පුරුෂ මඳ සරුභාවයට very importent

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුරුෂ මඳ සරුභාවයට very importent

    Machanla man meka newspaper ekak dakke

    man hithanawa meka godak watinawa kiyala

    wadi katha epa kiyawannako (tikak digai thamai eth wadagath

    අද සමාජයේ බොහෝ කාන්තාවන් දරුවන් නොමැති වීමේ තත්ත්වයට ගොදුරු වී සිටී. මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණක් වන්නේ මඳ සරුභාවය හෙවත් වඳභාවය උරුම වන්නේ කාන්තාවන්ට පමණක්ද යන්න කෙරෙහිය. සැබැවින්ම ලංකාවේ 40% වැනි ප්‍රමාණයක් වඳ පුරුෂයන් සිටින බව ඔබ නොදන්නා කාරණයක් විය හැකිය. මේ තත්ත්වය උත්සන්න වීම විවාහ ජීවිතයට ඍජුවම බලපෑම් කරයි. මේ නිසා මේ තත්ත්වය කෙරෙහි ඔබ විශේෂ අවධානයෙන් පසුවිය යුතුය.

    දෙයියන්ගේ ලෙඩ

    පුරුෂ වඳ ස්වභාවය ඇති වීමට මූලික වශයෙන් බලපාන්නේ ශුක්‍රාණු හීනවීම නිසා ශරීරයේ හටගන්නා පුරුෂ ධාතුවල දුර්වලතාවන්ය. කුඩා අවධියේ පිරිමි දරුවකුට නොකඩවා කක්කල් කැස්ස, සෙංගමාලය, කම්මුල්ගාය වැනි රෝග වැලඳුණි නම් පුරුෂ ධාතු දුර්වල වීමට ප්‍රධාන හේතුවකි. එම නිසා කුඩා අවධියේ සිටම පිරිමි දරුවන් කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය. මන්ද මෙවැනි රෝග වැලඳීමෙන් පසු රුධිරවලට යම්කිසි බලපෑමක් සිදුවුණි නම් එය තරුණ අවධියේදී ශාරීරික වශයෙන් අප්‍රාණිකත්වයට පත්විය හැකි බැවිනි. එම නිසා මවුපියන් මෙවැනි දරුවන් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර රෝගවලට නියමාකාරයෙන් ප්‍රතිකාර කළ යුතුය.

    ශුක්‍රාණු වර්ධනය නොවීම

    සෙම, පිත, වාතවල බලපෑමෙන් පිරිමි දරුවන් වර්ධනය වන කාලයේ නියමාකාරයෙන් ශුක්‍රාණු ධාතු වර්ධනය නොවීමට ඉඩ තිබේ. මෙහිදී විවාහයට පත්වූ විට දරුවන් බිහි කිරීමට අපොහොසත් වන්නේ ශුක්‍රාණු නියමාකාරයෙන් වර්ධනය නොවුණු නිසාය.
    විශේෂයෙන් විවාහයට පත්වූ පසු පාලනය කරගත නොහැකි ආකාරයෙන් ශුක්‍රාණු පිට වෙයි. මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකීමට නොහැකිය. මෙවැනි තත්ත්වයකින් පෙන්නුම් කරන්නේ ශුක්‍රාණුවල දුර්වලතාවකි.

    මානසික ශක්තිය

    බොහෝ විට වෛද්‍ය පරීක්‍ෂණයකින් ශුක්‍රාණු ශක්තිය ප්‍රමාණවත් බව පෙන්නුම් කළත් ඇතැම් පුද්ගලයන්ගේ මානසිකත්වය මේ කෙරෙහි බලපායි. විශේෂයෙන් විවාහයට බියක් දැක්වීම, විවාහයකින් පසු දරුවන් නොලැබේ යැයි සැක මතු වීම වැනි තත්ත්වයන් පුරුෂයන්ගේ ධාරණ ශක්තියට අහිතකර ලෙස බලපායි. මෙවැනි තමන්ගේ හිතේ හටගන්නා විවිධ ඍණාත්මක අදහස් නිසා පෙරළා ශුක්‍රාණු ශක්තියෙන් හීන වීමට බලපෑමක් එල්ල කරයි.

    අසභ්‍ය දර්ශන

    මඳ සරුභාවයෙන් පෙළෙන බොහෝ පුද්ගලයන් එවැනි තත්ත්වයන්ට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් තිබේ. එනම් තරුණ අවධියේ දරුවන් නොයෙක් විධියට අසභ්‍ය වීඩියෝ, නිල් චිත්‍රපට, කාමුක චිත්‍රපට, අසභ්‍ය ලිපිලේඛන ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. එපමණක් නොව ඒවා අත්හදා බැලීමටද කටයුතු කරයි. මෙවැනි අවස්ථාවලදී තරුණ වයසේදීම විශාල ලෙස ශරීරයේ තිබෙන ශක්තිමත් ශුක්‍රාණු පිටවෙයි. මෙය පුරුද්දක් ලෙස කාලයක් තිස්සේ කරන පුරුෂයන් විවාහ ජීවිතයට අවතීර්ණ වූවාට පසු ලිංගික සම්බන්ධතාවලට අකැමැත්තක් දක්වයි. මෙයට මූලික වශයෙන් බලපාන්නේ තමන්ගේ ශරීරයෙන් ශුක්‍රාණු ප්‍රමාණය ඉක්මවා පිටවීම නිසා ශාරීරික වශයෙන් අප්‍රාණිකත්වයට පත් වීමයි. මෙවැනි පුරුෂයන් දරුවන් බිහි කිරීමට බොහෝ විට අසමත් වෙයි.

    ලිංගික අපචාර

    කුඩා අවධියේ සහ තරුණ අවධියේ (විවාහයට පෙර) සිදුවන ලිංගික අපචාරයන්ද පුරුෂයන් මඳසරු වීමට බලපෑම් කරයි. විශේෂයෙන් සමලිංගික සම්බන්ධතාවලට යොමු වූවන් විවාහ ජීවිතයකට එළැඹුණහොත් එවැනි සබඳතා අසාර්ථක වීමට ඉඩ තිබේ. මන්ද මෙහිදී ද සමලිංගික සබඳතාවලට යොමු වූවන්ගේ ශරීරය ශක්තිමත් භාවයෙන් අඩු වේ. එයට මූලිකව බලපාන්නේ අවශ්‍ය තැනදී නියමිත අයුරින් ශුක්‍රාණු පිට නොවීමයි.

    ආහාරපානවල බලපෑම

    මෙයාකාරයට පුරුෂයන් වඳභාවයට පත්වීමට කරුණු රැසක් බලපායි. මෙහිදී විවාහයට එළැඹීමට පෙර සිටම පුරුෂයන් මේ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය. මෙලෙස
    පුරුෂයන් දරුවන් හැදීමට අසමත් වීමට ලබාගන්නා ආහාර පානවල බලපෑමත් එල්ල වී ඇති බව අමතක කළ නොහැකි කාරණයකි.

    විස ද්‍රව්‍ය ශරීරගත වීම

    මන්ද අතීතයේ පුරුෂයන් පුරුෂ ශක්තියෙන් හෙබිවූයේය. පිරිසුදු එළවළු, පලතුරු පමණක් නොව විවිධ කැඳ වර්ගවලින් පවා ඔවුන් පෝෂණය විය. එම නිසා ඔවුන්ගේ ශරීරයට පැහැදිලි ශක්තියක් හිමි විය. එහෙත් වර්තමානයේ බොහෝ ආහාරවලින් ශරීරගත වන්නේ විස ද්‍රව්‍යයන්ය. ඊට අමතරව පෝෂ්‍යදායි ආහාර වේලක් නොගැනීම, නියමිත වේලාවට ආහාර නොගැනීම, තෙල් අධික ආහාර ගැනීම නිසා වඳභාවයට පත් පුරුෂයන්ගේ ප්‍රමාණය වැඩිය. එම නිසා වර්තමානයේ කාන්තාවන් පමණක් නොව පිරිමින්ද මේ තත්ත්වයට ගොදුරු වී සිටී. එපමණක් නොව පුරුෂ ශක්තිය හීන වීම කෙරෙහි දූවිලි, වාහන දුම්, විවිධ කර්මාන්ත ශාලාවලින් නිකුත් වන රසායනික ද්‍රව්‍යයන්ද බලපෑමක් එල්ල කරයි.

    මානසික අවපීඩනය

    විවාහයට පත්වීමට පෙර පුරුෂයන් අවපීඩන මානසිකත්වයකින් පෙළේ නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් කරුණකි. එමෙන්ම විවාහයට පත්වූ පසුවද හන්දිපත් වේදනාව, අස්ථි හා ග්‍රන්ථි වේදනාව අතිශය වේදනාකාරීව හටගන්නේ නම් වෛද්‍ය උපදෙස්වලට යොමු වෙන්න. බොහෝ විට මෙවැනි තත්ත්වයකින් පෙළෙන්නන් ලැජ්ජාව හේතු කරගෙන කිසිවකුටත් නොපැවසීමට උත්සාහ කරයි. මෙවැනි තත්ත්වයන් අනාගතයේ විවිධ ප්‍රශ්න ඇති කිරීමට හේතු වෙයි. විශේෂයෙන් ලිංගාශ්‍රිතව දියර පිටවීම ශරීරය මලානිකත්වයට පත්වීම ලිංගික අප්‍රාණිකවීම වැනි අවස්ථා වලදී මානසික තත්ත්වය හොඳින් පවත්වා ගත යුතුය. එමෙන්ම එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් වලට යොමු වීම අතිශය වැදගත්ය.

    ප්‍රතිකාර

    ඔබේ ශුක්‍රාණු අඩු නම් මෙම ප්‍රතිකාරය මාස 3ක කාලයක් නියමිත මාත්‍රාව අනුව ප්‍රතිකාර කිරීමෙන් ශුක්‍රාණු වර්ධනය වේ.

    * ගොටුකොළ මුල් කලං 2ක් පමණ ගෙන රතුලූනු, වැල්පෙනෙළ දඬු, කෙකටියා අල ඒ සමඟ හොඳින් කොටා පොට්ටනියක් මෙන් සාදා ගන්න.
    * අනතුරුව රන් තැඹිලි ගෙඩි 3ක වතුර ගෙන මේ කොටාගත් පොට්ටනිය එයට දමා පිරිසුදු මැටි භාජනයක දමන්න. පසුව පස්පැඟිරි දර භාවිතයෙන් මඳ පවනේ රත්කර ගන්න.
    (රබර් දර හෝ පොල්කටු භාවිත නොකරන්න.)
    තැඹිලි ගෙඩියක වතුර කාලක ප්‍රමාණයක් වනතෙක් එය හින්දන්න. පසු එය එළකිරි කාලකට දමා උදෑසන හිස්බඩ සතියකට එක්වරක් පානය කරන්න. මෙය මාස 3ක් නොකඩවා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වේ.

    මේ චූරණයක් (ගුලි) වැනි බෙහෙත මීට වඩාත් සුදුසුය.
    සියඹලා ඇට මද සූදුරු, වළඟසහල් මේ 3 එකතු කොට කබලේ රත්කර කෝපි මෙන් කුඩු කර ගන්න. පසුව එළබටු මුල් කලං දෙකක්, සුදුලූනු බික් 5ක් දමා තම්බාගත් වතුර අඬු කෝප්පයක ප්‍රමාණයකට ගෙන කබල් ගා ගත් කුඩු මීපැණියෙන් අනා ගුලි 3ක් සාදාගෙන රාත්‍රි නින්දට ප්‍රථම පානය කරන්න.

    කෙම්

    ඔබ නිදාගන්නා ඇඳේ හිස පැත්තට නෙළුම් කොළ 3ක් ගෙන (කතා නොකර) එමඟින් 3න් වරක් මුහුණ පිසදමා ඒ කොළ 3 කොට්ටය යටින් තබන්න. හිමිදිරි උදෑසන එම කොළ 3 ගෙන ඔබේ යටිබඩේ කොඳු ඇටයේ හොඳින් පිසදමා ඒ කොළ 3 දහවල් ‍ෙදාළහට පෙර ගලකින් වතුර බැසයන ස්ථානයකට දමා පාවී යන්නට සලස්වන්න. පසුව නොපිටට වතුර බෝතලයක් පුරවා ගන්න. (මෙයින් අදහස් කරන්නේ වතුර පිරවෙන දෙස නොබලන්න යන්නයි.) පුරවාගත් වතුර අභිසම්භිධාන ගාථාවෙන් පිරිත් කරවා රාත්‍රි 3ක් බොන්න.

    මෙම ප්‍රතිකාරය කිරීමට පෙර දින 3ක් පිළී ආහාරවලින් වැළකිය යුතුය. මොනරකුඩුම්බිය, මුලක් සමඟ ගස් 3ක් (කතා නොකර) ගලවා වැල්පෙනෙළ මුල් සමඟ ගස් 3ක් ගලවා, කුප්පමේනිය මුල් සමඟ ගස් 3ක් ගලවා හොඳින් සෝදා ලී වංගෙඩියක දමා කොටන්න. පසුව සුදු රෙදි කැබැල්ලකින් හොඳින් මිරිකා මේ සියල්ල රාත්‍රි නින්දට ප්‍රථම කොමඩු ගෙඩියක ඉස්මවලට දමා බොන්න. (වතුර නොගල්වන්න) එය ‘ඉතිපිසෝ’ ගාථාව 7වරක් කියා පානය කරන්න.

    තෙලක්

    මෙම තෙල සාදා ගැනීමට පොල්ගෙඩි 2කින් ගත් තනි මිටි කිරි අවශ්‍ය වේ. විෂ්ණු කාන්ති කොළ, අමුනෙල්ලි ගෙඩි 10ක් කොටාගෙන අමුකහ, එළමුත්‍රා අවුන්සයක් ගෙන කොටාගත් සියලු දේ පොල් කිරිවලට දමා හොඳින් මඳ ගින්නේ උතුරවා නිවුණාට පසු රෙදි කඩකින් ඔතා නැවත එළමුත්‍රා ස්වල්පයක් දමා (කතා නොකර) කැන්ද කොළයකින් වෙනත් කෙනකුට කියා පිටේ සහ යටිබඩ ප්‍රදේශයේ ගල්වන්න.

    (මේ බෙහෙත සකස් කිරීමට පෙර බෙහෙත් ගැල්වීම පිළිබඳ අයකු දැනුම්වත් කරන්න.)
    විනාඩි 45ක් ඇලවී සිටීමෙන් පසු රස්නය සහිත වතුර පානය කරන්න. සතියකට දෙවරක් බැගින් මාස තුනක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. මේ සියලු ප්‍රතිකාර කිරීමේදී බුදුගුණ හිතේ රඳවාගෙන විශ්වාසයෙන් ඉටු කරන්න.
     
    • Like
    Reactions: DemonAkalanka

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අසභ්‍ය දර්ශන

    මඳ සරුභාවයෙන් පෙළෙන බොහෝ පුද්ගලයන් එවැනි තත්ත්වයන්ට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් තිබේ. එනම් තරුණ අවධියේ දරුවන් නොයෙක් විධියට අසභ්‍ය වීඩියෝ, නිල් චිත්‍රපට, කාමුක චිත්‍රපට, අසභ්‍ය ලිපිලේඛන ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. එපමණක් නොව ඒවා අත්හදා බැලීමටද කටයුතු කරයි. මෙවැනි අවස්ථාවලදී තරුණ වයසේදීම විශාල ලෙස ශරීරයේ තිබෙන ශක්තිමත් ශුක්‍රාණු පිටවෙයි. මෙය පුරුද්දක් ලෙස කාලයක් තිස්සේ කරන පුරුෂයන් විවාහ ජීවිතයට අවතීර්ණ වූවාට පසු ලිංගික සම්බන්ධතාවලට අකැමැත්තක් දක්වයි. මෙයට මූලික වශයෙන් බලපාන්නේ තමන්ගේ ශරීරයෙන් ශුක්‍රාණු ප්‍රමාණය ඉක්මවා පිටවීම නිසා ශාරීරික වශයෙන් අප්‍රාණිකත්වයට පත් වීමයි. මෙවැනි පුරුෂයන් දරුවන් බිහි කිරීමට බොහෝ විට අසමත් වෙයි.
    මේ ගැන නම් සෑහෙන්න හිතන්න ඕන. ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ නමුත් porn හා masturbation නිසා යම් බලපෑමක් වෙන්න බැරිද අනාගතයට.
    බටහිර වෛද්‍ය විද්‍යාවේදී masturbation කියන්නේ සාමාන්‍ය දෙයක් විදිහට ගත්තාට ආයුර්වේදයේ masturbation කියන්න අපචාරයක්, නොකල යුතු දෙයක් කියලයි කියැවිලා තියෙන්නේ. ශුක්‍ර ධාතු පිටකිරීමේදී ශක්තිය හීනවීමක් ගැන තමය් එයාලාක් කියන්නේ.
    කවුරු හරිද කවුරු වැරදිද කියලා දන්නේ නෑ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ ගැන නම් සෑහෙන්න හිතන්න ඕන. ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ නමුත් porn හා masturbation නිසා යම් බලපෑමක් වෙන්න බැරිද අනාගතයට.
    බටහිර වෛද්‍ය විද්‍යාවේදී masturbation කියන්නේ සාමාන්‍ය දෙයක් විදිහට ගත්තාට ආයුර්වේදයේ masturbation කියන්න අපචාරයක්, නොකල යුතු දෙයක් කියලයි කියැවිලා තියෙන්නේ. ශුක්‍ර ධාතු පිටකිරීමේදී ශක්තිය හීනවීමක් ගැන තමය් එයාලාක් කියන්නේ.
    කවුරු හරිද කවුරු වැරදිද කියලා දන්නේ නෑ

    ubala otchara modada. body eke sperms naha yako. sperms yawwama aye hadenawa .yawwe naththan auto yanawa. ara sarame ehema udeta nagittamna thiyenne ewa thamai. deiyo karana kehelmalak naha. :lol:
     
    Last edited:

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48