ගල් යුගයේ සිට මිනිසා සිය දිවි රැකගැනීම සඳහා සියුම් තුඩ සහිත කැපෙන සුළු තල යොදාගත්තා. ඒ තත්වය වඩාත් වර්ධනය වුනේ දඩයම් යුගයේදීයි. පිහියකින්, අප නොසිතන තරම් වැඩ කරගත හැකි බව, මිනිසාට වැටහුන අවදියේ පටන්, මිනිසා වෙහෙසුනේ, පිහිය ආයුධයක් ලෙස වඩාත් කාර්යක්ෂම තත්වයට පත් කිරීමටයි. 18 සහ 19 සියවස් වලදී මේ පිළිබඳව ලෝකය පුරාම දැඩි උනන්දුවක් ඇතිවුනා. ඒ අනුව වර්තමාන රම්බෝ පිහියේ මුලාරම්භය ලෙස සැලකිය හැක්කේ 1902 දී වෙබ්ස්ටර් එල් මාබල් නමැති ඇමෙරිකානු ජාතිකයා විසින් නිපදවන ලද, දිවි රැකගැනීමේ පිහියයි.
මාබල් ගේ පිහිය පසුකාලීනව විශාල වෙනස්කම් රැසකට භාජනය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද අපි දකින රම්බෝ පිහිය නිපදවුනේ. ඇත්ත වශයෙන්ම මේ පිහියට රම්බෝ පිහිය කියන නම ලැබුනේ, ‘සිල්වෙස්ටර් ස්ටැලෝන්’ Sylvester Stallone නමැති ජනප්‍රිය නළුවා, ‘ජෝන් රම්බෝ’ යන නමින්, ප්‍රධාන චරිතය රඟපෑ, ‘ෆස්ට් බ්ලඩ්’ First Blood චිත්රපටියේදී මේ පිහිය කැපී පෙනෙන ලෙස යොදාගත් නිසායි.
මේ පිහිය බහුකාර්ය පිහියක් වශයෙන් අතිශයින් කාර්යක්ෂමයි. මා හිතනවා ඔබ අතරින් සෑහෙන පිරිසක් මේ පිහිය දැක ඇති කියලා ඇත්තටම. (පින්තුර හෝ චිත්‍රපට නෙවෙයි) මේ පිහියේ බාල අනුකරණ තිබෙනවා දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල නිපදවන. ඒවා කිසිම සවිශක්තියක් හෝ කල් පැවතීමක් නැති ඇස් බැන්දුම් පමණයි. ඇමරිකාවේ නිෂ්පාදිත හොඳ පිහියක් අද රුපියල් 10000 ක් පමණ වනවා බදු රහිත මිළ. නියම රම්බෝ පිහිය සෑහෙන්න බරයි. ඒ බර නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ. දමා ගැසීමේදී සමබරතාව රැකෙන්නේ තලය සහ මිට නියමිත බරකින් යුක්ත වන නිසයි.
මේ පිහියේ නිර්මාණයද ඉතා සංකීර්ණ එකක්. මා කලින්ද සඳහන් කලාක් මෙන් එහි දීර්ඝ කාලීන විකාශයක් තිබෙනවා. ඒ නිසයි මා එක පිහියක පමණක් රේඛා චිත්‍රයක් ඉහත පෙන්වා තිබෙන්නේ. ඔබට මේ පිහියා පිලිබඳ තාක්ෂණික තොරතුරු රැසක් මෙතනින් බලන්න පුළුවන්. පිහිය බහුකාර්ය බව පෙන්වන පළමුවැනි රුපයයි මේ සමග තිබෙන්නේ. විස්තර කිරීම අනවශ්‍ය බව සිතනවා. පින්තුරය තුලින් ඔබට සියල්ල පෙනෙන නිසා.
ඔබ සමහරකු දන්නවා ඇති, මේ පිහියේ මිට ඇතුළේ, ජල රෝධක ප්ලාස්ටික් කන්ටේනරයක, විවිධ උපකරණ කීපයක් දමා තිබෙන බව. එවැනි උපකරණත් ඇතුළත් නිසයි, මෙය දිවි රැකගැනීමේ පිහිය නමින් හැඳින්වෙන්නේ. මේ පින්තුරයෙන් පෙන්වන්නේ, මිට ඇතුළේ මොනවද තියෙන්නේ කියලා.
හැම පිහියකම වගේ මිට ඇතුළේ තියන දේවල් එක සමානයි බොහෝදුරට. එහෙත් වෙනස්කම් ද තිබෙනවා.
උපුටා ගැනීමකි
රෙපක් බම්පුවක් දාලම යමු