“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    “සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+

    මේක මගේ කතාවක් නෙමෙයි..
    පොඩි කාලවල් වල සොදුරු මතක අවදි කර ගන්න කට්ටියට උදව් වෙයි කියලා හිතපු නිසා එළකිරියෙත් දැම්මා...
    කැමති අයට පුලුවන් ගිහින් ඒ පේජ් එකටත් කමෙන්ට් එකක් දාන්න....
    ඒ බ්ලොග් එකේ සෑහෙන්න කතා තියෙනවා මම හිතෙන්නේ
    කතා 2214 ක්, මේත් එකෙන් එකක්...




    මේකත් ඉස්කෝලේ කතාවක්.

    අපි එතකොට 8 වසරේ හරි 9 වසරේ හරි තමයි හිටියේ. හරියටම මතක නෑ.
    අපිට විද්‍යාව කරේ මිස් කෙනෙක්. කළුම කලුයි. ටූත් පික් එකක් වගේ කෙට්ටුයි.
    කට්ටිය දන්නවනේ ඔය කාලේ තියෙනවනේ ප්‍රජනනය කියල පාඩමක්. ඕක එනකම් හැමෝම බල බලනේ ඉන්නේ. අනිත් පාඩම් ජීවිතේටම නොබැලුවත් මේ පාඩම හැමදාම හරි පාඩම් කරනවනේ.
    ඉතින් කොහොමින් කොහොම හරි අපිත් අවා ප්‍රජනනය පාඩමට. කට්ටියම බලාගෙන ඉන්නවා අද ප්‍රජනනය පාඩම කරන්න. තමන් හිතාගෙන හිටපු ඒවා හරිද කියල බලන්න එහෙම.
    ඉතින් විද්‍යාව මිස් එදාත් වෙනද වගේම පන්තියට ආවා. ඇවිත් අනේ ප්‍රජනනය පාඩම අත ඇරලා ඊළඟ පාඩමට ගියා.
    කොල්ලොටික ෆුල් අප්සට් වැඩේට. කොල්ලෝ එකා දෙන්නා කුටු කුටු ගානවා උන වැඩේට. මිස්ටත් ඉතින් වැඩේ තේරෙනවනේ……
    ඉතින් මිස් එකපාරටම කියපි…..
    “හරි හරි ඕකට ඉතින් ඔච්චර අප්සට් වෙන්න ඕනේ නෑනේ……. ඔය පාඩම මට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවනේ……”
    ================================================================
    ඉතින් කොහොම හරි ටික දවසකින් මෙයා ඔන්න කසාද බැන්දා. (පව් අහිංසක කොල්ල…. )
    බැඳලා සුමානයකින් විතර දෙන්නම ගියා රට.
    මාසෙකට එන්නේ නෑලු.
    ඉතින් ඔය ටිකේ අපේ පන්තියට ආවා සර් කෙනෙක් විද්‍යාව උගන්නන්න.
    සර් ඇවිත් ළමයින්ගෙන් අමාරු තැන් තේරෙන්නේ නැති පාඩම් අහන්න ගත්තා……
    අමාරුවෙන්ම ඉන්න එකෙක් පැනලා කිව්වා
    “සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” කියලා.
    සර් ඉතින් හරි එහෙනම් අපි එතනින් පටන් ගමු කියලා ඔන්න ඉතින් පාඩම කරනවා….
    ප්‍රජනන ඉන්ද්‍රීන් ගැන… විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැන…. තව ශුක්‍ර ධාතු ගැන…. ඒවායේ ක්‍රියාශීලී අනු ගැන……
    ළමයිනුත් හරි උනන්දුයි…. ප්‍රශ්න ගොඩයි….. මාර ප්‍රශ්න අහන්නේ…… එහෙම ප්‍රශ්න මම හිතන්නේ බෙන්සීන් වළලු කරද්දීවත් තිබුනේ නෑ.
    ඉතින් සර් පීරියඩ් එක ඉවර වෙනකොට කිව්වා
    “කවුරු හරි හෙට එනකොට ශුක්ක්ර ධාතු ටිකක් අරගෙන එන්න” කියලා අන්වීක්ෂයට දාලා බලන්න.
    “මම කාටවත් කියන්නේ නෑ, පීරියඩ් එක පටන් ගන්න කලින් ස්ටාෆ් රූම් එකට ගෙනත් දෙන්න” කිව්වා.
    ඉතින් අර අමාරුවෙන්ම හිටපු එකා ආයිත් අහනවා….
    “සර් කොහොමද ඕවා ගන්නේ…….”
    කොල්ලෝ ටික අයෙත් නෑ….. බඩ අල්ලන් හිනා….. මූත් හැබැයි කුපාඩි කමට ඇහුවේ……
    සරුත් ඇඟට නොදනී කිව්වා…..
    “ඔය වෙනද ගන්න විදියටම ටිකක් අරගෙන එන්න” කියලා……
    ===============================================================
    ඉතින් ටික්කත් ප්‍රැක්ටිකල් එකට තිබුන උනන්දුව නිසාම ගෙදරටත් හොරෙන් චූටි බෝතලයක් හොයාගෙන එහෙම හොඳට පිරිසිඳු කරලා අරගෙන අර වෙනද ගන්න විදියටම ඉතින් ඒවා අරගෙන බෝතලේටත් දාගෙන ගියා ඉස්කෝලෙට. ගිහින් ඉතින් කාටත් හොරෙන් බෝතලෙත් සාක්කුවේ දාගෙන ටොයිලට් යනවා වගේ ගියා ස්ටාෆ් රූම් එකට. යනකොටම සර් දැක්කා මාව. මම ඉස්සර වෙන්නත් කලින්ම සර් ඉඳන් කියනවා
    “ආ…මම බැලුව මොකද පරක්කු කියලා…. අනිත් ළමයි ඔක්කොම කලින්ම ගෙනත් දුන්නා….. ඔයත් මේ ගොඩෙන්ම තියල යන්නකෝ” කියලා මට මේසයක් පෙන්නුවා….
    තව සර්ලා මිස්ලත් හිටියා…. නොන්ඩි හතයි….. කට්ටියම බඩවල් අල්ලාගෙන හිනාව….. මමත් හෙමින් සැරේ බැලුවා මේසේ දිහා… අප්පට සිරි…. මේසේ පුරවලා බෝතල්……




    post : කොහොමද ගන්නේ by lovetikka
    © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post
    "> post : කොහොමද ගන්නේ by lovetikka
    © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    patta ban ... a welawata polawa palagena yanna hithenna athi


    මටත් මේ වගේම චප්ප සීන් එකක් උනා..ධාතු මුල් කරන් නම් නෙමෙයි..ඉස්කෝලෙට ආපු අළුත ඒ කියන්නේ 6 වසරට..මම නායකයා..ඉතින් ආපු අලුත ගුරුවරයා විනාඩි 5ක් ඇතුලට පනිතියට ආවේ නැත්තම් නායකයා ගිහින් බලන්න ඕනේ,ගුරුවරයා ඇවිත්ද කියලා ඇවිල්ලා නැත්තම් පැවරුම් දෙන්න ඕන...ඒ පරිසර අධ්‍යයනයට අදාලා ගුරුතුමී නම සුජාතා...ඔන්න ගියා ස්ටාෆ් රූම් එකට මිස් පේන්න නෑ...ඉතින් අපි මොකද කරන්නේ ළඟ පාතක ඉන්න මිස් කෙනෙක් ගෙන් අහනවා ඒ මිස් ඉන්නවද කියලා....ඔන්න දැන් තමයි වැඩේ දෙල් වෙන්නේ..."මිස් අපේ පරිසර පාඩම කරන මිස් අද ආවද?" කොයි කෙනාද..."සුජාතා මිස්" කොයි සුජාතා ද??? වැඩේ දෙල් වෙන්න යන්නේ...ආයේ ගියා පන්තියට ගිහින් ඔක්කොගෙන්ම ඇහුවා මිස් ගේ නම මොකද්ද කියලා හැම එකාටම මතක සුජාතා විතරයි..දැන් මොකෝ කරන්නේ විෂය නායකයට පන්තිය භාර දීලා මා යි,උප නායකයයි දෙන්නම දැන් මිස්ව හොයන් යනවා..ගිහින් ආයේ නැවතුනේ කලින් තැනම..වටේ පිටේ බැලුවා..කලින් මම විස්තරේ අහපු ගුරුතුමී පේන්න හිටියේ නෑ..ආයේ ගියා...මේ පාර උපයවා දාලා ඇහෙව්වා..."මිස් අපේ සුජාතා මිස් ආවාද" කොයි කෙනාවද මේ අහෙන්නේ..." අපි දෙන්නා ආයෙ නන්නත්තාර...ඒ වෙද්දි ගුරුතුමීලා 10 දෙනෙක් විතර හිටියා..මිස්ට තේරුනා හිප‍ටු පැටව් දෙන්නට මිස්ගේ Surname එක මතක නෑ තම කියලා..."ඔයාලා මේ හොයන්නේ සුජාතා අත්තනායම මිස් ව ද??" අපි දෙන්න ටික වෙලාවක් මූණට මූණ බලන් ඉඳලා...අහල පුරුදු ගතියකුත් තියෙන නිසා ...අහ්...ඔව්.. ඔව්..එයා තමා....කියපි..."අනේ පුතේ එයා ඇමරිකා ගියා නේ...." හුටා මේ හදිස්සියේ....!!!මටත් කට තියෙන් ඉන්න් බැරිව මේ හදිස්සියේ...ගියාද කියලා අහපි...ඔව් පුතේ එයා කොන්සට් එකක් කරන්න ගියා.....එයා සින්දු කියනව නේ...අහ්..ඇත්තද කියලා අපි දෙන්න හැරිලා ආවා..අපි යන්න හැරුන ගමන් ටීචර් ලා බඩවල් අල්ලන් හිනා වෙන්න ගත්තා අපිට හිතා ගන්නත් බෑ...ඊළඟ දවසේ මිස් ආවා..මිස්ටත් හිනා...වැඩේ සීන් කොන් එකක් ඇති කියලා අපි දෙන්න ඔය ගැන කාටවත් කියුවේ නැ...ඊයේ කවුද මාව හොයාගෙන ස්ටාෆ් රූම් එකට ගියේ....කවුරුවත් නෑ..."ඒක හරි හොයන් ගිහින් තියෙන්නේ වෙන කෙනෙක් වනේ.." සුජාතා අත්තනායක කියන ගායිකාව ගැන අපි දැන ගත්තේ ඊට පහුවෙනිදා ඉඳන්..