මේවා edit කරපු ඒවාද ? (amazing)

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මේවා edit කරපු ඒවාද ? (amazing)

පොඩ්ඩක් වෙන විදිහක නුලක් දන්නා හිතුන , පොඩ්ඩක් අමුතු ජයාරූප ටිකකුයි ඒ ජයරුපයේ කතාවයි කියන්නයි හදන්නේ ,
හැබැයි බැලු බැල්මට මේක එක ජයරුපයක්වත් ඇත්ත කියල හිතන්න අමාරු වේවි . පොඩ්ඩක් බලන්ඩකෝ


pashabulker1.png


මොකද හිතන්නේ ? අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි කියල හිතුනද ?
ඇත්තටම මේක 2007 දී අනතුරකට පත් උන පාෂ බල්කර් කියන නැව ඔස්ට්‍රලියාවේ පොඩි ගම්මානයක් වෙන නිව් කසල්හි නොබිස් වෙරළට ගහගෙන අපු වෙලාවේ ඇත්තටම ගත්ත පින්තුරයක් ,


brutus.png



අම්මටසිරි වලහෙක් එක්ක බය නැතුව හිනවෙගන කෑම කන මිනිස්සු , එක්කෝ වලහ ,වලස් ඇදුම් ඇද ගත්ත මිනිහෙක්වත්ද ? නැත්තම් එඩිට් කරපු එකක්ද ?
ඇත්තටම මේ වලහ පුරුදු කරපු වලහෙක් ,මේ වලහ ගොඩක් රුපවාහිනී දැන්වීම් වලටත් යොදා ගත්ත කෙනෙක් , ඇත්තටම මේ ඉන්නේ ඒ වලහගේ පුරුදු කරන එක්කෙනා සහ අයිතිකරු වන කැසී ඇන්ඩර්සන් සහ පව්ලේ අය


tennis.png


මෙහෙම ටෙනිස් ගහන්න පුලුවන්ද ?
මේකත් ඇත්තටම ගත්ත පින්තුරයක් 2005 පෙබරවාරි 22 ද ඩුබායි වල බර්ජ් අල් ඇරැබ් හෝටලයේ , ටෙනිස් ලොව වැඩකාරයෝ දෙන්නෙක් වෙන රොජර් ෆෙඩරර් සහ අන්ඩ්රු අගාසයි තරග කරන අවස්ථාවක් ,හෙලිකොප්ටර් එකකක් ඉදන් ගත්ත පින්තුරයක්


invisiblehockey.png


කෝ මේකාගේ ඔලුව ?
ඔලුව නැති මිනිහෙක් නෙවෙයි ඇත්තටම ,මේක නොර්වේ වල හොකි තරගයකදී ගත්ත පින්තුරයක් , ඇත්තටම මෙතන වෙන්නේ රතු ඇදගෙන ඉන්න කෙනාගේ ඔලුව නිල ඇදගෙන ඉන්න කෙනාගේ ඇත ඇතුලෙන් හැප්පෙන එකයි , එත් එක්කම ගැලවෙන ඔහුගේ හෙල්මටය ඔලුවක් නැති මිනිහෙක්ව පින්තුරේ හදනවා


blackandwhite.png


මේකනම් කොහොමටත් වෙන්ඩ බැ , අනිවාර්යෙන් එඩිට් කරපු එකක් වෙන්ඩ ඕනි ...
ඇත්තටම නැහැ , මේකත් ඇත්ත ජයරුපයක් මේක 2009 දී සෙන් ෆ්රැන්සිස්කෝ වල දී ගත්ත ජයරුපයක් , කෙටියෙන් කිවොත් හොදටම මේකප් කරනවා කියන්නේ මේකටයි , මේක මේකප් වලින් පෙන්නන විජ්ජාවක්


bikeintree.png


මෙහෙම වෙන්ඩ පුලුවන්ද ?
මේකත් ඇමෙරිකාවේ වොෂින්ටන් වල පාර්ක් එකක කාලෙකට අතහැර දම ගිය බයිසිකලයක් ගහකටම බද්ද වී වැඩීමෙන් සිද්ද වෙච්ච ඇත්ත කතාවක්


lotsofdigits.png


ෆොටෝෂොප් කරපු වැඩක්ද ?
මේ චීනයේ අසාමාන්‍ය විදිහට වැඩුන ළමයෙක්ගේ 2010 දී ගත්ත පින්තුරයක් , මෙයට ඇගිලි ඔක්කොම 31 තියනවලු


sandtrees.png


මේක චිත්‍රයක් ද ?
මේක ඇත්තටම හිරු අවරට යන වෙලාවේ නම්බියාලු කාන්තාරයේ ගත්ත ජයරුපයක් ,ඔය තැබිලි පාටට පෙන්නේ අහස නෙවෙයි වැලි කන්දක් නැෂනල් ජියොග්රෆික් වල හොදම ජයාරූප අතරටත් එකතු උන එකක් මේක


indoorcloud.png


වලාකුලක් කාමරය ඇතුලේ ?
ඇත්තටම අවශ්‍ය සාදක ඇති උනොත් කාමරයක් ඇතුලේ නෙවෙයි කාර් එකක් ඇතුලේ උනත් වලාකුලක් සැදෙන්න පුළුවන් , මේකත් ඒවගේ දුර්ලබ අවස්ථාවක්


swissknife.png


මේකත එඩිට් කරලා හදපු එකක් වගේ !
මේකත් විහිළුවක් නෙවෙයි ඇත්තටම ටුල් 85 සහිතව නිර්මාණය කල එකක් අගල් 9ක දිගගින් සහ රාත්තල් 2ක බර ලොකු ටුල් කිට් එකක්


giantrabbit.png


අප්පා ලොකු !
මේකත් ඇත්ත ජයරුපයක් , Karl Szmolinsky නම් ජර්මන් ජාතිකයාගේ සත්ව ගොවිපලේ තමයි මේ කෙට්ටු හාවා ඉන්නේ :P


diamondmine.png


මෙහෙම තැනක් තියෙන්න පුලුවන්ද ?
ඇත්තටම , තියනවා තියෙන්නේ රුසියාවේ ,මිර්නි වල මේක තමයි ලෝකේ ලොකුම දියමන්ති ආකරය .


ostrich.png


පස්බරෙක්ගේ පිටේ යන්න පුලුවන්ද ?
කොටින්ම පුළුවන් මේ තියෙන්නේ ඇත්තම පස්බරුන්ගේ පිටේ නැගල යන රේස් එකක් ,


uno1.png


මේකනම් එඩිට් එකක් !
නැහැ , ඇත්තටම මේක තමයි ලෝකේ පලවෙනි තනි රෝදයේ මෝටර් සයිකලය



somalitruck.png



මෙහෙමත් පැටවිලි
මේකත් සොමලියවේදී ගත්ත ඇත්තම පින්තුරයක් ,පටවල තියෙන්නේ තිරිගු




dogaroos.png


කකුල් දෙකේ බල්ලෝ ,

කකුල් දෙකේ බල්ලෝ කිව්වම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික විතරයි කියල හිතුවද ?මේ ඉන්නේ ඇත්තම ඔරිජිනල් එක , මේ දෙන්නට ඉපදෙනකොටම කකුල් තිබිල නැහැ , ඉන්නේ පිලිපීනයේ කිව්සෝන් නගරයේ , Lope Tulipas තමයි මෙයාලගේ අයිතිකාරයා



sandstorm.png


මේක බොරුවක් කියල හිතනවද ?
මේක 2005 දී ඉරාකයේ වාර්තා කරණය සදහා ගිය ජයාරූප ශිල්පියෙක් ඇත්තටම ගත්ත පින්තුරයක්



metalsculpture.png


මේක ඇත්ත කියල බොරුනම් කියන්න එපා
විස්වාස කරන්න අකමැති උනත් මේක ඇත්ත ,මේක නිව් සිලන්ඩ් වල නිර්මාණ ශිල්පියෙක් වන Neil Dawson ගේ වැඩක් , මේක මොන පැත්තකින් බැලුවත් කාටුන් එකක් වගේ , මේ නිර්මාණය කරලා තියෙන්නේ යකඩ වලින්


table.png


තනිකර ෆොටෝෂොප් !
නැහැ , සහතික ඇත්ත , මේ ඇති විශාල පුටුවයි මේසයයි ඉතාලි නිර්මාණ කරුවෙක් වෙන Giancarlo Neri ගේ වැඩක්


ducky.png


බොරුද ?
ඇත්ත ,rubber ducky කියන මේක Four media කියන ආයතනයේ , දැන්වීමක් විදිහට යොදා ගන්න එකක්


rockbalancing.png


ගම් ගලා අලවලද ?
නැහැ ඇත්තෙන්ම කිසිම බාහිර උදව්වක් නැතුව රදවල තියල , මේක සමහර රටවල තරගයක් විදිහටත් තියනවලු


lakedrain.png


මර වැඩේ !
මේක ඇත්තටම සිද්ද වෙන දෙයක් , සිද්ද වෙන්නේ කැලිෆෝනියාවේ බරියෙසිය විලේ , විලේ වතුර මට්ටම පාලනය කරන්නයි මෙහෙම දෙයක් හදල තියෙන්නේ , මේකට අඩි 70 වට ප්‍රමාණයක් වගේම අඩි 300 විතර ගබුරකුත් තියනවලු


cat.png


ඔලු දෙකේ පුසෙක්
මේකත් ඇත්ත සිදුවීමක් ,මේක ගිනස් වර්තවක්ලුනේ


weeds.png

මෙච්චර ලොකු

මූදු පැළෑටි සැහෙන ගානක් මේ වගේ ජයරුපයකට නගන්න පුළුවන් වෙලා තියෙන්නේ නිව් ඉංග්ලන්ඩ් හි ඉන්සමවුත් වෙරළේදී ,


එහෙනම් අපි ගිය ....බලපු ,චාමෙන්ට් කරන බම්ප් කරන රේප් දෙන හැමෝටම ස්තුතියි , :):):)
 
Last edited:

donguy

Member
Feb 28, 2011
419
68
0
good post.

Ane sorry machan, mage athin waradila, disapprove una, hithala kala neme, ane sorry!!!
 
Last edited: