අතේ සතේ නැති වුනත් අපි කවුරුත් වාහන ගැන දැනගන්න කැමතියි. ඒ වාහනයක් ගන්න හුඟක් තරුන තරුනියො බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා, ඒ වගේම ලන්කාවෙ අපිට වාහනයක් ගන්න එකනම් හීනයක්ම තමයි කොහොමවුනත් සුවපහසු වාහනයක් තෝරගෙන මිලදී ගන්න එකනම් ඊටත් වැඩිය අමාරුයි. ඇත්තටම කවුරු කොහොම කිව්වත හැම වාහනේකම හොඳ නරක දෙකම තියෙනවා හරියට මිනිස්සු වගේ. කොහොමවුනත් විකුනන අය හුඟක් වෙලාවට අඩුපාඩු ගැන කියන්නෙ නෑ. එක පැත්තකින් ඒක සාධාරනයි. වාහන ගන්නකොට හුඟක් වෙලාවට වෙනත් තේරීම් වලට යනවට වැඩිය ජපන් වාහනේකටම යනවනම් හොඳයි,අනිත් වාහන වල කල්පැවැත්ම හා අමතර කොටස් සමග සමාගමේ විශ්වාසය සමගින් වාහන මිලදී ගන්න එක එයාලාගෙ පැත්තෙන් වාසියි. එහෙම අතේ සල්ලි තියෙනවනම් විතරක් ගන්න පුලුවන්, රළු පරලු මාර්ග වලට ඔරොත්තු දෙන වාහනය ගැන මම කතාකරන්න හිතුවා. කොහොමවුනත් මේ වගේ වාහයක් ලීසින් ෆිනෑන්ස් දාලා ගන්නවනම් ඒක සමහරවිට තේරුමක් නැති දෙයක් වෙන්න පුලුවන්. වැඩි කතා නැතුව ඉක්මනට මේක බලමු?
4Runner පරම්පරාවෙ පස්වැනියා ඒත් මෙයා අලුත් කෙනෙක් නෙමෙයි පස්වෙනි පරම්පරාව ආවෙ 2009 අවුරුද්දෙ ඔක්කොටම කලින් අතීතය බලල ඉමු
අහ්,, දැන් මතක් වුනා නේ? ඇත්තට මේ දෙකේ මුල් වර්ශන් දෙක ලන්කාවෙ සෑහෙන්න ජනප්‍රිය වුනා, තාමත් ලන්කාවෙ මේවට මාකට් තියෙනව කොහොමවුනත්, පරන 4runner යාලුවගෙ තුන්වෙනි පස්වැනි පරම්පරාව sr5 ආවෙ 2009, 1984 දි හඳුන්වා දුන්න මාලාව මේ වන විට අර්බුදයකට මුහුන දී තිබෙනව ඒක තමයි අනිත් suv වර්ග වගේම තෙල් පිරිමැස්මට මුහුන දීමට ඇති නොහැකියාව,ඒවුනත් ඒවා ඉතින් යල් පැනගිය ගැටලු, ඒවුනත් ඇත්තටම මේක පවුලකට දුර බැහැර දුෂ්කර ප්‍රදේශකට ගිහින් එන්න නම් කියාපු වාහනේ. ඒත් ප්‍රධාන මාර්ගවල ගැටි වගේ දේවල් වලදි මේ වාහනේ ටිකක් විතර ගැස්සෙනව ගානක් නෑ ඉතින්.හරියටම ගත්තොත් මේ වාහනේ ඉස්සර ආපු පිකප් එකට උඩින් වහලයක් ගහල තියෙන්නෙ,ඒ ඉස්සර දැන් නම් එහෙම පෙනුමක් නෑ.කොහොම වුනත් ඒ කාරනාව නිසා තමයි මේ රථයත් ගනයට වැටෙන්නෙ. මේකට ටොයෝටා හයිලක්ස් සර්ෆ් කියලත් කියනව.8.2/10
පිටත පෙනුම ගත්තම නම් 4runner ඉස්සරහ ඉතින් වෙනදා වගේම සාම්ප්‍රදායික පෙනුමක් තියෙන්නෙ, සෑහෙන කාලෙකින් වෙනස් කරලනම් නෑ , කොහොමවුනත ඉස්සරට වැඩිය දැඩි රලු පෙනුමක් මේකට එකතුවෙලා තියෙනව, පිටිපස්ස නිකන් අමුතු නිදහස් ගතියක් තිබුනට පලල වැඩි නිසා පිට්පස්සත් සාම්ප්‍රදායිකයි. ඒවුනාට කැබින් එකනම් සෑහෙන්න වෙනස් කරලා තියෙන්නෙ. ඇතුලෙ දඩබ්බර පෙනුමක් තියෙනව වැඩකෑලි එහෙමත් ඉතින් නැතුවම නෙමෙයි, එක අතකට ඕෆ් රෝඩ් වාහනයක් හැටියට මේක මඩේ දාන්න හොඳ වැඩියි.8/10
2012 මොඩල් එක නෙමෙයි ඕන 4runner මොඩල් එකක් හරිම ඩ්‍රයිව් කරන්න හරි ලේසියි, ස්ටීරියන් වීල් එකක් අතේ තියෙනවද කියලා තේරෙන්නෙ නෑ. ඒ වගේම වටේම හොඳට පේනව, හයිවේ එකට දැම්මම කුරුල්ලා වගේ තමයි. ඒත් බලාගෙන මුල්ල වදින්න පුලුවන්. පැයට් කිමී 180 ක උපරිම වේගයක් ඇති මේ වාහනය තත්පර හයකින් පැ කිමී 100+ වේගයට ලඟාවිය හැකියි, ඒවගේම ෆෝවිල් දාගෙන ඕන ගඟක ඇලක දොලක යන්න පුලුවන්.සිලින්ඩර 4 V-6 එන්ජිමෙන් අශ්ව බල 270ක බලයක් නිපදවෙන අතර.ගියර් 5 පද්දතියක් තිබේ ලිමිටඩ් මාදිලියෙ පමනක් ෆුල් ටයිම් ෆෝවිල් තාක්ෂනය දක්නට ඇත.7/10
ඇත්තටම මේ වාහනේ ඇතුලෙ ඉඩකඩ ගත්තහමනම් ඉතින් අනිත් වාහනවලට වැඩිය ඉඩකඩ ඇත්තටම අඩුයි. ඒ වුනාට මේකෙ අතුලෙ ඉස්සරහනම් ඇතිවෙන්න ඉඩ තියෙනව කියන්න පුලුවන්. ලෙදර් සීට්ස් තියෙන හින්ද තවත් හොඳයි. දෙවැනි පේලිය අන්ශක 16ට ඇල කරන්න පුලුවන්. ඒත් තුන්වැනි පේලිය ඉඩ නැති හින්දා ලමයින්ට වගේ ඇති. කොහොමවුනත් පිටිපස්සෙ බඩු ගෙනියන්න තියෙන ඉඩ මදි කියලා හුඟක් අයගෙ මතය. එහෙම වෙලාවට සීට් අකුලල බඩු ගෙනියන්න පුලුවන්. ඒත් ඉඩ මදිනම් ඉතින් වෙන වාහනයක් තෝරගන්න එක නුවනට හුරුයි, 8/10
තෙල් ලීටරයයට කිලෝමීට 8-10ක් එහෙම නැත්නම් කිලෝමීටර 100 ලීටර් 10-18ක් වැයවන මෙය suv වර්ගයේ අනිත් වාහනවලට සාපේක්ෂව ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයකි.
මෙම toyota 4runner sr5 සමාගමේ මිල අනුව ලක්ෂ 40 සිට 50 අතර මිලකට විකුනනු ලැබේ.
ඔයාලගෙ වාහන තියෙනවනම් ඒවගෙත් ෆොටෝස් දාන්න. එහෙම නැත්නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දෙන්න. ඒ වගේම ප්‍රශ්න තිබුනොත් මතක ඇතුව ලියන්න. ස්තූතියි

Last edited: