| සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    | සොඳුරු නවෝදය 2 | ආදරණිය බෙකම් |

    මම හිතන විදියට සොඳුරු නවෝදය පළමු කොටස හැම කෙනෙක්ම වගේ ගොඩක් ආසාවෙන් කියවපු කතාවක්.. මම හිතනවා ඒ හැම කෙනෙක්ම වගේ මොහොතකට හරි තමන්ගෙ සුන්දර පාසල් කාලයට රැගෙන ගියා කියලා.. හැබැයි ඒකෙ පළමු කොටසින් ඔයාලට කතාවෙ අවසානයක් දකින්න බැරිවුණා.. මම හිතන විදියට පළමු කොටස පිටවෙලා දැනට අවුරුද්දක් වගේ වෙනවා.. හැබැයි එදා මම පොරොන්දුවක් වුණා ඔයාලට දෙවන කොටස පිටවුණ ගමන්ම දෙනවා කියලා.. ඔන්න මම ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි යන්නෙ.. සොඳුරු නවෝදය දෙවන කොටස හරියටම මේ මාසෙ පළමුවෙනිදා නිකුත් වුණා.. මගේ අතට පොත ලැබුනෙ දෙවනිදා උදේ.. කතාව නම් පිට වෙලා තියෙන්නෙ ආදරණිය බෙකම් කියන නමින්.. මේ ත්‍රේඩ් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.. පුළුවන් ඉක්මනින් මම කතාව දාන්නම්..

    මම කලින් එළකිරි එකට කතාව දැම්මෙ කතාව සම්පූර්ණ කලාට පස්සෙ.. ඒත් මේ කතාව ගොඩ දෙනෙක් ආසාවෙන් කියවපු නිසා මගේ බ්ලොග් එක අප්ඩේට් කරන දවසටම එළකිරි එකේ ත්‍රේඩ් එකත් අප්ඩේට් කරන්න හිතුවා..


    තවත් පුංචි දෙයක් මතක් කරන්න ඕන.. එළකිරියෙ මගේ යාළුවො නම් දන්නවා මම මේ දවස් වල පොඩ්ඩක් අසනීප තත්වයෙන් ඉන්නෙ.. කලින් නම් නිදිවරාගෙන ටයිප් කරලා ඔයාලට දවස් දෙකින් තුනින් වගේ කතාව සම්පූර්ණ කරලා දුන්නා.. ඒත් මට මේ සැරේ නම් ඒක කරන්න අමාරු වෙයි අසනීප තත්වයත් එක්ක.. ඩොක්ටර් කිව්වා වැඩිය නිදිවරන්න එපා කියලා.. දවල්ට කාර්යාල වැඩ කටයුතුත් එක්ක තමා මට කතාව ටයිප් කරන්න වෙන්නෙ.. ඒක ෂේප් එකේ කරන්න ඕන වැඩක්.. ඒත් මම පුළුවන් ඉක්මනින් ඔයාලට කතාව දෙන්නම්..


    කර්තෘ ගැන කියන්න දෙයක් නැහැ මම හිතන්නෙ.. යෞවනයේ ආදරය දිනාගත් කර්තෘ කෙනෙක්.. ඒ ඔයාලා හැමෝම දන්න යෞවන සමින්ද්‍ර රත්නායක අයියා..
    :)

    ඔයාලා කවුරු හරි සොඳුරු නවෝදය පළමු කොටස කියවලා නැත්නම් පහත ලින්කු භාවිතා කරලා කියවන්න පුළුවන්..


    මගේ බ්ලොග් එකෙන් ගිහින් කියවනවා නම් මේ ලින්කුවෙන් යන්න..
    LINK

    එළකිරි එකෙන් කියවනවා නම් මේ ලින්ක් එකෙන් යන්න..
    LINK

    සැමට ජය හා සතුට
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Adaraneeya_Bekem_Cover.jpg






    “ළිඳ මගේම නම්.. මම ළිඳේම නම්..
    හා.. හා.. හ්.. හ්ම්.. හා.. හා..
    ළිඳ මගේම නම්.. මම ළිඳේම නම්.. ම්.. ම්..
    කාටවත් ඇයි වේදනා..”

    දොළහ සී පන්තියේ ලා හොටු කොල්ලාස් බෑන්ඩ් එකේ නිත්‍ය ගායක, පැතුම්ගේ ටකරන් බෙලෙක්කෙ සද්දෙ පන්තියට ගොඩවෙනකොටම මට ඇහුණා. ජීවිතේට තියා ගිය ආත්මෙකවත් අහපු සිංදුවක් නම් නෙමෙයි. පැතුමම ලියලා, ඌම ට්‍රැක් එක හදලා ඌම කියන ඇවටියෙල් ශෝක ප්‍රකාශයක්. කොටින්ම මෙලෝ ගඳ සුවඳක් නැති කඩප්පුලි ආත්මීය අඬහැරයක්.

    “ආ.. බෙකම්.. යහපත් දවසක් උදාවේවා.. මං මේ උඹ වෙනුවෙන් නැවතුනේ..”

    මාව දැකපු ගමන් පැතුම්ගෙ සිංදුව නතර වුණා. හිනාව විමධ්‍යගත වුණා. ඒත් ඌ අර මොකක්ද අන්තිමට කියපු හරුපෙ. මං හින්දා පැතුමා ඇයි නවතින්නෙ..?

    “කෝ බං.. පංතියෙ එවුන්..?”

    වෙනදට මං ඉස්කෝලෙට එනකොට, කට කපලා පිරිලා ඉවරයි.. අද එකෙක්වත් නෑ.

    “උං ගියා..”

    “ගියා..?”

    “ඔව්.. උං සියල්ලෝම ගියා..”

    “කොහෙද..?”

    “තාරකා විද්‍යා ප්‍රදර්ශනේට..”

    “මොන..?”

    මට පැතුමගෙ කතාව අවුල්. මේ.. ලා හොටු කොල්ලා මොන ප්‍රදර්ශනයක් ගැනද මේ කියවන්නෙ..?

    “හැයි.. උම දන්නැද්ද බෙකම්..? අපේ හේමන්ත සර්ගෙ තාරකා විද්‍යා සංගමේ..”

    “ඉතිං..?”

    “අපේ පංතියෙ බාගයක් විතර ඒ සංගමයෙනේ බං ඉන්නෙ.. උමට මතකද බෙකම්.. අර සෙනසුරු ග්‍රහලෝකෙ ගාව ප්ලූටො හිටියෙ.. හඳ ගාවින් හඳේ තනියට නැප්චූන් හිටියෙ..”

    ලාවට හිනාවක් දාන ගමන් පැතුමා කිව්වා. උගේ කතාවත් එක්කම ඒ අතීත සිද්ධිය ආයෙමත් මට මතක් වුණා. ඒක දහය වසරෙදි වෙච්ච හිනා කාලා මැරෙන කතන්දරයක්.

    අපේ ඉස්කෝලෙ තිබ්බ තාරකා විද්‍යා සංගමයෙ ප්‍රදර්ශනේ බලන්න, ටවුමෙ හැම ඉස්කෝලෙකින්ම වගේ ළමයි ආවා. සෙන්ට්‍රල් එකේ කොල්ලන්ට මේ සනීපෙ ඉවසා දරාගන්න බැරිවුණා. ඇයි සීවරන් දෙයියනේ.. ටවුමෙ ඉස්කෝල වල සුපිරිම ගෑනු ළමයි සෙට් පිටින් අපේ ඉස්කෝලෙට ගොඩ බැහැලනේ.. එදා තමයි කොල්ලන්ගෙ හිත් ඇතුළෙ මිස් වර්ල්ඩ් තරඟයි, මිස් යුනිවර්ස් තරඟයි, ගමේ අවුරුදු කුමරි තරඟයි තිබ්බෙ. පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් එකෙන්ම පිස්සු හැදෙනවා.

    ප්‍රොජෙක්ටර්ට ස්ලයිඩ් දම දමා, වයිට් බෝඩ් එකක් වගේ තිබ්බ තිරේකට ප්‍රක්ශේපනය කරලා අපේ ක්ෂීරපතය සෞරග්‍රහ මංඩලය පෙන්නුවෙ පැතුම්. වීරයා වගේ උගුර ලේ රහ වෙනකල් ඒ හැමදේම විස්තර කළේ චමිල්. වැඩේ කියන්නෙ, ඇම්ඩද කොහෙද ස්ලයිඩ් මාරු කරල හරි, එක්කො වෙන මොකක් හරි ඇවටියෙල් වැඩක් කරලා, ඌ පේන්නවත් නෑ.. වැඩේ දීපු ගමන් මාරුවෙලා.

    ඉස්සෙල්ලම හිටියෙ බාලිකාවෙ අක්කලා සෙට් එකක්. ප්‍රිෆෙක්ට්ල කට්ටියක්ද කොහෙද.. චමිල් වීරයා වගේ උගුර පාදගෙන ගේමට බැස්සා. පැතුම් ස්ලයිඩ් එක එක දාලා ප්‍රොජෙක්ටරේ ඔන් කරා. පළවෙනි එක සෞරග්‍රහ මණ්ඩලයෙ විශාල රූපයක්. වැඩේ කියන්නෙ ඇම්ඩා ස්ලයිඩ් මාරු කරලා. සෙනසුරු ගාව ප්ලූටෝ, බ්‍රහස්පතී ගාව නැප්චූන්.. බ්‍රහස්පතීගෙ චන්ද්‍රයා වෙච්චි ටයිටන්, සූර්යා ගාව. චමිල් උඩ බිම බැලුවෙ මේක විස්තර කරන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිව වගේ. හොඳම වැඩේ කියන්නෙ සෞරග්‍රහ මණ්ඩලයෙ පිංතූරෙ පෘතුවිය නෑ.

    ටවුමෙ ඉස්කෝල වලින් ඇවිත් හිටපු ඈයො අහන්න ගත්තා “කෝ මල්ලි පෘථීවිය කඩේටවත් ගිහින්ද” කියලා. බාලිකාවෙ කෙල්ලො ටික මුං දෙන්නට හූ කිව්වෙ නැති එක විතරයි. වෙලා තියෙන වැඩේ අවුල් හින්දා චමිල්, පැතුම්ට කෑගැහුවා.

    “යකෝ.. මොකක්ද මේ දාලා තියෙන්නෙ.. මේක අපේ සෞරග්‍රහ මණ්ඩලේ නෙමෙයි.. වෙනින් එකක්.. අපේ එක දාපිය” කියලා..

    හතර වටින්ම හිනාව ගලද්දි පැතුම් දඩබඩ ගාලා ස්ලයිඩ් මාරු කලා. ඒ පාර ආපු අති විශාල ඡායාරූපෙ දැකලා කොල්ලො හිනාවුණේ බඩවැල් අල්ල‍ගෙන.

    “හුහ්.. හුහ්.. හූ.. පිස්සු හැදෙන සඳ..”

    මහා සද්දෙට හිනාවෙන ගමන් බාලිකාවෙ අක්කා කෙනෙකුට කියවුණා. ඇත්තටම වයිට් බෝඩ් එක උඩජට ඇවිත් තිබ්බෙ එසේ මෙසේ ඡායාරූපයක් නෙමෙයි. ඒක නීල් අම්ස්ට්‍රෝන් හඳට ගොඩ බැහැල ඇවිදින ඡායාරූපයක්. මෑන් ළඟම, මිනිහා ආපු චන්ද්‍ර යානේ සිරා දර්ශනයක්. හැබැයි අවුලකට තිබ්බෙ ඒ හැමදේටම මෙහායින් අලිපත බෝඩ් එකක් හදේ බිම ගහලා “මාතර බත් කඩේ” කියලා. ඒ බත් කඩේ ඇතුළෙ සෙනඟ කට කපලා එකයි. උං ඔක්කොම ලංකාවෙ ඈයො.

    “යකෝ.. මුන් හඳෙත් කඩ දාලා..”

    ඒක බලපු හැමෝම හිනාවෙවී කිව්වෙ එහෙමයි. ඒක කොම්පියුටරෙන් එඩිට් කරලා හඳපු ජිල්මාට් ෆොටෝ එකක්. හැබැයි ඉතිං, ප්‍රදර්ශනෙන් පස්සෙ, චමිල්ට නමකුත් වැටිලා තිබ්බා “මාතර බත් කඩේ” කියලා. හැබැයි ඔය බලයා කියන නම, ඌට වැටුණට පස්සෙ මාතර බත් කඩේ නම ඉතිහාස පොතෙන් මැකිලා ගියා.

    “ඔව් මට මතකයි...”

    “ඒක මිසක්.. උඹට ඒ අතීත පුරා වස්තුව අමතක නම් මං මේ මතක් කරලා දෙන්නයි ගියේ..”

    “පැතුමා.. මගෙන් මැරුම් කන්නැතුව මේ පන්තියෙ එවුන් ටික කොහෙද කියලා මට කියනවද..?”

    මගේ කටේ සද්දෙට, නැත්නම් වෙන මොකක් හරි අවමගුලකටද මංදා ඒ වෙලාවෙම ඇම්ඩා අපේ පන්තියට එබුණා.

    “හුටා.. බෙකම්..! උඹ කොන්වන්ට් එකට ගියේ නැද්ද..?”

    “කොන්වන්ට් එකට..?”

    ඇම්ඩට පිස්සුද මංදා. මං කෙල්ලෙක්ද දෙයියනේ කොන්වන්ට් එකට යන්න.. අනික මං වගේ අංග සම්පූර්ණ කොලු පරාණයකින්නේ මූ මේ වගේ නොහොඹිනා ප්‍රශ්න අහන්නෙ.

    “ඔව්.. අදනේ එහේ තාරකා විද්‍යා ප්‍රදර්ශනේ..”

    ඔන්න දැන් තමයි මගේ ඔලුවට ඇම්ඩා කියපු දේ තේරුණේ. පැතුමා මෙච්චර වෙලා තටම තටමා කියන්න දැඟලුවෙ මේක තමයි. ඊයෙ ඉන්ටවල් එකෙන් පස්සෙ, මං පංතියෙ හිටියෙ නෑ. සෝමතිලක සර්රුයි, විනය සර්රුයි එක්ක මං හිටියෙ යූ.සී ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එක ඇතුලෙ. සෝමතිලක සර්රුයි මායි නම් හිටියෙ ඊළඟ ෆුට්බෝල් මැචස් ටික සෙට්ල් කරගන්න. විනයා නම් හිටියෙ ඉස්කෝලෙන් හොරෙන් පනින කොල්ලො දෙන්නෙක්වත් අඩුම ගානෙ අල්ලගන්න.. මං පන්තියෙ හිටපු නැති ඒ පීරියඩ් හතරෙ තමයි කෙල්ලො කොල්ලො තීරණේ කරන්න ඇත්තෙ අද එක්සිබිෂන් එක බලන්න යන්න. මුං හැබැයි එකෙක්වත් මාව දැනුවත් කරල පණිවිඩයක්වත් තියල ගිහින් තිබුණෙ නෑ. ඕවට තමයි කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියලා.

    “එතකොට අපේ දොළහෙ හැමෝම වගේ ගිහිල්ලද..?”

    “නෑ.. මැත්ස් ක්ලාස්වල එවුන් විතරයි.. සංගමයෙ ඉන්න හැලපයො නම් පැනලනේ ගියේ..”

    මං පොත් ටික එක්කහු කරගත්තා. ඒක දැකපු පැතුමගෙ ඇස් දෙක උඩ ගියා.

    “උඹ ඔය යන්නද හදන්නෙ..?”

    “ඔව්..”

    “එක්සිබිෂන් එක බලන්න..?”

    “නෑ.. ගෙදර..”

    ඇම්ඩයි, පැතුමයි මූනින් මූන බලාගෙන ඉන්නවා මං දැක්කා. මගේ කතාවත් ඇත්තනේ. අද උදේ පීරියඩ් හතරම ෆ්‍රී වෙනවා කියනෙක ආයෙ අහන්න දෙයක් නෑ.. මේ ලෝකෙ ඉගැන්විල්ලක් නැතිවෙයි. වැරදිලාවත් ඒ පීරියඩ් හතරට මිස් ඇක්චුවලි හෙම ආවොත් දැනෙන වේදනාව කියාගන්න කෙනෙක් නැතිවෙනවා.

    “පිස්සුද බෙකම්.. මේ වගේ මැක්සා දවසක ගෙදර ගිහින් බෑ.. කරුණාකරලා පොත් ටික ඩෙස්ක් එකට දාපං.. අපි දෙයියනේ කියලා කොන්වන්ට් එකට යමු..”

    “ඒ මොකටද..?”

    “එක්සිබිෂන් එක බලන්න..”

    ඇම්ඩගෙ අදහසත් නරකම නෑ. ඒකෙ කල්පනා කරන්න දේකුත් තිබුණෙ නැති හන්දා, මං එක හෙලාම ගමන අනුමත කළා.

    “එහෙනම් යමල්ලා..”

    මං ඉස්සර වුණා. ඇම්ඩයි, පැතුමයි අග සව්වො දෙන්නා වගේ මගේ දෙපැත්තෙන් ළංවුණා.

    “බෙකම්.?”

    “ඇයි..?”

    “තාප්පෙන් පැනලා යමුද..?”

    ඇම්ඩා දවසේ හොඳම ප්‍රශ්නෙ මගෙන් ඇහුවා. ප්‍රධාන ගේට්ටුවෙන් අද අවුලක් නැතිවම එළියට යන්න පර්මිෂන් තියෙද්දි, මේකා අහනවා තාප්පෙන් පැනලා යමුද කියලා.. ඕකට තමයි කියන්නෙ ජන්මය හා පුරුද්ද අතර ඇති අන්තර් සය සාමාජික සම්බන්ධය කියලා. හරියට නිකං පුරුදු තැනින් ගියේ නැත්නම් වේල් දෙකක් නොකා හිටියා වගේ.

    “බෙකම්..”

    ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ඇදෙද්දි පැතුම් මට ළංවුණා. ඒත් මං බැලුවෙ ඇම්ඩා දිහා. මොකද කියනව නම් මේ වගේ කඩප්පුලියො දෙන්නෙක් දෙපැත්තෙ රන්දගෙන පාරට බහිනව කියන්නෙ පොලීසියක ඉ්සසරහට ගිහින් කුණුහරුප කිව්වා වගේ තමයි. කන විදිය හිතාගන්න බෑ.

    “පට්ට බඩගිනියි.. මොනව හරි කමුද..?”

    ඒක පැතුමා අහන්න ඕන නෑ.. මටත් ඒ වෙනකොට බඩගින්දර යහමින් දැනිලයි තිබුණෙ. අද උදේට අම්මා උයල තිබ්බෙ බත්. ඒත් වෙනදා වගේ උදේ කෑම නැගලා ගියේ නෑ. අනික ඉතින් වෙනදට උදේ පාන්දරම පන්තියෙ කෙල්ලොන්ගෙ ලන්ච් බොක්ස් එකක් හරි පට්ට ගහනවනේ.. අද ඒකත් නෑ..

    වැඩි කතාබහක් නැතුවම මායි, ඇම්ඩයි, පැතුමයි “රහුමනියා හොටෙල්” එක ඇතුළට ගියා. සූස් සූස් ගගා පිඹින උණුවතුර බොයිලේරුවට මේස තුන හතරකට මෙහායින් අපි වාඩිවුණා.

    “හිස් බඩට හා හා හරි හාවා කියල තෝසෙ පාරක් දාමු නේ..?”

    ඇම්ඩා මගෙන් ඇහුවා. මං ඔලුව වැනුවෙ කරන්න දෙයක් නැතිකමට. පැතුම් බලන් හිටියෙ බාල්දියක් පුරෝලා අරන් එන වට්ටක්කයි රටේ නැති හත්මාලුවයි එකට පැසවලා පැක් කරලා අරන් එන සාම්බාරු හොද්ද දිහා.

    “බෙකම් මොකෝ අවුල..?”

    කෑම පිඟානක් විතර ලොකු තෝසයක් සම්පූර්ණයෙන්ම කටේ ඔබාගෙන ඇම්ඩා ආයෙත් කටහඬ අවදි කරා. කල්පනා කරන්න දේවල්ද නැත්තෙ..? අපි මේ යන්න පිඹුරුපත් සකස් කෙරුවෙ, කොන්වන්ට් එකට. කොන්වන්ට් එක කියන්නෙ සමින්දිගෙ රාජධානිය. යටගිය දවසක අපිට රුපියල් දෙදාහක් පූජා කරලා චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ගාවින් වෙන්වෙලා ගියපු සමින්දිව මං ඊට පස්සෙ ඇහැටවත් දැක්කෙ නෑ. අඩුම ගානෙ මං ඉන්කිවත් දැක්කෙ නෑ.

    “මුකුත් නෑ නාලක.. ඉස්සරහට සෑහෙන්න වැඩ තියෙන පාටයි..”

    “ඒ කිව්වෙ..?”

    “මේ වාරෙටත් මැචස් දහයක්, දොළහක් විතර තියෙයි..”

    එදා රාහුලෙත් එක්ක මැච් එකෙන් පස්සෙ, සෝමතිලක සර් ට්‍රීට්මන්ට් කරාට මගේ කකුල සැරින් සැරේට රිදෙන්න පටන් අරන් තිබුණා. අම්මගෙ බර බරේට ගොඩකවෙල වෙද මහත්තයගෙන් තෙල් සාත්තුවක් දීලා පත්තුවක් බැන්ද උනත්, ඈන්කල් එක යථා තත්වෙට ඇවිත් තිබුණෙ නෑ. ග්‍රවුන්ඩ් එකේ හයියෙන් දුවද්දි, දුවල ගිහින් එක පාරටම නතර වෙද්දි, කකුළෙ උඩ මසල්ස් වලත් වේදනාවක් මට දැනුණා.

    “අද තෝසෙ පාර නම් ඒ තරම් ගතියක් නෑ බෙකම්..”

    ඒ විත්තිය නම් මටත් හොඳට දැනුණා. වෙනදට හොද්ද ගැන බොක්ක උමතුවෙලා දිව අගට කවි සිතුවිලි එනවා. ඒත් අද කාපු ටිකත් උඩට එන්න දඟලනවා.

    “කෑවා බිව්වා නම් අපි යමු බෙකම්..”

    “ඇයි..?”

    “අපි එනකල් ඇස් කී දාහක් නම් බලන් ඉන්නවද දෙයි සත්තලනේ.. ලොකු ඇස්, දිග ඇස්, හීනි ඇස්, රවුම් ඇස්.. අනේ මන්දා.. මගේ ඇස් දෙකත් අයි සර්ජන් කෙනෙකුට පෙන්නන්න වෙයි..”

    පැතුමට එළ මොරොන්දන්ද කොහෙද..? ඒ එක්කම ඇම්ඩා නැගිට්ටා. පෙනුමෙ හැටියට නම් ඌට වෙන අවශ්‍යතාවක් පැන නැගිල වගෙයි.

    “උඹ කොහෙද යන්නෙ..?”

    “මං ඩිංගක් අරහෙට ගිහින් එන්නම්..”

    ඇම්ඩා රහුමනියා එකේ කුස්සිය පැත්තෙන් පල්ලෙහාට තියෙන කොරිඩෝව දිහාටයි යන්න හැදුවෙ. ටවුමෙ ඉස්කෝලෙ කොල්ලො හොරාට බට් අදින්නෙ එතන කියලා, ලොකු හෙඩිමක් නොගියට අපි දැනගෙන හිටියා.

    “නාලක.. ඔය වැඩේ එපා.. උඹ දන්නවනේ කැහි කූරු අදිනවට මං ඩිංගක්වත් කැමති නෑ කියලා..”

    “උඹේ ඕන අවයවේකට වඳින්නම් බෙකම්.. මේකට නම් බාල්දිය දාන්නෙපා.. අද වගේ මැක්සා දවසක කැහි කූරක් ඇද්දෙ නැත්නම් කිසිදු ගතියක් නෑ.. උඹට තේරුණාද..?”

    “මට මුකුත් තේරෙන්නෑ.. හැබැයි නාලක උඹ ඔය තුප්පහි වැඩේ කරොත්, මං ගෙදර යනවා.. උඹලා ඕන ප්‍රදර්ශනයක් බලාගනිව්.. මට ඕන්නැති මල ඉලව් ප්‍රදර්ශනයක් නෑ..”

    මං මගේ විරුද්ධත්වය පට්ටම විදියට ප්‍රකාශ කළා. ඒක ඉතාම නිහතමානී ප්‍රකාශයක් විදියටයි මං දැක්කෙ. මොනව උනත් අපි සෙන්ට්‍රල් එකේ දොළහ වසරෙ හිටියට, අපි තාම ළමයි කියන දේ මගේ හිතේ තිබ්බා. ඒත් ඉතිං ඇම්ඩා කියන්නෙ කොලු තාත්තෙක්නෙ.. ඌව මට්ටු කරන්න නම් ලොකු අම්මෙක්ව අවශ්‍ය වෙනවා.

    “ඇයි බෙකම්.. උඹ නාලකගෙ සෛවරීභාවයට හානි කරන්නෙ..? උගේ ආතල් එක ඌට ගන්න දීපන්.. ඌට කියලත් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවනේ..”

    ඒපාර ඇම්ඩා වෙනුවට පැතුම් කරලියට බැස්සා. හනේ යකෝ.. මට මේ ඇටකිච්චව උස්සල හතර ගාතෙ හතර අතට විසිවෙන්න බිමට අතාරින්නැහැකි.. මං ඌ දිහා හොඳටම ඔරවල බැලුවා. ඌ පටාස් ගාලා කෑම මේසේ ඩිංගක් ඉහිරිලා තිබ්බ වට්ටක්කා හොදි බිංදුවක් දිහා බැලුවා.

    “ප්‍රජාතන්ත්‍රවාදෙ..? ඔන්න ඕක උඹේ කකුල් දෙක දිගේ නම් බේරෙයි.. හොඳට අමුඩෙ තද කරගනිං.. කැහි කූරු ඇදලා කොන්වන්ට් එකට යනකොට යස අගේට හිටියි.. ඔය වගේ දෙනෝදාහක් ගැවසෙන තැනක සදහටම නෝන්ඩි වෙන්නයි වෙන්නෙ.. මතකනේ ඇම්ඩො උඹට අපේ තලපතාගෙ සංසිද්ධිය..”

    මගේ කතාවට ඇම්ඩා වචනයක්වත් කියන්නෙ නැතුව ටොයිලට් පැත්තට ගියා.. කැහිකූරු අදිනව නම් යන්න ඕන කොරිඩෝව පැත්තට.

    “පුදුමයි බෙකම්.. ඌ මේ අවස්ථාවේ කැහි කූරක් ඇද්දෙ නැති එක.. මොනව නැතත් ඇම්ඩා උම කියන දේ අහනවා..”

    කතා කරන හැම වෙලාවෙම පැතුම් අවුල් කතන්දර කිව්වත්, මේ කතාව නම් ඒ තරම් අප්සට් නෑ කියලා මට හිතුණා. ටොයිලට් පැත්තට ගියපු ඇම්ඩා, ඒ සැනින්ම ආපහු ආවා. උගේ මූණ ටිකක් විතර අවුල් වෙලා. මං හෝ ගාලා කියවපු ඒවටද දන්නෑ..

    “බෙකම්..”

    මායි, පැතුමයි ළඟට ආපු නාලක ඉස්සරහ මේසෙට අත් දෙක තද කරල අපේ පැත්තට බර වුණා.

    “ප්‍රදීප් ඉන්නවා..”

    “ඉතිං..?”

    ප්‍රදීප් කියල කිව්වෙ, චතුරංගයල එක්ක බාස්කට් බෝල් ගහන අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්. අපිත් එක්ක වැඩිය පෑල් එකක් නෑ. ඒත් අවුලක් නැති එකෙකුත් නෙමෙයි.

    “ඌ ටිකක් චොර වෙලා වගේ ඉන්නෙ..”

    “ඇයි..?”

    “ඩම් එකක් ඇදල වගේ..”

    “ඒ කිව්වෙ..?”

    ඇම්ඩා කියන සමහර වචන මට තේරෙන්නෑ.. මුඩුක්කු ප්‍රදේශයක උප සංස්කෘතික භාෂාව කියවනවද කොහෙද.. හනේ මංදා.. ඩම් කියයි, බට් කියයි, චොර කියයි.. මොනව වුණත් ඇම්ඩා කතා කෙරුවෙ වටපිට බල බලා..

    “ඩම් එකට ඌ මොනව හරි කලවම් කරගෙන..”

    ඇම්ඩා එච්චරයි කිව්වෙ.. මගේ හිතට ගලාගෙන ආවෙ මාර තරහක්. මේ යක්කු හරක්ද මංදා.. තව අවුරුදු ගානකින් කරන්න හරි නොකරන්න හරි තියෙන අවමගුල් මේ ඇටෙන් පොත්තෙන් එළියට එනකොට කරන්න යනවා. මුංගෙ මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙම තමයි. මුලින් මුලින් කැහි කූරු. ඊගාවට බට්.. ඊගාවට ඩම්.. ඔහොම ගිහිල්ලා අන්තිමට කුඩු වලටත් පුරුදු වෙලා මුලු ජීවිතේම කාලකන්නි කරගනියි..

    “වරෙන්..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇම්ඩට කතා කරන ගමන් මං රහුමනියා හොටෙල් එකේ පිටිපස්සට ආවා. එතන ටොයිලට් වලට යන කොරිඩෝව පැත්තට මූණ දාලා තිබ්බෙ, හෝටලේ වැඩ කරන මිනිස්සු නැවතිලා හිටපු කාමර කීපය. ප්‍රදීප් හිටියෙ ඒ හැම එකටම එහායින්. අපි ඌ ළඟට යනකොට, බිත්තිය වැටෙයි කියල වගේ බයකින් ප්‍රදීප් බිත්තිය තද කරල අල්ලගෙන හිටියෙ. සමහර විට මේකා බිත්තිය දිගේ උඩට නගින්න හදනවද දන්නෙත් නෑ. මොනව උනත් මේකා මේ ඉන්න විදියට පිනා සර් හරි, විනයා සර් හරි මෙතෙන්ට ආව නම් මුගේ උසස් අධ්‍යාපනයයි, බාස්කට් බෝල් ගැහිල්ලයි මෙතනින්ම ඉවරයි.

    “ප්‍රදීප්..”

    මං උගේ උරහිසට උඩින් අතක් තිබ්බා.

    “චතුරංග..”

    ඇස් දෙකත් බාගෙට පියාගෙන ප්‍රදීප් මං දිහාට හැරුණා. උගේ හිතේ මං චතුරංගයා කියලා.

    “මෙතන ඇති චතුරංගයෙක් නෑ..”

    “එකට ඩම් එක ඇඳලා උඹ මාරු වුණානේ..”

    මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාව.. පද රචනෙ නොතේරුණ හන්ද මං ඇම්ඩයි, පැතුමයි දිහා බැලුවා.

    “මූයි, චතුරලයි සෙට් එකම තමයි එකට අදින්න ඇත්තෙ.. මූට බඩු වැඩි උනාම උං මාරුවෙලා..”

    “උඹට ආපහු යන්න පුළුවන්ද..?”

    ප්‍රදීප් ඉන්නෙ, එළොවටත් මෙළොවටත් නැතුව හන්දා මං ඇහුවා.

    “පුළුවන්.. උ.. උඹලා පලයල්ලා..”

    “නාලක උඹ ගිහින් වතුර එකක් අරන් වරෙන්..”

    ප්‍රදීප් අපිට යන්න කිව්වත්, මගේ හිත ඒ දේට ඉඩ දුන්නෙ නෑ.. ඒකයි මං ඇම්ඩට වතුර එකක් ගේන්න කිව්වෙ..

    “මොකටද බෙකම් වතුර..?”

    “මූට පොවන්න..”

    “පිස්සුද..?”

    “ඇයි..?”

    “වතුර බීපු ගමන් මූ කබරයා දාවි..”

    “උඹ කොහොමද දන්නෙ..?”

    අහපු ප්‍රශ්නෙට ඇම්ඩා උත්තරයක් දුන්නෙ නෑ.. ඒ කියන්නෙ ඌත් මේවා අත්හදා බලලා තියෙනවා කියනෙකද..? මගේ හිතට ආවෙ බයකට සමාන නොසන්සුන් හැඟීමක්.. ඇම්ඩත් හදන්නෙ මේ ලස්සන ජීවිතේ මේ තරුණ වයසෙදිම මල්වර කරගන්නද..?

    “බෙකම්.. මොකද කරන්නෙ..? අපි යමුද..?”

    පැතුම් මං ඉස්සරහට ආවා. පට්ට තරහකාරයෙක් උනත් මේ වගේ ඉන්දෙද්දි දාලා යන්න පුළුවන්ද..? මොන දේ කෙරුවත් අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්නේ..

    “මූව මෙහෙම දාලා යන්න බෑ පැතුමා..”

    “එහෙනම් මූත් එක්ක එකට ඩම් එක ඇදපු චතුරංගයල මූව දාලා ගිහින් තියෙන්නෙ.. මොකෝ අපෙන් අහලද මූ ඩම් එක ඇද්දෙ..?”

    “ඒ චතුරංගයලනේ.. දැන් මේ ඉන්නෙ බෙකම්.. මුලු සෙන්ට්‍රල් එකම දන්නවා, උගෙයි මගෙයි කොලිටීස් වෙනස් කියලා.. මූට යන්න බැරි නම් මං මූව එක්කගෙන හරි යනවා..”

    “එක්කගෙන යන්න බැරි නම්..?”

    “උස්සගෙන හරි යනවා..”

    පැතුම්ගෙ කට වැහුණා. අපි තවත් පැය භාගයක් විතර ප්‍රදීප්ට ළංවෙලා, වටපිටේ එවුන්ට සැක හිතෙන්නැතිවෙන්න බයිල ගගහ හිටියා. ප්‍රදීපයා ක්‍රමක්‍රමයෙන් තමයි පියවි තත්වෙට ආවෙ.

    “බෙකම්.. ඕන නම් මූව අර කාමරේක හාන්සි කරවන්න පුළුවන්..”

    ඇම්ඩා පෙන්නුවෙ, හෝටලේ වැඩට ඉන්න මිනිස්සු නිදාගන්න කාමරයක්.

    “ඒක හරියන්නෑ නාලක.. ඒවගේ කාමරේක ඉස්කෝලෙ කොල්ලෙක් දාලා යන්නෙ කොහොමද..? මේවයෙ වැඩ කරන එවුනුත් සතර මහා ජරාවම පානය කරන එවුන්නේ.. ඒ වෙලාවට උංට කොල්ලත් පේන්නෙ කෙල්ලෙක් ගානට..”

    තවත් විනාඩි හතලිහක් විතර රහුමනියා හෝටලේ පිටිපස්සෙ චාටර් කාලා ඉවරවෙලා, ප්‍රදීපුත් අරන් අපි පාරට ආවා. ඌ එතකොට නම් සාමාන්‍ය මට්ටමකට ඇවිත් තිබුණා.

    “බෙකම්..”

    ප්‍රදීප් මගේ අතින් අල්ල ගත්තා.. උගේ මුළු මූණම මැලවිලා ගිහින් තිබුණා.

    “මං යාලුවො කියලා හිතන් ඉඳපු ඈයො, එකට කාපු බීපු ඈයො මාව දාලා ගියා. ඒත් දැක්කහම, යාන්තමට හිනාවෙලා යන, මගේ යාලුවෙක් නොවිච්චි උඹ අද මගෙත්තෙක්ක හිටියා. උ.. උඹ අදහන්න වටිනවා බෙකම්.. උඹ අදහන්න වටිනවා.. උඹේ පපුව ඔරිජිනල් කැරට් විසිහතරක්..”

    ප්‍රදීප්ගෙ ඇස් වලට කඳුළු උනල තිබ්බා.

    “ඒක පැත්තකට දාපං.. මොනවද උඹ බිව්වෙ..?”

    “බිව්වෙ නම් කැහි කූරක්..”

    බිව්වෙ නම් කියල ඌ ඒක කියපු වාග් විලාසෙ මට ඇල්ලුවෙ නෑ.. ඇම්ඩත් පැත්තකට වෙලා හොඳ ඕනකමකින් අහන් ඉන්නවා මං දැක්කා.

    “බිව්වෙ නම් කියලා කිව්වෙ..? උඹ මොනව හරි කෑවද..?”

    “ඔව්..”

    “මොනවද..? තෝසෙද..?”

    මං හිතුවෙ තෝසෙ උඩට, මොනව හරි දාලා මූ කන්න ඇති කියලා. ඔය කිතුල් පැණි හරි අයිස් ක්‍රීම් හරි වගේ දෙයක්.. ඒ වගේ අමුතු ආතල්නේ කොල්ලො ගන්නෙ.

    “නෑ..”

    “එහෙනම්..?”

    “ජෙල්..”

    මං උඩ ගිහින් බිම වැටුණා. පැතුම්ගෙ ඇස් දෙක ජිල්බෝල සයිස් එකට ලොකු වෙනවා මං දැක්කා. නිවාඩු පාඩුවෙ හිටියෙ ඇම්ඩා විතරයි.

    “ජෙල්..?”

    “ඔ.. ඔව්.. ජෙල්..”

    “ජෙල් කිව්වෙ.. මේ.. මේ.. ඔලුවෙ ගාන ඒවද..?”

    “හ්ම්..”

    “ජෙල් කන්නෙ කවුද හරකො..”

    මට මං ඉන්නෙ කොහෙද කියලා අමතක උනා.. මහපාර අයිනෙදිම මං ප්‍රදීප්ගෙ කොලර් එකෙන් අල්ලලා ඇදලා මගේ දිහාට අරන්, ආයෙත් ඇම්ඩා දිහාට තල්ලු කරලා දැම්මා. ඌ හුලං පොදක් වගේ පාවෙලා යද්දි ඇම්ඩා පැනලා ඌව අල්ලගත්තා. මාත් හිතේ කෙන්තියට තල්ලු කරාට තව පොඩ්ඩෙන් ඌ බිම.

    “මී හරකො.. උඹට හැදෙන අසනීපෙ හොයාගන්න වෙන්නෑ. එක දොස්තරයෙකුටවත්.. මට මෙතනම උඹේ කන් අඩි දෙක රත්වෙන්න දෙන්න පුළුවන්.. ඒත් උඹ දැන් ඉන්න තත්වෙ හින්දා මං අතාරිනවා..”

    “වැ.. වැරැද්ද මගේ බෙකම්.. වැරැද්ද මගේ.. උඹ ඕන දෙයක් කරපං.. ඕන දෙයක් කියපං..”

    “උඹ වගේ එකෙකුට මට කියන්න දෙයක් නෑ ප්‍රදීප්.. මං උඹට ත්‍රීවිල් එකක් අල්ලලා දෙන්නම්.. උඹ ඒකේ බෝඩිමට පලයං..”

    “මට සමාවෙයන් බෙකම්..”

    “මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑ.. ඒක උඹේ අර අහිංසක අම්මගෙනුයි, තාත්තගෙනුයි ඉල්ලපං.. අර හද්දා පිටිසර වන්නි පත්තුව, අතේ පයේ තියෙන හැම හයි හත්තියක්ම දාලා හේන් කොටලා කොටලා උඹට කීයක් හරි එවන්නෙ, මේ වගේ ජනප්‍රිය ඉස්කෝලෙට දාලා තියෙන්නෙ උඹට මේ වගේ කැහි කූරු ඇදලා ජෙල් ගාලා ආතල් ගන්න නෙමෙයි.. උඹ මතක් කර ගනිං.. පහුගිය ගුරු දෙගුරු රැස්වීම දවසෙ, උඹේ තා්තතා පරණ නැෂණල් සූට් එක ඇඳලා අසරණයෙක් වගේ සෙන්ට්‍රල් එකේ ගේට්ටුවෙන් ඇතුළට ආපු වෙලාවෙ උඹ තාත්තට බැන්නා. මොකට ආවද කියලා.. උඹේ තාත්තට පණිවිඩේ දීලා තිබුණෙත් බෝඩිමෙන්.. ඒ අතින් උඹ අන්තිමයි ප්‍රදීප්..”

    ඉන්ටවල් නැතුව මං කියවන් යද්දි ප්‍රදීපුයි, ඇම්ඩයි, පැතුමයි එලෝ මෙලෝ නැතුව අහන් හිටියා. මං ඒ හැමදේම කිව්වෙ ඇම්ඩටත් එක්ක තමයි. වැඩේ කියන්නෙ ඌට ඒක තේරුණා.

    “කොලු කාලෙට කරන්න ඕන දේවලුත් තියෙනවා නැති දේවලුත් තියෙනවා.. ඔය ජරා වැඩ අතෑරපං ප්‍රදීප්.. උඹ මේ ජනප්‍රිය ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නෙ ඉගෙනගන්න.. බාස්කට් බෝල් ටීම් එකේ ඉඳගෙන මේවයෙන් මිදෙන්න බැරි නම්, ඒකෙන් අස්වෙලා ඉගෙනගන්න එකට යොමුවෙයන්.. හැමදේටම වඩා තමන්ගෙ ජීවිතේ වටිනවා.. බලපං.. අර කක්කුස්සිය ගාව උඹ සිහිනැතුව හෙම වැටිලා හිටියා නම්..? නිකං නෙමේ ඉස්කෝලෙ බැජ් එක ගහපු යුනිෆෝම් එක පිටින්.. උඹේ තත්වෙ මොකක්ද..? සෙන්ට්‍රල් එකේ තත්වෙ මොකක්ද..? අර ඈත වන්නියෙ හේන් කොටන, උඹව ජාතක කරපු අහිංසකයො දෙන්නගෙ තත්වෙ මොකක්ද..?”

    “ම.. මට සමාවෙයන් බෙකම්..”

    “මගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, ත.ාමගේ සමාව ඒ තරම් ලාබ නෑ.. මගෙන් සමාව ඉල්ලලත් වැඩක් නෑ.. එක දවසක් හරි අර ගිනි ගහන අව්වෙ, සියඹලාන්ඩුවෙ පොළොවත් එක්ක ඔට්ටු වෙන අම්මටයි, තාත්තටයි සැනසීමක් උදාකරපං.. ආ.. නාලක ඔය වීල් එක නවත්තපං..”

    ඒ එක්කම ආව වීල් එකට ඇම්ඩා අත දැම්මා. පැතුම් සාක්කුවෙන් රුපියල් සීයක් ඇදල අරගෙන ත්‍රීවිල් එක එලවන් ආපු මනුස්සයට දුන්නා.

    “බෝඩිමට ගිහින් ටිකක් රෙස්ට් කරපං.. ආයෙ මේ වගේ අමන වැඩ කරන්නෙපා..”

    මං කිව්වෙ එච්චරයි.. ප්‍රදීප්වත් අරන් ත්‍රීවිල් එක ඉගිල්ලුණා.. අපි තුන්දෙනාම පාර දිගේම ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.

    “මොකෝ උඹලගෙ කතා පෙට්ටි වැහිලා..?”

    වෙනදට ඕන දේටයි, එපා දේටයි කච පච ගගා කියවන පැතුමයි, ඇම්ඩයි මාර සයිලන්ස්.

    “උඹ ප්‍රදීපයට දීපු ඇඩ්වයිස් පාරට, මට ඉන්න තැනත් අමතක වුණා බං.. ඇත්තමයි.. උම උගේ විතරක් නෙමෙයි මගෙත් පපුව හෙල්ලුවා..”

    ඇම්ඩා ඒ ටික නම් කිව්වෙ අවංකවමයි කියල කියන්න මට තේරුණා.

    “චතුරංගයලා නිසා ඕකා නාස්ති වෙනවා බෙකම්.. උං කරන හැම බලු වැඩක්ම යන්නෙ මේකා පිටින්.. මූ කොයි තරම් ටැලන්ට් උනත්, මූට ටීම් එකේ ප්ලේස් එකක් නෑ.. බලපං.. ගිය වාරෙට ඌ එක මැච් එකක්වත් ප්ලේ කරේ නෑ..”

    “අපි මොනව හරි කරන්න බලමු පැතුම්.. බැහැයි ඉතිං උගේ අනාගතේ නම් තියෙන්නෙ ඌ අතේ.. මොනව උනත් චතුරංගයට මේ සෙන්ට්‍රල් එකේ කොල්ලො විනාස කරන්න දෙන්න බෑ..”

    ස්ටෑන්ඩ් එකෙන්, රේල් පාර පැත්තට ඇවිත්, ස්ටේෂන් එකත් පහු කරලා අපි තුන්දෙනා කොන්වන්ට් එක පැත්තට යන පාරට වැටුණා. ටවුන් එකේ හැම ඉස්කෝලෙකම එවුන් පාර පුරාම විසිරිලා. උං හැමෝම අපිට කලින් ඇවිත් වගේ. අද ඉතිං කොල්ලන්ට කෙල්ලන්ට නත්තල් වගේ තමයි.

    “අඩෝ.. මේ අපේ කල්හාරයා නේද..?”

    වෙන ඉස්කෝලෙක කොල්ලො සෙට් එහෙකට මුවා වෙලා ෂේප් එකේ ස්ටෑන්ඩ් එක පැත්තට යන කල්හාරව මං දැක්කෙත් ඇම්ඩා පෙන්නුවට පස්සෙ.

    “ඔව්මයි.. මූ එක්සිබිෂන් එක බලල ඉවර වෙලත් ගෙදර යනවද කොහෙද..?”

    “බෙකම් බලපං.. කල්හාරයගෙ මූණ ඒ තරම් හරි නෑ.. කොන්වන්ට් එකේදි කෙල්ලෙක්වත් දමාගෙන ඉඹලද දන්නෑ.. උංට කොල්ලො පේන්න බෑනෙ..”

    පැතුම් අමුතු කතාවක් කිව්වා.

    “ඒයි.. කල්හාර..”

    මං ටිකක් හයියෙන් කෑගැහුවා. ඌ අපි දිහා බැලුවෙ හොඳටම ගැස්සිලා. ඒත් ඌ අපි ළඟට එන පාටක් තිබුණෙ නෑ.

    “මෙහෙ වරෙන් අපතයා.. මෙහේට වරෙන්.. කොහොමද කෙල්ලොන්ගෙ සඳ, හිරු, තාරකා හොඳයිද..?”

    ඇම්ඩා හිටපු තැන ඉඳන්ම අහද්දි මං කල්හාර ළඟට ගියා. පැතුම් කලින් කිව්ව දේ ඇත්ත තමයි. කල්හාරගෙ මූණ නිකං පිම්බිලා වගේ. හැබැයි ඒ අවමංගල මූණෙ සැබෑ තත්වය හරියටම තේරුම් ගත්තෙ ඇම්ඩා.

    “ඈ බං.. මොකෝ මේ කම්මුල ඉදිමිලා..?”

    “ඒකනේ.. කම්මුලයි බෙල්ලයි දෙකම එක වගේ..”

    “උඹල මේ ප්‍රදර්ශනේ බලන්න යන ගමන්ද බෙකම්..?”

    ඇම්ඩයි, පැතුමයි අහපු ප්‍රශ්න දෙක මග හලලා කල්හාර මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද උගේ දිරා මාරු ස්ටයිල් එක. මූ එකෙන්ම වැඩේ ගොඩදාගන්නයි හදන්නෙ.

    “හා.. හා.. හා.. අපි යන දිහාවක් උඹට වැඩක් නෑ.. අහපු ප්‍රශ්නෙට උත්තර දීපිය. අපිට කියල කැලෑ පත්තරයක් ගස්ස ගන්නෙ නැතුව..”

    ඇම්ඩගෙ ආක්‍රමණශීලී කතාවට කල්හාර උඩ බිම බලලා මං දිහා බැලුවා.

    “මොකද උනේ කල්හාර..?”

    “ඔව්.. ඔව්.. මොකද වුණේ ඔය තරම් මූණ ඉදිමෙන්න.. බාලිකාවෙ කෙල්ලෙක්වත් උඹගෙ මූණට මූණ මුලිච්චි වුණාද..? ආ..?”

    “නෑ බං.. මං මේ එළෝළු රොටියක් කාලා..”

    කල්හාර දීපු උත්තරේ මහම මහ මඤ්ඤං එකක්. ඇම්ඩත් අන්දමන්ද වෙලා ඉන්නවා මං දැක්කා. ඒත් ඉතිං එලෝළු රොටියක් කෑවට කොහෙද දෙයියනේ මේ වගේ කම්මුල් ගායවල් හැදෙන්නෙ..?

    “මොකක්..?”

    ඇම්ඩටයි, මටයි පැතුමටයි ඒ තනි වචනෙ එක පාරටම කියවුණා..

    “ඔව් බෙකම්.. මේ එලෝළු රොටියක් කාලා..”

    “ඒ කොහොමද බං..?”

    “මං එලෝලු රොටිය කෑවෙ හොරෙන්නේ..”

    කල්හාර, කම්මුලත් අල්ලගෙන අබුද්දස්සකාලෙ කතාවක් කිව්වා. අපි තුන්දෙනාටම එකපාර හිනා යද්දි ඌ අපි දිහා බැලුවෙ සදාකාලික ඔරොප්පුවකින්.

    “එලෝළු රොටියක් හොරන් කන්න තරමෙ අධි මානසික තත්වෙකට උඹ පත්වුනේ කොහොමද කල්හාරයා.. මට උඹේ පශ්චාත් භාගෙ පරික්ෂා කරන්න ඕන..”

    “උඹගෙ මොළ දන්ඩ ඇත්තෙ එතන කියලා මට උපකල්පනයකට එතෑකි..”

    “මං උඹට කිව්වයි කියලා හිතාගනිං..”

    මූණ හතරැස් කරගෙන කල්හාරයා ගියා. මූණින් මූණ බලාගත්තු අපි තුන්දෙනාට ආයෙත් ලොකු හිනාවක් ගියා.


    Mathusambandai.gif
     

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මචෝ තැනක් යු සොදුරු නවෝදය පාර්ට් 2 එක දුන්නට. පට්ට අසාවෙන් කියවන්නේ. දිගටම කරන යමු. ජය වේවා !!!

    11.gif
    11.gif
    11.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Maru kathawa macho....Puluwan widiyata upload karapan..Get well soon machan,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mama nam potha aran kiyewwa...Ela story eka
    but oua Yawwana samminda e kiyanne me pota liyapu kenada?

    එළ එළ.. :cool:
    පුලුපුළුවන් වෙලාවට Thread එක Update කරන්න මචන්.. :)

    දිගටම ලියන්න .........
    ලස්සන කතාවක්....

    Maru kathawa macho....Puluwan widiyata upload karapan..Get well soon machan,

    මචෝ තැනක් යු සොදුරු නවෝදය පාර්ට් 2 එක දුන්නට. පට්ට අසාවෙන් කියවන්නේ. දිගටම කරන යමු. ජය වේවා !!!

    11.gif
    11.gif
    11.gif

    ොම ස්තුතියි ප්‍රතිචාර වලට..:) අනිවා ඉක්මනින් කතාව දාන්නම්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    කොහොමින් කොහොම හරි අපි බාලිකාවට එනකොට පැය තුනක් විතර පරක්කු වෙලා. අපේ ඉස්කෝලෙන් අපිද කොහෙද අන්තිමට ඇවිත් තියෙන්නෙ. අලි පත සයිස් තාප්පෙට පිටින් පේන තට්ටු පිට තට්ටු ගහල තියෙන ගොඩනැගිලියි, ඈතින් ඈතට කූඹි වගේ පේන ගෑණු ළමයින්ව එළියෙන් දැක්කට, මං ජීවිතේට බාලිකාව ඇතුළට නම් ගිහින් නෑ. අර අලිපත යකඩ ගේට්ටුව අයිනෙ තිබ්බ පුංචි යකඩ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ අපි දැක්කෙ, හරිම සිරියාවන්ත දර්ශනයක්. දැකපු දැකපු හැමදේකම තිබ්බෙ පුදුම පිළිවෙලක්.

    “මාරයි බෙකම්.. මගේ ඇඟ කිලිපොලා යනවා... මේ තරම් ගෑණු ළමයි කන්දරාවක්.. හයියෝ.. කාව තෝරගන්නද මංදා.. මගේ පපුව වාවන්නෑ..”


    “පැතුම්.. උඹට එකක් කියන්නම්.. කට පරිස්සම් කරගෙන ඉඳපං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි.. තේරුණාද.. මොනව හරි අලකලංචියක් වුණොත් සායම යන්නෙ උඹගෙ නෙමෙයි අපේ ඉස්කෝලෙ..”


    “පිස්සුද බෙකම්.. කොටන කුකුළට කොයි කොටුවත් එකයි.. මේ වගේ සිරා චිකන් ෆාම් එකකට ඇවිල්ලා උඹ කියන්නෙ මට සන්සුන් වෙන්නද..?”


    ඒ පාර ඇම්ඩත්, පැතුම්ට එක්කහු වුණා. මුං දෙන්නා ද්විපාර්ශවික සම්බන්ධතාවයකට ආව කියන්නෙ එතන අනිවා මලගෙදරක්.


    “නාලක.. මොන ජල්තර් වැඩේ එළියෙ කරත් මෙතන නම් කරන්නෙපා.. කරුණාකරලා කාඩ් එක ආරක්ෂා කරගනිං.. තව ඩිංග වෙලාවයි ඇත්තෙ.. එක්සිබිෂන් එක බැලුවද අපි ගියා..”


    මං බලන් ඉන්දෙද්දිම, ඇම්ඩගෙ මූණට ඌ උපත්තියෙන්ම අරගෙන ආපු කුණු හිනාව ආවා. මූත් එක්ක එකට ජීවත් වෙනවා කියන්නෙ ලාවා ගලන ගිනිකන්දක් උඩ ඉන්නව වගේ තමයි. සියලු සකල විධ අනතුරුම බලාපොරොත්තුවෙන් තමයි ඉන්න වෙන්නෙ.


    “ඔ.. ඔයාලා සෙන්ට්‍රල් එකේ නේද..?”


    ගේට්ටුවෙන් ඇතුල්වෙලා ඩිංග දුරයි යන්න හම්බ උනේ.. ජූනියර් ප්‍රිෆෙක්ට් බැජ් ගහගත්තු ගෑනු ළමයි පස්දෙනෙක් අපි ළඟට ආවා. අපරාධෙ කියන්න බෑ සිරියාව නම් ඉස්තරම්. බුරුමෙ නම් කොහොමද දන්නෑ.


    “ඔව්.. අපේ ආවේ..?”


    “එක්සිබිෂන් එක බලන්නනේ..”


    පැතුම් කට අරින්න හැදුවා විතරයි අර ජූනියර් ප්‍රිෙෆක්ට් ගර්ල් කෙනෙක් සට සට ගාලා කතා කරා. මං දැන් හූනා කිව්ව වගේ කියන්නම්, පැතුම් ලව්ඩ්ස්පීකරේ අරිනවා කියලා.


    “නෑ..”


    “එහෙනම්..?”


    “ඔයාලව බලන්න..”


    කටේ තොලේ නොගෑවී පැතුම් කිව්වා. අර ළමයින්ට ටිකක් ලැජ්ජා හිතුණා වගේ. ඒත් එයාලගෙන් කෙනෙක් කතා කරා.


    “බැලුවට කමක් නෑ.. මිස්ලට අහු නොවෙන්න. හැබැයි එක්සිබිෂන් එක නම් තියෙන්නෙ අර ඩී හෝල් එකේ.. අපි හිතනවා ඔයාලට ඒකෙන් දැනුම් සම්භාරයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා..”


    “මොකක්ද බෙකම් මුං සම්බා හාල් වගයක් ගන්න පුළුවන් කියන්නෙ.. අපිට බයියන් කවන්නද හදන්නෙ..?”


    ඇම්ඩා මගේ කණට කරල අහපු එකෙන්, තව පොඩ්ඩෙන් මගේ හිනාව එළියට පනිනවා. කෑ නොගහා හිටපං කියල කියන්න මං උගේ කකුල පෑගුවා.


    “අපි යමු..”


    කෙල්ලො පස්දෙනා අපි ගාවින් ඈත් වෙද්දි අපි තුන්දෙනා ඩී හෝල් එක පැත්තට ආවා.


    “බෙකම්..?”


    “ම්..”


    “උඹේ පරම සැතිරිය නෑනෙ බං.. පේන්නවත්..? මල්වර වෙලාවත්ද දන්නෑ..”


    “මොකක්..?”


    “ඔව්.. ජම්බු ගහෙන් වැටිලද දන්නෑ බං..”


    “කවුරු ගැනද ඇම්ඩා උඹ ඔය කියන්නෙ..?”


    “වෙන කවුරුත් නෙමේ සමින්දි අක්කා ගැන යකෝ..”


    “උඹ හිතන්නෙ සමින්දි අක්කා තාම ජම්බු ගහෙන් වැටිලා නෑ කියලද..? ඇයි යකෝ.. ඒකිගෙ රූප සොබාව දිහා බලපංකො.. තිසර ලැම.. යෝධ පුළුලුකුල.. මනමත් කරන සිනහව.. ඉඹින්නට හිතෙන නොයිදුල් රතදර..”


    ඒ පාර පැතුම්ට සාහිත්‍ය බඩයන්න පටන්ගත්තා.. මොනව උනත් ඌ කියපු හැමදේම හරි.. එක බිංදුවක අඩුපාඩුවක්වත් නෑ. ඒත් සමින්දි අක්කගෙ රාජ ඌෂ්නෙනේ දිරවගන්න අමාරු. මහා අලි පඩත්තල ගෑනු ළමයෙක්නෙ. ඇම්ඩටයි, පැතුමටයි සමින්දි අක්කව දැන් මතක් උනාට මට එයාව මතක් වුනේ අපේ ඉස්කෝලෙ ගේට්ටුවෙන් පිට වෙනකොටමයි. ඒත් මං, සෙන්ට්‍රල් එකේ ඉන්න ලොකුම අපතයො දෙන්නට කිව්වෙ වෙනින්ම කතන්දරයක්.


    “උඹල හිතුවෙ, මං මෙතෙන්ට ආවෙ, ඒකි ජම්බු ගහෙන් වැටිල ද කියලා බලන්නද..? ඒකි ජම්බු ගහෙන් නමෛයි පොල් ගහකින් වැටුණත් මට කමක් නෑ..”


    “හරි.. හරි.. බෙකම්.. සමාව භාජනේක දාපං.. අපි උඹ ගැන හිතල එහෙම කිව්වෙ නෑ.. කොහොම හරි තව රුපියල් දෙදාහක් විතර ඒකිගෙන් කඩා ගත්තොත් කොහොමද..? ඒකි සල්ලි වලට ඩිංගක්වත් ලොස් නෑනෙ බං..”


    ඇම්ඩා ඒපාර අමුතුම කතාවක් කිව්වා. මූ හැබැයි කිසිම දෙයක් නිකං කියන්නෑ.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා..


    “නාලක මේක සෙන්ට්‍රල් එක නෙමෙයි..”


    ඇම්ඩට, අපේ ඉස්කෝලෙ, යූ.සී ග්‍රවුන්ඩ් එක, මහපාර විතරක් නෙමේ බාලිකාවෙත් ඕනම තැනක් ඔට්ටුයි කියන්න මං දැනන් හිටියා. ඒකයි මට එහෙම කියවුනේ.


    “හැබෑටම බෙකම්, අපිට ඒකිව හම්බ උනේම නෑ නේද එදා බෙට් එක පැරදුනාට පස්සෙ..”


    චයිනීස් ෆුඩ් සෙන්ටර් එකේ ආහාර වේලෙන් පස්සෙ සති දෙක තුනක් විතර ඇඳිලා ගියා තමයි. ඒත් සමින්දි අක්කවත්, ඉන්කිවත් මං ඇහැටවත් දැක්කෙ නෑ. මගේ හිතේ මැවිල තිබ්බෙ එයා එදා ඇඳගෙන ආපු කලු පාට ලොකු ඩොට් තියෙන ගවුමත් එක්ක එයා හිටපු අපූරුව විතරයි.


    “පැරදිච්ච දුක උහුලගන්න බැරිව ඒකි ඉස්පිරිතාලෙකවත්ද දන්නෑ.. ළඟ තියෙන රුපියල් දාහට දෙදාහට කෙල උනහම කෙල්ලො එහෙම මැන්ටලි වැටෙනවා..”


    ඇම්ඩා කියන්නෙම අප්සට් කතා. මං මුකුත් නොකියම ඩී හෝල් එකට ඇතුල් වුණා. තැනින් තැන ළමයි පිරිලා හිටියත්, බාලිකාවෙ තාරකා විද්‍යා සංගමයෙ තරු පිරි අහස් වියනට අපේ ඇස් කෙලින්ම ඇදිලා ගියා. රෑ අහසෙ ග්‍රහලෝක උල්කාපාත, තරු, වල්ගා තරු, ඇස්ට්‍රොයිඩ ආදී නානාප්‍රකාර දේවල් අපි ඉස්සරහ සජීවීව වගේ දර්ශනේ වුණා.


    “මැක්සා බෙකම්.. මෙච්චර හරියක් මේ කෙල්ලො ටික කොහොම කරලද අප්පෙ..”


    ග්‍රහලෝකයක් වගේ අපූරුවට හදල තිබ්බ තරු පිරි අහස් වියන දැකල පැතුමගෙන් කාලෙකට පස්සෙ අව්‍යාජ වචන ටිකක් පිට උනා. මං වටපිට බැලුවෙ නිකමට හරි දන්න අඳුනන මනුස්සයෙක් ඉන්නවද බලන්න. ඒත් විහිලුවටවත් දැකල පුරුදු එකෙක් හිටියෙ නෑ. අඩුගානෙ ඉන්කිට මැසේජ් එකක්වත් තියල ආව නම් මෙහෙම පෝලිම් ගානෙ බඩගාන්න වෙන්නෑනෙ.

    “නිරෝමිල, නෙහාරලවත් පේන්න නෑනෙ බං..”


    “නිරෝමිල නෙමෙයි පැතුම්.. කෝ මෙතන හිටපු ඇම්ඩා..?”


    ඒ වෙනකොට වෙන ඉස්කෝලවල කොල්ලො කෙල්ලොන්ගෙන් තරු පිරි අහස් වියන පිරිලා තිබුණා. ඒ අතරෙ අපි තුන්දෙනා එක පේලියට එකා පිටිපස්සෙ එකා ඉන්න විදියටයි හිටියෙ. කොටින්ම ඇම්ඩා හිටියෙ පැතුමට පිටිප්සසෙ. මං ඉස්සරහම.


    “මෙතන හිටියනේ බෙකම්.. අම්මප... මේ දැන් හිටියා.. මේකා කොහෙද හත්වලාමෙ ගියේ..?”


    “පැතුමා.. වටපිට බලපං.. ඕකගෙ නමට වැඩිය ඉස්තරම් වැඩ ඕකා කරන්නෙ.. මොන අවමගුලක් කරයිද දන්නෑ.. ඇත්තමයි මූත්තෙක්ක ගමන් බිමන් එනවට අපිට තලන්න ඕන..”


    ඒ වෙනකොට සුදු පාට ලොකු ස්ක්‍රීන් එකකට ප්‍රොජෙක්ටරයක් ගහලා ස්ලයිඩ්ස් වලින්, බාලිකාවෙ කෙල්ලො තුන්දෙනෙක් හෙන එක්ස්ප්ලේන් එකක් අපට ඉස්සරහ ඉන්න ගැත්තන්ට කරනවා. ඒ එක්කමයි මං දැක්කෙ, ඩී හෝල් එක කෙලවරේ ඉඳන් හැමදේ දිහාම ඕනකමින් බලන් ඉන්න සමින්දි අක්කව. මෙච්චර වෙලා මං එයාව දැක්කෙ නැති එකනේ වැඩේ.


    “බෙකම්..”


    “ම්..?”


    “අපේ ෆ්‍රයිඩ් රයිස් එක ඉන්නවා..”


    එහෙනම් පැතුමගෙ බයිනොකියුලර් ඇස් දෙකත් අක්කව දැකලා.


    “ඉතිං..?”


    “අ.. අන්න.. අන්න එයා අපිව දැක්කා..”


    “කෑ නොඟහ හිටපං මෙතන කච කචේ නැතුව..”


    “එයා අපිව පේළියෙ ඉස්සරහටම ගනියි නේද බෙකම්..?”


    “මගෙන් කණ පලාගන්නැතුව ඉඳපං.. එයාට ඒ වගේ අමාරුවක් නෑ..”


    “හේනම්..? ඇයි එයා වියදම් කරලා අපිට කෑම අරන් දුන්නෙ..?”


    අම්මපා..... මූත් එක්ක කතා කරනවට වැඩිය හොදයි තරු පිරි අහස් වියන යට මං බිහිරි උනා නම්. මොන තරම් අමන වදකාරයෙක්ද මේ..? දාඩිය පොල්ලත් ඕසෙට දාගෙන එද්දි, තවත් විනාඩි විස්සක් විතර යද්දි, පෝලිම දිගේම මායි පැතුමයි ප්‍රොජෙක්ටරේ ළඟට ගියා. ස්ලයිඩ්ස් වලින් සෙනසුරුගෙ වළලු ටිකයි, සෙනසුරාවයි යස අපූරුවට ස්ක්‍රීන් එකේ වෛවර්ණව වැටිලා තිබුණා. ඒ මල්ටි කලර් රූප අතිරන් මම බැලුවෙ සමින්දි අක්කා දිහා. මහා ආඩම්බරකමකින් මූණ පුරවගෙන එයා සැරින් සැරේට අපි දිහා බලනව මං දැක්කා. ඒත් ඒ සුදු මූණෙ එක හිනා බිංදුවක්වත් නෑ. මොනව උනත් හිතේ කේන්තිය නම් මැස්කා විදියටම ඇති. ඇයි දෙයියනේ දෙපාරකට පන්දාහක්ම ඉවරනේ.


    “බලහංකො බෙකම්.. තරහකාරයා වගේ ඉන්න හැටි..”


    “ඒකි අපිත්තෙක්ක කොහොමත් ඔරොප්පුනේ පැතුමා..”


    “හරියට නිකං බාලිකාව ඒකිගෙ වගේනේ..”


    “ඔව්නේ බං.. හෙඩ් ප්‍රිෆෙක්ට් ඒකිනේ..”


    “මොන වහුකුණා ඒකිට ඔය තානාන්තරේ දුන්නද මංදා.. මට නම් හිතෙන්නෙ බෙකම්..”


    “ඔව්..”


    “ඕකිව සිලෙක්ට් කරපු ඈයොත් වාඩිවෙන්නෙ, මොලේ බිමට වඳින්න..”


    මට බකස් ගාලා හිනාවක් ගියා. ළඟ හිටපු එවුනුත් එකපාරටම මං දිහා බලද්දි, සමින්දි අක්කා මූනත් නරක් කරගෙන මං දිහා බැලුවා. ඇයි යකෝ අපිට හිනාවෙන්නවත් බැරිද..? අපි හිටපු තැනින් එහාට තිබ්බෙ, තනිකරම ප්‍රස්ථාර ලෝකයක්. මට ඒක බලන්න හිතුනෙ නෑ. මං පෝළිමෙන් එළියට පැන්නා. ්එ පනිද්දි මගේ ඔලුවෙ තිබ්බෙ එක ප්‍රශ්නයයි. ඒ තමයි, මගේ ගණනුන් පෙන්නල සමින්දිත් එක්ක කතා නොකරම මෙතනින් යනවද, නැත්නම් එයා ළඟට ගිහින් මනුස්සකමට කතා කරනවද කියලා.


    “බෙකම්..”


    “මොකද බං.. මල වදේ..”


    “අර ආඩම්බරකාරිව ඉඹපංකො.. මේ හුදී ජනතාවට පේන්න..”


    “මොකක්..?”


    “ඔව්.. එතකොටවත් සමින්දි අක්කගෙ ඔය නළලෙ තියෙන එක බිමට වැටෙයි..”


    නළලෙ තියෙන එක මොකක්ද කියලා මං දැනන් හිටියෙ නෑ.. ඒක පට්ට කුණු හරුපයක්නේ..


    ප්‍රොජෙක්ටරේ ගාවින් කෙලින්ම පාර හදලා තිබ්බෙ පිටවීමේ දොරටුවට. තවත් ටිකක් එතන ඉන්න ඕන නම් දකුණු පැත්තට හැරිලා අර චාට් තිබ්බ දිහාට යන්න තිබ්බා. පිටවීමේ දොරටුවට ඩිංගක් කිට්ටුවට සමින්දි අක්කා එන හැටි මං දැක්කා. එයා සමහර විට හිතුවද දන්නෑ මගේ ආඩම්බරකමට මාත් කතා නොකරම යයි කියලා.


    “ප්‍රදර්ශනේ බලන්නද ආවෙ..?”


    උඩ ඉඳන් පල්ලෙහාට මාව හොඳට නිරීක්ශණය කරන ගමන් සමින්දි අක්කා මගෙන් ඇහුවා. ඒකත් මහාම මහ ආඩම්බරකමකින්. අනේ ඇත්තටම මේ දාන බොරු ගණන් වලට නම්, අර පැතුමා කිව්ව වගේ වැඩක් කරලයි පස්ස බලන්න ඕන.


    “නෑ.. මේ සීදේවි ගෑණු ළමයි ටික බලලා යන්න..”


    සමින්දි අක්කගෙ මූණෙන් ඇස් අහකට ගන්නැතුව මං කිව්වා. එයාගෙ ඇස් දෙක ඩිංගක් පුංචි වුණා.


    “ඒක මං දන්නවා.. සෙන්ට්‍රල් එකේ අයට තියෙන්නෙ ඒ පිස්සුව කියලා..”


    කෙල්ල මාව එකෙන්ම කපලා දැම්මා කියලා එයා හිතන්න ඇති. ඒත් ඔයාට වැරදිලා සමින්දි අක්කෙ. මේ බෙකම්, එහෙම ලේසියෙන් එකෙන්ම යන කොල්ලෙක් නෙමෙයි.


    “පිස්සුව..?”


    “ඔව්.. ගෑණු ළමයින්ව දකින්න..”


    කටත් අමුතු විදියකට පැත්තකට ඇද කරන ගමන් සමින්දි අක්කා ලතාවකට කිව්වා. මම හිතන්නෙ කට ඇතුළෙ බබල්ගම් එකක්වත් තියෙන්න ඇති. අපේ බලයා හිටියා නම් කියයි, අනේ මට ඒ කට ඇතුළෙ තියෙන බබල්ගම් එක වෙන්න තිබුණා නම් කියලා. ඔව් ඉතිං.. කොයි තරම් සීදේවි උනත් ඊට පස්සෙ බැරියෑ ඒ හක්කෙන් මේ හක්කට.. ආයෙත් අර හක්කට.. ආයෙත් ඉස්සරහ කෘන්තකයා ගාවට, ඊගාවට රදනකයා ගාවට, පස්සෙ චඤාර්වක ගාවට ඇවිත් රහක් තිබ්බොත් පුරශ්චාර්වක ළඟටත් ගිහින් අන්තිමට, රතු පාට තොල්පෙති උඩින් බැලුමක් වගේ පිම්බිලා ඩෝං ගාලා විනාස වෙන්න.. හනේ මට නම් ඕන්නෑ..


    “ඔය කිව්ව කතාවෙ, ඔයා දන්නැති දෙයක් තියෙනවා..”


    “මොකක්ද..?”


    ඇතුළෙ, කොල්ලො කෙල්ලොන්ගෙ සද්ද බද්ද ඩිංගක් විතර වැඩි වගේ හින්දද කොහෙද සමින්දි අක්කා මං ඉස්සරහට නැඹුරු උනා. දිග කොණ්ඩ කරලක් එයාගෙ පපුව ඉස්සරහට වැටුණත් එයා වම් අතින් ඒක ආයෙත් පිට පැත්තට දාගත්තා.


    “සෙන්ට්‍රල් එකේ අපි නම් හැමදාම උදේට හිස්බඩම වගේ ලස්සන ගෑනු ළමයි ඕන තරම් දකිනවා.. ඒකට ආයෙ මෙහේ එන්න ඕන නෑ..”


    “එහෙනම් මේ ඇවිල්ල ඉන්නෙ..?”


    “සෙන්ට්‍රල් එකේ ගෑණු ළමයි කොහොමත් ලස්සනයිනේ.. සුන්දරයිනේ.. පිවිතුරුයිනේ.. ඒත් ඉතිං මේ බාලිකාවෙ ගෑණු ළමයින්ගෙ අලි උනනේ.. අන්න ඒ අලි උණට සම්බන්ධ වෛරසේ මොකක්ද කියල බලන්නයි අපි ආවෙ..”


    සමින්දි අක්කගෙ මූණ ඇඳවෙලා, මැලවිලා ගියා. එයා එයාගෙ දබරැගිල්ලෙනුයි, මහපටගිල්ලෙනුයි හෙඩ් ප්‍රිෆෙක්ට් බැජ් එක තද කරලා පිරිමදින්න ගත්තා. ඊට පස්සෙ ඒ බැජ් එක මට පේන්නද කොහෙද ටිකක් ඉස්සරහට කරා.


    “අ.. අපේ ළමයින්ට අලි උනක් නෑ..”


    “හැමෝටම නෑ.. කීප දෙනෙකුට විතරයි.. හැබැයි ඉතිං හෙඩ් ප්‍රිෆෙක්ට් නෝනා, අපි හිස්බඩට අනන්තවත් ගෑණු ළමයි දැක්කට, ඔයාලගෙ හිස් බඩට උදේ පාන්දරම දකින්න එකම එක කොලු පරාණයක්වත් නෑනෙ.. මාර දුකයි අප්පා.. විහිලුවටවත් නෑනෙ නේද..?”


    සමින්දිට එහෙම කියන ගමන් මං පැතුමා දිහා බැලුවා. ඌට වැඩේ නැගලම යනවා. කොටින්ම ඌ හෙණ ෆන් එකක් ගන්නවා. මේ අප්‍රසන්න කතන්දරේ අහගෙන ඉඳලා.


    “මො.. මොකක්ද ඔයා කිව්වෙ..? ඔ.. ඔයා දැ.. දැනගන්න මං.. මං ඔයාට කරන වැඩේ..? මොකක්ද ඔ.. ඔයාගෙ නම කිව්වෙ..?”


    හප්පට සිරි.. කෝමද පුතේ ඒ කතන්දරේ..? කෙල්ලට මගේ නමත් අමතක වෙලා.. හනේ.. හනේ.. මේ කුණු සංසාරේ මොලේ විකාර උනහම සිද්ධවෙන දේවල් වල හැටි.. පව් අප්පා.


    “මගේ නම ඔයාට මතක නැද්ද..?”


    “න්.. නෑහ්.. මතක තියාගන්න ඔයාගෙ නම නමක්යෑ..”


    “ඔයා දෙපාරක්ම බෙට් කරලා පරාද උනාට පස්සෙ මං හිතන්නෙ ඔයාට නම අමතක වෙන්නැති. ඒක හින්ද මං ඔයාට චුට්ටක් මතක් කරන්නම්.. විලි ලැජ්ජාවක් නැතුවම ඔයා අපිට රුපියල් පන්දාහක්ම උනේ.. ඈ.. මතක නැද්ද..? අර රුපියල් පන්දාහකම ඔයා අපිට කන්න අරන් දුන්නෙ..? මං හිතුවා ඒ නන්නත්තාර වීමෙන් පස්සෙවත් මොලේ අංශු මාත්‍රයක් හරි තියෙන කෙල්ලෙක් නම් මගේ නම හදවතේම ලියාගෙන, අඩුගානෙ මං ඉන්න පැත්තකට හැරිලවත් නිදාගන්නෙකක් නෑ කියලා..”


    සමින්දි යටි තොල හපාගත්තා. කෙල්ලට කේන්ති ගියාද කේන්ති ආවද කියලා මට හිතාගන්න බැරිවුණා. හැබැයි පුතෝ, එයා හිටපු ඒ ඉරියව්ව නම් මාර ගති හොදේ.. හිරේ යන්න හරි ඉඹින්න හිතෙනවා. මොනව නැතත් තමන්ගෙ පරම හතුරගෙ උනත් ලස්සන පීචස් එකක් අගය නොකර ඉන්න තරම් බෙකම් කුහක නෑ..


    “හ... හදවතේ ලියාගන්න..?”


    “ඔව්.. එතකොට අමතක වෙනව අඩුයිනේ.. ඔය වගේ නිතරම නම අහන්න වෙන්නෑ..”


    “ඔ.. ඔයා හිතන්නෙ.. ඔයා දිනුවා කියලද..?”


    “නැත්නම්.. ඔයාට හිතෙන්නෙ කෝමද..? මං පරාද උනා වගේද..?”


    “ඔව්.. ඒ පන්දාහට දාදාහක දේවල් ගෙවන්න වෙයි ඔයාට.. බලමුකො තව ඉස්සරහට..”


    “ඉස්කෝලෙන් අවුට් උනාමද..?”


    “ඉස්කෝලෙන් අවුට් වෙනකොට මං එළියට යන්නෙ දිනපු කෙනෙක් විදියට මිසක පරාද වුණ කෙනෙක් විදියට නෙමෙයි.. තේරුණාද..?”


    “අනේ දෙයියනේ... මට නම් තේරුණේ නෑ.. හැබැයි ඉතින් ඔය කටින් බයිලා ගහලා මාව බය කරන්නැතුව ටිකක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරොත් හොඳයි.. ඒත් ඉතිං වැඩක් වෙන්නෑ.. ඒක තියෙන්නෙ වෙන කොහේවත්නේ..”


    “කොහෙද..?”


    සමින්දි මට තවත් ළංවුණා. එයා ළඟින් ආපු මොක්කදෝ එයාටම ආවේනික වෙච්ච සුවඳක් මගේ හිත පුරාම පැතිරිලා ගියා. තාරුණ්‍යයේ උතුරන හැඟීම් වලින් සිත හිනාවෙද්දි මං කිව්වෙ අමුතුම කතාවක්.


    “ඔයා වාඩිවෙන්නෙ ඒක උඩනේ..”


    “ම.. මං.. මං.. ඔයා..ට...?”


    සමින්දි අත ගුලි කරගත්තා. ඒ තත්පරයෙන්ම මං පැතුමවත් ඇදගෙන එළියට පැන්නා. මං එතනම නතර උනත් පැතුමා පණ කඩාගෙන එනවුන්ස් රූම් එක පැත්තට දුවන්න ගත්තා. හොඳට හිටපු පැතුමට මොකක්ද හත්තිලව්වෙ වුණේ..? මං ආයෙත් පිටවීමේ දොරටුව දිහා බැලුවෙ සමින්දි අක්කා ඒවිද කියලා බලන්න. ඒත් එයාගෙ හුළඟක්වත් නෑ. මං කියපු දේවල් ටික නම් දිරවගන්න කෙල්ලට සෑහෙන වෙලාවක් යයි.


    එනවුන්ස් රූම් එක පැත්තට දුවපු පැතුමා විනාඩි පහකින් විතර ආයෙත් මගේ දිහාට පණ කඩඩාගෙන දුවගෙන ආවා. මූට මොකක්ද හප්පේ, මේ විනාඩියට හැදිච්ච මූලග්ගාය.


    “කොහෙද බං ගාල කඩාගත්තු වස්සා වගේ දිව්වෙ..? මතක තියාගනිං.. මේක අපේ ඉස්කෝලෙ නෙමෙයි කියලා..”


    “මං ඒක දන්නවා බෙකම්.. මං ගියා ඇම්ඩගෙ අතුරුදන්වීම වාර්ථා කරන්න..”


    “කොහෙටද..?”


    “කාර්යාලයට..”


    “උඹට පිස්සුද පැතුමා..”


    “බලහංකො බෙකම්.. තව ඩිංගකින් මධුර මනෝහර හඬකින් ඇම්ඩාව අමතන හැටි..”


    පැතුමට එහෙම කියලා කට ගන්න හම්බවුණේ නෑ.. අපි එළියට ආපු ඩී හෝල් එකේ හයි කරලා තිබ්බ නෝමල් ලව්ඩ්ස්පීකරෙන්, බුරු බුරු ෂ්.. ෂ්.. කියලා සද්දයක් ආවා.. හරියට නිකං කාටහරි බඩ බුරුල් උනා වගේ.


    “උඹ කිව්වෙ ඒ සද්දෙද පැතුමා..”


    මං නෝන්ඩියට වගේ ඇහුවම, පැතුමා බිම බලාගත්තා. ඒ එක්කම වගේ කොහෙදෝ ඉඳලා අපේ ඇම්ඩා ළඟට ආවා.


    “හල්ලෝ බෙකම්.. මේ සුන්දර යුවතියන් අතරට උඹලත් ආවද..?”


    උගේ මූණෙ හිනාව පුරවල එකයි. පේන විදියට නම් මේකා පැණි ගංගාවක්ම හලලා වගෙයි. ඇම්ඩට බනින්න බං කට හැදුවා විතරයි ලව්ඩ්ස්පීකරේ ඇහෙන නෑහෙන ගානට කතා කරන්න ගත්තා.


    “සවන් දෙන්න.. සවන් දෙන්න.. මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි නාලක විජෝකෝන් ශිෂ්‍යයා පැමිණෙන තුරු ඔහුගේ මිතුරන් කාර්යාලය අසල රැඳී සිටියි. කරුනාකර නාලක විජේකෝන් කාර්යාලයට වාර්ථා කරන්න..”


    තොරණ් බලන්න ගිහින්, එකට ආපු ඈයො නැති වුණාම ගහන සෝක ගීතෙ වගේ එකක් ගානට පත්තු වෙලා ගියා. පැතුමත් ඉඳලා ඉඳලා මිණි මරණ වැඩනේ කරන්නෙ.


    “කවුද යකෝ ඒ අලුගුත්තේරු වැඩේ කෙරුවෙ..?”


    ඇම්ඩා ඇහුවෙ දත්මිටි කන ගමන්. ඌට ලතාවකට මළ පැනලා කියලා මට තේරුණා.


    “මොකා කෙරුවත් උඹට තියෙන ආදරේටනේ බං එනවුන්ස් කරේ..”


    “බෙකම්.. පිස්සු කියවන්නෙපා.. මට පාරෙ බැහැලා යන්න බැරිවෙන වැඩක් මේක. පැතුමා.. මං උඹව මරණවා.. තෝව මං උල්කාපාතයක් කරනවා..”


    “අපි හතර දිග් බාගෙම උඹව හොයල බැරිම තැනනේ බාලිකාවෙ පොලෝසියට කිව්වෙ..”


    “පැතුමා.. උඹ මගෙන් මරුම් කන්නෙපා.. උඹ ඇයි මාව හොයන්නෙ.. ආ.. මේ අති සුන්දර ලලනාවන් අස්සෙ උඹ කියන්නෙ මටත් උඹ වගේ පෝලිම් ගැහිලා ඉන්න කියලද..? නෑ පැතුමා.. මං ඒ ජාතියෙ කෙනෙක් නෙමේ.. මං උඹට වඩා විශිෂ්ඨයි.. උඹ අන්න ඒ ධර්මතාවය තේරුම් ගනිං..”


    “ඇම්ඩා.. මට උඹව තේරුම් ගන්න පුළුවන්.. ඒත් ඔය ධර්මතාවෙ තේරුම් ගන්න බෑ.. නමුත් උඹ, උඹේ සුපුරුදු යටි කූට්ටු වැඩ කරගෙනම ජීවත්වෙනව නම් හොදා.. මේ අනක් ගුණක් නැති, හිතක් පපුවක් නැති ලලනාවො පස්සෙ නොයා..”


    ඒපාර කතාව වෙනමම සබ්ජෙක්ට් එකකට ඇදිලා යනවා. දැන් අර එනවුන්ස් පාර මුන් දෙන්නට මතක නෑ.


    “ඇයි..?”


    “හැයි අහන්නෙ..? උඹ යටිකූට්ටු වැඩ ගැන දන්නව උනාට, මේ යුවතියො ගැන මොනවද දන්නෙ..? උඹ ඒ පැත්තෙන් මේ සබ්ජෙක්ට් එකට ආගන්තුකයි.. කොටින්ම මේ විෂය ධාරාවෙ උඹ ආධුනිකයෙක්..”


    “නිකං පලයං පැතුමා යන්න.. හරි.. උම ඔය පරීක්ෂණ කරලා, නිදිමරාගෙන, වේදනා විඳගෙන මේ ලලනාවො ගැන මොනවද හොයාගත්තෙ..?”


    ඇම්ඩා යස ප්‍රශ්නයක් ඇහුවා. අනේ ඇත්තට රටේ ලෝකෙ මේ තරම් ප්‍රශ්න තියෙද්දි මුන් දෙන්නා වද වෙන ප්‍රශ්නෙක හැටි. මං ආයෙත් ඩී හෝල් එක දිහා බැලුවෙ සමින්දි අක්කා දැන් එළියට එයි, දැන් එළියට එයි කියලා. ඒත් එයාගෙ කෑල්ලක්වත් ආවෙ නෑ.


    “උඹ දැනගනිං ඇම්ඩා.. මං උමට හින්දා මේ කියන්නෙ.. වෙන එකෙකුට නම් විහිලුවටවත් කියන්නෑ.. හොඳට කන්දෙක දිග ඇරලා අහගනිං.. හරිය.. ගෑනු ළමයි එහෙමත් නැත්නම් මේ බාලිකාවෙ අති සුන්දර ලලනාවන්ගෙ ආදරෙත් හරියට චයිනීස් ෆෝන් එකක් වගේ..”


    “මොකක්..?”


    පැතුමා කිව්වොත් කියන්නෙ ඔය වගේ හතර බීරි කතා තමයි. කෙල්ලෙක්ගෙ ආදරේ කොහොමද හත්වලාමෙ චයිනීස් ෆෝන් එකක් වගේ වෙන්නෙ..?


    “ඔව් ඇම්ඩා.. උඹ මා දිහා පුදුමයෙන් බලන්නෙපා.. කිව්වෙ සැටිපිකේට් ඇත්ත කතාවක්. ටිකක් හිතල බලපං.. චයිනීස් ෆෝන් වලට මෙලෝ වොරන්ටියක් නෑ.. කිසිදු ගැරන්ටියක් නෑ.. කිසිම කල්පැවැත්මක් නෑ.. ඒ මදිවට.. ඒ මදිවට..?”


    පැතුම හරිම ආදරෙන්, බොහෝම සරලව ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හැබැයි ඉතිං ඒකෙ ඇති වැරැද්දක් නෑ වගේම මාර ක්‍රියේටිව්.


    “ඔව්.. ඒ මදිවට..?”


    “ඔය හැමදේම මදිවට ඒවා ඩුවෙල් සිම්..”


    පැතුමා හක හක ගාලා හිනාවෙද්දි මං අහක බලාගත්තා. තවත් මෙතන හිටියොත් මූ මොනව කියයිද දන්නෑ.. සමින්දි අක්කත් එන පාටක් නැති හන්ද මං ආපහු එන්න කකුල ඉස්සුවා. තවත් මොකට එයාගෙ ආඩම්බර බලන්න මෙතනඉන්නවද..? මොකෝ අපි එයාගෙ අත පල්ලෙන් වැටිල නෑනෙ. අනික තමන්ගෙ තැනකට ආවහම දන්න අඳුනන මනුස්සයෙකුට ඔහොමද අප්පා සලකන්නෙ..?


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    “විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..”

    හිටපු ගමන් ඇම්ඩා අමුතු කතාවක් කිව්වා. ඌ කියපු වචනවල තේරුම හිතනකොට තමයි ඌ එහෙම කිව්වෙ ඇයිද කියලා මට තේරුණේ. මුළු මූණ පුරාම හග්ගල ගාඩ්න් එක පුරවගෙන අපි ළඟට ආවෙ ඉන්කි.


    “කෙල්ලට අපිව දැකලා නත්තල් වගේ බෙකම්..”


    “හා..නේ.. නවෝද්.. ඔයා දැන්ද ආවෙ..?”


    “යකෝ.. මේකිගෙ ඇස් පොට්ට වෙලාද ගස් ගල් වගේ ඉන්න අපිව පේන්නැත්තෙ..”


    පැතුමා යාන්තමට මුමුණද්දි මං ඉන්කි දිහා බැලුවා.


    “දැන් ටිකක් වෙලා ඉන්කි.. ඉතිං.. ඉතිං..”


    “ඉතිං කියන්නෙ.. ඔයා තමයි නවෝද් කියන්න ඕන.. මං ඒත් බැලුවා, ඔයාලගෙ ඉස්කෝලෙ ගෑණු ළමයි, පිරිමි ළමයි ගොඩේ ඔයා නැත්තෙ මොකද කියලා.. ඇත්තටම මං බයවුණා ඔයා එන්නැතිවෙයි කියලත්..”


    “ඔයා බය කරන්න නම් ඔඩ්ඩි මස්සිනාවත් එක්කං එන්න වෙයි..”


    ඇම්ඩා හෙණ සවුත්තු කතාවක් කිව්වා.


    “මොකක්ද කිව්වෙ..?”


    “නාලක කියන ඒවා ඔයා ගණන් ගන්නෙපා ඉන්කි.. මූ නැතිවෙලා ඉඳලා, ඔයාලගෙ එනවුන්ස් රූම් එකෙන් එනවුන්ස් කරලා මූව හෙව්වා.. ඒ හිතේ අමාරුව ඔය තියෙන්නෙ..”


    මං කතන්දරේ ෂේප් කරා.. නැත්තං මේ තත්පරෙත් මුං දෙන්නා වලියක් දාගන්නවා.


    “අපේ නවෝද් ආවෙ නැති උනාම ඇයි පැටියො ඔයා බයවෙන්නෙ..?”


    ඔන්න ඒ පාර අනිත් හැලගෙම්බා බක බක ගාන්න ගත්තා. අනේ අම්මපා මුංගෙ කටවල් නම්... මොන නැකතකින් කටේ රං කිරි කට ගෑවද මංදා. කොහොම උනත් පැතුමගෙ කතාවට නම් ඉන්කිට පුංචි හිනාවක් ගියා. සමින්දි අක්කා ආඩම්බරේට නළලෙ තියාගනෙ හිනා වෙන හිනාවිල්ලයි, මේ අව්‍යාජ හිනාවෙයි මාර වෙනසක් තියෙනවා. මේක පපුව ඇතුලෙන්ම එන මල් මල් හිනාවක්නේ. නෙලපු ගමන් හිත හොඳ එකෙකුට මල් බොකේ එකක් විදියට දෙතෑකි.. ඒ තරම් ගති.


    “අර පැටියො කෑල්ලට නම් මං ඒ තරම් ආස නෑ.. මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දේනනෙත් නෑ.. ආ.. නවෝද්.. ඔයා එක්සිබිෂන් එක බලලා ඉවරද..?”


    ඉන්කි සම්පූර්ණයෙන්ම මං දිහාවට හැරුණා.


    “හනේ මංදා.. අර ඩී හෝල් එකට ඇතුල්වෙලා පැය ගාණක් තැපලතැපල පෝලිමේ වරුවක් විතර ඉඳලා තැම්බි තැම්බි ඒකෙ තියෙන ඒවා නම් බැලුවා.. මට නම් එපා උනා..”


    මං ඇත්තම කිව්වා. ඉන්කිගෙ මූණ බලන් ඉඳිද්දිම වෙනස් උනා. මගේ කතාව එයාට අදහගන්න බැරිවුණා වගේ.


    “ස්.. ස්.. හූ.. දෙයියනේ.. ඇ.. ඇයි නවෝද් ඔයා පෝලිමේ හිටියෙ.. අනේ.. එතන සමින්දි අක්කා හිටියනේ.. එයා ඔයාව දැ.. දැක්කෙ නැද්ද..? එයා ඔයාව ඉස්සරහට ගත්තෙ නැද්ද..?”


    “මාව ඉස්සරහට ගන්න..? පුළුවන් කමක් තිබුණ නම් එයා මගේ ඉස්සරහින් තවත් සීයක් දෙසීයක් දානවා..”


    “අ.. අනේ සොරි නවෝද්..”


    “කමක් නෑ ඉන්කි.. ඒක් ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි..”


    “ඒ.. ඒ.. උනාට මගේ හිතට හරිම නෑ.. ඔ.. ඔයා පව් නවෝද්.. ඔයා අපිට කොයි තරම් උදව් කලාද..?”


    “උදව්..?”


    “ඔව්.. අපේ බෑග්ස් හොයල දීලා.. අඩුගානෙ සමින්දි අක්කට ඒකවත් මතක තියාගන්න තිබුනා..”


    ඔන්න එතකොට තමයි මට මතක් උනේ, ඒ මහා බෑග් නිදාන කතාවේ දෙවෙනි කොටස ඉන්කි දන්නෑ කියලා. අර මගේ ගෝල්ඩන් බූට්ස් දෙක වෙනුවෙන් පට්ට බෙට් එකක් දාලා සමින්දි ආයෙත් මැක්සා විදියට නෝන්ඩි උන එක. ඒත් මං ඒක ඉන්කිට කියන්න ගියේ නෑ. ප්‍රධාන හතුරා උනත් ඔය තරමට නෝන්ඩි කරන්න පුළුවන්ද අප්පා.


    “චුට්ටක් එන්නකො නවෝද්..?”


    කතාව යද්දිම ඉන්කි මට කතා කරා. මං පැතුමයි, ඇම්ඩයි දිහා බැලුවා.


    “ඔ.. ඔයාලා දෙන්නත් එන්න..”


    ඒපාර ඉන්කි උන් දෙන්නටත් කතා කරා. ලොවෙත් නෑ.. කෙල්ල අපිටත් උදව් කරන්නද හදන්නෙ.


    “බෙකම්..?”


    “ඇයි පැතුමා..?”


    “මේ අත තියලා බලපං.. මගේ බට්ටා ගැහෙනවා බං.. මේකි අපිට මොනවා කරන්නද යන්නෙ..?”


    “බයවෙන්නෙපා.. වැඩිම උනොත් ඒකි උඹේ පතිවෘර්තාව කාලා කිරි පැකට් එකක් බොයි.. එච්චරයි..”


    ඇම්ඩා තවත් අලුගුත්තේරු කතාවක් කිව්වා. මොනව වුනත් තවත් දුරට බාලිකාව ඇතුළට යන එක ගැන නම් මගේ හිතේ ෆිට් එකක් තිබුණෙ නෑ. ඒ මදිවට බලන බලන හැම පැත්තෙම හිටපු අනේක විධ ගෑණු ළමයි අපි දිහා බලන් හිටියෙ, සත්තු වත්තෙ කූඩුවක දාලා ඉන්න ඉතියෝපියානු චම්පන්සියො තුන්දෙනෙක් දිහා බලලා සංතෝස වෙන විදියට. ඒ මදිවට අතරින් පතර ලාවට හීනියට එහෙන් මෙහෙන් සූ සද්දත් ගලාගෙන ආවා.


    “එන්න නවෝද්..”


    ඉන්කි නතර වුණේ ටික්ක ලොකු කාමරයක් ළඟ. ඒක දැක්ක ගමන්ම, ඒකෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා මට තේරුණා. විශේෂ ආරාධිතයන්ට බාලිකාවෙන් දෙන සංග්‍රහය කෙරෙන්නෙ මෙතන කියලා, මං දැනගත්තෙ හමාගෙන ආපු බිස්කට් සුවඳන්. කමක් නෑ... රහුමානියා එකෙන් තෝසෙ ගිල්ලට ඒවා දැන් වාශ්ප වෙලා ඉවරයි. අර හෝල් එකේ කොයි තරම් වෙලා හිටිගෙන හිටියද..?


    “ඉන්කි.. ඇයි මේ..?”


    මං නිකං බබා වගේ ඇහුවා.. නැත්නම් චරිතෙට හොඳ නෑනෙ.


    “ඔයාලට මහන්සිත් ඇත්නේ. අපි මොනව හරි බොමු.. අනික ඉතිං සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම ක්‍රීඩකයා අපේ බාලිකාවට ආවහම සලකන්නත් එපෑය.”


    හිනාවෙවී කියන ගමන්, ඉන්කි කාමරේ ඇතුළට යද්දි අපිත් ඒ පිටිපස්සෙන්ම ගියා. කාමරේ ඇතුලෙ හිටියෙ ටීචර්ස්ලම හත් අටදෙනෙක් විතරයි. එයාලා කන්න වගේ අපි දිහා බලද්දි, ඉන්කි බොහොම ගරු සරු ඇතුව මාව අඳුන්වලා දෙන හැටි මං දැක්කා. ඊට පස්සෙ තමයි ඒ මූණු වලට හිනාවක් ආවෙ. බලන් ගියාම ඉන්කිට ඉස්කෝලෙ ඇතුළෙ මාර ප්ලේස් එකක් තියෙනවනේ.


    “මොනව උනත් ඉන්කි, රත්තරං කෙල්ල බෙකම්.. ඒකිට විතරයි අපේ සුදහ ගින්දරේ තේරුණේ..”


    බිස්කට් වලින් කට පුරවගෙන පැතුමා කියවනවා.


    “හා.. හා.. මගේ උක්කු අම්මා.. තෝ හෙමීට කාපිය.. බිස්කට් කුඩු උන්ඩුක පුච්චෙට ගියොත් මහ ඉස්පිරිතාලෙට තමා ගෙනියන්න වෙන්නෙ.”


    ඇම්ඩගෙ කටෙත් මාරි බිස්කට් පුරවලා එකයි. ඇපල් කෑලි හීනියට ලියලා මලවලා දාලා තිබ්බ බීම වීදුරුවක් මං අතට ගත්තා.


    “නවෝද්... බිස්කට් කන්නැද්ද..?”


    “මටත් එක්ක මුං දෙන්නා කනවා..”

    ඉන්කිගෙ හිනාව එක පාරටම වැඩි උනත්, ඒක බලන් ඉඳිද්දිම අඩුවෙලා ගියා. මං හිතුවෙ ටීචර්ස්ලා ඉන්න හන්දා කියලා. ඒත් එයාලා හිටියෙ අපිට සෑහෙන තරම් එහායින්. ඒත් ඉන්කි සයිලන්ස් වෙන්න, හේතුව මං දැක්කෙ, තත්පර ගානක් ගියාට පස්සෙ. අපි කාමරේට ඇතුල් උන දොර හරස් කරගෙන හිටියෙ සමින්දි අක්කා.

    “ඉන්කි..?”


    “සමින්දි අක්කෙ..?”


    “ඔයා මොනවද මෙතන කරන්නෙ..?”


    ඒ වචන ටික නම් කණට ගැහුවා වගේ තමයි. අපි හැමෝගෙම හිත් සවුත්තු වුනා. බලන් ගියාම සමින්දි අක්කා කියන්නෙ තනිකරම දුෂ්ඨ රෝල් එකක්නේ.


    “ම.. මං නවෝද්ලට පුංචි සංග්‍රහයක් කරා..”


    “සංග්‍රහ තමයි.. දන්නවද වෙලා තියෙන වැඩේ..?”


    ඉන්කි ගැස්සිලා ගියා කියලා මං දැක්කා. පව් අප්පා.. මං හින්දා කෙල්ලත් අලි පරිප්පුවක් වගේ කන්නෙ.


    “මො.. මොකක්ද සමින්දි අක්කෙ..?”


    “මොකක්ද තමයි.. අන්න අර ප්‍රොජෙක්ටරේට දාන ස්ලයිඩ්ස් වගයක් නෑල්ලු..”


    “නෑල්ලු..?”


    “ඔව්.. අ.. අර ළමයින්ට පෙන්වන්න දෙයක් නැතුව ඉන්නෙ.. මොනව පෙන්නන්නද මංදා.. මං මේ පිස්සු හැදිලා ඉන්නවා.. ඔයා මෙහේ සංග්‍රහ..”


    ඒ වෙනකොට රූම් එකේ හිටපු ටීචර්ස්ලා කීප දෙනෙක් සංග්‍රහ භුක්ති විඳලා එළියට ගිහින් තිබුණා. ඒක හන්දම, තවත් කට වහන් ඉඳලා, ඉන්කිව සවුත්තු කරන්න මං සමින්දි අක්කට ඉඩ දුන්නෑ.


    “මේ..?”


    හිටපු තැනින් නැගිටල, බීම වීදුරුව මේසෙ උඩින් තියලා මං කෙලින්ම සමින්දි අක්කා ළඟට ගියා. ඉන්කිගෙ මූණ බයෙන් මහත්වෙද්දි, සමින්දිගෙ මූණට ආවෙ මහා සවුත්තු හිනාවක්.


    “ඇයි..?”


    “මෙතන අපි කන බොන එක, ඔයාට ප්‍රශ්නයක් වගේ.. එහෙම ප්‍රශ්නයක් නම්, මෙලෝ මානුෂික ගුණාංගයක් නැති ඔයා වගේ කෙනෙකුට මේ බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් කම දීපු කෙනාගෙ ඔලුව හොඳ නෑ..”


    අර සවුත්තු හිනාව, හිමින් සීරුවෙ නැතිවෙලා යද්දි, සමින්දි අක්කා එයාගෙ රතු තොල්පෙති දෙක එකට තද කරගත්තා. ඒ ඉරියව්වෙත් අමුතුම ගතියක් නැතුවම නෙමෙයි. ඒත් ඉතිං, මේ බෙකම්, ඔය වගේ කැටයම් අනන්ත අප්‍රමාණ දැකලා තියෙනවා. එහෙව් එකේ, මේ හැමදේම නළලෙ තියාගෙන ඉන්න බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්, කජ්ජක්ද කොලුවො කියලා හිතෙනවා.


    “දැන් මගේ හෙඩ් ප්‍රිෆෙක්ට් කමෙයි, මෙතනයි අතරෙ තියෙන ප්‍රශ්නෙ මොකක්ද..? මට ඔයාට කියන්න තියෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයි, ඉස්කෝලෙ ප්‍රශ්නයි එකට පටලව ගන්න එපා කියලා..”


    මොකක්ද බං ඒ අලුගුත්තේරු කතාවෙ තේරුම.. මං ඇම්ඩා දිහා බැලුවා.. ඌ පැතුමා දිහා බැලුවා.. පැතුමා මං දිහා බැලුවා.. කිව්වත් නොකිව්වත් මං දන්නවා දැන් ඊගාවට වෙන වැඩේ. මුං දෙන්නා ෆයර් උනොත්, ෆයර් බ්‍රිගේඩ් එකක් ගෙනැල්ලවත් බේරන්න බෑ. ඒක හින්ද මං උන් දෙන්නටම කඩින් කඩේ ඇහැක් ගැහුවා. බෙකම් ඒකච්ඡන්දයෙන් පත්වෙලා ඉන්දෙද්දි උංට තියෙන්නෙ බලන් ඉන්නනේ.


    “මං පටලවාගත්තු දෙයක් නෑ. ඔයයි මෙතෙන්ට ප්‍රයිවට් ඒවා ඇදල ගත්තෙ. ඔට්ටු දෙක්ක ඇපත් නැතුව පරාද වුණා කියලා, දකින දකින තැන මට කපන්න එන්නෙපා. ඒක සදාචාරෙට අගුණයි. තේරුණාද..? මේක ඔයාගෙ බාලිකාව වෙන්න පුළුවන්. ඒත් මේ බෙකම්ට ඕන පිච් එකක් ඔට්ටුයි. මොකද ඕන වැල්ලක මගේ බඹරෙ කැරකෙනවා.”


    සමින්දිගෙ මූණ බලන් ඉද්දිම තද රතු පාටට හැරුණා. කරන්න දෙයක් නෑ.. ඔයා තමයි සත්තලං දුවේ ඇදගෙන නෑවෙ. මේ යස අපූරුවට හිටපු කොලු ගැටයගෙ කට අවුස්සලා සමින්දි අක්කා ආයෙත් කට අරින්න හදද්දි මං අත උස්සලා එයාව නැවැත්තුවා.


    “ඉන්න.. මං තාම කියල ඉවර නෑ.. ඔයා අහපු දෙවැනි ප්‍රශ්නෙට උත්තරෙයි මං ඔය දුන්නෙ.. පළවෙනි එක තමයි, තමන් හෙඩ් ප්‍රිෆෙක්ට් නම් ප්‍රශ්නයක් ආවහම, ගාල කඩාගත්තු වැස්සි වගේ උඩ පැන පැන තප්පුලන්න හොඳ නෑ. ළඟ ඉන්න එවුන්ට ඉරිසියාවෙ පැලීගෙන අනින්න කරන්න යන්න හොඳ නෑ.. වෙලා තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා ඇරෙන්න.. ඔයා මෙතන ලෝකෙ පෙරලන්න උඩ පැන්නට ස්ලයිඩ් ටික හම්බවෙන්නෑ..”


    ආයෙ දෙකක් නෑ සමින්දි අක්කට හතරගාතෙ දාලා බිම ඇදගෙන වැටෙන්න ඒ වචන ටික හොදටම ඇති. ඒත් කෙල්ලගෙ තියෙන ආත්ම අභිමානයට මගේ ප්‍රහාරය අමාරුවෙන් ඉවසගෙන හිටියා.


    “අ.. අනේ නවෝද්.. ප්ලීස්.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.. මං හින්දා ඔයාලට පුංචි හරි හිත් රිදවීමක් උනා නම් සමාවෙන්න.. සමින්දි අක්කෙ.. ඔයත් මං ගැන වැරදියට හිතන්නෙපා.. නවෝද් අපිට හුඟක් උදව් කරා.. අපේ නැතිවෙච්ච බෑග්ස් හොයලා දීලා.. අපි ඒක අමතක කරන්න නරකයි..”


    “හරි.. හරි.. ඒ කතා මෙතෙන්ට ඕන්නෑ.. ඔයා චුට්ටක් එළියට එන්න, ඔය පිරිමි ළමයින්ගෙන් ඈත්වෙලා.. අපි දැන් මේකට මොකද කරන්නෙ.. බලන්නකො ස්ලයිඩ්ස් වලට වෙච්ච දෙයක් නෑනෙ..”


    සමින්දි අක්කයි, ඉන්කියි එළියට ගියා. ඒ තත්පරයෙම ඇම්ඩා කට ඇරියා.


    “මැක්සා..! බෙකම්..!! මැක්සා..!!! ඕකිට ඔහොමම තමයි කරන්න ඕන.. දැක්කනේ, මූණ කට සීදේවි උනාට ඇඟ පුරාම මොලේ තියෙන හැටි. අපි කාපු මේ හිඟන බිස්කට් කෑල්ලටත් ඕකි කුල කිව්වා. මං මේක ලේසියෙන් අතාරින්නෑ.. උඹ ගේමෙන් අයින් වෙයන් බෙකම්.. මේ සංසාරෙ පුරාවටම මං ඕකිට අංචිය අදිනවා..”


    ඇම්ඩා කිව්වොත් කිව්වා තමයි.. උගේ පදාසයක් ගියත් වැඩේ ඉවරයක් කරලයි ඌ පස්ස බලන්නෙ.. ඇම්ඩා මේක ගෑනු ඉස්කෝලයක් කියලා බලන එකක් නෑ.. සමින්දිව කකුල් දෙකෙන් උස්සගෙන එලියට යයි.. ඊට පස්සෙනේ පෙරහැර තියෙන්නෙ..


    “බෙකම්.. ඇයි බං ඒකිට උඹව වහ කඳුරු වගේ වෙලා තියෙන්නෙ..? වෙන කෙල්ලෙක් නම් මෙලහකට උඹට පණත් දීලනේ..”


    “ඕකවත් තේරෙන්නෙ නැද්ද මැටි පූසො.. අපි ඒකිගෙ පන්දාහකට විදපු එකේ, ඒකිට බෙකම් විතරක් නෙමේ උඹවයි මාවයිත් පේන්න බැරුව ඇති..”


    “අර ස්ලයිඩ් වගයක්ද මොනවද නැති එකෙන් ඉන්කිට අවුලක් වෙයිද බං.. අරකි කඩන් පැන්නෙ ඉන්කි එතන බාරව හිටිය වගේනේ..”


    පැතුමට ප්‍රශ්න කෝටියයි.. ඒත් ඇම්ඩගෙ මූණෙ, කාලෙකින් ඇඳුණෙ නැති ගති හිනාවක් මතුවුණා.


    “ඉන්කිට අවුලක් වෙන්නෑ බෙකම්..”


    “ඒ කිව්වෙ..?”


    “ස්ලයිඩ් ටික මගේ සාක්කුවෙ..”


    “මොකක්..?”


    මායි, පැතුමයි දෙන්නම ගල් ගැහුණා. හපොයි දෙයියනේ මේ වහුකුනා කරොත් කරන්නෙම ඔය වගේ නසරානි වැඩක්මනේ.. දැන් මේක කොතනින් කොහේට ගිහින් මොනවා වෙලා ඉවර වෙයිද මංදා.. හැබැයි ඉතිං තවත් පැත්තකින් බැලුවොත් ඇම්ඩා කරලා තියෙන්නෙ මාර ගති වැඩක්. කොටින්ම ඌ දිලා තියෙන්නෙ අන්තර් ජාතික තත්වයේ ගේමක්. මොනවා උනත් මායි පැතුමයි කට අරින්න කලින් ඉන්කි අපි ළඟට ආවා. එයාගෙ පිටිපස්සෙන් සමින්දිත් ආවා. මේ වෙලාවෙ නම් සමින්දිගෙ මූණෙ ඩිංගක් මනුස්ස පාටක් තිබුණා. කලින් තිබ්බට වඩා සාමකාමියි.


    “ප්‍රශ්නයක්ද ඉන්කි..?”


    “අනේ ඔව් නවෝද්.. හරි වැඩේනේ වෙලා තියෙන්නෙ.. අපේ ස්ලයිඩ් වගයක් නැතිවෙලා.. දැන් බලන්න එන ළමයින්ට පෙන්වන්න දෙයක් එතන නෑ..”


    ඉන්කිගෙ ඇස් වලට කඳුළු පිරීගෙන ආවා. පව් දෙයියනේ.. කොහේවත් තියෙන පව් සේරම කෙල්ලගෙ පිටිනුයි යන්න හදන්නෙ. දැන් කොහොමද අප්පා මේක ශේප් කරන්නෙ.. මට නම් තේරෙන්නෑ..


    “ඉන්කි..”


    “ඇ.. ඇයි සමින්දි අක්කෙ..?”


    “වෙලා තියෙන ප්‍රශ්නෙ මෙයාලට කිය කියා ඉඳලා හරියනවද ළමයො.. ආ..! නැතිවෙච්ච ඒවා හොයන්න මෙයාලා පොලීසියෙන්ද..? නිකං බොරුවට කාලෙ නාස්ති කරන්නැතුව මේක පෙන්නන්න ක්‍රමයක් හොයන්න.. නැත්නම් අන්තිමට මටයි ප්‍රශ්නෙ එන්නෙ..”


    මොකක්ද යකෝ ඒ නොසංඩාල කතාව.. කටත් ඇද කර කර කියපු ඒ අවමංගල කතාවට මට ඌරු ජුවල් නැග්ගා. මේකිගෙ හිත ගලක්ද මංදා.. මේ තරම් නොහොඹිනා විදියට අපිට කතා කරන්නෙ.


    “නැතිවෙච්ච ඒවා නම් හොයන්න පුළුවන් වෙයිද දන්නෑ.. හැබැයි ඉතිං, ඉන්කි අපේ බොක්කෙ ෆිට් එක හින්දා, අපට උදව්වක් නොකර ඉන්න බැරිකමකුත් නෑ..”


    කේන්තියත් එක්කම මං සට සට ගාලා කියවන් ගිය වචන වලට සමින්දි අක්කගෙ මූණ රතු වුණා. හොඳ වැඩේ අලි පඩත්තලකමට, අලි වංශෙන් ඉන්නවට.


    “ඔයාලට මොනවද අනේ කරන්න පුළුවන්.. එන්න ඉන්කි.. අපි ප්‍රින්සිපල් මෑම් හම්බවෙලා මේක ඩිස්කස් කරමු.. එයා අපිට මොනවහරි සොලියුෂන් එකක් දෙයි..”


    සමින්දි අක්කා කලබලයෙන් වගේ ඉන්කිගෙ අතින් ඇද්දා. අම්මපා මේකිට හෙඩ් ප්‍රිෆෙක්ට් කම නෙමෙයි, අපේ ඉස්කෝලෙ දැල්ලගෙ ජොබ් එකවත් හරියන්නෑ.. මූණ කට කොයි තරම් සීදේවි විදියට මවල තිබ්බත් ඒවටත් එක්ක හරියන්න, දෙයියො මේකිට මොලේ දීලා තියෙන්නෙ හුඟක් අඩුවෙන්.


    “ඉ..න්..කි..”


    අපි ගාවින් ඈත්වෙලා යන ඉන්කිට මං කතා කරත් මගේ ඉස්සරහට ආවෙ සමින්දි අක්කා.


    “ඇ..යි..?”


    “මං ඔයාට නෙමෙයි කතා කෙරුවෙ.. ඉන්කිට..”


    “ඒකත් එහෙමද..? ඔයා එහෙනම් කියන්න යන්නෙ... ඉන්කි.. මං මේක හොයල දෙන්න බලන්නම් කියලද..?”


    “නෑ..”


    “එහෙනම්..?”


    “ස්ලයිඩ් ටික හොයල දෙනව කියන්න.. ඉන්කි මට විනාඩි දහයක් දෙන්න.. ඔයාට වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙන විදියට මං මොනා හරි කරන්නම්..”


    මගේ ජව සම්පන්න කතාවෙන් සමින්දි අක්කා ටිකක් විතර අවුල් වුණා. ඔහොම යංකො.. තාම මේ කතන්දරේ පටන්ගත්තා විතරනේ..


    “ඉන්කි..! මේ විහිලු කතා ඔයා අහන්නෙපා.. මෙයාගෙ ඔලුව නරක් වෙලාද කොහෙද..? මෙයා කොහොමද මොනව හරි කරන්නෙ..? මොකෝ මෙයාගෙ මූණ පෙන්නන්නද ස්ලයිඩ් ටික නැතිකොට.. මට නම් හිතේනනෙ අපේ ස්ලයිඩ් ටික කවුරු හරි අරන් යන්නැති..”


    “මගේ මූණ පෙන්නුවොත් මේ මුලු බාලිකාවම තරු පිරි අහස් වියන යටට එයි. හැබැයි ඉතින් ස්ලයිඩ් ටික කවුරු හරි අරන්ග ිහින් තිබ්බත්, ඔයාට වැඩේ කරගෙන යන්න ඕන නම් මං ඔයාට හෙල්ප් කරනවා ඉන්කි. මට මේ ඔයාගෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ බයිලා වැඩක් නෑ.. මෙයා නිකං කච පච ගානවා විතරයි. කරන වැඩකුත් නෑ. ඔයා මොකද කියන්නෙ ඉන්කි..?”


    මං සමින්දි අක්කව බින්දුවටම දාලා කතා කරා. මේ වගේ ජොහොර කතාවලට තව ඉවසගෙන ඉන්න බෑනෙ අප්පා. දෙන එක දෙන්න ඕන දොඹෙන්.. හැඳි ගෑවිලාම යන්න. ඒත් ඉන්කිට කතා කරන්න නොදී සමින්දි අක්කා ආයෙත් මැදට පැන්නා.


    “ඔයාට කරන්න පුළුවන් දෙයක් ඕන ඔයා කියන්න..”


    “මට පුළුවන් හින්දයි මං කිව්වෙ..”


    “බැරි වුනොත්..?”


    සමින්දි අක්කගෙ ඇස් දෙකේ තිබ්බෙ නලියන දඟකාරකමක්.


    “මේ බෙකම්ට බැරි දෙයක් නෑ..”


    “මොනවද බෙට් කරන්නෙ..?”


    තොල් පෙති දෙක එකට, හීනියට තද කරන් සමින්දි අක්කා මගේ මූණට එබුණා. මේකි නම් ගිය ආත්මෙ බෙටින් සෙන්ටර් එකක පත්තරයක් වෙලා හරි ඉඳලා තියෙනවා. ඇයි යකෝ හැම බඩකඩිත්තුවටම බෙට් කරන්නනේ යන්නෙ. හැබැයි ඉතිං තොරණෙ ගහපු ජාතක කතා වස්තුව නිට්ටාවටම දන්නෙ මං හින්ද, මගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තිබුණෙ. ඔහොම ඉස්සරහට යමුකො සත්තලං..


    “ඕන දෙයක්..”


    සවුත්තුවට වගේ සමින්දි අක්කා වටපිට බලද්දි, ඇම්ඩා මට ඇහැක් වහලා මහපටැගිල්ල උරුක් කලා. ඔන්න ඒ අතරෙ තමයි ඉන්කිගෙ කටට පණ ආවෙ.


    “බෙට් ඕන නෑ නවෝද්.. ඔයාට පුළුවන් නම් මේක කරන්න.. මට කරන උදව්වක් හැටියට..”


    “නෑ.. නෑ.. ඉන්කි.. ඔයා පනින්නෙ නැතුව ඉන්න ඩිංගක්.. මෙයා මේ කියන තරම් වැඩකාරයෙක්ද කියලා අපි බලමුකො..”


    “බලන්න දෙයක් නෑ.. බෙකම් කියන්නනෙ ඔන් ද ස්පොට් ගේම් ගහන එකෙක්.. හරි.. මොකක්ද බෙට් එක..”


    “බෙට් එක ඉතිං ඔයාම දැම්මොත් හොඳයි.. මොකද පරදින්නෙ ඔයානේ.. ඒක හින්ද ටිකක් ලේසි එකක් දාගන්න..”


    මට නම් මේකිගෙ කට කතෑකි..මං මේ තරම් මැක්සා විදියට කතා කරද්දිත් මේකි අලියා වෙන්න එනවනේ.


    “හරි.. බෙට් එකෙන් පැරදෙන කෙනා සෙනසුරාදට යූ.සී ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවන්න ඕන.. හැබැයි පටන්ගන්නෙ හරියටම දවල් දොළහට..”


    සමින්දිගෙ ඇස් දෙක ලොකු උනා. කෙල්ල හිතන් ඉන්න ඇත්තෙ තවත් ප්‍රයිඩ් රයිස් දන්සැලක් කියලා වෙන්නැති නේ.?


    “රවුම් සීයක්..?”


    “ඔව්.. ඇයි බය උනාද..? නිකං අප්සට් අප්සට් වගේ නම් වැඩේ අතෑරලා දාමු..”


    “න්.. නෑ.. ඇයි මං බයවෙන්නෙ..? බෙට් එක ස්තිරයි..”


    සමින්දිගෙ කටින් ඒ ප්‍රියමනාප, අර්ථවත් වචන ටික පිට උනා විතරයි ඇම්ඩයි, පැතුමයි පහට පහක් දානවා මං දැක්කා. කොහොමටත් මේ තත්පරයෙ ඉඳලා අපි ඔක්කොම ගොඩනේ.


    “ඉන්කි ඔතනම ඉන්න.. අපි විනාඩි දහයෙන් එනවා..”


    ඉන්කිගෙ මූණ සුදු සිනාවකින් පිරෙද්දි සමින්දි අක්කා මූණ අමුතු කරගත්තා.. ඒ අතරෙ අපි තුන්දෙනා හනි හනිකට මහ පාරට ආවා.


    “බෙකම්.. එකෙන්ම වැඩේ ගොඩ ගියා නේද..?”


    “ආයෙ අහලා.. ගේම නම් ගේම නාලක.. උමත් වෙලාව කලාව බලලා සොරි ගේමක්ම තමයි දෙන්නෙ.. නියමයි මචං..”


    “හෙ.. හේ..! උඹ ඔහොම මගේ දෙයක් අගේ කරනකොට මට දැනෙන ප්‍රීතිය වාවගන්න බෑ බං.. අම්මප බෙකම් මට හිතෙනවා, බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්වත් උස්සන්න..”


    ඇම්ඩා ඒ පාර අමුතුම කතාවක් කිව්වා.


    “වැඩක් නෑ බං.. ඒ ලලනාව උස්සන්න නම් අපි තුන්දෙනාමවත් යන්න වෙනවා.. මතක තියාගනිං.. නාකලයා උඹ ඒ මස් පරුවතේට යටවෙලා මැරෙයි.. තේරුණාද..?”


    “පැතුමා.. උඹ මගෙන් නොහොඹිනා වචන අහගන්නෙපා.. දැන් අපි මේකට මොකද කරන්නෙ කියපං..”


    “ඇයි නාලක..?”


    “මේ ගත්තු ස්ලයිඩ් ටික උං අඳුනගනීවිනේ බෙකම්.. උං මේවා ලක්ෂ වාරයක්වත් දැකලා, අල්ලලා ඇතිනේ.. සමින්දිට උනත් ගානට මීටර් වෙයි..”


    “ඕන මීටරයක් වෙද්දාවෙ.. අපිට මොකෝ බං.. හේනම් ඒකි අපේ බෙකම්ගෙ ෂුස් දෙක ඉස්සුවෙ උඹ බලන් ඉන්දෙද්දිම.. ඒවා ප්‍රිෆෙක්ටලට හොඳ වැඩද..?”


    “හරි.. හරි.. ඔය ආගිය කතා අතෑරපල්ලා.. උම මේවා ගන්නවා කවුරුවත් දැක්කද නාලක..?”


    “නෑ බෙකම්.. කිසි කලෙක නෑ.. උඹට කියන්න, මට හොරකම්කිරීම පිළිබඳ පස්චාත් උපාධියක් තියෙනවා. මං ඒ ගැන අවුරුදු ගාණක් අධ්‍යනය කරල තියෙනවා.. තේරුණාද..?”


    “මොනව උනත් උඹ දීපු ගේම් වලින් මේක තමා කොලිටිම එක නාලක..”


    “තැන්ක් යූ බෙකම්..! මේ ආපු සංසාර ගමනෙදි ආදරණිය බාලිකාව මතක් වෙන්න, මේක උස්සන් ආවට, කවුද හිතුවෙ අර සුර දූතිකාවට තවත් පාරක් නෝන්ඩියක් දෙන්න පුළුවන් වෙයි කියලා..”


    “ඒ ගැන හිතෙනකොටත් මාර සනීපයක් දැනෙනවා බෙකම්.. මේ බාලිකාවෙ ප්‍රියමනාප සුදු හාමිනේ පණ කඩාගෙන ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් දුවනකොට කොහොමද ආතල් එක.. හහ්.. හහ්.. හා..”


    පැතුම් හක හක ගාලා හිනාවෙද්දි, මං දාපු බෙට් එක සැර වැඩියි වත්ද කියලා මට හිතුණා. රවුම් සීයක්, සමින්දි අක්කා වගේ සුකොමළ ගෑනු පරානෙකට මැච් වේවිද මංදා.. කමක් නෑ.. එයාමනේ ඇදගෙන නිවි සැනසිල්ලෙ ඔඩොක්කුවට දාගත්තෙ.. මාව එකෙන්ම සවුත්තු කරන්න හිතාගෙන. කමක් නෑ.. කමක් නෑ.. ඔය ඇඟ පුරාම තියෙන අලි උණ බහින්නත් එක්ක ඔන්න ඔහේ දුවපුවාවේ.. කමක් නෑ..


    “මෙන්න බෙකම් ස්ලයිඩ් ටික..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇම්ඩා, සුදු කලිසම් සාක්කුවෙන් ස්ලයිඩ් කෑලි තිහක් විතර ඇදලා අරන් මට දුන්නා. මේකා මේවා කොහොම තියන් හිටියද මංදා. අපේ සාක්කු වගේ දෙගුණයක්වත් දිගට මූ සාක්කුව මහන් ඉන්නවා ඇති. වැඩේ කියන්නෙ ඇම්ඩා මට දීපු ස්ලයිඩ් වල, දැක හදුනා ගැනීමට කිසිම සලකුණක් නෑ.. ඒක නම් ඉතිං දෙයියො දුන්නා වගේ දෙයක්.

    “එහෙනම් සුභ මොහොතින් බාලිකාවෙ ආඩම්බරකාරිට මේ ටික ගිහින් දෙමු.. හනේ දෙයියනේ.. එතකොට ඒකිගෙ ඇස් ගෙඩි දෙක දොට්ට පනින හැටි බලන්න, මට පුදුම ආසාවක් තියෙන්නෙ..”


    “ඔව්.. ඔව්.. අපි තව පරක්කු වුනොත්, කල් ඉකුත් උනා කියලා ඒකි බෙට් එක කැන්සල් කරාවි. එතකොට අපිට මේ ගතිය ගන්න බැරිවෙනවා. අපි යමු කොල්ලනේ.. ඒ උක්කු අම්මගෙ සිරියාවන්ත මූණූ පොඩිත්ත බලන්න..”


    පැතුමගෙයි ඇම්ඩගෙයි කතාවලින් මගේ හිතටත් ඇවිත් තිබුණෙ මාරම ගතියක්. පිට පිට තුන් වතාවක්ම බාලිකාවෙ ආඩම්බරකාරිව පරද්දලා හැට්‍රික් එකක් දානවා කියන්නෙ එසේ මෙසේ කතන්දරයක් නෙමෙයිනේ.


    “කෝ බං.. මේකි පැනලවත් ගියාද..?”


    ඉන්කියි, සමින්දියි පේන්න හිටියෙ නැති හන්ද පැතුමට එකපාරටම කියවුනා. මායි, ඇම්ඩයි කෙලින්ම කඩාගෙන විදගෙන ගියේ ඩී හෝල් එකට. මේ ඉන්නෙ ජෝඩුවම.. ඉන්කි නම් හිටියෙ මූණ හොඳටම සවුත්තු කරගෙන. සමින්දි හෙන පුස් පාට් එකක් මූණ මැදට අරන් වැඩර් වගේ හිටියා. පේන විදියට නම් නැතිවීමේ සම්පූර්ණ වැරැද්දම ඉන්කි පිටින් ගිහිල්ලා වගේ.


    “ගියපු පයින්ම ආවෙ.. මොකෝ... හොයාගන්න බෑ නේද..? බෙට් එක නිකං බරපතල වැඩියි වැඩියි වගේ කියල හිතුණද..? ආ..”


    එහෙමයි කියලා කියන්න වගේ මං ඔලුව වැනුවා.


    “ගියපු පයින් එන්නැතුව අල්ලපු ගෙදර එකාගෙ පයින් එන්නද බෙකම්.. මේකි මොනවද මේ කියන්නෙ..?”


    පැතුම් හීන් සමැරේ කුටු කුටු ගාද්දි මං උගේ කකුල හයියෙන්ප ෑගුවා. මගේ මූණෙ තියෙන දුක්මුසු පෙනුම දැකලා සමින්දි අක්කා තවත් ෆෝන් උනා වගේ. මේ දුක්බරකම මං හදාගත්තෙ දැන් තත්පර දෙක තුනකට කලින්. මේ දුක්බරකමට, බලන් ඉන්න එවුන්ට හිටගෙන ඇඬෙනවා කියලා මං දන්නවා. සමින්දි උනත් එකෙන්ම අහු උනානේ. ස්ලයිඩ් නැති හන්දා ප්‍රොජෙක්ටරේ පෙන්නන තැන, කතන්දරේ විස්තර කරන බාලිකාවෙ කෙල්ල අලි පත අමාරුවක වැටිලා කියලා මට තේරුණා. ඇයි ඉතිං වීර කතාවෙ කාන්තාව වගේ මුලින් මුලින් කියන් ආපු දේවල් එතනින් එහාට පෙන්නන්න විදියක් නැති හන්ද.


    “ඔන්න ඕක තමයි කියන්නෙ, හැමදේම වීරයා වගේ බදාගත්තට, කරන්න බැරි දේවලුත් තියෙනව කියලා ඉන්කි. මං ඔයාට කිව්වනේ, මෙයාලගෙ මේ කතාව හැටියට වැඩ නම් නෑ කියලා.. මහ ලොකුවට කියන්නෙ නම් සෙන්ට්‍රල් එකේ ජනප්‍රියම පුද්ගලයලු.. ඒ උනාට අපිට බලන්න පුළුවන් සැටඩේ ග්‍රවුන්ඩ් එක වටේ හති කූඩයක් හල හල දුවන හැටි..”


    හනෙ අම්මේ....!! මේකිට නම් කටක් නෙමේ තියෙන්නෙ.. මොකා සුබ නැකතින් රන්කිරි කට ගෑවද මංදා.. සොරොව්ව ඇරියහම වර වර ගගා වතුර ගලන් එන වයිදියට දෙවනි නෑ, මේ කට නම්. කමක් නෑ..! මගේ උක්කු අම්මා. ඔයා නියම සැපක් මේ බෙට් එකෙන් ගනියි.


    “ඊට වැඩිය නරකද බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට් රවුම් දහයක් පහළොවක් දුවද්දි තලපතා වගේ කලන්තෙ දාලා පතබරියන් උනොත්..? නියමයි.. ආ..?”


    මං සමින්දිට ළංවෙලා ඇහුවා. ඒ මූණෙ පිරිල තිබුණෙ අහංකාරකම, අහංකාර හිනාවක්, මේ තරම් සිරියාවන්ත රූපයක්, ජාතක කරපු, හදා වඩාපු අම්මයි තාත්තයි දීලා තියෙද්දි ඇයි සත්තලනේ මේ නව නිංගිරා විදියට හැසිරෙන්නෙ.


    “කලන්තෙ දාලා වැටෙන්නෙ මං දිව්වොත්නේ..”


    “ඔයාට දුවන්න වෙනවා..”


    “ඇයි මං දුවන්නෙ..?”


    “මෙන්න මේ ටික හින්දා..”


    ඇම්ඩගෙ අතෙයි, මගේ සාක්කු දෙකෙයි තිබ්බ ස්ලයිඩ් ටික අරන්, මං සමින්දි අක්කගෙ අත් දෙක උඩ තිබ්බා. මෙච්චර වෙලා තිබ්බ මොණර ආඩම්බරේ, හුළං ගියපු ලොකු බැලුන් එකක් වගේ ඇදවෙලා යද්දි සමින්දි අක්කා උඩ බිම බැලුවා. මෙලෝ සිහි කල්පනාවක් නැතුව වගේ එයා මං දිහා පුදුම වෙලා බලන් ඉද්දි නම් මට ආවෙ මාරම ගතියක්. කෝ.. සත්තලනේ මෙච්චර වෙලා ඔයාගාව තිබ්බ කැටයම් ටික, ඒවට මොකද උනේ..?


    “මේ.. මේවා කොහෙද තිබ්බෙ..?”


    පව් අප්පා.. කෙල්ලට කතා කරගන්නත්බෑ.. ඇඬෙන සයිස්.. මං තවත් මොනව හරි කිව්වොත් කෙල්ල දුවනවා..


    “තිබ්බෙ කොහෙද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.. සෙනසුරාදා දවල් දොළහට ඔයා යූ.සී ග්‍රවුන්ඩ් එකට එන එක..”


    සමින්දිගෙ මූණ බලන ඉඳිද්දිම සුදුමැලි උනා. අර කලියෙන් තිබ්බ අලි උන පැත්ත පලාතක නෑ. හොඳ වැඩේ උඹට නම්.. මගේ හිත කිව්වා.


    “මොනවම හරි කරදරයක් වුණ වෙලාවක දෙවියො එව්වා වගේ ඔයා මගේ ඉස්සරහට ඇවිත් උදව් කරනවා.. අනේ හුඟක් තෑන්ක්ස් නවෝද්.. ඔයාට හුඟක් පින්..”


    ඉන්කිගෙන් පිටවුණ වචන ටික නම් ආවෙ හදවත පතුලින්මයි කියලා මට තේරුණා. බොක්ක දාලා පිච්චිලා යන්න ඔහොම සංවේදීව කතා කරනකොට ළඟ තියෙන ඒවත් ගලවල දෙන්න හිතෙනව කෙල්ලෙ.. මොනව උනත් තාමත් කතා කරගන්න බැරිව, වෙච්ච සංසිද්ධිය උහුලගන්න බැරිව සමින්දි අක්කා අනාථ වෙලා ඉද්දි අපි තුන්දෙනා බාලිකාවෙන් එළියට බැස්සෙ වීරයො වගේ.


    “නාලකයො උඹ තමයි දවසකටවත් මිනිහා..”


    බාලිකාවෙ ගේට් එක ඉස්සරහදිම, අපි තුන්දෙනා පහේ තුනක් අල්ලට අල්ල ටච් කරලා දාගන්න ගමන් මං කිව්වා. ඒ ගමන්ම ඇම්ඩගෙ පිට මැද්දට මගේ වම් අතින් හෙමිට ගහලා මං මගේ සංතෝසෙතව තවත් පිට කරගත්තා. ඇයි හත්තිලව්වෙ.... දවස් හතක් මගුලක් කන විදියෙ සංසිද්ධියක්නේ මේ උනේ..


    “හැබැයි බෙකම්.. මෙලහකට අපි රෙකෝඩ් එකක් තියලා ඇති මයෙ හිතේ..”


    “ඒ මොකක්ද පැතුමා..”


    “බාලිකාවෙ හෙඩ් ප්‍රිෆෙක්ට්ව තුන් පාරක්ම නන්ස්ටොප් පැරැද්දෙව්වා කියලා.. උමට කියන්න ඇම්ඩා මට මැවිලා පේනවා ඒකි පට්ට දවාලෙ දාඩිය පොල්ල තුන් මුනින් දාගෙන ග්‍රවුන්ඩ් එක වටේ දුවන හැටි.. ඒකිගෙ ඇදුම් දාඩියට ඇඟටම ඇලිලා විනිවිද පේනකොට හූ කියන්න බලන් ඉන්න අපිට දැනෙන සනීපෙ කොහොමද බං.. මට ඒ සුමුදු ශරීරය දිගේ ගලන දාඩිය බිංදුවක් වෙලා ජීවත් වෙන්න තියෙනවා නම්..? ඇත්තටම ඇම්ඩා.. මට අද ඉඳලා හරියකට නින්ද යන්නෙත් නෑ ඕං..”


    “පැතුම්.. වනචර කතා නොකිය ඔය ටකේ වහගනිං බං.. අපිට ඒකිගෙ ශරීර අවයව බලන්න ඕනකමක් නෑ.. අපි දැම්මෙ බෙට් එකක් මිසක ඒකිගෙ දාඩිය බිංදුවක් වෙන්න නෙමෙයි තේරුණාද..?”


    මං මැද්දට පැන්නා. නැත්නම් තව ඩිංගක් වෙලා යනකොට පැතුමා, සමින්දි අක්කව, කටින්ම නිර්වස්ත්‍ර කරයි.


    “ඔන්න.. ඔන්න ඉතිං..! මොනාද බෙකම්.. මං උඹට කේන්ති ගන්න තරමෙ දෙයක් කිව්වෙ නෑනෙ.. මං ඒකිගෙ සුරූපී නාරි දේහෙ වර්ණනා කරා විතරනේ.. ඇත්තටම බෙකම්.. උඹ දැක්කෙ නැද්ද ඒකගෙ ඇඟේ තිබ්බ බටර් පාට..?”


    “ඒකි රෝස පාට උනාට, බටර් පාට උනාට වැඩක් නෑ පැතුමා..”


    “ඇයි ඇම්ඩා.. උඹ ඒ වගේ අමන කතාවක් කිව්වෙ..?”


    “ඒකි කොයි තරම් ලස්සන උනත්, අපේ බෙකම් කැමති ඉන්කිගෙ කලු පාට ඇඟටලුනේ..”


    ඉඳල ඉඳල ඇම්ඩත් කිව්වෙ මාරම කතාවක් තමා..


    “ඈ.. හත්තිලව්වෙ..”


    සියලු කතා නැවතිලා, පැතුමගෙ කට ඇරුණා.


    “ඇම්ඩෝ.. අර ඉන්නෙ අපේ මහේලයා නේද..?”


    “උඹට ඌව විතරද පේන්නෙ..? අර ඊටත් ඩිංගක් එහායින් ඉන්න නෙහාරව පේන්නැද්ද..?”


    මුලින් මුලින් මාත් දැක්කෙ මහේල විතරයි. ඇම්ඩා කිව්වට පස්සෙ තමයි මං නෙහාරව දැක්කෙ.


    “මුං දෙන්නා මොකද බං මෙතන කරන්නෙ..?”


    රේල්වේ ස්ටේෂන් එකේ වම් පැත්තට යන ගමන්, මහේල නෙහාරට අත වනනවා අපි දැක්කා. වටපිට බලන ගමන්, හොර පූස් තඩියෙක් වගේ නෙහාරත් ෆ්ලැට්ෆෝම් එකෙයි ගබඩා සංකීරණයයි යාවෙන්න හදපු ගුවන් පාලමට නගින්න ගත්තා.


    “මොකක්ද බෙකම්.. මේ ඇවටියෙල් එක.. ඔය කෙල්ල ටවුමෙ වල් උගුඩ්ඩෙක් එකක් යාළුයි නේද..?”


    ඇම්ඩා කෙලින්ම මගෙන් ඇහුවා. බලන්ග ියාම මහේලටයි, නෙහාරටයි මොලේ කියලා අංශු මාත්‍රයක්වත් නෑ. නැත්නම් ඉතිං මේ වගේ නස්පැත්තිදායක රෙද්දවල් කරාවියෑ.. ඉස්කෝලෙ මොකෙක් හරි දැක්කා නම් ලෙඩේ හොඳටම හොඳයි.


    “කෙල්ලොන්ගෙ හැටිනේ බං.. උං වෙලාවකට මහා අමනයි.. අද එක කොල්ලෙක්.. හෙට එක කොල්ලෙක්..”


    “ඒ උනාට බෙකම්.. උම අහල තියෙනවද.. මගේ පිය පාර්ශවයෙන් දිගින් දිගටම පැවත එන සිරා උපහැරණයක්..?”


    පැතුමා ඒපාර සිංහල නවගුණ වැල ගනින්නයි යන්නෙ.. මුගේ අඳෝනාව අහන්නත් ඕන.. අරහෙ මහේලයා නටන්න හදන නාඩගම දිහාට ඇහැක් දාන්නත් ඕන.


    “හා.. කියහංකො බලන්න.. උඹලගෙ තාත්තගෙ ඔය මහ ලොකු එක මොකක්ද කියලා බලන්න..”


    “ඇම්ඩා.. එහෙනම් අහගනිං.. අස්තීර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථීර ප්‍රේමයක් ඇතිකළ හැකි නම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය... තේරුණාද..?”


    තේරුනාදත් අහනවා. දෙකේ දෙකේ පොලු කෑල්ලකින් ඔලුව මැදට පතබෑවා වගේ. ඒත් පැතුමගෙ උපහැරනෙ ගැන වැඩිය කතා කරන්න අපිට හම්බවුනේ නෑ. ගුවන් පාලම උඩ මොනවම හරි අවුල් සහගත දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුණා.


    “බෙකම්..”


    “මොකෝ නාලක..?”


    “වරෙන්.. මහේලයා නාගන්නයි යන්නෙ..”


    හැමෝටම කලින් ඇම්ඩා ඉස්සර වුණා. මං ඌ පස්සෙන් දුවන ගමන් හැරිලා බැලුවෙ පැතුම් කොහෙද කියලා බලන්න.. ඒ වෙනකොටත් පැතුම් ගුවන් පාලමේ අනිත් පැත්තට දුවනවා මං දැක්කා. ඒකත් හොඳයි. දැන් දෙපැත්තම කවර් වෙලානේ.


    පඩිපේළි ටික නැගගෙන නැගගෙන ගිහිල්ලා පාළම උඩින් අපි මතුවෙනකොටත් නාට්ටිය පටන් අරන් තිබුණා. ටවුමෙ බජාර් එකේ එපාම කරපු කොල්ලො තුන්දෙනෙක් ඒ වෙනකොටත් මහේලයව වට කරගෙන. නෙහාරා මෙලෝ හාවක් හූවක් නැතුව ගල් ගැහිලා බලන් ඉන්නවා. ඒ තත්පරෙම තමයි මහේල අපිව දැක්කෙ. උගේ මූණට සංතෝසෙ වෙනුවට ආවෙ, නන්නත්තාර වෙච්චි ගතියක්. ඒ අතරෙ අර කොල්ලො තුන්දෙනා ඉවක් බවක් නැතුව මහේලට නෙලන්න ගත්තා. හප්පේ... බලන් ගියාම මුං මාර ස්පීඩ්නේ.


    “ඒ... ඒයි.. ඕක නවත්තපියව්..”


    මටත් කලින් කෑගහගෙන ඇම්ඩා උං ඉස්සරහට දිව්වා. ඒ වෙනකොට පැතුමත් පාලම එහා පැත්තෙන් මතුවෙලා අපි ඉස්සරහට දුවගෙන ඇවිත්. ඇම්ඩගෙ තර්ජනේ සත පහකටවත් ගණන් ගන්නැතුව එකෙක් අපි බලන් ඉන්දෙද්දිම මහේලට බඩට පයින්ග ැහුවා. ඒක නම් හොඳි ඕන්නෑ.. පාරෙ සැර කමට බුහුග් ගෑවුනේ මහේලට නෙමෙයි අහක හිටපු නෙහාරට. ඒ එක්කම තව එකෙක් පැනල මහේලට අත පුරවලා කම්මුල් පාරක් ගැහුවා. හප්පොචියේ ඒ පාර නම් සැප නැවක් මැවිලා ඇති.


    “ආයෙ එකෙක් හරි අතක් ඉස්සුවොත් තොපි තුන්දෙනාම උස්සලා මේකෙන් පහ්ලෙහාට දානවා.. දැනගනියව්.. මේකා අපේ සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්..”


    මහේලට බෙහෙත් දිදී හිටපු කොල්ලෙක්ව අල්ලලා පැත්තකට තල්ලු කරල දාන ගමන් ඇම්ඩා කිව්වා. කරන්න දේකුත් නෑ.. මේ වගේ වෙලාවක ශේප් න්‍යායෙන් කටයුතු කරන්න බෑ. වලියෙන්ම තමයි.


    “අපිත් සෙන්ට්‍රල් එකේ තමයි ඩෝ..”


    “සෙන්ට්‍රල් එකේ..?”


    “ඔව්.. උඹලට කලින් සෙන්ට්‍රල් එකේ බිම පාගපු කොල්ලො අපි. ඒක හන්ද මේක අපිට බේරගන්න දීලා උඹලා බලයව්..”


    කලුම කලු පාට එකෙක් පුරස්ශාර්වක දතුත් පේන්න ගිරිය යටින් කෑගැහුවා. ඌ නම් අපේ ඉස්කෝලෙට කොහෙන් ආවද මංදා.. දැක්කමත් බය හිතෙනවා.


    “එහෙම යන්න බෑනෙ මචං.. අපි එක ඉස්කෝලෙ නම් මෙහෙම ගුටි අනගන්නෙක සදාචාරයට විරෝධියිනේ.. සාමදානෙන් එපැයි වැඩේ කරන්න.. ම්.. එහෙනම් අපිටත් කියනවද ප්‍රශ්නෙ මොකක්ද කියලා..”


    “අපිට ඕන්නැති සාමදානයක් නෑ ඩෝ.. මේන් මුගේ මළදානෙ හින්ද තමයි මේ සේරම.. මේ ඉන්න සෙප්පඩ විජ්ජාකාරි තමයි අපේ කොල්ලෙක්ගෙ අවුරුදු තුනක ලව් එක.. පටන් ගත්තෙ මේකි නමේ පන්තියෙ ඉන්නකොට.. දැන් මේ හැලපයා දුෂ්ඨයෙක් වෙලා මේ පෙම් කතන්දරේ මැද්දට පැනලා ඒකිව දාගෙන.. එතකොට යකෝ කොරන්න තියෙන්නෙ, ගාත්‍රා දිගේ මූත්‍රා ගලනකල් මූට නෙලන්නනේ.. නැද්ද..?”


    මහේල ඔය කරගෙන තියෙන්නෙ මෙලෝ විලිලැජ්ජාවක් නැතුව මහ කෙලියම. මේකා ඉතිං ාගත්තොත් දාගන්නෙ ගන්දස්කාර කතන්දරම තමයි. නෙහාරා, අමල් එක්ක තියෙන පලහිලව්ව එහෙම නැත්නම් මල ඉලව්ව ඒකිටම බේරගන්න ඇරලා මේකා පැත්තකට වෙලා හිටිය නම් ඉවරනේ. කොහෙද ඉතිං මූ ගියානේ ඒකගෙ ගවුමෙ තියෙන තුත්තිරි ගලවන්න.


    “මහේල.. මොකක්ද බං මේ කතාව..? නෙහාරා.. මොනවද මෙයාලා මේ කියන්නෙ..?”


    “එ.. එයාලා වරද්දගෙන බෙකම්.. එයාලා වරද්දගෙන.. අපි අතරෙ එයාලා හිතන විදියෙ දෙයක් නෑ..”


    “එහෙම නැත්නම් කොහොම දෙයක්ද යකෝ තියෙන්නෙ..? බලපං.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. අර ෆ්ලැට්ෆෝම් එක දිහා බලපං.. තුන් කාලක්ම ඉන්න කොල්ලො කෙල්ලො අපේ ඉස්කෝලෙ යන එවුන්.. ඩිංගක් ඔලුව පාවිච්චි කරලා වැඩ කරපං හරකො..”


    මං මහේලට කඩාගෙන පැන්නා. උගේ මූණ රොටිය වගේ වෙලා. තාමත් උගේ එක අතක් බඩේ. වැදිච්ච වැදිල්ලට හුස්ම ගන්නත් අමාරු ඇති. මං නොදන්නවයෑ බඩ කොරවෙන්න වැදුනාම තියෙන ආතල් එක. ෆුට්බෝල් ගහද්දි උනත් කී පාරක් මටම වැදිලා තියෙනවද..? ටිකකින් මං අර කොල්ලො තුන්දෙනා දිහා බැලුවා. උන් ආයෙමත් මහේලට නෙලන්නයි යන්නෙ.. බලන් ඉඳල බෑ.


    “අයියා.. ඔයාලා මාව දන්නවත් ඇති.. නැතුවත් ඇති.. ඒත් සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් විදියට මං ඔයාලට කියන්නෙ.. මේ කතන්දරේ අතෑරලා දාන්න කියලා.. කෙල්ලෙක් හින්දා කොල්ලො අපි මරාගන්නෙ ඇයි..?”


    මගේ කතාවෙන් අපි ඉස්සරහ හිටපු කලු කුම්බිලියගෙ මූණ වෙනස් වුණා. උගේ ඩයල් එක නම් හීනෙකින්වත් පතන්න හොඳ නැති අසමජ්ජාති ඇවටියෙල් එකක්. මේකා මටත් එක්ක නෙලයිද මංදා. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමය මතක්වෙන්න.


    “උඹ ගැන අපි දන්නවා මල්ලි.. උඹ බෙකම්නේ.. අපේ ඉස්කෝලෙ නම්බුව තියන්නෙ උඹ වගේ පට්ට සිරා එවුන් තමයි.. අපි උඹ ගැන ආඩම්බර වෙනවා.. ඒත්.. ඒත් බලපං.. මල්ලි.. මේ උඹලගෙ යාලුවෙක් වෙච්ච එකා කරන නොසංඩාල වැඩේ.. අපි කෝමද මූට අතක් පයක් උස්සන්නැතුව ඉ්නනෙ.. ඩිංගක් මුගේ මූන බහං.. නෙලන්නමනේ හිතෙන්නෙ..”


    කලු එකා ආයෙත් අත ගුලි කරගත්තා. ඌ කියන එක සීයට පන්සීයක් ඇත්ත.. මහේලයගෙ තියේනනෙ ගුටි කන මූණක්ම තමා. මටත් ඌට දෙකක් අනින්න හිතෙනවා.


    “මහේලයා.. මේ අයියට කතා කරන්න දීපං.. උඹ මේ බෙකම්ගෙ යාලුවෙක් නම්, අනුන්ගෙ ප්‍රේම කතා උඹට වැඩක් නෑ කියලා..”


    ඒත් මහේලයා බිම බලන් හිටියා මිසක ඔලුවවත් ඉස්සුවෙ නෑ.. කොහොම හරි මායි ඇම්ඩයි පැතුමයි දන්න සුද්ද සිංහල, සංස්කෘත, පාලි, අංඩර දෙමළ ඔය ඔක්කොම කියවලා අර මරුමුස්ල තුන්දෙනාව යාන්තම් ෂේප් කරගත්තා. උං කිය කියාම ගියේ ආයෙ නෙහාරයි මහේලයි එක තැන ඉන්නවා, කතා කරනවා දැක්කොත් මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙන්නම නෙලනවා කියලා.


    “හ්ම්.. දැන් ඉතිං කියපල්ලා තොරෙණෙ විස්තරේ..”


    අලුගෝසුවො තුන්දෙනා පේන්නැතිවෙලා යනකන් ඉඳලා මං කට ඇරියා. ඇම්ඩා තරහටද කොහෙද අහක බලා ගත්තා. පැතුමා නම් බලන් හිටියෙ නෙහාරගෙ මූණ දිහා. හරියට නිකං මේ දැන් පිඟානට බෙදාගෙන හැඳි ගෑරුප්පු වලින් කන්න වගේ.


    “කතා කරපං මහේල.. උඹල හදන්නෙ මුළු දවසෙම අපිව මෙතන තියන්නද ආ..?”


    මහේලයි, නෙහාරයි දෙන්නම කතා නොකරපු හන්දා මගේ යකා ඇවිස්සුණා. ඇයි යකෝ.. මුං මේ හැසිරෙන විදියට මුංව කොටියම කරන්න එපෑය.. මුංට එක වචනයක්වත් කතා කරන්න බැරි මුංගෙ යටිබඩ බල්ලො කාලද..?


    “අ.. අනේ නවෝද්.. මහේලට බනින්නෙපා.. එයා.. එයා වැරදි නෑ.. මමයි එයාට එන්න කිව්වෙ..”


    මහේල කතා නොකරන හන්ද, නෙහාරා මගේ ළඟට ආවා. ඒ බෝල ඇස්වල කඳුලු උතුරල ගිහිල්ලා.. ඔව් ඉතිං.. කෙල්ලො හැමදේටම කොරන්න දන්නෙ ඔච්චර තමයි.. ඒක තමයි උංගෙ තියෙන එකම ගැලවීමේ මාර්ගය.


    “හරි කවුද, වැරදි කවුද කියනෙක මෙතෙන්ට අදාල නෑ නෙහාරා.. ඒත් මං ඔයාට එක දෙයක් කියන්නම්.. ඔයාගෙ ලව් එෆෙයාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔයා අමල් එක්ක කතා කරලා විසඳගන්න.. එහෙම නැතුව ඔයාට වැටෙන හැම බාල්දියටම මහේලව ඇදලා අරන් ඌව අමාරුවෙ දාන්නෙපා..”


    ආයෙ මොනවටද..? මං අතගාන්න ගියේ නෑ.. එකෙන්ම කතන්දරේ ගොඩට ඇදලා දැම්මා.. නැතුව මේ වගේ ප්‍රාග් අයිතිහාසික යුගයේ ගැටලු විසඳන්න බෑ.. මේවා ගෝත්‍රික ප්‍රශ්නනේ.


    “ම.. මං.. හ්ග්.. හ්ග්.. මහේලව අමාරුවෙ දැම්මෙ නෑ.. ඉහිහ්.. හ්ග්.. අ.. අමල්ට මං කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. එයා මාව ගණන් ගන්නෙ නෑ.. මගේ ප්‍රශ්නෙකදි එයා හැරිලවත් බලන්නෙ නෑ.. අමල්ට ඕන මගේ ඇඟ විතරයි.. න්හ් ඉහිග්.. ඉ.. ඉතිං මං මගේ ප්‍රශ්නයක් පන්තියෙ යාලුවෙක් වෙච්චි මහේලත් එක්ක කතා කරන එක වැරදිද නවෝද්.. මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ මහේල විතරයි.”


    හප්පට සිරි.. බලපල්ලකො.. මේ සීගිරි අප්සරාවිගෙ කතා විලාසයේ තියෙන සිරියාව.. මහේලත් එක්ක කතා කරනෙක වැරදිද කියලා, මේකි මගෙන්නෙ අහන්නෙ.. ඔය වගේ වෙලාවල් වලට තමයි මේකිගෙ කට කන්න හිතෙන්නෙ..


    “මහේල විතරයි කියන්නෙ.. ඔයාට අපේ ඉස්කෝලෙ එක ගෑනු යාළුවෙක්වත් නැද්ද..? ආ..! නිකං බයිල ගහන්නෙපා නෙහාරා..”


    මගේ කතාවට කේල්ලගෙ මූණ කළු වුනා. කරන්න දෙයක් නෑ නෙහාරා.. ඔයා තමයි මේ හැන්දෙන් බෙදාගත්තෙ.


    “ඔයා දන්නවද දන්නෑ නෙහාරා.. මේ ලෝකෙ ලෙඩ වර්ග තුනක් තියෙනවා.. එකක් අපිට හැදෙන ලෙඩ.. අනික අපිට වැටෙන ලෙඩ.. අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ.. ඔයාලා දෙන්නා ඉන්නෙ ඔය කොයි ලෙඩේ ළඟද කියලා හිතාගන්න අමාරු නෑනේ.. හැබැයි..”


    කතාව නවත්තල මං මහේල දිහා බැලුවා. ඌ කෙලින්ම හිටියෙ මගේ දිහා බලන්.


    “හැබැයි.. ඔයා දන්න දවසෙ ඉඳලමමංතරේ වගේ කියෙව්වෙ මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා.. එයා නැති උනොත් මං මැරෙයි කියලා.. දැන් බලපුවහම ඔයා කියන්නෙ අහස පොළව උහුලන්නැති අමුතුම කතන්දරයක්.. හනේ මංදා.. මට නම් ඕවා තේරෙන්නෑ.. ඔයාලගෙ හිතේ තියෙන දේ නෙමෙයි ඔයාලා එළියට දාන්නෙ.. අපි යමු බං..”


    ඇත්තටම එතනින් එහාට මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ.. මහේලයි, නෙහාරයි ගල් පිලිම දෙකක් වගේ හිටගෙන ඉන්දෙද්දි, අපි තුන්දෙනා බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා.


    “උඹගෙ කතාව නම් මැක්සා බෙකම්.. පේන විදියට නම් මහේලයා ටිංකිරි බාල්දියකටම ඔලුව අල්ලලා වගෙයි..”


    “අනිවා මචං.. එකෙ දෙකක් නෑ.. ඕකා අදට අපි හින්දා බේරුණා.. ඒත් වෙනින් දවසක මේකෙ පොළියත් එක්ක මහේලයා කයි..”


    “බලපංකො බෙකම්.. ඌ අපි එක්ක වචනයක්වත් කතා කලේ නෑනෙ..”


    “ඔය මල ඉලව්ව ඇරෙන්න උඹලට වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ආ..?”


    මට තද උනා කියලා ඇම්ඩට තේරුණා.. ඇත්තනේ අප්පා.. අපි නිකං බලෙන් දෙන්න ගියා වගේනේ එතනට.


    “ඒනම් හවස තලපතාගෙ ක්ලාස් එකේදි සෙට් වෙමු..”


    පැතුමයි, ඇම්ඩයි ඈත්වෙලා යද්දි, මං මගේ අති උත්තම මවුන්ටන් බයිසිකලේ ගන්න ඉස්කෝලෙ පැත්තට ආවා. ඒ වෙලාවෙ කාපට් පාර පුරාම තිබ්බෙ මහම මහ පාලු ගතියක්. මගේ හිත පුරාම අහම්බයකින් වගේ ඒ පාලු ගතිය ඇදිල ගියා. සමහර විට ඒ හැඟීම මගේ හිතට ආවෙ, මෙච්චර වෙලා මගේ ළඟන් ඉඳපු ඇම්ඩයි, පැතුමයි මං ගාවින් ගියපු හින්ද වෙන්නැති.


    දැවැන්ත තාප්පෙන් කොටුවෙලා තිබ්බ ඉස්කෝලෙ ගොඩනැගිලි එකින් එක ඇස් මානෙට අහුවෙද්දි, මගේ හිත තවත් නොදන්නා දුක්බර හැඟීමකින් පිරිලා ගියා. අවුරුදු දොලහක් දහ තුනක් හැමදාම දැකපු මේ අජීවී වස්තූන් ගැන මට දැනුණෙ ඇත්තටම සංකාවක්. තව බොහොම ඩිංග කාලෙකින් මේ හැමදේම දාලා ඉස්කෝලෙන් එළියට, ඒ කියන්නෙ මහා දුෂ්ඨ නපුරු සමාජෙකට මට බහින්න වෙනවා. මේ වගේ ආදරණිය තැනක් ජීවිතයෙ කවදාවත් ආයෙ ලැබෙන එක්ක නෑ කියලා මට හිතුණා. ඇත්තටම ඉතිං අපේ ජීවිත වලට බද්ධ වෙලා තියෙන හුඟක් දේවල් අපිටදාලා යන්න බැරි දේවල්. ඒ හැමදේටම ඉස්සරහින් මේ ආදරණිය සෙන්ට්‍රල් එක මගේ ජීවිතේ පළවෙනි තැන අරගෙන තිබුණා. අවුරුදු දහ අටක් වෙන මේ ජීවිතේ කොයි තරම් නම් දේවල් මේ ආදරණිය රජ මාළිගාව ඇතුළෙ සිද්ධ වෙලා තියෙනවද..? මේ අජීවී වස්තූන් පවා මට දැනුණෙ, මගේම ජීවිතයෙ කොටසක් විදියටයි.


    “බෙකම් පුතා.. මොකද මේ අවේලාවෙ..?”


    බයිසිකලේ ගන්න ගියපු මට මූණටම හම්බවුනේ දැල්ලා අංකල්. හැමදාම ඉස්කෝලෙ පටන්ගන්න, පීරියඩ් වෙන් කරන්න, ඉන්ටෙවල් දෙන්න, ඉස්කෝලෙ අරින්න.. යකඩ කෑල්ලකින් තවත් යකඩෙකට පත බාන දැල්ලා අංකල් දිහා මං හොඳ ඕනෑකමින් බැලුවා. කොන්ඩෙ ඉඳිලා, සුදු රැවුල් කොට මූන පුරාම වැවිලා, ඇට පෑදුනු වැහැරුන මූණෙ පිරිලා තිබ්බෙ ප්‍රීතිමත් ගතියක්. ඇත්තටම අවුරුදු කීයක් නම් දැල්ලා අංකල් මේ බෙල් එක මේ විදියට සද්ද කරන්න ඇත්ද.?


    “බයිසිකලේ ගන්න ආවා අංකල්.. ඒක නෙමෙයි.. මට අංකල්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා..”


    මං දැල්ලා අංකල් ගාවටම ඇවිත් නතර උනා. හුඟාක් කොල්ලො, දැල්ලා අංකල් ළඟට ඇවිත්, කන ගාවට කරලා මහා හයියෙන් දැල්ලෝ කියලා දුවද්දි, දැල්ලා අංකල්ගෙන් හීන් සීරුවෙ පිටවෙන්නෙ අමු සිංහල පාලි සංස්කෘත වචන.. ඒත් මේ බෙකම් ඒ වගේ කසිකබල් වැඩ කරන්නෑ කියලා මිනිහා හොඳටම දැනන් හිටියා.


    “මොකක්ද බෙකම් පුතා..?”


    “අවුරදු කීයක් මේ රස්සාව කරනවද..?”


    හුඟ කාලයක් හිතේ හිරවෙලා තිබ්බ ප්‍රශ්නයක් මං ඇහුවා. මොකද මං ප්‍රයිමරියෙ ඉන්නකොටත් දැල්ලා අංකල් මේ යකඩෙට පත බාන හැටි දැකලා තිබුණ හිංදා.


    “හුඟ කාලයක් පුතා.. හුඟ කාලයක්.. ඇත්තටම මට මතක නෑ.. සමහර විට අවුරදු තිහක්.. තිස් පහක් වෙන්න පුළුවන්.. ඒත්.. ඒත්.. තව ටික කාලෙකින් මේ හැමදේම දාලා මං යනවා පුතා..”


    “ඒ.. ඒ කිව්වෙ අංකල්..?”


    “ම.. මට දැන් හුඟක් වයසයි බෙකම් පුතා.. ඔව්.. හුඟක් වයසයි.. මට හරියට දුර පේන්නෙත් නෑ.. කොටින්ම දැන් මම ලෙඩෙක්.. ඒත් මේ ගොඩනැගිලි.. මේ ළමයි.. මට.. මට.. දාලා යන්න මහා ලෝබයි.. මගේ පපුවෙන් කෑල්ලක් ගැලවෙන්න වගේ.. එහෙම හිතනකොටත්.. එක වසරට අම්මල තාත්තලා අතේ එල්ලිලා ඇවිල්ලා.. පුතාගෙ වයසෙදි මේ ඉස්කෝලෙන් අයින් වෙලා යනළමයි කී දෙනෙක් නම් මගේ මේ දුප්පත් ඇස් දෙකට මං දැකලා තියෙනවද..? හ්ග්.. හ්ග්.. ඒත් මං මේ ඉස්කෝලෙ දාලා යන්නෙ.. මගේ බැරිකම හින්දා.. මං වයස හින්දා.. තව ටික කාලයක් යනකොට අර යකඩෙවත් මට උස්සගන්න බැරිවෙයි.. හ්ග්..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැල්ලා අංකල්ගෙ වියපත් ඇස් වලට කඳුළු ඇවිල්ලා තිබුණා. ඒ කඳුළු වලට සමාන්තරව, ඒ හැඟීමම මගේ පපුවටත් දැනිලා තිබ්බ හින්දා මගේ ඇස්වලටත් කඳුලු ඉනුවා. ඒ කඳුලුවල කිසිම වෙනසක් තිබ්බෙ නෑ.. ඒවා එකම ජාතියෙ, එකම කුලයෙ, එකම ආගමේ කඳුළු.

    “ම.. මං අවුරදු ගාණක් මෙතන හිටියත්.. මං අන්න අර ගේට්ටුවෙන් එලියට ගියාම, හැමෝටම මාව අමතක වෙලා යයි.. හ්ග්.. හ්ග්.. මේ දිව්‍ය ලෝකෙ ඇතුළෙ, මං දැකපු, මං විඳපු දේවල් හැමදාටම ලස්සන මතකයක් විදියට මගේ පපුවෙ උඩින්ම තියෙයි.. මේකෙන් එළියට ගියාම මගේ ජීවිතේ මහා පාලු කාන්තාරයක් වෙයි...”


    දැල්ලා අංකල් කියපු දේවල් මගේ ලේ නහර වලට පවා මිශ්‍ර වෙලා ගිහින් පපුව ඇතුළටම රිංගුවා.. මේ විදියට දැනෙන, මේ විදියට වැළපෙන, මේ විදියට ගැයෙන, මේ පාලු කාන්සිය මේ ආදරණිය බිම්කඩින් ඈත්වෙලා ගියහම, කොයි තරමක් නම් හිතට වද දිදී දැනේවිද කියලා හිතෙනකොට මාව වෙව්ලලා ගියා.


    “ඒත්.. ඒත්.. මට සතුටක් කියලා පුංචි දෙයක් හරි මේ මොහොතෙ ඉඳන් මට තියෙනවා.. මෙච්චර කාලෙකට.. මෙච්චර කාලෙකට, මං ගැන ඔහොම හරි ඇහුවෙ ඔයා විතරයි බෙකම් පුතා.. මේ දහස් ගාණක් අය අතරෙ.. මං අවලංගු කඩදාසියක්.. මං.. මං හැමදාම අර යකඩ කෑලි වලට පත බාන දැල්ලා..! මේ අහිංසක ලස්සන ළමයින්ට.. මං අවලස්සන මෝඩ දැල්ලා..!! කමක් නෑ බෙකම් පුතා.. ඔයාට හරි මාව ලස්සනට පෙනුණනේ.. ඔයාට හුඟක් පිං.. ඔයාට හුඟක් පිං..”


    අත් දෙකෙක්ම ඇස්වල කඳුළු පිහිද පිහිද දැල්ලා අංකල් ලයිබ්රිය පැත්තට ගියා. මගේප පුවට දැනුනෙ මහා වේදනාවක්. මේ වගේ වේදනාත්මක සංවේදී හැඟීමක්, මගේ මතකයේ ඇති කාලෙක මට දැනිල තිබුණෙ නෑ.. පුංචි වචන කීපයක් එළියට දාලා, ඒ වචන ඩිංගෙන් මනුස්ස ආත්මයක සම්පූර්ණ කතාවම නිර්ව්‍යාජව එළියට ඇදිල ආපු හැටි මට පුදුම හිතුණා. දැල්ලා අංකල් වෙනුවෙන් මොනවම හරි කරන්න ඕනෙයි කියලා මං හිතාගත්තා. ඒත් එක්කම මං, මං ගැනම ආඩම්බර උනේ දැල්ලා අංකල්ගෙන් ඒ වගේ පුංචි දෙයක් හරි අහන්න තරම් සංවේදී හිතක් මට හිමිවෙලා තිබුණ හන්දා.



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):)

    1weni kotasa kyawanne nathuwa 2weni kotasa idala kiyewwa kyala awlak nadda?
    මුල් එක කියවලා හිටහං මචං.. ඒ කතාවත් පට්ට ආතල්..

    Patta story ya machan..
    rep denna balu..:(
    heta dennam:D
    ලස් මචං.. රෙප් නැතුවට කමක් නෑ..

    ado mcn meka love story ekak wenwada anthimata? ela story eka ..digatama liyanna...
    කියන්න බෑ මචං.. තාම මාත් කතාව කියෙව්වෙ නෑ.. ටයිප් කරනගමන් තමා කියවන්නෙ..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්.

    “බෙකම්.. කොහොමද එක්සිබිෂන් එක..?”

    තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක ඉස්සරහදිම බලයව මට හම්බවුණා. මූළු අද දවසටම මං දැක්කෙ නෑ. මේකා ස්කූල් කට් කරා වත්ද..?


    “අවුලක් නෑ.. හොඳට තිබ්බා.. මොකද උඹ පේන්න හිටියෙ නැත්තෙ.?”


    “මායි මාධවයි රීගල් එකේ දාලා තිබ්බ ඉංග්ලිෂ් ෆිල්ම් එක බලන්න ගියා..”


    “මොනවා.. මාධවයා..? ඌ ෆිල්ම් බලන එකෙක් නෙමෙයිනේ බං..”


    “ඒ උනාට මාත් එක්ක ගියා.. ෂිහ්..”


    “ඇයි චමිල්..?”


    “අයියෝ සල්ලි..”


    “ඇයි ෆිල්ම් එක හොඳ නැද්ද..?”


    “ලොකු පත අකුරෙන් ඇඩෝස් ඔන්ලි කියලා ගහලා තිබුණට මෙලෝ සංසාරයක් නෑ බෙකම්.. දුකේ බෑ.. හරියට වාර්ථාමය එකක් වගේ..”


    “ඒවා එහෙම තමයි බං.. ලොකුවට ඇඩෝස් ඔන්ලි කියලා ගහල තිබුණට, ඔය පුංචි පුංචි සීන් එකක් දෙකක් විතරයි තියෙන්නෙ.. කොල්ලො ඉතිං නමට රැවටිලා යනවා..”


    මාත් දන්න එකා වගේ කිව්වා. හරියට නිකං සතියට දවස් දෙකක් නොවරදවාම රීගල් එකේ බුදියන එකෙක් වගේ.


    “පිස්සුද බෙකම්..! උඹට කියන්න මට ලැජ්ජ නෑ.. හදවත වැළපෙනවා බං.. මේකෙ කිස් කරන එකක්වත් නෑ හත්තිලව්වෙ.. ඒ උනාට හෝල් එකේ කට කපල සෙනඟ.. මටයි, මාධවයටයි නේද.. මලේ මල.. ඒත් ඉතිං ස්කූල් යුනිෆෝම් පිටින් ගියපු කරුමෙට ඉවසන් හිටියා..”


    “ස්කූල් යුනිෆෝම් එකෙන් උඹලව ඇතුළට ගත්තද..? ටිකට් කඩන එකා මහ බාල්දියනේ බං..”


    “ඒකනේ බෙකම් අපිටත් පුදුමෙ.. ඌ වචනයක්වත් කිව්වෙ නැතුව අපි ඇතුළට ගත්තනේ.. සමහර විට මේකෙ මෙලෝ මලදානයක් නැති හින්දා කුපාඩිකමට ගත්තා වෙන්න ඇති..”


    “ආ.. චමිල් රීගල් එකේ ෆිල්ම් එක බැලුවද..? මාර ෆිල්ම් එක නේද..? උඹලා මාර ආතල් එකක් ගන්න ඇතිනේ..”


    එකපාරටම අපේ පිටිපස්සෙන් ඇහුණෙ ඇම්ඩගෙ කටහඬ උගේ මූණෙ පුරවලා තිබුණෙ අති සුන්දර කුණු හිනාවක්.. පේන විදියට නම් පේ අශ්පයා තවත් මරාලයක් පෙරලල වගේ.


    “මොකක්ද උඹ මගෙන් ඇහුවෙ..?”


    බලයා, ඇම්ඩා දිහාට හැරුණා. මටත් ඇම්ඩගෙ වචන පාවිච්චි උණු පිළිවෙල ඇල්ලුවෙ නෑ.. ඌ ඉංශ්‍රීසි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්න ගියා වත්ද..?


    “බෙකම්.. උඹට මතකද, අපි ස්කූල් කට් කරල ඔය රීගල් එකේ ඇඩෝස් එකක් බලන්න ගිහින් වෙච්ච දේ..?”


    මං ඔලුව වැනුවා.. මොකෝ මට අමතක.. ඒක විලිලැජ්ජාවෙ සංතෝසෙබැරි දවසක්නේ. කොටින්ම ෆිල්ම් එක බලන්න ගියේ මායි, පැතුමුයි, ඇම්ඩයි, කල්හාරයයි. ඒත් අපේ වයස අඩුයි කියලා, කවුන්ටරේ හිටපු ටිකට් දෙන මනුස්සයා මෙලෝ විදියකට අපිට ඇතුළට යන්න දුන්නෙ නෑනෙ.. ඇම්ඩයි, පැතුමයි, අඬලා වැළපිලා අපිව ඇතුළට ගනිං යකෝ කියලා නොවඳිනා වැඳුම් වැන්දත් හෝල් එකේ අංකල් අපිව දැක්කෙ ජාතික අපරාධකාරයො ගානට.


    “හහ්.. හහ්.. මටත් ඔය වයසෙ ළමයි ඉන්නවා. මං කීයටවත් ඔය ළමයින්ට ටිකට් දෙන්නෑ.. තමුන්ලා තව වැඩිය කතාවට ආවොත් හෙම මං සෙන්ට්‍රල් එකේ ප්‍රින්සිපල් මහත්තයට කෝල් කරනවා.. හහ්.. තාම රිවිඩ්ඩෙන් එළියට පැනලා නෑ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න.. හ්ම්.. යනවා යන්න මෙතනින්..”


    මිනිස්සු ඉස්සරහම අංකල් අපිට කෑගැහුවා. ඒකයි මං කලින් කිව්වෙ විලිලැජ්ජාවෙ සංතෝසෙ බෑ කියලා.


    “හොඳයි අංකල් අපි බලාගන්නම්..”


    ඇම්ඩා ටිකට් කඩන මනුස්සයා ළඟටම ගිහින් තර්ජනේ කරා.


    “බලාගන්න.. හ හ්.. මොනවා බලන්නද..? ඇට්ටර කොල්ලා.. තමුසෙට පුතා හරියට වලක් හෑරෙන්න චූ කරන්නවත් පුළුවන්ද..? ආ.. එනව මෙතන වැඩිහිටි දර්ශන බලන්න..”


    අංකල් කියන ඒවට, පොළව දෙබෑ කරගෙන ආදිකල්පික යුගයකට යන්න හිතෙනවා අප්පා.. මොන නව නිංගිරාවක්ද මේ..? ෆිල්ම් එක බලන්න ආපු වැඩිහිටියො අපි දිහා බැලුවෙ සත්තු ගාණට දාලා. මං ඇම්ඩව අමාරුවෙන් ඇදගෙන එළියට ආවා. අංකල් තවත් මොනවදෝ කිය කිය අපිට බනිනවා ඒ වෙනකොටත් ඇහුණා.


    “මතක තියාගනිං බෙකම්.. මං පොල් පැළයක් හිටවන්න තරමෙ වලක් හෑරෙන්න චූ කරලා ඌට පෙන්නනවා.. ඌ දන්නෑ මේ ඇම්ඩා කියන්නෙ කවුද කියලා.. මං මෙහේ ගිනි තිබ්බොත් උගේ පස්ස පැත්තෙන් දුම් පිටවෙයි.. හහ්..”


    ඒ කතන්දරේ එතනින් ඉවරයි කියලා මං හිතාගෙන හිටියෙ. ඒත් ඇම්ඩා කියාගෙන යන මේ විස්තර පත්‍රිකාවට අනුව, ඒක එතනින් මතු සම්බන්ධයි කියලා තමයි, හිතන්න වෙන්නෙ.. අන්න ඒ මතු සම්බන්ධ වුනු තැන තමයි මේ කතාව දැන් ගලාගෙන යන්නෙ.


    “ඉස්කෝලෙ තාප්පෙට අමාරුවෙන් බඩගාලා, අතපය ලාවට ගානට හූරගෙන, ජංගල් කෝස් දෙක තුනක්ම කරලා, ෆිල්ම් හෝල් එකට නිරුපද්‍රිතව ආවහම, මේ බලු අංකල් තඩියා අපිට දීපු පරිප්පුවට, පරිප්පුවක් හෙම දීගන්න බැරි උනා නම් මං බුරිය විකාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”


    “හරි.. හරි.. නාලකයා.. කයිය නවත්තලා උඹ දීපු පරිප්පුව ගැන කියපං.. උඹ මොකක්ද ඒ නාකි මැංටලේට කලේ..?”


    “විශේෂ දෙයක් නෑ චමිල්.. උඹ අද දැක්කද ෆිල්ම් එක බලන්න ආපු ඈයො අංකල් කාරයට ගහන්න හදපු හැටි.. කොහොමද කොල්ලො ඌට වදාපු අම්මයි, ජාතක කරපු තාත්තයි මතක් කර කර බැනපු හැටි.. මාර ගති නේද බං..”


    “ඒ.. ඒ.. නාකල.. උඹ කොහොමද ඕවා දන්නෙ..? උඹ හිටියෙ බෙකම් එක්ක බාලිකාවෙනේ.. ආ..?”


    මටත් ඇම්ඩගෙන් අහන්න තිබ්බෙ ඒ ප්‍රශ්නෙමයි. මේකට එකපාර තැන් දෙකක පෙනී සිටීමේ බලයක් තියෙනවද මංදා.


    “මට ආරංචි උනා බං..! මට ආරංචි උනා..!! මගේ වැඩවල ප්‍රතිඵල මට ආරංචි උනා..”


    “උඹේ වැඩවල..?”


    “ඔව් බෙකම්.. ඔය රීගල් එකේ පෙන්නුවෙ ඇඩෝස් ඔන්ලි එකක් නෙමෙයි..”


    “මොකක්..?”


    මටයි බලයටයි දෙන්නගෙන්ම එක පාර ඒ වචනෙ පිට උනා.


    “ඔව්.. ඒකෙ ඇති වැඩිහිටියන්ට පමණයි එකක් නෑ.. ඒක කලාත්මක ජපන් ෆිල්ම් එකක්. මගේ ඥාන ශක්තියෙන් මං ඒක ඇඩල්ට් කරා..”


    “ඈ.. ඇම්ඩො.. ඒ කොහොමද බං..?”


    “අද උදේ පාන්දර, ෆිල්ම් හෝල් එකේ නේම් බෝඩ් එකේ මං ඉන්දියන් තීන්ත වලින් ලිව්වා, ෆිල්ම් එකට යටින් ස්ට්‍රික්ලි ෆෝ ඇඩෝස් කියලා.. හහ්.. හහ්.. හා.. කෝමද බලයා සැප..”


    බලන් ගියාම ඇම්ඩා කියන්නෙ රාජකීය භාණ්ඩයක්ම තමයි. වැඩිහිට දර්ශන නැති ෆිල්ම් එකක, වැඩිහිටි දර්ශන බලන්න ආපු හුදී ජනතාවගේ කෝපය සම්පූර්ණයෙන්ම දෙගොඩ තලා යන්න ඇත්තෙ, කවුන්ටරේ හිටපු අංකල් කාරයගෙන්.


    “යකෝ.. උම කරොත් කරන්නෙ, ඔය වගේ අලුගුත්තේරු වැඩක්මනේ.. බලපං.. මායි, මාධවයිත් සල්ලි දීලා නිකං චාටර් ෆිල්ම් එකක් බලලා ආවා.. ෂික් විතරක්..”


    බලයා ඒ පාර උපරිමයෙන් පසුතැවිලි වෙන්න ගත්තා. ඇම්ඩගෙ මූණ පුරාම අර රාජකීය කුණු හිනාව උතුරලා ගිහින් තිබුණා. ඇත්තටම මූ තමයි දවසකටවත් මිනිහා. ඌට අවුලක් කරපු එකෙකුට ඇම්ඩා කවදාවත් සතුටින් සාමදානයෙන් ඉන්න දෙන්නෑ. සාමදානයේ සතපවනවා විතරයි.


    “හ..හප්පේ.. අන්න තලපතා එනවා.. යමල්ලා..”


    ඈත ඉඳලම මහ පොලොවට රිදෙන්න වගේ බරට බරේ අඩි තිය තියා එන තලපතාව දැකපු පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක් කෑගැහුවා. උං කොහොමටත් තලපතාට පරාණ බයයි. තලපතා ළඟ ඉන්නකොට උං අඩුම ගානෙ හුස්මවත් ගන්නෑ.


    “ඒයි.. දුෂ්මන්තයා.. මාව සළකුණු කරපං..”


    ඇම්ඩා උගේ ෆිසික්ස් කාඩ් එක, කාඩ් මාක් කරන දුෂ්මන්ත ළඟට විසි කරා.


    “ඔයා හරිම නරකයි අනී.. වැදගත් විදියට කතා කරන්න දන්නෙ නැති නරකම නරක ළමයෙක්..”


    දුෂ්මන්තට උරුම ගෑනු කටහඬින් ඌ කියද්දි, මං පංතියට ඇතුල් උනා. මූ නම් ගිය ආත්මෙ ගෑනු පරාන තුන හතරක්වත් වෙලා ඉන්න ඇති. මේ ආත්මෙත් වැරදිලාද කොහෙද තමයි දුෂ්මන්තයට පිරිමි රූපයක් ලැබිලා තියෙන්නෙ.


    “දුෂ්මන්තයා.. උමට අර ජපන් නින්ජල ගහපු හැටි මතකනේ.. සද්ද වහලා මගේ කාඩ් එක දීපං.. නැත්නම් ඒ ජවනිකාවම නැවත මෙතන රඟ දැක්වෙයි.. තේරුණාද..?”


    ඇම්ඩා, ඒ පාර දුෂ්මන්තයට තර්ජනය කරනවා. ඔය හැලපයට තර්ජනය කරලා වැඩක් නෑ. ඕකා දෙක තුන කරලා තලපතාගෙ කනේ තියනවා. එතකොට ඉතිං අපිටයි සැබෑම තර්ජනේ එන්නෙ. මායි, ඇම්ඩයි, පැතුමයි පන්තියෙ මැද හරියෙ බංකුවක වාඩි උනා. ඒ පැය දෙකහමාරක අධිවේගී ත්‍රාස ජනක භෞතික විද්‍යා මෙහෙයුමකට සම්බන්ධ වෙන්න.


    “ඔව්.. ළමයි.. අපි ගිය සුමානෙ කොතනින්ද නැවැත්තුවෙ..? අන්න ඒ නවත්තපු තැන ඉඳලා අපිට ගමන ආරම්භ කරන්න පුළුවන්.. හා.. හා.. ඔය අන්තිම හරියෙ ළමයි තාම ඇතුළට ආවෙ නැද්ද..? ආ.. තමුසෙල මහ ගඩ්ඩො ජාතියක් අයිසෙ.. කෝ.. ඉක්මන් කරනවලා.. ඉක්මන් කරනවලා..”


    තලපතාගෙ පරිසරේ දෙදරණ ලාමක කටහඬට බයවෙච්චි පිරිමි ඉස්කෝලෙ කොල්ලෙක්, වැඩි කලබලේට බංකුව කොනකින් වාඩිවෙන්න ගිහිල්ලා, බංකුව එහෙම් පිටින්ම උඩ ගියා. කොල්ලා පෙරේතයා පොලේ ගැහුවා වගේ පන්තිය මැද ඇඳන් වැටුණා. ඒ වගේ දේකට හිනාවීම අමනකමක් උනත් කොල්ලො කෙල්ලොන්ට හිනාව නවත්තගන්න සෑහෙන වෙලාවක් ගියා.


    ටිකකින් පන්තිය හොඳටෝම නිශ්ශබ්ද උනා. ඇල්පෙනෙත්තක් බිමට වැටුණත් ඒකත් ඇහෙන තරම්. තලපතා බර බරස් ගගා එහෙටයි මෙහෙටයි ඇවිදින සද්දෙ විතරයි ඇහුණෙ. දෙපැත්තෙ ඉඳපු ඇම්ඩගෙයි, බලයගෙයි මෙලෝ සද්දයක් නැති හින්දා මං උන් දෙන්නා දිහා බැලුවා. හත්වලාමෙ මෙන්න උං දෙන්නා වාඩිවෙලාම ගජරාමෙට බුදි. මං ඇම්ඩටයි, බලයටයි ඇඟලි වලින් ඇන්නා.


    “ඒයි නැගිටපං.. තලපතා එනවා..”


    මේ සංසිද්ධිය, ඉගෙන ගන්නා ඕනෑම අවස්ථාවකට පොදුයි කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. දිරවන්නෙ නැති විෂයක් උගන්නනකොට කොහොමත් නිදිමත ගලාගෙන එන්නෙ මළ ගිය ප්‍රාණකාරයෙක් ළඟට එනවා වගේ.


    “මං දන්නවා..! මං දන්නවා..! මං අත්දැකීමෙන්ම දන්නවා..!!! මේ වෙනකොට මේ පන්තියෙ තුන්කාලක්ම බුදි කියලා. ඒත් මං මේ කතා කරන්නෙ ඇහැ ඇරිලා ඉන්න ගඩ්ඩොන්ට.. අන්න ඒ ඇහැ ඇරිලා ඉන්න ඈයො ටික නැගිටිනවා බලන්න..”


    පන්තියෙ මැද හරියට ආපු තලපතා කිව්වා. මොකක්ද බං ඒ වඳුරු කුණුහරුප කතාව.. හරි නම් නැගිටින්න ඕන නිදාගෙන ඉන්න ඈයොනේ. කොහොම උනත් තලපතාගෙ කතාවට මුළු පංතියම ප්‍රතික්‍රියා දැක්වුවෙ මාර උවමනාවකින්. මේනන යකෝ මුලු පන්තියෙම කොල්ලො කේලලො එක සැරේට නැගිටලා බලන් ගියහම නිදාගත්තු එකෙක්වත් නෑ. තලපතාගෙ මූණ බලන් ඉද්දිම ඇඹුල් උනා. හරියට ඒකා ගැටනාරං කාලා වගේ.


    “හා.. හා.. හා.. වාඩිවෙනවලා.. වාඩිවෙනවලා.. මොකක්ද අයිසෙ මේ විහිලුව..? පුංචි ළමයි වගේ.. නැගිටින්න කිව්වහම ඔහොමත් නැගිටිනවද..? ෂහ්.. තමුසෙලා නම් පුදුම ගඩ්ඩො ජාතියක්..”


    කොල්ලො කෙල්ලො එක එකාගෙ මූණු බල බලා ආයෙත් වාඩිවුණා. බලන් ගියාම අප්පා, තලපතාටද පිස්සු, එහෙමත් නැත්නම් අපිටද පිස්සු..?


    “හහ්.. දැන් බලනවා.. තමුසෙලා හොඳටම බුදි.. අයිසේ.. මේ ලෝකෙ කොයි තරම් වේගවත්ද.. කොයි තරම් කාර්යක්ෂමද.. කියලා තමුසෙල දන්නවද..? තමුසෙලට වැටහීමක් තියෙනවද..? ආ..! නෑ.. නෑ.. ජීවිතේට නෑ.. මට හරිම කණගාටුයි.. තමුසෙල වගේ ගඩ්ඩොන්ට මගේ ආත්මය හා බැඳිච්ච මේ භෞතික විද්‍යා මූලධර්ම කියාදෙන්න සිද්ධ වේචච එක ගැන..”


    “මේකා හරියට කතා කරන්නෙ අපිට පිනට උගන්වනවා වගේනේ බං.. පුදුම හොරනෑවක්නේ පිඹින්නෙ..”


    “කෑනොගහ ඉඳපං.. ඔ.. ඔන්න ආයෙත් තලපතා එනවා..”


    ඇම්ඩා කුණු කුණු ගාපු එකටද, නැත්නම් හිතේ ඉවටද මංදා.. තලපතා අපේ පේලියෙ ළඟට ආවා. මේ මනුස්සයගෙ හයේ හතරෙ දාර සයිස් ඇඟපත දැක්කම මුත්‍රා බරත් හැදෙනවා අප්පා.


    “මතක තියාගන්නවා.. උගන්නන වෙලාවට බුදිය ගන්නෙ ගඩ්ඩො.. තේරුණාද..? මනුස්සයෙක් උනහම දැනගන්න ඒන ක්‍රියාශීලී වෙන්න.. තමුසෙලා නොදන්නා දෙයක් මං කියන්නම්.. දන්නවද..? සෑම තත්පර තුනකට වරක් චීන රටේ කාන්තාවක් දරුවෙක් බිහි කරනවා කියලා.. බලනවා මේ ලෝකෙ කොයි තරම් ක්‍රියාශීලීද කියලා.. හ්ම්.. තමුසෙලා මෙතන බුදි..”


    තලපතා හෙණ ආඩම්බරයෙන් ඒ ටික කිව්වෙ, හරියට ඔය කලින් කිව්ව වඩේ මිනිහා කරා වගේ. කොහොම උනත් තලපතාගෙ කතාව අහපු බලයගෙ ඇස් ගෙඩි දෙක උඩ ගියා. උගේ තොල් හෙලවෙන්න ගත්තා. මං දැන් නිට්ටාවටම දන්නවා මූට මොනවම හරි කියවෙන්නයි යන්නෙ කියලා. අනේ දෙයියනේ හොඳ දෙයක් උනොත් හොඳයි.


    “ක.. කවුද අප්පා.. ඒ ගෑනි..?”


    මුළු පංතියම නිශ්ශබ්ද වෙලා තිබ්බ වෙලාවෙ, බලයගෙ කටහඬ ටිකක් සැරට ඇහුණා. මුළු පංතියම බක බක ගගා හිනාවෙද්දි මං බැලුවෙ තලපතා දිහා. මිනිහා මෙතන ඩෙගා නටයිද බලන්න. ඒත් තලපතාගෙ මූණෙ තිබ්බෙ මිත්‍රශීලී පෙනුමක්.


    “හා.. හා.. හා.. ඒ වැදගත් ප්‍රශ්නෙ අහපු ගඩ්ඩා තමුසෙ නේද..?”


    තලපතා චමිල් දිහාට ඇඟිල්ල දික් කරා.. අපේ එකා බිම බලා ගත්තා.


    “ආ මනුස්සයො.. දැනගන්නවා.. මම කිව්වෙ චීනෙ ඉන්න එක ගෑනියෙකුට ළමයි හම්බවෙන කතාවක් නෙමෙයි.. ඒ රටේ ඉ්නන හැම කාන්තාවක්ම ගැන සලකලා.. තේරුණාද..?”


    මිනිහා අපෙන් තේරුණාද අහන්නෙ.. මිනිහනේ වචන පටලවලා කතා කරල තියෙන්නෙ..


    “බෙකම්..”


    “මොකද නාලක..?”


    “තලපතා කිව්ව විදියට මාත් බය උනා බං..”


    “ඇයි..?”


    “ඒ චීන ගෑනිට වෙනම අවයවයක් හයි කරන්න වෙනවා ළමයි වඳන්න.. නැත්නම් ඔය එකෙක් කීයක් ජාති කියලා කරන්නද..?”


    කඩාගෙන බිඳගෙන ආපු හිනාව නවත්තගන්න බැරිව මං ඩෙස්ක් එකේ මූණ ඔබාගත්තා. ඇම්ඩත් ඉඳල ඉඳලා කියන්නෙ මසුරං කියුම් තමා.


    එතන ඉඳලා තලපතා නොහොත් ප්‍රනාන්දු සර් අපේ පංතිය මිනිහගෙ ග්‍රහණයට ගත්තා. අපි හැමෝම පට්ට නිදිමතේ හොරාට ඈනුම් ඇර ඇර තලපතාගෙ සාපේක්ෂ චලිතය දිහා බලන් හිටියා.


    “බෙකම්.. නැගපං..”


    පන්තිය ඉවරවෙලා, චමිල් මගේ මවුන්ටන් බයිසිකලේ අරගෙන ආවා. හරස් පොල්ල උඩ මං වාඩිවුණ ගමන්ම චමිල් බයිසිකලේ පඳින්න ගත්තා.


    “ඇම්ඩා ස්ටෑන්ඩ් එක පැත්තෙන් ගියාද..?”


    “ඔව්.. ඌ කිව්වෙ, ඌට චීන කාන්තාවක් බලන්න ඕන කියලා..”


    “මෙන්න බෙකම් මේකි..”


    මායි, චමිලුයි බයිසිකලේ පැදන් ආපු පාර අයිනට වෙලා අපි දිහා බලන් හිටියෙ ඉන්කි.. චමිල් කකුල් බ්‍රේක් පාවිච්චි කරලා බයිසිකලේ ස්ලෝ කර ගත්තා.


    “ඉන්කි.. ක්ලාස් ආවෙ නැද්ද..? මං දැක්කෙ නෑ..”


    “ආවා.. මං ඉස්සරහම හිටියෙ..”


    “මෙච්චර ඉක්මනට මෙතෙන්ට ආවෙ කොහොමද..?”


    “ඇයි බං.. මෙයා හන්ඩ්‍රඩ් ටූ හන්ඩ්‍රඩ් කරන කෙනානේ.. අපි එනකොට දෙපාරක්වත් ඇවිල්ලා ඉඳියි..”


    චමිල්ගෙ කතාවට ඉන්කිට පුංචි හිනාවක් ගියා. ඒත් එයාගෙ මූණෙ මොකක්දෝ අවනඩුවක් තියෙන පාටයි. මං හරස් පොල්ලෙන් බැස්සා.


    “ඉන්කි.. මොකක් හරි ප්‍රශ්නයක්ද..?”


    “එහෙම මුකුත් නෑ නවෝද්..”


    “නැත්තෙ නෑ ඉන්කි.. මට බොරු කරන්න ඔයාට බෑ.. ඔයාගෙ මූණෙ හැමදේම ලියවිලා තියෙනවා.. කියන්න.. සමින්දි අක්කා මොනව හරි ඔයාට කිව්වද..?”


    ඉන්කි එක පාරටම ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. එයාගෙ මූණෙ තිබ්බෙ හරිම හුරුබුහුටි ගතියක්. මේ විදියට ඉන්නකොට කෙල්ල මාර ගති.


    “සමින්දි අක්කා මට බැන්නා නවෝද්..”


    “බැන්නා.. ඇයි ඒ..? අපි ස්ලයිඩ් ටිකත් හොයලා දුන්නනේ..”


    “ඒකට නෙමෙයි..”


    “එහෙනම්..?”


    “මෙ.. මෙ.. මේ..”


    කවදාවත් නැති විදියට ඉන්කි ඇඹරෙන්න ගත්තා. අනේ පුංචි කෙල්ලෙ.. ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ.


    “ඇයි ඉන්කි..?”


    “මට.. මට..”


    “ඔව්..”


    “ඔයත් එක්ක තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක නවත්තන්නලු..”


    “මොකක්..? එයාට කෙහෙන් ආපු හයියක්ද එහෙම කියන්න..?”


    “මංදා නවෝද්.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. දැන් මට කොලේජ් එන්නත් එපාවෙලා..”


    “ඔයා මොනවද ඉන්කි මේ කියවන්නෙ..?”


    “සමින්දි අක්කා හිතන්නෙ මං ඔයාලත් එක්ක එකතුවෙලා හැමදේම කලා කියලා..”


    “ඔයා අපිත්තෙක්ක මොකුත් කරේ නෑනෙ..”


    “ඒක තමයි.. ඔයාලා ගියාටප ස්සෙ එයා මට හොඳටම බැන්නා.. අපේ ඉස්කෝලෙ ගැනවත් හිතන්නැතුව, එයාව පැරැද්දුවා කියලා..”


    “ඉතිං ඉන්කි.. එයානේ බෙට් දාගෙන ආවෙ.. මොකද අපි දාන්න ගියාද..? මාර පිස්සු කතානේ මේවා.. බලපංකො චමිල්..”


    “ඕවා ගණන් ගන්නෙපා බෙකම්.. සමින්දිගෙ ඔළුවට කොහේදි හරි හොඳ පාරවල් දෙක තුනක් වැදිලා තියෙනවා.. ඒකයි ඔහොම මඤ්ඤං කතා කියන්නෙ.. ඕවා අතෑරලා දාන්න ඉන්කි.. පොමනේරියන් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෑ..”


    “ඔව් ඉන්කි.. අපි බලමුකො ඉස්සරහට මොකද වේනනෙ කියලා.. ඔයා බයවෙන්නෙපා.. ඔයාගෙ උදව්වට, ඔයාගෙ හයියට ඕන වෙලාවක අපි ඉන්නවා..”


    මගේ කතාවට ඉන්කිගෙ ඇස් දිලිසුණා. මං නිකං ඕන නැති කතාවක් කිව්වද මංදා.. ඒත් ඉතිං මං, අපි කියලා බහු වචනෙන්නෙ කිව්වෙ..


    “සමින්දි අක්කා කිව්වට, මං ඔයත්තෙක්ක කතා නොකර ඉන්නෙ කොහොමද නවෝද්..?”


    ඇස් දෙක කෙලින්ම මගේ මූණෙ රන්දගෙන ඉන්කි අහපු ප්‍රශ්නෙට දෙන්න තරම් හොද උත්තරයක් මගේ ළඟ තිබ්බෙ නෑ.. ඒත් බලයා පැනලා උත්තරේ දුන්නා.


    “ඔයාලා දෙන්නා හොරෙන් කතා කරන්න බබා.. මාර සේනාව වගේ මායි ඇම්ඩයි ගාඩ් එකට ඉන්නවනේ..”


    එතන ඉඳලා ඩිංගක්වෙලා යනකල් පුංචි නිහැඬියාවක් ගෙවිලා ගියා. ඉන්කිට අද ගෙදර යන්නත් ඕන නෑ වගේ.


    “ඔයාට ඔයිට වැඩිය ස්වාධීන වෙන්න බැරිද..?”


    “ඒ කිව්වෙ..?”


    “ඔයා සමින්දි මත යැපෙනව වැඩියි ඉන්කි.. ඔයාට තනියෙන් නැගිටින්න පුළුවන් කියලා ඔයාට පෙන්නන්න බැරිද..? එතකොට සමින්දිට තව රිදෙයි..”


    “මට සමින්දි අක්කට රිද්දන්න ඕන්නෑ නවෝද්.. මට ඕන එයා මං ගැන තියෙන වැරදි වැටහීම අයින් කරගන්න..”


    “ඇයි ඒ..?”


    “මං ඒ වැරදි වැටහීමට බයයි නවෝද්..”


    “එහෙනම් එයාගෙ කැමැත්තට, ඔයා මගෙත්තෙක්ක කතා නොකර ඉන්න.. ඉවරනේ.. අපි යමු චමිල්..”


    “අ.. අනේ නවෝද්..”


    ඉන්කි මගේ අතේ එල්ලුණා. ඒ ඇඟිලිවල තිබ්බෙ පුදුම උණුසුමක්.. මේ කෙල්ල ඉන්නෙ ගිනි ගොඩක් උඩද මංදා.


    “ඔයා කැමති දෙයක් කරන්න ඉන්කි.. ඔයාට බල කරන්න මට බෑ.. අනික සමහර විට අපේ මේ ෆ්‍රෙන්ඩ්සිප් එක හන්දා.. ඔයාට බාලිකාවෙ හෙඩ් ප්‍රිපෙක්ට් බැජ් එක නැතිවෙයිද කියලත් කියන්න බෑ.. මං හිතන්නෙ සමින්දිගෙන් පස්සෙ ඔයා තමයි ඒ දේට හොඳම කෙනා..”


    “ඔ.. ඔයා මාව බය කරනව නවෝද්..”


    “සමහර විට සමින්දි ඔයාව රෙකමන්ඩ් කරන එකක් නැතිවෙයි.. එහෙම උනොත් ඔයාට හුඟාක් දුක හිතෙයි ඉන්කි..”


    කෙල්ලගෙ මූණ මහා කල්පනාවකින් බර උනා. ඒත් ඒ ඇස් තිබ්බෙ තාමත් මගේ මූණෙ.


    “ඔයා හුඟක් දුර හිතනවා නවෝද්.. ම්.. මං ඔයාට දෙයක් කියන්න කරනවද..?”


    මං බලයා දිහා බැලුවා. ඌ මෙලෝ සංසාර දෙයක් දන්නැති එකෙක් වගේ රේල් පාර පැත්ත බලන් ඉන්නවා.


    “මොකක්ද ඉන්කි..?”


    “ඔයාටයි සමින්දි අක්කටයි රණ්ඩු නොවී ඉන්න බැරිද..?”


    මේන් බලපල්ලකො ඉන්කිත් අහන කතන්දර.. හරියට මේ වලිය මං පටන් ගත්තා වගේනේ.


    “අපි රණ්ඩු වෙන්නෑ.. අපි දාන්නෙ බෙට්නේ..”


    “ඒක තමයි නවෝද් මං කියන්නෙ.. ඔයාලා දාපු බෙට් එක බරපතල වැඩියි.. අනික සමින්දි අක්කට සනීපත් නෑ මේ දවස්වල.. ඔය ග්‍රවුන්ඩ් එක වටේ රවුම් සීයක් තියා විස්සක් දුවනකොට අක්කිට අමාරු වෙයි..”


    “ඔයා දැන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?”


    “ඔයා සමින්දි අක්කිත් එක්ක යාලුවෙන්න..”


    “යාලුවෙන්න..?”


    මං එහෙම අහද්දි ඉන්කිගෙ මූණට ආවෙ, ඕනම කොල්ලෙක් ආස කරන දඟකාර හිනාවක්. බලයගෙ මූණටත් නොම්මර එකේ පැණි හිනාවක් ආවා.


    “ඔව්.. එතකොට මටත් ඔයත්තෙක්ක ෆ්‍රෙන්ඩ් ෂිප් එක දිගටම කරගෙන යතෑකි.. කරදරයක් නැතුවම.. ඔයා හොඳ දරුවනේ නවෝද්.. සෙනසුරාදා බෙට් එක කැන්සල් කරලා දාන්න.. හොදේ.. ඒකෙන් ඔයාට ලකුණු හුඟාක් වැටෙයි..”


    “මට සමින්දිගෙන් ලකුණු ඕන්නෑ ඉන්කි.. මට සමින්දිව මඩවන්නත් ඕන නෑ.. හැබැයි ඉතිං එයා ඉල්ලලා දාගත්තු බෙට් එක මට කැන්සල් කරන්න විදියක් නෑ.. එයාම ඇවිල්ලා පරාජය පිළි අරගෙන ෆ්‍රෙන්ඩ් ෂිප් එහෙකට ආවොත් සලකල බලන්න පුලුවන්.. එහෙම නැතුව නම් බෑ..”


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං අවසාන උත්තරේ දුන්නා. සමහර විට සමින්දිම ඉන්කිව එව්වද දන්නෑ. මං මොනවද කියන්නෙ බලන්න. මොකද කියනව නම් සමින්දි කොහොමටත් දන්නවා.. සෙනසුරාදා කන්න වෙන පරිප්පුවෙ මැක්සා ගතිය. ඒක නිකං දිය රහට තියෙන පරිප්පු හොද්දක් නෙමෙයි කියන්න මාත් දැනගෙන හිටියා.. ඒකයි ඉන්කි කොහොම කිව්වත්, මං බෙට් එක කැන්සල් නොකරෙ..

    “උඹට කියන්න කල්හාරයා.. මට මේ කතාව කියන්න හිත්දෙන්නෑ.. ඇඬෙනවා.. පපුව සෝකෙන් පවන් සලනවා..”


    සුපුරුදු විදියටම පැතුම් උගේ වක්කඩේ දිග ඇරගෙන තිබුණා. මං පොත් ටික ඩෙස්ක් එක උඩින් තියලා පැතුම්ට ළංවුණා. මාධවයත් මට ඩිංගක් එහායින් පැතුම්ගෙ කතාව හොඳ උවමනාවකින් අහන් ඉන්නවා මං දැක්කා.


    “මේ අමන දොළහ සී පන්තියෙ ඉන්න එක කෙල්ලෙක්වත් මට කැමති නෑ බං..”


    “කැමති වෙන්න උඹ පොරක්ද බං.. ඔන්න අපේ බෙකම් වගේ නම්.. කෙල්ලො පැනලා එන්නෙ..”


    “කල්හාරයා.. උඹට උඹෙ ආච්චිගෙ සොහොන්කොත ළඟින්ම බුදියගන්න ඕනද..? අඩෝ.. මං මේ හිත් වේදනාවෙන් ඉන්නෙ.. තෝ එනවද ඒ වේදනාව මත්තෙ ඉටිපන්දම් පත්තු කරන්න.. ඊයෙ බාලිකාවට ගිහින් කෙල්ලොන්ගෙ සුදු මූණු ටික දැක්කහම මගේ හදවත වේදනාවෙන් කෑගහන්න ගත්තා..”


    “ඇයි පැතුමා ඒ.. හදවතට මුත්‍රා බරක් හැදිලද..?”


    “මාධවයා.. උඹ ඔය අහන අමන ප්‍රශ්න වලට උඹගෙ කටේ දත් සැට් එකම පණුවො කන්නෝන..”


    ඊයෙ එක්සිබිෂන් එක බලලා ගියාට පස්සෙ පැතුමට මොකක් හරි අවුලක් වෙලා තියෙනවා.. බලමුකො අහන් ඉඳලා.. නැත්නම් මූ මේ තරම් විස්සෝපයෙන් කියවන්නෑ..


    “බෙකම්.. උඹ දන්නවද බෙකම්.. මං ඊයෙ මගේ ආදරේ හොයාගෙන ගියා..”


    “පරණවිතාන මහත්තයත් එක්කද..?”


    “පරණවිතාන කෙනෙක් මොකටද බං මෙතෙන්ට.. උඹත් මුංටම හරියනවනේ බං..”


    “ඇයි පැතුමා.. පුරා විද්‍යා කොමසාරිස් එයානේ..”


    “බෙකම්.. උඹට කිව්වයි කියලා හිතාගනිං..”


    “හරි.. හරි.. උඹේ අවාසනාවන්ත කතාව කියපං.. අපිට තව වැඩ තියෙනවා..”


    “උඹලා මට බාධා කරන්නෙපා.. මට කතා කරන්න දීපියව්.. මං ගියා මගේ නෑනා පොඩ්ඩ බලන්න..”


    අතරින් පතර බාධා කරන්න එපා කියන සංඥාව මං හැමෝටම දුන්නා. තොල් දෙක මැදට දබරැඟල්ල තියලා ඒක කරද්දිම නෙලුනියි, නිරෝමියි පන්තියට ආවා. සිරියාවට හිනාවේගෙන මේ ළමයි බුරුමයට එන ලස්සන.


    “හුඟ දවසකින් දැක්කෙ නැති නිසා මං බල කරවල දෙසිය පනහකුයි, ලෙලි ගහපු ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකකුයි, ඊයෙ පාන්දර දාපු මාලු පාන් ගෙඩියකුයි අරන් ගියා කෙල්ල ළඟට..”


    “ඇයි බං ඕවා අරං ගියේ..?”


    කතා කරන්න එපා කියල තියෙද්දිත් මාධව මැද්දට පැන්නා.


    “ඒකිත් එක්ක කතා කර කර ඉන්න ගමන් මට කාලා දාන්න පුළුවන්නේ.. හයියෝ.. උඹලට කියන්න.. මං ගෙදර ළඟට ගියා.. මෙන්න හත්තිලව්වෙ.. හායි ගාලා දොර ඇරලා දාලා.. මෙලෝ සතෙක් සිව්පාවෙක් පේන්න නෑ.. ඒත් මට ගේ ඇතුලෙන් කසු කුසුවක් ඇහෙනවා.. ඒකෙන් එක කටහඬක් මං අඳුනගත්තා.. ඒ මගේ කෙල්ල පැටියා.. ඒකි කාත් එක්කදෝ පෙම්බස් දොඩනවා මචංලා.. මගේ පපුව පැලෙන්න එනවා.. ඒකි කියන ඒවට මට බයි පාස් එකක් කරන්න වෙයි කියලා මට හිතුණා.. හයියෝ..”



    “මොනවද පැතුමා ඒකි කිව්වෙ..?”

    “මං ඔයාට කියලා තියෙනවා ඔහොම ඉඹින්නෙපා කියලා.. ඔය.. ඔය.. අනේ හපන්නෙපා.. අනේ පැටියො.. ඔය කෙලත් ගෑවා.. බුදු සන්තෝ..”


    මට ඔය ටික ඇහෙනකොට ඉවසන් ඉන්න බැරිවුණා.


    “උඹ පැනපු ගමන් උං දෙන්නව සවර්ගස්ත කරා..?”


    “නෑ බෙකම්.. මං ඉවසුවා.. ඒ ඉවසපු ඉවසිල්ලට මගේ උණ්ඩුක පුච්චෙ හිරවුණා.. ඌ මගේ කෙල්ලට හොඳටම අතරව කරනවා ඇති.. හයියෝ.. මගේ බලාපොරොත්තු.. පන්සලේ බෝ මලුව වගේ මං ඒකි ගැන හිතුවෙ.. ඒකි දර කොටේ නම් පොරවක් වෙන්නයි මං පැතුවේ.. ඒකි පොල් බෑය වෙද්දි මං හරිස්චන්ද්‍ර හිරමනේ උනා. අම්මපා.. මේ දුකට මගේ යටිබඩ කොරවෙනවා.. හයියෝ..”


    “පැතුමා.. අනව්‍යශ තැන් කපලා දාලා කතාව කියපන්.. තව ටිකකින් ඉස්කෝලෙ පටන්ගන්නවා..”


    “ජනිතයා.. උඹ කටවහගනිං.. මං දොර දෙකේ වයිකින් බස්සෙක වගේ ඒකිට ආදරේ කරේ.. උඹලම හිතපල්ලා මට මේ වේදනාව උහුලන්න පුළුවන්ද කියලා.. මිනිස්සු දොරවල් දෙකෙන්ම ඇතුල්වෙද්දි මං දත් මිටි කාගෙන ඉවසුවා..”


    “කතාව කියපං..”


    “මං තවත් කසු කුසුව එන කාමරේට ළංවුනා. මට ඇහෙනවා.. හයියෝ... ඔයා ඔය ආයෙත් මගේ මූණ ඉම්බා.. අනේ හපන්නෙපා.. ඉම්බට කමක් නෑ.. කෙල ගාන්න නම් එපා මගේ පැටියො.. ඔය.. ඔය.. මට රිදෙනවා.. අයියෝ.. හයියෝ.. මගේ හදවත දැන් බොයිල් කරපු වාහනේ වගේ.. තවත් ඉවසන්න බෑ.. ළඟම තිබිච්ච කොස්ස ගත්තා අතට.. මං පැන්නා කෙල්ල ඉඳපු කාමරේට.. ආයෙ දෙකක් නෑ.. මරාගෙන මැරෙනවා.. ඕ ඉයර්ස්..”

    පැතුමා නන්ස්ටොප් කියවගෙන යනවා.. මුගේ කටට මේවා කොහෙන් එනවද මංදා.. ගුණසිංහ සර් ගාවට නාට්ටි කරන්න මේකවනේ යවන්න ඕන.


    “මෙන්න මං ආවා යකෝව්... මං උඹල දෙන්නවම ඝාතනය කරනවා.. අඩෝව්...”


    කාමරේට පැන්න පැතුමා, ඒ ටික කියලා නිශ්ශබ්ද උනා. කතන්දරේ සිද්ධ වුනේ එහෙමයි. අපිත් කටවල් ඇරන් බලන් හිටියෙ එතනින් එහාට උදේ මොකක්ද කියලා දැනගන්න.. ඇයි ඉතිං මේක ඇඟ කිලිපොලා යන උණුසුම් කතන්දරයක්නේ.. තමන්ගෙ කෙල්ල වෙන අලගොඩුවෙක් එක්ක කාමරේ ඇතුළෙ ඉඳල අතටම අහුවුණහම වෙන මොන කතාද අප්පා.


    “ඊට පස්සෙ මොකද වුණේ පැතුම්.. ඔයයි ඒ දෙන්නයි රංඩු උනාද..?”


    නෙලුනි, පැතුම් ඉස්සරහට ඇවිල්ලා ඇහුවා. පැතුම් බොහොම සෝක මූඩ් එකකින් නෙලුනි දිහා බැලුවා.


    “මොන රංඩුද කෙල්ලෙ.. මගේ කෙල්ල ගාව හිටියෙ ඒකිගෙ පොමනේරියන් වහතු බලු තඩියා.. ඌත් එක්කනේ, ඒකි මේ පෙම් වදන් දෙසා බාලා තියෙන්නෙ.. මට වෙච්චි නෝන්ඩිය කිලෝ මීටර් ගානක් දිගයි.. මහ මුහුදෙ තියෙන ලුණුවල සාන්ද්‍රනයටත් වැඩිය වැඩියි.. හයියෝ.. සල්ලි..”


    බලන් ගියහම පැතුමටත් වෙන්නෙ අමර කතන්දරම තමා. එතන ඉඳලා ටිකක් වෙලා යනකන්, ඊයෙ බාලිකාවෙ තිබ්බ ප්‍රදර්ශනය ගැන පන්තියෙ කෙල්ලො කොල්ලො කතා කරන්න ගත්තා. පන්තියෙ හැමෝටම ප්‍රශ්නයක් උනේ, මායි පැතුමයි එක්සිබිෂන් එකට ආවද නැද්ද කියනෙක. ඒත් කල්හාරය අපිව දැක්කා කිව්වහම ඒ ප්‍රශ්නෙත් නිරාකරණය උනා.


    “නවෝද්..”


    “ඇයි නිරෝමි..?”


    “ඔයා අර ගර්ල්ව ඊයෙ හම්බවෙන්න ඇතිනේ..”


    “මොන ගර්ල්ද..?”


    “කොන්වන්ට් එකේ..”


    නිරෝමිටත් පිස්සුද මංදා.. මොන ඉලව්වක්ද මේ කියන්නෙ..?


    “කොන්වන්ට් එකේ කවුද නිරෝමි..?”


    “අර කලු ඇත්ලටික් කරන ගර්ල්..”


    නිරෝමිගෙ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි.. මේ කෙල්ලට මොනව වෙලාද මංදා.


    “ඉතිං..?”


    “ඔයාට එයාව ඊයෙ හම්බ උනාද..?”


    “ඔව්.. එයාව විතරක් නෙමෙයි.. කොන්වන්ට් එකේ ගොඩක් ගර්ල්ස්ලවත් හම්බවුණා..”


    “එහෙනම් අර ආඩම්බරකාරිවත් හම්බවෙන්නැති..”


    “කවුද..?”


    “සමින්දි..”


    “ඔව්.. එයානේ එක්සිබිෂන් එක හැන්ඩ්ල් කරේ..”


    “ඔයා ඒ ගොල්ලන්ට කැමති, එයාලා ෆේමස් අය හින්දද..?”


    “ඔයාට පිස්සුද නිරෝමි.. ඔයා මොනවද මේ කියවන්නෙ..?”


    උදේ පාන්දරම මට ඩිංගක් මළ පැන්නා. මොන අවනඩුවක්ද බං මේ..? මගේ කතාවෙන් පස්සෙ නිරෝමි ගොලු වුණා වගේ. ඒ අතරෙ ආයෙමත් පැතුම්ගෙ කටහඬ ඇහුණා.


    “බෙකම්.. උඹ ඔතන මොකක්ද කරන්නෙ ආ.. අම්මපා උඹ නම් හදන්න පුළුවන් එකෙක් නෙමෙයි.. ඊයෙ අර ස්ත්‍රී ලලනාවො අස්සෙ රිංගලත්, තාම ආසාව ගියේ නැද්ද හත්තිලව්වෙ.. ආ.. උඹලට කියන්න.. පුදුම තරම් ලස්සන කෙල්ලොනේ බං කොන්වන්ට් එකේ ඉන්නෙ.. උඹල දන්නව අපේ බෙකම් තෝරගත්තෙ කවුද කියලා..?”


    පැතුම්ගෙ කතාවට පංතියෙ කෙල්ලො කොල්ලො හැමෝගෙම අවධානෙ ඌ දිහාට යොමුවුණා. මූ මාව නැති කරන්නයි හදන්නෙ.


    “පැතුමා.. කට වහගනිං..”


    “බෙකම්.. මට තර්ජනය කරන්නෙපා.. මට මේක ප්‍රකාශ කරන්න දීපං.. උඹලා දන්නවා.. මගේ පෙකණිවැල කැපුවෙ, මිස් වර්ල්ඩ් බිකිනි එක්සිබිෂන් එකකදි කියලා..”


    “උඹේ පෙකණි වැල කුණු උනාවේ.. අපිට කියපං.. අපේ බෙකම්ගෙ චොයිස් එක මොකක්ද කියලා..”


    “අඩෝ මාධවයා.. මං උඹව නිර්වස්ත්‍ර කරලා බොර තෙල් වලකට තල්ලු කරනවා දැනගනිං.. මගේ පෙකණි වැල කුණු උනාම මං කොහොමද යකෝ මුත්‍රා කරන්නෙ..?”


    පැතුම් අහපු ප්‍රශ්නෙට අපි හැමෝටම බකස් ගාලා හිනාගියා.. ඇත්තමයි මේකා නැති දවසට මේ පංතිය පාලු සොහොනක් වගේ වෙයි.


    “කියන්නකො පැතුම්.. අපේ බෙකම්ගෙ හිත ගත්තු නාරිලතාව කවුද කියලා..”


    ඒ පාර නෙලුනි, පැතුම්ට තව ළංවුණා.. පැතුමට ළංවෙනවා කියන්නෙ ඉත්තෑවෙක් බදාගත්තා වගේ තමයි.. වේදනාවෙ කෙලවරක් නෑ.


    “බාලිකාවෙ ප්‍රින්සිපල් මැඩම්නේ..”


    කටේ තොලේ නොගෑවී කියන ගමන් පැතුම් මට ඇහැක් වැහුවා. කෙල්ලොන්ගෙ මූණු හතරැස් වෙලා ගියා. ඇයි ඉතිං උං හිතන් ඉන්න ඇත්තෙ, බෙකම්ගෙ පෙම්වතිය ගැන අහන්නනේ..


    එතනින් එහාට අපිට කයිය ගහන්න හම්බවුණේ නෑ. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක දැල්ලා අංකල් පටෝං ගාලා ගහනවා අපිට ඇහුනා. මුලින්ම තිබ්බෙ හේමන්ත සර්ගෙ කෙමිස්ට්‍රි පීරියඩ් දෙක. ඒක නිකං හෙණ සාන්ත දාන්තව ගෙවිල යන කාල පරාසයක්. තාරකා විද්‍යා සංගමය භාරව හිටියෙ හේමන්ත සර් හන්ද අපේ පන්තියෙ බහුතරයකගෙ උපන්දා ඉඳලා පැටිකිරිය සර් ගාව තිබුණා. කාබනික් ඉන්ඕගනික් අතරෙ කාලය ගෙවිලා යද්දි මට පැතුමයි, කල්හාරයයි කුටු කුටු ගානවා ඇහෙනවා. ඒ වෙනකොට හේමන්ත සර් රසායනික සූත්‍ර හෙණ ගොඩක් බ්ලැක් බෝඩ් එකේ ලිය ලිය හිටියෙ. පන්තියෙම අවධානෙ යොමු වෙලා තිබ්බෙ ඒ දිහාට. ඒත් මුං දෙන්නගෙ අවධානෙ උං දෙන්නට විතරයි.


    “ඒයි කල්හාරයා.. උඹ දන්නවද ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ කවුද කියලා..?”


    “මොකෝ බං මං නොදන්නෙ.. මං හින්දි පිචැර් බලනවනේ..”


    “මොකක්ද වහුකුණෝ ඒ අපත කතාව.. මේකට හින්දි පිචැර් සම්බන්ධ වෙන්නෙ කොහොමද..?”


    “ඇයි බං ලෝකෙ ගෝලාකාරයි කියලා හොයාගත්තෙ අභිෂේක් බච්චන්නෙ..”


    “පිස්සුද හරකො.. ඌ හොයාගත්තෙ ලෝකෙ වටේ ගියපු එකෙක්නේ..”


    “ඉතිං ඒකමනේ මං කිව්වෙ..”


    මහ හයියෙන් හිනාවක් යන්න ආවත් මං තොල් විකාගත්තා. අභිෂේක් බච්චනුයි, අයිශ්චර්යායි මේවා දන්නවා නම් ඉන්දියාවෙ ඉඳලා තකහනියක් එනවා මුං දෙන්නව කෝටු මස් කරන්න.


    “හා.. හොඳා.. කියහං බලන්න.. සුවස් ඇල කැපුවෙ කවුද කියලා..”


    පැතුමා ආයෙත් පටන් ගත්තා. මුං මේක දැනුම මිනුම තරඟයක් කරගෙන වගේ.. හේමන්ත සර්ගෙන් තාම අවුලක් නෑ.. බෙන්සින් වල මොකක්දෝ තේරෙන්නෙ නැති රසායනික අටමගලයක් හැඩකර කර බෝඩ් එකේ අඳිනවා.


    “සු..වස්.. ඇල නේද..? මං දන්නෑ පැතුමා..”


    “ඕකවත් දන්නැද්ද බෝදිලිමො.. සූවස් ඇල කැපුවෙ අපේ තාත්තා..”


    “අම්මපා..”


    ඒ පාර කල්හාර කල්පනා කරන්න ගත්තා. දෙයිහාමුදුරුවන්ට කියන්න මුං විභාගෙටවත් මෙහෙම කල්පනා කරන්නෙ නැතුව ඇති.


    “හොඳයි පැතුමා.. උඹ එහෙනම් කියහං බලන්න මළ මුහුද මැරුවෙ කවුද කියලා..?”


    පිපිරෙන්න ආපු හිනාව මං ආයෙත් නවත්ත ගත්තෙ උහුලන්න බැරි ට්‍රයි එකක් දීලා.


    “මළ මුහුද නේද..? අනේ මම නම් නෙමෙයි..”


    “උඹ නම් කොහොමටත් වෙන්න බෑ.. ඒක මැරුවෙ අපේ තාත්තා..”


    ඒ පාර නම් මට හිචිස් ගාලා හිනාවක් පැන්නා. පන්තියම හැරිලා අපේ පේලිය දිහා බලද්දි, හේමන්ත සර්, පැතුම්ට කතා කරා. එහෙනම් සර්ට වැඩේ නෝන්ඩි වෙලා වගේ.


    “පැතුම්..”


    “ඔව් සර්.. බෙන්සීන් වල රසායනික සූත්‍රය නේද..?”


    මූ තමයි දවසකටත් මිනිහා.. වෙන එකෙක් නම් ගල් වෙලා තොල කට වෙව්ලනවා.. මූ හිටියටත් වැඩිය හොඳට ෆිට් එකේ ඉන්නවා.


    “බෙන්සීන්වල කෙහෙල්මලක් නෙමෙයි මිනිහො..”


    “සර්.. මගේ නම පැතුම්..”


    පන්තියම ලාවට හිකි හිකි ගාද්දි හේමන්ත සර්ට මල පැන්නා. දැන් ඉතිං පැතුමට කන්න වෙන්නෙ බොක්සින් න්‍යෂ්ටියකින් තමා.


    “පැතුම්.. කවුරුවත් ආසාවෙන් අහන් ඉන්නෙ නැති වෙලාවටත් කතා කරන එකාට මොකාද කියන්නෙ..?”


    “ගුරුතුමා කියලා සර්..”


    ඒ පාර නම් පන්තියෙ හැමෝම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. සර්ටත් ලාවට හිනාවක් ආවත්, සර් එක පෙන්නුවෙ නෑ. පෙන්නුව නම් ෂුවර් එකට පැතුමා කරෙත් නගිනවා. සර් බොරු කේන්තියක් මවාගත්තා.


    “යනවා යන්න පංතියෙන් එළියට.. මගේ යකා අවුස්සන්නෙ නැතුව..”


    උදේ පාන්දරම පැතුමව පන්තියෙන් එළියට දාපු හේමන්ත සර් ආයෙත් පාඩම කරන්න ගත්තා. එක දවසක් බලයා දොළහ බී එකෙන් එළියට දාපු වෙලාවෙ, ඇවිත් අපේ පන්තියෙ වාඩිවුණා වගේ මූත් ගිහින් බී එකේ වාඩිවෙයිද දන්නෑ.


    පළවෙනි පීරියඩ් එක ඉවර වෙලා දෙවනි පීරියඩ් එකේ මැද හරිය විතර යද්දි කොරිඩෝවෙන් හෙණ කසු කුසුවක් ඇහෙන්න ගත්තා. කොරිඩෝව කියලා කිව්වෙ, අපේ දොලහ වසර් ඒ, බී, සී පන්ති තුනම සම්බන්ධ කරලා තිබ්බ බිම් තීරුව. ටිකකින් කසු කුසුව නැවතිලා හිනා සද්දත් ඇහෙන්න ගත්තා. සද්ද බද්ද ටිකෙන් ටික වැඩිවෙද්දි, පන්තියෙ වැඩට ඒක බාධාවක් වෙද්දි හේමන්ත සර් පන්තියො දොරකඩින් කොරිඩෝවට එබුනා.


    “තුන්දෙනාම එනවා මෙහාට..”


    හේමන්ත සර් කියපු කතාවට, මට ටිකක් අප්සට් වගේ.. ඇයි අප්පා පැතුමා විතරනේ එළියට දැම්මෙ.. දැන් කොහොමද තුන්දෙනෙක් වුණේ..? ටිකකින් අපේ පන්තිය ඉස්සරහට ආපු තුන්දෙනා දැකලා, පන්තියම හොල්මන් උනා. පැතුමයි, ඇම්ඩයි, බලයයි.. අප්පොච්චියේ.. මුං තුන්දෙනාවම එකම දවසෙ පන්ති වලින් එළියට දාලනේ.. සර්ලටත් මිස්ලටත් පිස්සුද මංදා.. හැබැයි මුං තුන්දෙනාගෙම පැටිකිරිය අයන්නෙ ඉඳලම හේමන්ත සර් දන්නවා.. ඇයි ඉතිං මුං තුන්දෙනත් අපි වගේම තාරකා විද්‍යා සංගමයෙ උද්යෝගිමත් සාමාජිකයොනේ.


    “තමුසෙලා පන්තියෙ තියාගන්නවට වැඩිය අමාරුයි එළියට දාලා තියාගන්නෙක.. මං දැන් තුන්දෙනාවම විනය සර් ගාවට යවනවා.. ඒ ගමන්ම ප්‍රින්සිපල් සර්ටත් කතා කරනවා.. එතකොට මේ බේරුමක් කරගතෑකි..”


    “සර් හදන්නෙ අපිට තරු, මන්දාකිනි පෙන්නන්නද..?”


    කට කැඩිච්චකමට ඇම්ඩා අහද්දි පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වැදුනා. හේමන්ත සර් මුකුත් දන්නෑ වගේ පන්තියට ඇවිත් එයාගෙ පොත් ටික අරගෙන පන්තියෙන් පිටවුණා. පැතුමා කිසිම හිරිකිතයක් නැතුව ඇවිත් පන්තියෙන් වාඩිවෙද්දි ඇම්ඩයි, බලයයි පිළිවෙලින් උංගෙ පන්තිවලට ගියා.


    පන්තියට ඇවිල්ලත් පැතුම්ගෙ කටට නිවනක් නෑ.. ඒ අපේ පන්තියෙ ඈයො උගෙන් අහන හරස් ප්‍රශ්න හින්දා.


    “ඔයා හින්දා අපිට ඉගෙනගන්නත් නෑ අනේ..”


    නදිනි පන්තියෙ ඉස්සරහ ඉඳන් කියද්දි කොල්ලො ටික සූ සද්දෙ දාන්න ගත්තා. පැතුමට ඉතිං ඊට එහා දෙයක් නෑ. ඌ කොලර් එකත් අප් කරගත්තා.


    “හැබෑට පැතුමා, උඹලා තුන්දෙනා හිරි ඔතප් බිඳගත්තු ගෑනු දරුවො වගේ කොරිඩෝ එකට වෙලා මද සිනා පෑවෙ ඇයි..?”


    “මාධවයා.. උඹ මට අමන කතා කියලා තුන්වෙනි සිල් පදේ කඩාගන්නෙපා.. උඹ මට කියලා අතවර කරගෙන ලොකු ළමයෙක් වෙන්නයි ඔය හදන්නෙ..”


    “හහ්.. හහ්.. හා.. ඒකට මං බය නෑ..”


    “ඇයි.. උඹට දැනටම අතවරයක් වෙලාද..?”


    “නෑ පැතුමා..”


    “එහෙනම්..?”


    “උඹේ පුරුෂ ලිංග පද්ධතියම නෑනෙ..”


    “මො.. මොකක්ද යකෝ.. ඒ අසමජ්ජාති කතාව..?”