එංගලන්තයේ ඩයිනමෝව (Dynamo) - ස්ටිවන් ෆ්රෙයින් (Steven Frayne)

Kasun Anuradha

Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    එංගලන්තයේ ඩයිනමෝව (Dynamo) - ස්ටිවන් ෆ්රෙයින් (Steven Frayne)

    එළකිරි එකේ ඉන්න කට්ටිය සමහර අය මෙයා ගැන දන්නවත් ඇති. "වෙනස" බලපු අයත් දන්නවා ඇති :) ඒත් දන්නේ නැති අයට මං මෙය කව්ද කියලා හදුන්වලා දෙන්න හිතුවා. :yes:

    article-2165482-13D4E4BE000005DC-231_634x440.jpg


    ඩයිනමෝ (Dynamo) එහෙමත් නැත්තම් ස්ටිවන් ෆ්රෙයින් (Steven Frayne) කියන්නේ මැජික් ශිල්පියෙක්. හැබැයි මෙයාට මැජික් කරන්න වෙනම වේදිකාවක් අවශ්‍ය නෑ. වේදිකාව වෙන්නේ මහා පාර. වෙන විදියකට කිව්වොත් ඩයිනමෝ කියන්නේ Street Magic ශිල්පියෙක්. Street Magicians ලා ගැන කව්රුත් දන්නවනේ. ලංකාවෙත් ඉන්නවනේ හෂාන් ප්‍රනාන්දු කියලා කෙනෙක් Street Magic කරන. :yes: නමුත් අනික් ප්‍රසිද්ධ Street මැජික් ශිල්පියන්ට වඩා මෙයා ටිකක් වෙනස්. අනික් ප්‍රසිද්ධ අය කිව්වේ Criss Angel, David Blaine වගේ අය. :) ලගදි දවසක පාරේ බලා සිටපු අයව පුදුමයට පත් කරමින් මොහුට එංගලතයේ ලෝක ප්‍රසිද්ධ තේම්ස් නදිය හරහා ඇවිදගෙන යන්න හැකි වුණා. මේ හේතුව නිසා ඔහුගේ මැජික් තවත් ප්‍රසිද්ධියට පත් වුණා.

    මේ තියෙන්නේ ඒක



    පිස්සු නෙහ් :)

    tumblr_mchs2eSnOX1ryezmmo1_500.jpg


    ස්ටිවන් ෆ්රෙයින් හෙවත් ඩයිනමෝ ඉපදුනේ 1982 දෙසැම්බර් මාසේ 17 වෙනිදා එංගලන්තයේ බ්‍රැඩ්ෆෝර්ඩ් කියන ගමේ ඩෙල්ෆ් හිල් කියන ප්‍රදේශයේ. බ්‍රැඩ්ෆෝර්ඩ් කියන්නේ නැගෙනහිර එංගලන්තයේ තිබුන දරුණුම පළාතක්. ස්ටිවන්ව හදා ගැනීමට ඔහුගේ මවට මහත් වෙහෙසක් දරන්නට සිදු වුණා. පියාට සිටියේ හිරේ වැරදි ක්‍රියා කලාපයන් නිසා. ස්ටිවන්ගේ තාත්තා විදියට හිටියේ දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් සේවය කල ඔහුගේ සීයා. ස්ටිවන්ගේ සීයා තමා ස්ටිවන්ගේ පලවෙනි මැජික් ගුරුවරයා. සීයාගෙන් ඉගෙනගත් පොඩි පොඩි මැජික් පසු කාලයේදී වැඩි දියුණු කර තමාටම ආවේණික මැජික් ක්‍රම බවට පත් කර ගත්තා. ඒ සඳහා ඔහු නිතරම මැජික් පොත්පත් පරිහරණය කළා. ඔහු cardpack එකෙන් මැජික් කර පෙන්වන විට Hip Hop නර්තන ශිල්පයද යොදා ගන්නේ බලා සිටින අය කුල්මත් කිරීමටයි. මේ නිසා ඩයිනමෝගේ මැජික් ඔහුටම ආවේණිකයි.

    අවු.19 වනවිට ඇදහිය නොහැකි දස්කම් දක්වපු ස්ටිවන්ගේ මැජික් රටේ විතරක් නෙමේ. ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. Foo Fighters, Will Smith, Nelly Furtado, Coldplay, Paris Hliton වගේම Prince Charles (චාර්ල්ස් කුමරු) ඉදිරියේ පවා මැජික් කර පෙන්වා තිබෙනවා.

    මේ තියෙන්නේ ඔහුගේ සුපිරි දස්කම්



    නිව් යෝර්ක් හිල්ටන් වලදී ස්ටිවන් හට Aaron Fisher සහ David Blaine ඉදිරියේ මැජික් පෙන්වීමට අවස්ථාව ලැබුණා. පුදුම සහගත මැජික් දර්ශනයෙන් අනතුරුව නරඹන්නන් අතර සිටි අයෙක් “this Kid’s a f***ing DYNAMO!” යනුවෙන් කෑ ගැසුවා. මේ සිද්ධියෙන් පසු ස්ටිවන්ගේ වේදිකා නාමය "Dynamo" බවට පත් වුණා.

    මේ වනවිට Dynamo විවිද රුපවාහිනී වැඩසටහන් වලට පෙනී සිට ඇති අතර "Snoop Dogg's Fatherhood" "Friday Night with Jonathan Ross" සහ "MTV EMA" මේ අතර විශේෂයි. තවත් දෙයක්. ස්ටිවන් ක්රෝහ්න්ස් (Crohn's disease) කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ඒ වුනාට ඔහුගේ මැජික් සඳහා ඒක ගැටළුවක් නෙමේ.

    තවත් අරුම පුදුම මැජික් කීපයක්









    Dynamo : Magician Impossible යනුවෙන් වැඩසටහනක් මේ දිනවල එංගලන්තයේ රුපවාහිනී නාලිකාවක විකාශය වෙනවා. පල්ලෙහ තියෙන torrent එකෙන් එකේ episodes බාගන්න පුළුවන්. කලින් මං දාපු Youtube Videos ටික ඔක්කොම බලාගන්න පුළුවන්.

    Dynamo%20Magician%20Impossible%20official%20artwork.jpg


    Season 1

    Dynamo Magician Impossible 2011 Season 1 Complete DVDRiP

    Season 2

    Episode 1
    Episode 2
    Episode 3
    Episode 4


    පෝස්ට් එක හොඳනම් REP එකක් දීලා යන්න. මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක. අනික් ත්‍රෙඩ් ඔක්කොම උදව් ඉල්ලලා දාපුවා :)

     
    Last edited: