වැඩ වැඩ.........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ හයයි....... ගෙදරිං මං පිටවෙනවා.......
    රෑ ජාමේ .. ආයෙත් ගෙවල් බලා එනවා....
    තොරන් වගේ .....පාරේ ලයිට් පත්තුවෙනවා.....
    ඉර එළියක් නෑ සතියක් ආයෙ ගෙවිලා යනවා.......

    වැඩ වැඩ.... අපි වැඩ........වැඩ වැඩ.... අපී... වැඩ.....//

    සෙට් එකෙ ආතල් ලෝකය තාම තියෙනවා.....
    එනමුත් මං ඒවට නෑ රස්සාවට යනවා..........
    ගැන්සිය හන්දියෙ ත්‍රීවිල් බජාර් මතක් වෙනවා......
    අම්මගෙ කටේ සද්දෙ ඔය වැඩිපුර වද දෙනවා........


    වැඩ වැඩ.... අපි වැඩ........වැඩ වැඩ.... අපී... වැඩ.....//

    දවල් දෙකට.... පාසල් සමය මතක් වෙනවා...........
    හෝල්ට් ගානෙ.... දැම්ම ජෝගිත් සිහි වෙනවා....
    වැඩ කරලා..... අද දවස ගෙවිලා යනවා..........
    ජීවිතයම.... ටික ටික මේකට හුරු වෙනවා.................

    වැඩ වැඩ.... අපි වැඩ........වැඩ වැඩ.... අපී... වැඩ.....//


    කෙල්ලො පාරේ.... බස් වලිං ගමන් යනවා........
    කිට මරලා.. ටෝකට අපි සෙට් වෙනවා.........
    වෙලා ගිහිං ... රතු ඉර පොතේ මතක් වෙනවා.....
    බායි ඩියර්.... මං හෙටත් මේකෙ එනවා..................

    වැඩ වැඩ.... අපි වැඩ........වැඩ වැඩ.... අපී... වැඩ.....//
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ohoma kiyanna epa munatama :sorry:

    butterflies-2.gif


    :eek::eek::eek: