දැවෙන ප්‍රශ්නෙකට සුළු සහනයක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැවෙන ප්‍රශ්නෙකට සුළු සහනයක්

    images


    හැමදාම එක එක වල් පල් කියවනවට වැඩිය වැදගත් යමක් කියන්න ඇත්නම් හොඳයි හිතුන.
    රැකියාවක් කරන බහුතර පිරිසකට තියෙන ලොකුම ගැටළුවක් තමයි නියම වෙලාවට වැසිකිලි නොයෑම. එක්කේ වැඩේ කෙරෙන්නේ බාගෙට. එහෙමත් කෙනෙකුට තමයි හිතට ෆිට් වෙන්න ඔය වැඩේ කරල ගෙයින් එළියට බහින්න පුළුවන් වෙන්නේ. මම අද මගේ අත් දැකීම් (කකුල් දැකීම් තමයි වැඩිපුරම තියෙන්නේ :P :P :P :P) ඔයාලත් එක්ක බෙදාගන්නම්. හැමෝගෙම අදහස් හා අත් දැකීම් මේකට එකතු උනොත් ඒක හැමෝටම ගොඩක් වැදගත් වේවි.

    මේ ප්‍රශ්නෙට මුහුන දීල ඉන්න අය චුට්ටක් මතක් කරගන්න තමන්ගේ පුංචි කාලේ. එතකොට ඔහොම ප්‍රශ්නයක් තිබුනේ නෑ නේද. එහෙනම් දැන් මොකද? ඒත් දැන්...??? ඔක්කොටම හේතුව තමන්ගේ හිත. අපි යම් දෙයක් ගැන ඕනවට වැඩිය හිතන කොට, අපේ සිරුරේ ස්වාභාවිකව රිද්මයකට සිදුවෙන ගොඩක් දේවල් අවුල් වෙනවා. ප්‍රධානම හේතුව මේක තමයි. ඒකයි පොඩි ළමයෙකුට මේ ප්‍රශ්නේ එච්චර බලපාන්නෙ නැත්තේ.

    හරි බයිල ඕන නෑ. දැන අපි බලමු මේකට ගන්න පුළුවන් විසඳුම් මොනාද කියල. මේ මගේ අත්දැකීම්.

    • අඩුම තරමින් උදේ ගෙදරින් පිටවෙන්න පැය 1 ½ ට වත් කලින් අවදි වෙන්න.
    • හොඳට බඩ පිරෙන්න තරමක් මද උණුසුම් ජලය වීදුරු 2ක් පානය කරන්න (කට සෝදන්නෙ නැතුවනම් තමයි ප්‍රතිඵල සාර්ථක වෙන්නේ, මේක තව ලෙඩ රෝග බොහොමයකටම හොඳ ‍‍ෙඖෂධයක්)
    • ජලය පානය කිරීමෙන් පැය 1 ක් වත් යන තුරු කිසිම ආහාරයක් ගැනීමෙන් වලකින්න
    • වැසිකිලි යෑම ගැන නොසිතා අනෙක් කටයුතු වල නිරත වෙන්න
    • ජීවිතයේ ඉදිරි සැලසුම් පිළිබඳව හෝ එදිනට කල යුතු කාර්යයන් ඇත්නම් ඒවා හිතෙන් පෙළගස්වන්න.

    මේ වන විට ඔබගේ අවශ්‍යතාව බොහෝ විට ඉටු වී අවසන්, නමුත් මෙය සාර්ථක නොවීමට ද ඉඩ ඇත. ඒ සඳහා බලපාන හේතු බොහෝ ඇත. නමුත් සුලබ කරුණු කිහිපයක් මෙන්න.


    • පෙර දින සවස හෝ රාත්‍රීයේ වැසිකිළී යාම
    • පෙර දින රාත්‍රී ආහාරය ප්‍රමාණවත් පරිදි නොගැනීම
    • පෙර දින රාත්‍රී ආහාරය ප්‍රමාද වී ලබා ගැනීම
    • නින්දට පෙර ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම

    මේ කරුණු ගැන සැලකිලිමත් උනොත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන හැමෝටම යම් කිසි සහනයක් ලැබෙයි කියල හිතනව.

    මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. පන දාගෙන මම මයි මේක කෙටුවේ. ඉතින් පගාව දුන්නොත් නොගෙන ඉන්නේ නෑ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගොඩක් කැමතියි. (කියපු දේ තේරෙන්න ඇති නේ...:lol::lol::lol:)
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    අඩේ....
    උබ දෙයියෙක්,මගේ දැවෙන ප්‍රස්නෙට උත්තරේ දුන්නා දැන් මට සැනසීමයි....
    තරහ අවසර දැං අලුත් ප්‍රස්නයක්,
    කොහොමෙයි ඔච්චර උදෙං නැගිටින්න හිතහදාගන්නෙ?

    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි සහෝ..........
    ගොඩක් හොඳ ලිපියක්................
    එලකිරි...........
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    අඩේ....
    උබ දෙයියෙක්,මගේ දැවෙන ප්‍රස්නෙට උත්තරේ දුන්නා දැන් මට සැනසීමයි....
    තරහ අවසර දැං අලුත් ප්‍රස්නයක්,
    කොහොමෙයි ඔච්චර උදෙං නැගිටින්න හිතහදාගන්නෙ?

    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    Bedapan Bebapan. ethakota hari :P :P :P