වැටෙද්දී ගෙදරට එන රතු අප්පුහාමි එදා ඒ වනවිට පැමිණියේ නැත. ගමේ හැමෝම කලබල වූහ.

    ‘‘රතු අප්පුහාමි හිමේ නවතිනවානම් කියලා යන්නේ. මොකද අද පරක්කු.’’ හැමදෙනාගෙම හිත්වල සැකයකි. ‘‘සමන්දෙවි අඩවිය රතුඅප්පුට අලූත් තැනක්යැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්දෑ එයි’’ සුසුම්හෙල ගම්වැසියන් අස්වසන්නට වැඩිහිටියෙක් කියනු ඇසේ. ඒත් ගමේ තරුණයන් අතර ඇතිව තිබුණේ යම් භීතියකි. රතු අප්පුහාමිගේ නොපැමිණීම ආරංචි වූ ගමේ හැම නිවෙසකම එදින කිසිවෙකුත් නිදි නැත.

    අද මෙන් විදුලි ආලෝකය නොතිබුණත් කුප්පි ලාම්පුවකින් හෝ අඳුර මැකිනි. ගෙදරකට දෙකකට එකතුවී වැඩිහිටියෝ රතුඅප්පුහාමිගේ නොපැමිණිම ගැන මුලින් කතා වුවත් ටික වෙලාවක් යනවිට ඒ කතාවන් සිරිපා හිමේ අද්භූත කතා මණ්ඩපයක් වන්නට පටන් ගත්තේය.

    අත්දැකීම් ඇති තලතුනා වැඩිහිටියන්ගේ මේ අද්භූත කතා ඇසූ ළමෝ ලපටිහූ වැඩිහිටියන්ට වඩවඩාත් ලංවූයේ ඒවායේ බිය ජනක කරුනු වලින් යම් තැතිගැම්මකට පත්වු නිසාවෙනි.

    ‘‘ඔය හිමේ වෙනිවැල්, වල්දෙහි, පුස්ඇට, නගාමැරු අල, මලසුදු මහ හැඩයා, කුඩා හැඩයා, වනරාජ, ඉරරාජ, උඩවැඩියා, වෙල්ලංගිරිය, කොකුන් වගේ සිංහල වෙදකමට ගන්න ඖෂධ එහෙම බොහෝ සුලබයි’’ වැඩිහිටියෙක් අලූත් කතාවකට මුල පිරීය. කටුමැටි බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවේ දැල්ල ගෙනෙන්නේ සිහින් එළියකි. කෙනෙකු යන්තම් අදුනාගත හැකි එළියක් මිස ඉන් වැඩි දෙයක් ඒ එළියෙන් පැහැදිලිව නොපෙනේ. සිරිපා හිමේ සැගවුණ කතාවක් අහන්නට සැවෝම මේ වැඩිහිටියා වටකොට හි`දගත්තේ පැදුරු කඩමාලූ එලාගෙනය.

    මේ කතාවට සවන්දි සිටි ගැටවරයෙකු කතාවට බාධාකරමින් ‘‘මොනවද ඔය න`ගාමැරූ අල ’’ කියන්නේ යැයි පැනයක් යොමු කළේය. එය ඔහුට පමණක් ගැටලූවක්ව තිබූවක් නොවු බව තේරුණේ අනික් අයද ඊට ලැබෙන පිළිතුර සම්බන්ධව දැක්වූ උනන්‍ දුව නිසාය.

    ‘‘මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග දිවේ ගාගෙන. ඉස්සරවෙලා නගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා නගාව මැරුවලූ.

    ඉතිං මේ විදියට නගා රාගාධිකව හැසිරුණේ ඇයි කියන එක ඒ අයියටත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. පස්සේ බලද්දි මොකද දන්නවාද වෙලා තියෙන්නේ. මේ දෙන්නා නතරවුණ තැන පොළොවෙ තමයි අර පිහිය ඇනලා තිබුණේ. බුලත්විට කාලා හුනුටික ගන්න පිහිය එතනින් අරගෙන හුණුඑකේ ගාලා ඒක දිවේගාගෙන තිබුණනේ. පිහිය පොළොවේ වැදිලා තිබුණේ පොළොව යට තිබුණ අලයක. ඒ අලේ තිබුණ මොනවා හරි අර නංගිගෙ ශරීර ගත වුණා. ඒක රාගය මතුකරන ඖෂධයක්. එදා ඉදලා ඒ අල ජාතියට කියන්නේ ‘‘නගා මැරූ අල කියලා.’’ වැඩිහිටියා කතාව අවසන් කරන විට අසා සිටියවූවෝ දිග සුසුමක් හෙළා සිත සැහැල්ලූ කරගත්හ.

    රැුස්ව සිටියෝ මේ ආකාරයට විවිධ කතාවලට සවන් දෙමින් රැය පහන් කරමින් සිටියහ. නිදිවරන පිරිසට කහට පොල්කට්ටකින් සංග‍්‍රහ කළයුතු නිසා වතුර මුට්ටිය ළිප තබන්නැයි වැඩිහිටි කාන්තාවක් තරුණියකට සන් කළාය. එහෙත් ඇය ‘‘සිරිපා හිමේ’’ අත්භූත කතා අසා යම් බියකට පත්ව සිටි නිසා තනිවම කුස්සියට යන්නට මැලිවූවාය.

    මෙසේ ආගිය කතා කියමින් සිටින අතරතුර මැදියම් රැය ඉක්මගොස් ඇති බව අහසේ දිස්වෙමින් තිබූ හද දෙස බලා වැඩිහිටියෙක් කීවේය. ‘‘ඉරපායන්න තව හෝරා හතරක් විතර ඇති. හෙට පාන්දරින්ම අපි කිහිප දෙනෙක් රතු අප්පු ගිය ඉසව්වට ගියොත් හොදා. සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් රතුඅප්පු කරදරයක් නැතුව ඉදී’’ ඔහු විශ්වාසයෙන් යුතුව කා තුළත් බලාපොරොත්තු ඇති කෙළේය.

    මේ අතර කන්ද පහළ පාර දෙසින් හුළු අත්තක එළියක් පැතිර තිබු ඝනදුර මැදින් දිස්වනු පෙනිණි. නිදි වර්ජිතව සිටි සැවොගේම උකුසු ඇස් එදෙසටය. ‘‘මෙකක්ද මේ එළිය.’’ මේ මැදියමේ අමුත්තෙක් නම් විය නොහැක. ගමේ කෙනෙක්ද විය නොහැක. මෙවන් මහ මෙවන් මහරක මේ ආකාරයට යන්නෙ එන්නේ කිහිප දෙනෙක් පමණක් නිසාත් වරෙක මතුවෙමින් තවත් වරෙක නොපෙනියමින් ගම මැද්දෙන් එන එළිය කාගේත් අවධානයට හේතුවක් විය.

    වැඩිහිටියන් ඉදිරියට අවුත් විපරමෙන් බලද්දි තරුණයෝ ද එය අනුගමනය කළහ. නිදිවර්ජිතව සිටි කොල්ලො කුරුට්ටෝ බියෙන් වැඩිහිටි කාන්තාවන්ගේ ඇග දැවටෙද්දී තරුණියෝද ඔවුන් අනුගමනය කළහ. වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවිදුන්ගේ පිහිට ආරක්‍ෂාව හිතින් පැතීය.

    ඈතීන් පෙනී නොපෙනී මතු වූ එළිය දැන් තමන් ආසන්නයට පැමිණ ඇත. එය හුලූ අත්තක් අතින්ගෙන එන පුද්ගලයෙකු බව කාටත් දැන් පැහැදිලිය.

    ‘‘කවුද මේ රැ එන්නේ’’ කාටත් ප‍්‍රහෙළිකාවකි. දෙනෙත් නොපියවා සැවෝම ඒදෙස බලා සිටිති.

    පැවති දිගු නියැඩිතාව බිදලමින් ‘‘මේ රතු අප්පුහාමි නේද?’’ වැඩිහිටියෙක් හිමින් කීවේය. කවුරුත් ඉතා ඕනැකමින් ඒ දෙස බලන්නට විය.

    කුරුදු ටිකකුත් කරතියාගෙන හුලූ අත්තකුත් අතැතිව එන්නේ හිමේට ගිය රතුඅප්පුහාමිය. ඔහුට කිසිදු මහන්සියක් නැතුව සේය. ගමේ වැඩිදෙනෙක් තමන්ගේ ගැන සෙවිල්ලෙන් සිටි බව රතු අප්පුහාමිට අවබෝධ විය. ඔහුට සියුම් සතුටක් ද දැනිණ.

    ‘‘ඈ රතු අප්පුහාමි මොකදෑ වුණේ?’’ වැඩිහිටියෙක් විමසීය.

    ‘‘මම කුරු`දු ටිකක් තලාගන්න කියලා මුවාපැන්්නගලට ගියා. යන පාරේ වල් එනසාල් පිරිලා. ඒවා ටිකක් කඩාගෙන මල්ලෙ දාගෙන මම කුරුදු තැළුවා. වෙලාව යනවා දැනුණේ නෑ. එන්න පිටත්වෙලා ටික වෙලාවකින් අදුර වැටුණා. මතක තියන විදියට මම පාරවල් වලින් බැස්සා. තරු එළිය තමයි එළියකට තිබුණේ. මට පාර වැරදිලා. මම බැස්සේ එරත්නේ පොල්කොටුවෙ කඬේ ළගට. කඬේ දැක්කා විතරයි මගේ සාගින්දර ඉහවහා ගියා. කඬේ තිබුණ විස්කිරිඤ්ඤ බෝතලෙන් බාගයක් විතර කාලා සුදහගින්න නිවාගෙනයි මම මේ ආවේ.’’‘‘බොලන්ලා එකක් මතක තියාගත්තොත් හොදා. මේ සමන් දෙයියන්ගේ අඩවියේ වැඩි තණ්හාවට යන එක එච්චර හොද නෑ. රතුඅප්පුහාමි ගමේ එකා හින්දා ආපහු ගමට එව්වා. නැත්නම් ඉතින් මහවනේ තමයි ඉන්න වෙන්නේ.’’ ‘‘හිමේ අත්භූත’’ බව ගැන වැඩිහිටියෙක් අවවාද දුන්නේය.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    සිරිපාද අඩවියේ මුවන් පැන්නගල කියලා ගමක් නෑ.එහේ හිමත් නෑ.ඔය කියන බෙහෙත් පැලෑටි ඇත්තෙත් නෑ.ඔය අල තිබුනනම් ඕව මෙලෙහකට කුඩු වලට වඩා මාකට් කරන්න පුලුවන්.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග දිවේ ගාගෙන. ඉස්සරවෙලා නගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා නගාව මැරුවලූ.
    තමන්ගේ නංගිව දූෂනය කරන්න ගිය අවජාතක එකෙක්ගේ නියම ස්ටෝරි එක.
    :lol::lol:
     
    ehema kiyanna epaa. owaye aththak thiyenna puluwan. man mehema kiyanne hethu athiwa. heathu passe post karannam

    සිරිපාද අඩවියේ මුවන් පැන්නගල කියලා ගමක් නෑ.එහේ හිමත් නෑ.ඔය කියන බෙහෙත් පැලෑටි ඇත්තෙත් නෑ.ඔය අල තිබුනනම් ඕව මෙලෙහකට කුඩු වලට වඩා මාකට් කරන්න පුලුවන්.
    ඉස්සර නොදියුණු කාලේ මිනිස්සු හිතේ බයටයි භක්තියටයි හදාගත්තු මත බන් ඕව. ඇති දෙයක් නෑ :lol::lol::lol:මම අවාරේ සිරීපාදේ ගිහින් තියනවා බන් ඔය එක දෙයියෙකුටවත් වඳින්නේ නැතුව. ගියේ අපේ කෑම්පින් සීන් එකකදී. වඳින්න නම් නෙවෙයි.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Muwa panna gala kiyanne gamak kiyala meke kiyala naha ban. siripa adawiye (kalawe) tibba galak gana e kiyanne...

    Hima kiyanne hima walata nemei ban. "Siripa Hime" kiyanne siripa adaviyata, kalavata gammu hada gatta namak.

    kaaata kaatat mekaya adahas dakwanna puluwan. eth me 2012 kiyala widyathmakava hama deyak ganama balanne natuwa parani adahili adahas walatat garu karanna. apita oya dewal naha kiyanna baha.
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මේක ජරා කරන්නේ නැතිව ඉන්නවද? බුදුදහමට නිගා කරන උබල මිනිස් වෙසෙන් ඉන්න තිලිසන්නු
    ඔය වගේ කතාවක් කීවාම සාදු කියන්න එපා බන්. ටිකක් හිතලා බලපන්.එහෙම නංගි කෙනෙක් මරන්නේ රෙප් කේස් එකක් නිසා.පස්සේ ඌ කියන්න ඇති නංගි මට හිකුවට පස්සේ කලකිරීමට මම ඒකිට පිහියෙන් ඇන්න කියලා. අනේ හුකේ එහෙම දේව අඩවියක මනස විකාර මිනීමැරුම් වෙනවනේ ඒක යක්ෂ අඩවියක්නේ.