මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මුස්ලිම් ව්‍යප්තවාදයට නිසි පිලිතුර කුමක&

radical-islamist-and-hatred.jpg

මේක රිටිගල ජයසේන ෆේස් බුක් එකේ දාල තිබුන ලිපියක්. ඇත්තටම ඒක වැදගත් කියල හිතුන නිසා සහ ඒකෙ තියෙන කරුණු වලට මමත් පුද්ගලිකව එකඟ නිසා මම ඒක ශෙයා කරන්න කියල හිතුවා. මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක.

වෙනත් රටවලින්ද උදාහරණ ගනිමින්, ආගම හා ජාතිකත්වය තුලට තව තවත් නැඹුරු වීම මුස්ලිම් ව්‍යප්තවාදයට විසඳුම්ක් ලෙස බොහෝ තැන වලදී හුවාදක්වනු දකින්නනට ලැබේ. මේ තර්කය කොතරම් ප්‍රායෝගිකද? මේ තර්කයේ මූලික පදනම නම් රාජ්‍ය කරවන දේශපාලකයන් ගේ ආගමික හා ජාතික නැඹුරුව මත රාජ්‍යයේ නීති රීති සකස්වීම කෙරෙන බැවින් ඔවුන්ගේ ඡන්ද පදම තුල දැඩි ආගමික හා සංස්කෘතික නැඹුරුවක් ඇතිකොට ඒ මගින් රාජ්‍ය පාලනයට බලපෑම් ඇති කිරීමයි. එනමුත් 10% ආසන්න ඡන්ද පදනමක් ඇති සියලු ආගම් හා සංස්කෘතින් ට මෙම ක්‍රියාදමයම සිදුකොට රාජ්‍යයට බලපෑම් සිදුකල හැකි බැවින්, මෙම උත්සහය තුල vicious cycle එකක් ඇත. අනෙක් අතට දැඩි ආගමික හා සංකෘතික මොල සේදීමේ (brainwashing) ව්‍යාපාරය නිසා අන් මත නො ඉවසන, ආක්‍රමශීලී, කලහකාරී, ක්‍රෝධයෙන් පිරුනු අනාගත පරපුරක් බිහිවීමේ අවදානමක් ඇත. මෙය "ඉඟුරු දී මිරිස් ගත්තා" වැනි තත්වයක් වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් එක් ආගමික හෝ සංස්කෘතික ව්‍යප්තවාදයකට එරෙහි ව්‍යපාරය වෙනත් "ආගමික හෝ සංස්කෘතික" ව්‍යප්තවාදයක් හෝ අධිපතිවාදයක් නොවිය යුතු බව මගේ දැඩි විශ්වාශයයි. එම ව්‍යාපාරය සියලු ව්‍යප්තවාදයන්ට එරෙහි එකක් විය යුතුය.

එමෙන සාධාරනය ඉටුකිරීමට දේශපාලකයෙන්ගේ පෞද්ගලික මතවාද මත යැපීමට වඩා රාජ්‍යත්වය තුල ව්‍යවස්තානුකූලම ස්ථාපිතවූ රාජ්‍ය ප්‍රතිපත්ති මත යැපීම වඩා නැන හුරුය. එබැවින් ආගම හා සංස්කෘතික අවශ්‍යතා වලට සිය සීමා මායිම් පැනීමට ඉඩ නොදෙන සේ වැටක් බැඳීම ව්‍යවස්ථාවෙන්ම කල යුතුය.

මුස්ලිම් ව්‍යප්තවාදයට මා එරෙහි වන්නේ කිසිදු ආගමික හෝ වාර්ගික පදනනම්කින් නොව, ඉස්ලාම් ආගම හා මුස්ලිම් සංස්කෘතිය යනු රාජ්‍යත්වයට ලඟාවූ පසු මිනිසුන්ගේ සියලුම ඓහික (secular) අයිතීන්ට වැට කඩොලු බඳින පද්ධතියක් බැවිනි. මුස්ලිම් ප්‍රජාවට සිය පෞද්ගලික අවකාශය තුල සිය ආගමික හා සංස්කෘතික මතවාදයන්ට අනුව ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය. එනමුත් ඔවුන්ගේ ඇතම් අවශ්‍යතා ඉටුකිරීමට යෑමෙන් වෙනත් ප්‍රජාවන්ගේ අයිතීන්ට බලපෑම් එල්ලවිය හැක. උදාහරණයක් ලෙස කිවතොත් ගැහැණුන් සිය මුහුනු සම්පූර්ණයෙන්ම ආවරණය කොට ATM යන්ත්‍රවලින් මුදල් ගැනීමට යාම පොදු ආරක්ෂාවට තර්ජනයක් බැවින් වර්තමාන සමාජය තුල එයට ඉඩදිය නොහැක. එක්කෝ හිජාබ් ඇඳ සිටින ගැහැනුන් ATM යන්ත්‍ර වලින් මුදල් නොගත යුතුය. නැතිනම් මුදල් ගන්නා අවස්තාවේ ATM යන්තරයේ ආරක්ශක කැමරාවට (security camera) පෙනෙන ලෙස සිය මුහුනු ආවරනය ඉවත් කල යුතුය. වෙනත් විසඳුමක් නැත. මෙය එක් උදාහරණයක් පමනි.

හැකි තරම් ලමයින් හැදීමේ ක්‍රමය මගින් සිය ගෝත්‍රයේ ජන අනුපාතය වැඩි කරගැනීම හා සිය ආගමික හා සංස්කෘතික මතවාද අනුව වෙනම ජීවත්වීමේ නීති (ශරියා, හලාල්) ඉල්ලීම හරහා රාජ්‍ය පාලනය ආක්‍රමනය කිරීමට අන්තවාදී මුස්ලිම් ප්‍රජාවට හැකිවී තිබෙන්නේ ඇයි? පෞද්ගලික මට්ටමින් සංවිධානය වී මීට එරෙහිවීම හා තවතවත් ජාතිවාදය වැපිරවීම මීට විසඳුමද? සිංහල අන්තවාදීන් ජාතිවාදය වපුරවන අතරේදී මුස්ලිම් ප්‍රජාව සිය අවශ්‍යතා හෙමින් සීරුවේ ඉටුකර ගන්නවා නොවේද? රටක නීතිය යනු ආගමික හෝ වාර්ගික පදනමකින් තොරව හැම දෙනාටම පොදුවේ බලපාන්නක් විය යුතුය යන ඓහික පදනම හරහා මිස වෙනත් ප්‍රායෝගික විසඳුමක් මට නොපෙනේ.

ලංකාවේ රාජ්‍යත්වය අනවශ්‍ය ලෙස ආගමික සංස්ථා හා බැඳි පවතින බැවින් ඇතම් නීති රීති ගෙන ඒමේදී ආගමික සංස්ථාවලින් කෙරෙන බලපෑම සැලකීමට සිදුව ඇත. උදාහර්ණයක් ලෙස උපත් පාලනය ගනිමු. ලංකාවේ කිසිදු ආගමික සංස්ථාවක් (නොයෙකුත් හේතූන් මත) අනිවාර්ය උපත් පාලන (චීනයෙ මෙන්) නීතියක් ගෙන ඒමට සහය නොදේ. මෙම අනවශ්‍ය ආගමික බලපෑම නොතිබුනේ නම් උපත් පාලන අනිවාර්ය කිරීම ලංකාව තුල ඉතා පහසුවෙන් කල හැක. ලංකාවේ උපත් වලින් අති බහුතරය සිදුවන්නේ රජයේ රෝහල් වලය. රජයේ රෝහලට සිය තෙවෙනි දරු උපත සඳහා පැමිනෙන සෑම ගැහැනියක්ම අනිවාර්යයෙන් ටියුබෙක්තමී (tubectomy) සැත්කමට ලක්කිරීම පහසුම ක්‍රමයයි. ("තෙවෙනි" යන්න උදාහරණයක් ලෙස පමනක් ගන්න)

කිසිම ආගම අන්තවාදයකට උල් පන්දම් දීමක් හෝ සදරනිකරණය කිරීමක් නොවේ

ප : ලි : රැල්ලට උඩ පනින හරක් රැලට නොවේ මොලයක් වැඩකරන මිනිසුන් වෙත

උපුටා ගැනීම මගේ ලෝකය
 
Last edited:

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බම්ප් මචන්...එල කිරි වගේ කියල තියෙන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    කෙටියෙන් කිව්වොත් හැමෝටම එකම නීතියක්. අන්න එහෙම තමා වෙන්න ඕනා. අරූව සතුටු කරන්න එකකුයි මුව සතුටු කරන්න එකකුයි දාන්නේ නැතුව එක නීතයක් හදන්න ඕනා ඔක්කොටම.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බම්ප් මචන්...එල කිරි වගේ කියල තියෙන්නේ

    :)

    කෙටියෙන් කිව්වොත් හැමෝටම එකම නීතියක්. අන්න එහෙම තමා වෙන්න ඕනා. අරූව සතුටු කරන්න එකකුයි මුව සතුටු කරන්න එකකුයි දාන්නේ නැතුව එක නීතයක් හදන්න ඕනා ඔක්කොටම.

    අනිවා යාලු , මුස්ලිම් රටවලත් උන්ගේ ආගමට ආරක්ෂාව හදල තියෙන්නේ උන්ගේ නීති පද්දතින්මයි ,අපේ නීතිත් නැහැ , බුද්ද සාසන අමත්‍යන්සෙන් වැඩකුත් නැහැ ,එහෙන් විනාස කරනවා මෙහෙන් විනසකරනවා කියා කියා එක එකට බැන බැන ඉන්නවා කාට බැන්නත් මොන කෝලාහලයක් කරත් වැරැද්ද මුල හදන්නේ නැතුව වැඩක් තියෙයිද බන් ?, වැරැද්ද අපේ උන්ගේ නෙවෙයි , වැරැද්ද බන් මෙහෙම වෙනවා කියල දැනගෙන මේ ප්‍රස්නේ විසදන්න කරන්න ඕනි දේ ගැන දැනුවත් කරන්නේ නැතුව මරපන් කොටපන් කියාගෙන අන්තවාදයකට ගෙනියන උන්ගේ .තව කෝලාහලයක් ඇති උනොත් වෙන්නේ අපිට විසදගන්න ඕනි එක විසදන්න නෙවෙයි , කොලහලේ බේරන්නයි මුස්ලිම් උන්ට හොද පරිසරයක් හදලදෙන්නයි ,මානව හිමිකම් ආරක්ෂා කරන්නයි , ඒ ප්‍රසන විසදා විසදා ඉන්න වෙයි :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමද මචන් නීති මාර්ගයෙන් කටයුතු කරන්නේ ?
    බහුතරයක් සිංහල බෞද්ධ ආණ්ඩුවක් තියෙන රටේ. පාර්ලිමේන්තු ආසන 9ක්ම හෙළ උරුමයට තිබ්බ 2004 දී පවා මේ "ආගම් වලට බලහත්කාරෙන් හැරවීම නතරකිරීමේ පණත" වත් සම්මත කරගන්න බැරිවෙච්ච රටක් මේක. මේ රටේ බිහිවෙච්ච හැම ආණ්ඩුවක්ම සුලු ජාතික උගුලේ අහුවුනා (except Bandaranayake in 1956). දේශපාලුවෝ සිංහල බෞද්ධයා තියාගෙන ඉන්නේ ඡන්ද ගන්න විතරයි. අනිත් සුලුජාතික පිරිස් වලින් තමයි ඕනෑම ආණ්ඩුවකට ආර්ථික බලය හා අන්තර්ජාතික බලය ලැබෙන්නේ. ඉතින් බහුතරය ඉන්න සිහල බෞද්ධයා ඇත්තටම සුලුජාතිය වෙලා ඉන්නේ

    නීති හදන තැන සුද්ද කරන්නේ නැතුව නීති ගැන කතා කරලා වැඩක් නෑ
     
    නීති හදන තැනට බලපෑම් කරන්නම වෙනවා , ඒ බලපෑම කෝලාහලයකින් කරන්න ගියොත් වෙන්නේ බුදුදහම බෙර ගන්න එක පැත්තක දල , වෙන රටවලින් එන බලපෑම් ,මුස්ලිම් උන්ට හොද පරිසරයක් හදල දෙන්න , මානව හිමිකම් රකින්න වගේ දේවල් , මම මේ කියන දේ උනේ නැත්තම් මගේ කන කපනවා යාළුවා , ඊට පස්සේ දේසපාලනේ කරන උන් අපිට ගහගන්න එපා කියල බයිලා කියා කියා ඉදිවී , සමහර උන් දේශපාලන වැසි ගනීවි එකෙන් බිස්නස් කර ගනීවි,

    හැබැයි විසදුම වෙනුවෙන්ම රැල්ලක් අවොත් , මුස්ලිම් උන්ට කෙලින්න කලින් පළවෙනියට බුද්ද සාසන අමාත්‍යංශයට කෙලියොත් අපේ උන් , ඇමතිය වෙනුවෙන් , විසදුම වෙනුවෙන් පාරට බැස්සොත් ?

    මෙහෙම සින් එකක් තියනවා මේ දේ කරන මිනිස්සු නිසා තමයි මේ රැල්ල , බෞද්ද නැගිටීම ඇති උනේ . එත් ඒ නැගිටීමෙන් අවශ්‍ය දේ කර ගන්න බැරි වේවි , අනවශ්‍ය කෝලාහලයක් ඇති උනොත් , ඉතිහසෙන් පාඩම් තියනවා එකට

    there are lessons in everything we do. In every choice we make. All of our experiences, pleasant and painful culminate as a teacher.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙටියෙන් කිව්වොත් හැමෝටම එකම නීතියක්. අන්න එහෙම තමා වෙන්න ඕනා. අරූව සතුටු කරන්න එකකුයි මුව සතුටු කරන්න එකකුයි දාන්නේ නැතුව එක නීතයක් හදන්න ඕනා ඔක්කොටම.
    ඔන්න ඕකයි වෙන්ඩ ඕනි,,,,,,, :):)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රිටිගල ජයසේන කියන්නේ අර ගොතයිම්බරයාගෙන් කාල බෙල්ල කඩගත්ත එකා නේද, එළාර දුටුගැමුණු යුද්දේ පොර පැත්තක් ගන්නේ නැතිව ඉන්නවා.මොකද මිනිහ ඉන්නෙත් එළාර හිටිය පැත්තේ රිටිගල. පස්සේ දුටුගැමුණු යුද්දේ දින්නයින් පස්සේ දුටුගැමුණුට හෙත්තුවෙනවා.ඊට පස්සේ
    දුටුගැමුණු ලග පොර වෙන්න යුද්දේ දිනන්න උදව් කරපු සෙනවියෝ ගැන කේලම් කියල කොටෝනවා. ගොතයිම්බරයා ට ඕක අල්ලන්නේ නැහැ.මුගේ බෙල්ල කඩනවා. මෑතකදී ටෙලිනට්ට කාරයෙක් මුව කාලය හරහා ගමන් කොරොල පොරක් කරනවා.ඊට පස්සේ
    මු නැති තැනක් නැහැ.හමුදාවේ යුනිට් වලටත් මුගේ නම පට බදිනවා.සමහර කොල්ලෝ මුගේ බක්කෝ දාගෙන මුහුණු පොතේ එලකිරියේත් කාලයක් පිස්සු නැටුවා.මටනම් මු sure නැහැ.එදා වගේ ඩබල් ගේමක් ද කොහෙද දෙන්න යන්නේ
     
    අය්යෝ සල්ලි :lol:, උබේ වයස කියද බන් ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නීති හදන තැනට බලපෑම් කරන්නම වෙනවා , ඒ බලපෑම කෝලාහලයකින් කරන්න ගියොත් වෙන්නේ බුදුදහම බෙර ගන්න එක පැත්තක දල , වෙන රටවලින් එන බලපෑම් ,මුස්ලිම් උන්ට හොද පරිසරයක් හදල දෙන්න , මානව හිමිකම් රකින්න වගේ දේවල් , මම මේ කියන දේ උනේ නැත්තම් මගේ කන කපනවා යාළුවා , ඊට පස්සේ දේසපාලනේ කරන උන් අපිට ගහගන්න එපා කියල බයිලා කියා කියා ඉදිවී , සමහර උන් දේශපාලන වැසි ගනීවි එකෙන් බිස්නස් කර ගනීවි,

    හැබැයි විසදුම වෙනුවෙන්ම රැල්ලක් අවොත් , මුස්ලිම් උන්ට කෙලින්න කලින් පළවෙනියට බුද්ද සාසන අමාත්‍යංශයට කෙලියොත් අපේ උන් , ඇමතිය වෙනුවෙන් , විසදුම වෙනුවෙන් පාරට බැස්සොත් ?

    මෙහෙම සින් එකක් තියනවා මේ දේ කරන මිනිස්සු නිසා තමයි මේ රැල්ල , බෞද්ද නැගිටීම ඇති උනේ . එත් ඒ නැගිටීමෙන් අවශ්‍ය දේ කර ගන්න බැරි වේවි , අනවශ්‍ය කෝලාහලයක් ඇති උනොත් , ඉතිහසෙන් පාඩම් තියනවා එකට

    there are lessons in everything we do. In every choice we make. All of our experiences, pleasant and painful culminate as a teacher.

    මේකයි වැඩේ,
    අද බෞද්ධ සංවිධාන බොහොමයක් දේශපාලන වශයෙන් පවතින රජයට පක්ෂපාතී වෙලා. ඒකේ පුදුමයක් නෑ. අද යම් තරමක බුදුදහමට සුරක්ෂිතභාවයක් තියෙන්නේ දේශපාලනය නිසාම තමයි. කාලයක් දේශපාලන නායකත්වය විසින් අතහැරලා දාපු බුදුදහමට යම් උදව්වත් "ෂෝ එකටවත්" අඩුමගානේ කරන්නෙත් නූතන දේශපාලන ධාරාව තමයි

    එහෙම කැරට් අලයක් දික්කරලා බෞද්ධ සංවිධාන ලස්සනට රවට්ට ගන්න පුලුවන් දේශපාලකයින්ට. උදාහරණයක් විදිහට මේ රටේ බුද්ධසාසන අමාත්‍යවරයා තමයි අගමැතිතුමා. ලොකුවට බෞද්ධ කියාගෙන හිටියාට එතුමාගේ අතීතය ගැන දන්නෝ දනිති. එතුමාත් අන්‍යාගමික ඉත්තෙක්. ඉතින් කොන්ද පණ නැති දේශපාලුවෝ සිංහල බෞද්ධ ඡන්ද අරගෙන ගිහිල්ලා සිංහල බෞද්ධයින්ට වැඩ කරන්නේ නැතුව අන්‍යාගමික ඇජෙන්ඩා වලට වැඩකරනවා

    කෝලාහාලයකින් කිසිම දෙයක් වෙන්නේ නැතිබව හැබෑව. හැබැයි එහෙම කියලා අවශ්‍ය තැනට ගහන්නේ නැතුව වටේ ගියාම හරිද ?. අන්‍යාගමිකයින් මරන්න, ඒ අයගේ ගෙවල් කඩන්න එහෙම වැඩ කරලා හරියන්නේ නෑ. හැබැයි බෞද්ධයෝ දැනුවත් කරලා අන්‍යාගමිකයින්ගේ කූට උපක්‍රම වලට අහුවෙන්නේ නැතුව ඉන්න අපේ දේවල් ආරක්ෂා කරන්න යම් දෙයක් කලා නම් ඒකත් යහපත් නේ.

    ඒ වගේ ක්‍රියාවක් කෝලාහාලයක් බවට පත්කරගන්නත් අන්‍යාගමික අන්තවාදී කොටස් බලාගෙන ඉන්න පුලුවන්. ඒවත් හොඳට මතක තියාගමු. සිංහල බෞද්ධයාට වෙලා තියෙන්නේ හරි coordination එකක් නැතිකම. අනිත් ආගමික පිරිස් වලට ඒ ඇත්තන්ගේ ආගමික ස්ථාන වලින් උදව්, උපදෙස් වගේ දේවල් ලැබෙනවා. ඒක හින්දා එයාලා තමන්ගේ ආක්‍රමණය කරන් යනවා

    ඉස්සර නම් අපේ පන්සල් වල ආධ්‍යාත්මික සුවය දෙන තැනක් වගේම සංස්කෘතික මධ්‍යස්ථානයක් විදිහටත් ක්‍රියාත්මක උනා. නමුත් අද ඒ තත්වය දකින්නට නෑ. උදාහරණයට අද සිංහල බෞද්ධයාට වෙලා තියෙන ඉරණම ගැනවත් හරියට පන්සල් වලින් බෞද්ධයින්ට කියල දෙනවද ?
    හරි coordination එකක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑ.

    දේශපාලුවන්ව සුද්ද කල යුතුයි. නමුත් උන් කෙරෙහි විශ්වාසය තබාගැනීම එච්චර ප්‍රතිඵලදායක නෑ. අර කියමනක් තියෙන්නේ "කිරි එරෙන්නේ අඬනකොට" කියලා. ඒ වගේ යම් යම් කැපකිරිම් අපට කරන්න වෙයි
     
    අනිවා මචන් , ප්‍රස්නේ තියෙන්නේ ජාති අලෙ නම ගවපු ගමන් අපේ උන් කියන්නේ මෝඩ කතාවක්ද ? නැත්තම් ඇත්ත පාරක්ද මුකුත්ම දන්නේ නැහැ ජාති ආල නම තිබුනොත් බනින්නේමුස්ලිම් උන්ටනම් ඕනි එකෙක් කියන එකක් පස්සේ යනවා , මෙහෙම ගියොත් ප්‍රස්නේ විසදෙවිද කියලවත් කල්පනා කරන්නේ නැහැ බන් ,
     
    Last edited: