නිර්භීත සතුරා

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
දෙවැනි ලෝක යුද සමය පසුබිම් කරගත් යුද වාර්තා, මූලාශ්‍ර ලෙස ගෙන නිපදවූ, සිනමා පට, රූපවාහිනී වැඩසටහන්, මෙන්ම පොත්පත්ද ඔබ පරිශීලනය කර ඇති. ‘බිස්මාර්ක් – Bismarck’ යන නම දෙවැනි ලෝක යුද සමයේදී ලොව හෙල්ලූ නමක් බව ඔබට මතකද? නැතහොත් එවැනි නමක් අසා තිබේද? මේ කියන්නට යන්නේ ඒ අභීත සතුරා හෙවත් බිස්මාර්ක් යුද නැවේ කතාවයි. සෑම විටම සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් මෙන්ම ප්‍රබල වන බව මේ කතාව කියවීමෙන් ඔබට මොනවට තහවුරු වනු ඇති.

1zbuykh.jpg


දෙවැනි ලෝක යුද සමයේදී ලොවම මවිත කල, ලොව හෙල්ලූ, එමෙන්ම බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමෙරිකානු, නාවික හමුදා මවිතයට හා භීතියට පත්කළ, අසාමාන්‍ය, අභිමානවත්, අති බලවත් යුද නැවක් ලෙස, බිස්මාර්ක් නැවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහි විශේෂත්වය වන්නේ මේ නැව සේවයේ යෙදුනේ මාස 8 ක් වැනි සුලුකාලයක් වීමය. මේ නැව, ජර්මානු ආඥාදායක පාලනය ලොවපුරා ව්‍යාප්ත කිරීම සඳහා, නාවික බලය වර්ධනය කරගැනීම පිණිස යොදනලද, අති දැවැන්ත උත්සාහයක් ලෙසද, ඉතිහාසයට එක්වෙයි. එමෙන්ම එය ජර්මානු නාවික තාක්ෂණයේ අද්විතීයත්වය ලොවට පිළිබිඹු කල ප්‍රබල සංකේතයක්ද (icon) වෙයි.

මාස 8 ක් පමණක් සේවයේ යෙදුනු, තම ප්‍රථම හා එකම අණදෙන්නා වූ, කපිතන් අර්න්ස්ට් ලින්ඩ්මාන් ගේ අණදීම යටතේ,

එකම එක ක්රියාන්විතයකට පමණක් සහභාගිවූ බිස්මාර්ක් නැව, මෙතරම් වැදගත් තැනක් ගන්නේ ඇයි. විශේෂත්වය වන්නේ 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු, මේ ආකාරයේ ප්‍රථම නැව මෙය වීම හා මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට නොතිබීමයි. මේ නැවෙහි නිර්මාණය, ප්‍රහාරක ශක්තිය, සහ චාලක ශක්තිය පිළිබඳව ප්‍රධාන කරුණු පහත වෙනම විස්තර කරනු ලබනවා.

බිස්මාර්ක් නැව නිපදවීම ආරම්භ වුයේ 1936 ජූලි මස පළමුවැනිදා ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදීය. 1939 පෙබරවාරි මස 14 වැනිදා දියත් කල මෙම නැවේ අත්හදා බැලීම් නිමකොට, සියලු වෙනස්කිරීම් හා නවීකරණ කටයුතු නිමවා, අධිකාරියට පත්කොට, (නාවික හමුදාවක ඇති යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්‍රා අධිකාරියට පත්කිරීම (Commissioning) ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායකි. එවැනි නැවකට ගොඩවන විටත් බසින විටත් ත්‍රිවිධ හමුදාවට අයත් සියලු දෙනා නැවට ආචාර කල යුතුය) සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු 24 වැනිදා ය. එනම් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ඔන්න මෙන්න කියන අවදියේදීය. මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය.

b5fwow.jpg


බිස්මාර්ක් නැවේ සැකිල්ලේ පටන් එහි ඉදිකිරීම ඉතා විශේෂ සැලැස්මකට අනුව සිදුවිය. කොතරම් රළු මුහුදක වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමත් සතුරු ප්‍රහාර වලට හොඳින් ඔරොත්තු දීමත් මේ නැව නිපදවීමේදී විශේෂ අවධානයට ලක්වූ කරුණු විය. බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.

බිස්මාර්ක් යුද නැව, දෙවැනි ලෝක යුද සමයේ නාවික තාක්ෂණය හා සසඳා බලනවිට අසමාන නැවකි. වර්තමානයේ තිබෙන ඇති දැවැන්ත යුද නැව් සමග සසඳා බැලීමේදී බිස්මාර්ක් එදා සාගරයේ යෝධයෙකි. රකුසෙකි, භයානක අවියකි. අද මහා යුද නැව වල පරමාණු බෝම්බ හෙළිය හැකි ගුවන්යානා පවා ඇත. බිස්මාර්ක් සතුවද බෝම්බ හෙළිය හැකි (පරමාණු බෝම්බ නොවේ) කුඩා ගුවන් යානා හතරක් විය. මෙය එකල අනෙක් යුද නැව වලට දැඩි අභියෝගයක් විය.

සාමාන්‍යයෙන් යුද නැවක ප්‍රහාරක ශක්තිය ගැන එතරම් අවබෝධයක් නැති කෙනෙකුට වුවද බිස්මාර්ක් නැවේ තරම වටහා ගැනීමට හැකිවන පරිදි හැකි තරම් සරලව එහි ශක්තිය මේ ආකාරයෙන් දැක්විය හැකියි.

1. ප්‍රධාන කාලතුවක්කු බතරොයිය (Main Artillery Battery)

. සෙ.මී. 38 ක් (අඟල් 15) විෂ්කම්බය සහිත, එකක් කිලෝ ග්රෑම් 800 ක් බර, උණ්ඩ යොදා, කිලෝමීටර් 35.5 ක් ඈතට වෙඩි තැබිය හැකි කාල තුවක්කු 8 යි. මේ කාලතුවක්කු 8 ද්විත්ව තුවක්කු අට්ටාල (twin gun turrets) ලෙස සකසා, අට්ටාල දෙකක් නැවේ ඉදිරිපස කොටසේද, (ඇණිය) අනෙක් දෙක පසුපස කොටසේද (අවරය) සවිකර තිබුණි. මේ කාලතුවක්කුවක බැරලයේ (බටයේ) දිග මීටර් 19 ක් විය. (අද අපේ හමුදාවේ තිබෙන ලොකුම කාලතුවක්කුව වන මිමී 130 කාලතුවක්කුවෙන් වෙඩි තැබිය හැක්කේ උපරිම කි.මී. 27 ක ඉලක්කයකටය)

2. ද්විතීය කාලතුවක්කු බතරොයිය (Secondary Artillery Battery)

සෙ.මී. 15 ක් (අඟල් 6 ක් ) විෂ්කම්බය සහිත, එකක් කි.ග්රෑ. 45 ක් බර උණ්ඩ යොදා, කි.මී. 23 ක් ඈතට වෙඩි තැබිය හැකි කාලතුවක්කු 12 යි. මේවා ද්විත්ව අට්ටාල තුන බැගින් නැවේ දෙපස සවිකර තිබුණි.

3. ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කු බතරොයිය (Heavy Anti Aircraft Battery)

සෙ.මී. 10.5 (අඟල් 4) විෂ්කම්බයකින් යුත්, එකක් කි.ග්රෑ. 15 ක් බර උණ්ඩ යොදා, කි.මී. 17 ක් දුරට හෝ කි.මී 12 ක් උඩට (අහසට) වෙඩි තැබිය හැකි, ද්විත්ව මැෂින් තුවක්කු 16 යි. තුවක්කු දෙකේ අට්ටාල 8 ක් ලෙස සවි කර තිබුණි.

4. මධ්‍යම, ගුවන් යානා නාශක මැෂින් තුවක්කු බතරොයිය. (Medium Anti Aircraft Battery)

සෙ.මී. 3 ක (අඟල් 1.5 ක) විෂ්කම්බයකින් යුත්, එකක් ග්රෑම් 745 ක් බර උණ්ඩ යොදා, කි.මී. 6.75 ක් දුරට වෙඩි තැබිය හැකි තුවක්කු 16 යි. ද්විත්ව තුවක්කු අට්ටාල 8 ක් ලෙස, නැවේ දෙපස සවි කර තිබුණි.

5. ගුවන්යානා නාශක සැහැල්ලු මැෂින් තුවක්කු බතරොයිය (Light Anti Aircraft Battery)

සෙ.මී. 2 ක (අඟල් 3/4) විෂ්කම්බය සහිත, එකක් ග්රෑම් 132 ක් බර උණ්ඩ යොදා, කි.මී. 4.8 ක් දුරට වෙඩි තැබිය හැකි මැෂින් තුවක්කු 18 යි. මෙයින් තුවක්කු 10 තනි තනිව සවිකළ පාදස්තල වල(single pedastal) තිබුන අතර අනෙක් තුවක්කු 8 චතුර්ථ පාදස්තල (quadruple mounts - එක පාදස්තලයක තුවක්කු 4 බැගින්) වල සවි කර තිබුණි.

6. බෝම්බ හෙලීමට භාවිත කළහැකි සැහැල්ලු ගුවන් යානා 4 යි.

එපමණක් නොව දිගු දුර රේඩාර් පද්ධති තුනකින් සමන්විතවූ බිස්මාර්ක් මීටර් 251 ක දිගකින් හා මීටර් 36 ක පළලකින් ද මෙට්‍රික් ටොන් 50300 ක බරකින් ද යුක්ත විය. එමෙන්ම වාෂ්ප ටර්බයින තුනකින් සහ ඉන්දන බලයෙන් ක්‍රියා කරන බොයිලේරු 12 කින් සමන්විතවූ බිස්මාර්ක් නැවේ, මුළු ශක්ති ජනනය කිලෝවොට් 111,980 ක් විය. එමගින් පැයට නාවික සැතපුම් 30.01 ක් හෙවත් පැ.කි.මී. 55.58 ක වේගයක් උපදවාගත හැකිවිය. නැවේ ඉන්දන ටැංකි වලට එකවර ඉන්දන මෙට්‍රික් ටොන් 8294 ක් පිරවිය හැකිවූ අතර එම ඉන්දන ප්‍රමාණයෙන්, අවම වේගය වූ පැයට නාවික සැතපුම් 19 ක (පැ.කි.මී. 35 ක) වේගයෙන්, නොනවත්වා නාවික සැතපුම් 8870 ක් (කි.මී. 16430 ක් ) යාත්‍රා කළහැකි විය. නැවේ බඳ, තුවක්කු අට්ටාල, විශේෂ ආවරණ තහඩු සෙ.මී. 3 සිට සෙ.මී. 32 දක්වා ප්‍රමාණයේ ඝනකමකින් යුක්ත විය
.
10fe2a8.jpg


බිස්මාර්ක් නැවේ කාර්ය මණ්ඩලය නිලධාරීන් 103 දෙනෙකුගෙන් හා නාවික සෙබළුන් 1962 දෙනෙකුගෙන් සමන්විත විය. (අපේ යුද හමුදාවේ බලසේනාවකට Brigede වඩා වැඩියි. සේනාංකයක් Division තරම්) එක කාර්ය අංශයකට නිලධාරීන් හා සෙබළුන් 180 ත් 220 ත් අතර ප්‍රමාණයක් සිටිනසේ මුළු නාවික බල ඇණිය අංශ 12 කට බෙදා තිබුණි. නැවේ අණදෙන නිලධාරියා වුයේ කපිතන් අර්නස්ට් ලින්ඩ්මාන් ය.

මෙතරම් ප්‍රබල නැවක්, පාවෙන යුද බලකොටුවකට, සම කල හැකි නැවක්, එකම එක ක්රියාන්විතයකට පසු, පහරදී මුහුදේ ගිල්ලවා දැමුවේ කෙසේද?


මෙන්න 2 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1497364

මෙන්න 3 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1497387

උපුටා ගැනීමකි
 
Last edited:

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.

    menna me tika poddak pahadili naha machan
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්‍රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්‍රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්‍රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.

    menna me tika poddak pahadili naha machan

    එ කියන්නේ මච්න් මේක හදන්න කලින් තවත් මේකට ආසන්න ම ටෙස්ටින් කරන්න හදපු එකක්