මදැයි ලාබෙට සැමන් කන්න ගියා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    මදැයි ලාබෙට සැමන් කන්න ගියා




    රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ තැනු ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

    එයට හේතු වී ඇත්තේ එහි නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා වෙළඳපොළක් නොතිබීමත්, ආනයනය කරන ටින් මාළු මිල අඩුවීමත් හා බදු මෙන්ම විදුලි බිල වැඩිවීම ආදී කරුණුයි.


    ධීවර සංස්ථාව හැපිකුක් ලංකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම ටින් මාළු කර්මාන්තශාලාව විවෘත කෙරුනේ පසුගිය අප්‍රේල් මස 03 වෙනිදා ය.



    මෙම කර්මාතශාලාව ආරම්භ කිරීමේදී ඒ පිළිබඳව ප්‍රකාශ වුනේ පිටරටින් ගෙන්වන මාළු ටින් එකකට වඩා රුපියල් 100ක්‌ පමණ අඩුවෙන් ගාල්ලේ නිපදවන මාළු ටින් එකක්‌ අලෙවිකළ හැකි බවය. ඒ අනුව ග්‍රෑම් 425 මාළු ටින් එකක්‌ රු. 170 කට අලෙවි කිරීමටයි බලාපොරොත්තු වුනේ.


    කර්මාන්ත ශාලාවට අවශ්‍ය මාළු ගෙන්වීම සඳහා චීනය සමග රජය ගිවිසුමක් අත්සන් කර තිබූ අතර ලින්නා කිලෝවක්‌ රු. 100 ගණනේ පිටරටින් ගෙන්වීම නිසා මසකට රුපියල් එක්‌කෝටි හැටලක්‍ෂයක්‌ වැය කිරීමට රජයට සිදුවුණා.


    ලංකාව වටා ඇති නොගැඹුරු මුහුදු තීරයේ "ලින්නා" නම් මසුන් සිටියදී චීනයෙන් මෙම ලින්නා නම් මසුන් වර්ගය මෙට්‍රික් ටොන් මිලියන එක්ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් වසරකට ගෙන්වීමට ගිවිසිම් අත්සන් කිරීම ගැන මොහෝ දෙනා විමතිය පළ කර තිබුණා.


    ලංකාවේ දෛනික සැමන් පරිභෝජනය කිලෝ 51,447 කි. 2011 වසරේ පමණක් ටින් මාළු මෙට්‍රික් ටොන් 80,957 ක් ලංකාවට ආනයනය කර තිබේ.


    කෙසේ වෙතත් මේ පිලිබඳ ටින් මාළු සමාගමේ නිලධාරීන් පවසන්නේ බදු බර අඩුකරන්නේ නම් හා විදුලි බිලට සහනයක් ලබා දෙන්නේ නම් ටින් මාළු කර්මාන්තශාලාව පවත්වාගෙන යා හැකි බවයි.


    ඒ අනුව දැනට විදේශයෙන් ගෙනෙන මාළු වෙනුවට මෙරටින් මාළු මිලට ගෙන ගබඩා කිරීමට හැකි බවද ඔවුන් පවසනවා.


    මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ටින් මාළු කම්හල නොවේ. ප්‍රථම ටින් මාළු කර්මාන්ත ශාලාව වනුයේ 1980 වසරේදී පේසාලේ ආරම්භ කරන ලද ටින් මාළු කර්මාන්ත ශාලාවයි



     
    • Like
    Reactions: Mr.Truth

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    0002041D.gif
    0002041D.gif
    0002041D.gif
     

    bubu

    Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    හසන්ත මේකට තමයි ආස්චර්ය කියන්නේ - සූරියප්පෙරුම
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මුන්ට මිනිස්සු කෑවත් එකයි නොකෑවත් එකයි. හොද කොමිස් එකක් එනව නම් මොකුත් ඕන නෑ. නැත්තන් ඉතින් ලංකාව වටේ ඔච්චර මාළු ඉදලා චීනෙන් ගේන්න ඕනයැ. බල්ලොන්ට යන රට.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි