සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි

    කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා මහා අනතුරක් වැළැක්වීමට සමත් විය.
    ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පසිඳු දීප්ත ප්‍රනාන්දු (15) මේ වීර ක්‍රියාව කළ සිසුවාය.
    ඔහුගේ නිවෙස අසළ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති බව ඔහු දැක ඇත්තේ අගහරුවාදා පස්වරු 3.20ට පමණය. ඉන් මිනිත්තු දහයකට පසුව දුම්රියක් ධාවනය වන බව ඔහු දැන සිටියේය. වහා ගෙදරට ගොස් පියාට දැන්වීය. පියා ඉටිරෙදි කැබැල්ලක් රැගෙන අනතුරු සංඥාවක් කළේය.
    0315.jpg

    0414.jpg

    0511.jpg


    ගත්තෙ : 
    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/78663