අපේ කැදැල්ල අපිම හදමු....

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපේ කැදැල්ල අපිම හදමු....

    url


    ඔන්න ඉතින් ගොඩ කාලෙකින් මගේම කියලා එකක් දාන්නයි යන්නේ....
    අපි පහුගිය ටිකේ ගෙදරට පොඩි කෑල්ලක් එකතු කලා.....
    ඒක හදද්දි සෑහෙන්න ගැටලු වලට මුහුන දුන්නා,...
    ඉතින් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා...
    මේකයි කතාන්දරේ.....


    HomeSweetHomeExt1.jpg


    ගේ කෑල්ලක් හරි, කඩ කාමරයක් හරි මොකක් හරි එකක් හදනවා නම් කරන්න විදි දෙකක් තියෙනවා....
    එක විදිහක් මුලින් මහන්සි වෙලා, පස්සේ සැනසිල්ලේ හදා ගන්න එක....
    අනික මුලින් ආතල් එකේ පටන් අරන් පස්සේ කෙලව ගන්න විදිහ....


    url


    මුලින්ම කියන්නම් දෙවෙනි ක්‍රමය....
    මේකෙදි ගොඩාක් අය කරන්නේ බාස් කෙනෙක් හොයාගෙන පොර ගේන්න ගේන්න කියන වෙලාවට බඩු ගෙනල්ලා,
    පොර කියන් කියන විදිහට වැඩ කරන එක...
    කොටින්ම කියනවා නම් එදාට එදාට වැඩට ඕන කරන ටික හොයාගෙන කරන එක...
    සාමාන්යයෙන් ලක්ශ 3කට වඩා අඩුවෙන් වියදම් වෙන වැඩකට නම් මේ විදිහ අවුලක් නෑ,,,,
    ඒත් මම නම් මේකට කැමතිම නෑ...
    .

    මෙන්න නියම ක්‍රමය......
    මේ step ටික අනුගමනය කලොත් වැඩේ ගොඩ.....


    images


    01) මුලින්ම තමන් හදන්න යන ගේ හෝ කඩ කාමරය හෝ ගැරෙජ් එක ගැන හොදට හිතන්න...
    පලවෙනිම දේ තමයි තමන් හදන්න යන්නේ මොකක්ද කියලා හරියටම තීරනය කරන්න....
    ඊට පස්සේ තමන්ගේ අතේ කීයක් තියෙනවද කියලා හිතන්න.....
    වැඩේට සල්ලි නැත්නම් සල්ලි හොයා ගන්න ක්‍රමයක් හිතන්න...


    images


    02) මේ ටික සෙට් උනාට පස්සේ තමන්ම පොඩියට plan එකක් ගහගන්න....

    url


    තව එකක් , ඉඩමේ පිහිටීම අනුව රජයෙන් එක එක නීති දාල තියෙනවා...
    ඒවා දැනගෙන ඉඩමක් ගන්න අමතක කරන්න එපා....
    ඒ ටික මමත් තාම අධ්යනය කරනවා.....
    ඒ ටික දැන ගත්තට පස්සේ ඒ ටික කියන්නම්...
    සාමාන්යයෙන් මහ පාරේ මැද ඉදලා අඩි 50ක් දුරින් මොකුත් හදන්න බෑ....
    තමන්ගේ ගෙදර ජනේල එහා ඉඩම ඇතුලට ඇරෙන්න බෑ.....
    ඒ නිසා ඒවා හිතලා තමන්ම පොඩි plan එකක් ගහ ගන්න,,,,
    මේකේ කාමර කීයද?
    bathroom කීයද?
    වාහන කීයක් park කරනවද?
    මේවා තීරනය වෙන සාදක මම පහල දාලා තියෙනවා....
    ..


    03) දැන් තියෙන්නේ plan එක ඇදගන්න....
    මේක ගොඩාක් වැදගත්..
    හොද කෙනෙක් හොයාගෙන plan එක ඇද ගන්න....
    අදින කෙනාව තමන්ගේ ඉඩමට එක්කන් ඇවිත් ඉඩම පෙන්වනවනම් ගොඩාක් හොදයි.......
    ලක්ශ 5කට වඩා යන වැඩක් නම් අනිවා කීයක් හරි දීලා ඇස්තමේන්තුවක් (estimate) එකක් හදා ගන්න.....
    BOQ(bill of quantity ) එකක් හදා ගන්න....

    url


    මේකේ තියෙනවා ගෙදරට යන සියලුම ද්‍රව්‍ය වල විස්තර...
    සිමෙන්ති කීයද?වැලි කීයද? මැටල් කීයද? ගඩොල් කීයද?
    මේ ඔක්කොම ජාති.....


    04) අපි මොකක් හරි හදනවානම් අනිවා නගර සබාවෙන් අවසර ගන්න ඕනේ....
    ගොඩාක් අය අවසර ගන් නැතුව හදලා පස්සේ දුක් විදිනවා....
    ඒ නිසා කොහොම හරි අවසර අරන් හදන්න....



    05) දැන් තියෙන්නේ වියදම හදා ගන්න.....
    මුලින්ම බඩු වලට යන වියදම....
    ගන්න BOQ එක....
    ගහන්න chart එකක් ඕන කරන බඩුවයි, ප්‍රමානයයි එන විදිහට....
    දැන් යන්න hardware දෙක තුනකට...

    url


    දෙන්න ලිස්ට් එක....
    අහගන්න ගනන්....
    දැන් කරන්න තියෙන්නේ ඒ ඒ බඩුවට අඩුම ගනන් කීව කඩෙන් බඩු ටික ගන්න හිතා ගන්න....


    06) දැන් හොද බාස් කෙනෙක් හොයා ගන්න ඕනේ...

    2984328674_415510e191_s.jpg


    කවදාවත් දවසේ කුලියට නම් කට්ටිය ගන්න එපා,,,,
    එක්කෝ මුලු වැඩේටම ගානක් කියන්න කියන්න,,,
    නැත්නම් ඒකක එකකට ගානක් කියන්න කියන්න....
    මෙන්න මේ දවස් වල යන ගනන් ටිකක්....

    වල කපාගෙන foundation දාන්න, ගන අඩියක් 45-50ක්
    DPC වලට දික් අඩියක් 35-40ක්
    බ්ලොක් ගලක් බදින්න 18-20ක් විතර
    ලින්ටෙල් එකට 50-55ක්
    වහලයට කෙම්පස් නම් වර්ග අඩියක් 40-45 අතර
    සිවිලිමට වර්ග අඩියක් 20-25ක් විතර..
    කපරාරුවට, ගෙයක් නම් 18-20ක් තාප්පයක් නම් 14-16ක්
    බදාම කපාගෙන ටයිල් අල්ලන්න 40ක්
    වැහි පීලි දාන්න යකඩ එකටනම් අඩියක් 40 ගානේ
    පොලව කොන්ක්‍රීට් 30ක්
    පතුල කොන්ක්‍රිට් 35-40ක්
    පේමන්ට් කොන්ක්‍රිට් අඩියක් 45 ගානේ
    12x12 beam එකක් අඩියක් 90ක්,
    වැහි කෙන්ද 40-60ක් අතර,
    බදාම කපන්න 30-35ක්,


    වයරින් එකේ
    පොයින්ට් එකක් 275-300ක්..... point එකක් කියන්නේ switch එකක් සහ plug point එකකට....
    wall lamp එකක් 150ක්,
    fan එකක් 750ක්...


    මිදුල හදන්න,
    කොන්ක්‍රිට් කරන්න වර්ග අඩියක් 40ක්
    ගල් අල්ලනවනම්,
    තලාගෙන, ගල් කුඩු දාලා ගල් අල්ලන්න වර්ග අඩියක් 50-60ක්...
    කානුව වර්ග අඩියක් 75-85ක් විතර.....

    ඔන්න බාස් කුලිය.......



    07) ඊලගට බඩු ගන්න ඕනේ...
    සිමෙන්ති, හුනු, පොටි, ගඩොල් ගේන කොට පුලුවන් තරම් එක පාර ගේන්න......
    නැත්නම් වාහන කුලිය සෑහෙන්න වෙනවා....
    සිමෙන්ති කොට්ට 50ට වඩා ගන්නවානම් පුලුවන් තරන් ගබඩාවෙන් ගන්න,,,,
    අඩුවට ගන්න පුලුවන්.....

    url


    සිමෙන්ති ගන්නවානම් ගේකට නම් අනිවා හොල්සිම් ගන්න..
    පොඩි වැඩකට නම් සින්හ වගේ එකක් ගන්න.....

    වැලි නම් ගේකට නම් මනම්පිටි වැලි ගන්න,,,,

    url


    ඒවගේ මඩ අඩුයි....
    මහියන්ගන වැලි වල මඩ ටිකක් තියෙනවා...
    පොඩි වැඩකට නම් කෝකත් එකයි....

    පොටි ගන්නවා නම් ගේකට නම් st. Anthanies එක ගන්න...
    ඒක හොදයි,,,
    කවදාවත් කැට නෑ.....

    ටයිල් ගන්න කොට bathroom එකටයි, කුස්සියේ මේස ලෑල්ලටයි , වැරන්ඩා එකටයි අනිවා LANKA TILES ගන්න...

    url


    අනිත් ඒවා අවුරුදු 5ක් 6ක් යද්දි වතුරටයි, අඩිය තියෙන කොටයි ගෙවිලා යනවා....
    අනිත් තැන් වලට rocell හරි, මැලේසියන්, ඉන්දියන් ඒවා ගත්තට කමක් නෑ......



    මුලින්ම දාන්න ඕනේ කෑල්ලක් දැන් මතක් උනේ.....
    ගෙදර plan කරද්දි මේවා හිතන්න....
    සාලය අඩුම ගානේ වර්ග අඩි 150ක්වත් තියන්න....
    නිදන කාමරයක් වර්ග අඩි 100ක් විතර තියන්න....
    කුස්සිය වර්ග අඩි 120ක්-130ක් විතර තියන්න......
    bathroom වර්ග අඩි 30ක්වත් තියන්න......
    මේවට ජනෙල් දොරවල් දාද්දි හොදට හිතලා දාන්න...
    වාස්තු විද්යාව ගැන හිතන්න....
    කුස්සිය හොදට එලිය වැටෙන තැනකින් හදන්න.....



    url


    මේ ටික ඇති ගෙයක් හදන්න පටන් ගන්න....
    තව ගොඩාක් වැඩ තියෙනවා ඉස්සරහට.....
    බාස්ලත් එක්ක ඔට්‍ටු වෙන හැටි, ගනන් හදද්දි බාස්ලා අපිව අන්දවන හැටි,
    මේව ගැන දැන ගන්න වෙන ත්‍රේඩ් එකකින් හම්බ වෙමු....
    උද්ව්වක් උනා නම් මොනවා හරි කියාගෙන යන්න....
    සම්පූර්නයෙන් මමමයි ටයිප් කලේ...

    අපේ කැදැල්ල අපිම හදමු 1​

    අපේ කැදැල්ල අපිම හදමු 2​

    අපේ කැදැල්ල අපිම හදමු 3​
     
    Last edited by a moderator:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,944
    2,109
    113
    elakiri මචන් ....rep++.......බාස්ල අපිව අන්දවන හැටිත් කියපන් ඉකමනට
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    Machan Hoda post ekak

    eth ban oya kiyana widiyata eka para salli dala minissunta ada kale gewal hadanna amarui...

    ekapara salliyak dala hadanne loku dala karayo