කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
කොලොම්පුරේ ඉන්න තමන්ගෙ ආදරවන්තයට .. ගමේ ඉන්න ආදරවන්තිය මෙන්න මෙහෙම කියනවා...
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටී මංමුලාවේ.....
හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...
දේදුන්නේ පාට අරං සේල අදිනවාලු...
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑ ලු....
ඈත රටින් ගෙනු පුසුඹ හිත රවටනවාලු...
මගෙ රන්කද ඒ පුසුඹට රැවටෙන්නේ නෑ ලු.....
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
වෙල් දෙනිවල වෑ කන්දේ දුව පැන නැටුවාලු....
දෙවැට දිගේ ඇවිදිනකොට ඉගි බිගි පෑවාලු...
කොයි දේසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු....
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාලු....
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
ඉතිං... ආදරවන්තයා මොනවා කියන්න ඇතිද ?
කියවලම බලන්න.. ඒ තාලෙටම..
කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
කිරිල්ලියෝ ඉගිලෙනවා නිදැල්ලේ...
අත වැනුවත් නොවැටෙමි මං මුලාවේ...
නිතර රැදෙයි හිත ඔබගේ කැදැල්ලේ......
පාට පාට ඇදුම් කොටට ඇදගෙන යනවාලු...
උපැස් යුවලගින් හොරැහින් මදෙස බලනවාලු....
ඉදලා හිටලා ආදරබර විහිළු කරනවාලු....
ඒ උනාට හැමදාමත් මං ඔයාගෙමයි ලු....
කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
නියර දිගේ අත් පටලං ඔහේ ඇවිද්දාලු...
හීන ගොඩක් ගමේ තියා කොළඹට ආවාලු...
කොළඹ රුවැත්තියන් නිසා ඔබ අමතක නෑ ලු
ඉක්මනටම අපි දෙන්නා එක්තැන් වෙනවාලු.....
කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
කොලොම්පුරේ ඉන්න තමන්ගෙ ආදරවන්තයට .. ගමේ ඉන්න ආදරවන්තිය මෙන්න මෙහෙම කියනවා...

කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටී මංමුලාවේ.....
හිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...
දේදුන්නේ පාට අරං සේල අදිනවාලු...
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑ ලු....
ඈත රටින් ගෙනු පුසුඹ හිත රවටනවාලු...
මගෙ රන්කද ඒ පුසුඹට රැවටෙන්නේ නෑ ලු.....
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
වෙල් දෙනිවල වෑ කන්දේ දුව පැන නැටුවාලු....
දෙවැට දිගේ ඇවිදිනකොට ඉගි බිගි පෑවාලු...
කොයි දේසේ හිටියත් ඔබ මගෙමයි කීවාලු....
මගෙ රන්කද මතක නේද අපි දෙන්නා යාලු....
කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..
ඉතිං... ආදරවන්තයා මොනවා කියන්න ඇතිද ?

කියවලම බලන්න.. ඒ තාලෙටම..

කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
කිරිල්ලියෝ ඉගිලෙනවා නිදැල්ලේ...
අත වැනුවත් නොවැටෙමි මං මුලාවේ...
නිතර රැදෙයි හිත ඔබගේ කැදැල්ලේ......
පාට පාට ඇදුම් කොටට ඇදගෙන යනවාලු...
උපැස් යුවලගින් හොරැහින් මදෙස බලනවාලු....
ඉදලා හිටලා ආදරබර විහිළු කරනවාලු....
ඒ උනාට හැමදාමත් මං ඔයාගෙමයි ලු....
කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
නියර දිගේ අත් පටලං ඔහේ ඇවිද්දාලු...
හීන ගොඩක් ගමේ තියා කොළඹට ආවාලු...
කොළඹ රුවැත්තියන් නිසා ඔබ අමතක නෑ ලු
ඉක්මනටම අපි දෙන්නා එක්තැන් වෙනවාලු.....
කොලොම්පුරේ මං ඉන්නා ඉසව්වේ..
Last edited:


ඇයි හොද නැද්ද ? 


