අහෝ අපේ ජීවිතය !!!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අහෝ අපේ ජීවිතය !!!

    how-to-live-life.jpg

    ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. එක වෙලාවකට ඒක ලස්සනයි, සුන්දරයි නමුත් තවත් වෙලාවකට ඒක ඉතාම අමිහිරියි. අපිට ජීවිතය කොච්චර හොඳද කියල වෙලාවකට හිතෙන්න පුලුවන්. ඒ වගේම ඒ හිතටම මේ ජීවිතයෙන් පලායන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි උපන්න නිසා මියයනතුරුම ජීවත් වෙනවා. කෙනෙක් මව් කුසින් බිහිවෙච්ච ගමන්ම එයා අතින් අරන් එන දෙයක් තමයි මරණය. ඉතින් උපන් දවසේ සිට මැරෙන තුරාවට අපි කරන කියන හිතන පතන දේවල් වලට අනුව තම තමන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය රඳාපවතිනවා.

    ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය මිනින විදිහට එකිනෙකාට වෙනස්. සමහරෙක් කියන්න පුලුවන් හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා විවාහවෙලා දරුමල්ලෝ හදලා ඊටපස්සේ එයාලගේ කටයුතු අහවරකරලා අවසානේ පිනක් දහමක් කරලා සතුටින් මැරෙන එක සාර්ථකත්වය කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ට නොව ලෝකයටම සේවයක් කරලා ලෝකයෙන්ම ගරුබුහුමන් ලැබීම සාර්ථකත්වය කියලා. ඒ වගේම මේ ලෝකයෙන් මිදිලා සත්ය සෙවීමෙන් එය කොහොම හරි ලබාගන්න එක සාර්ථකත්වය කියලා. ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ මිම්ම හදාගන්නේ තමන් විසින්මයි. තමන්ගේ මිම්මට අනුව වැඩකරන එක තමයි හොඳම කාරනේ.

    ජීවිතේ ඉදිරියට යනවා නම් ඒකට ඉලක්ක තිබෙන්න ඕන. එක එක කාලෙට කරන්න තියෙන එක එක දේවල්. ඒවා ටිකෙන් ටික ලබාගන්න එකයි ජීවිතේ ගතකරනවා කියන්නේ. කියමනක් තියෙනවානේ මුලදිම හරියට පටන් ගත්තානම් වැඩෙන් බාගයක් අවසානයි කියලා. ඒ වගේම ජීවිතේ මුලදිම සැලසුම් කරගත්තානම් ඉදිරියට යන්න ලේසියි.

    ජීවිතයේ අපිට වැරදීම් වෙන්න පුලුවන්. ඒවා ඉතාම භයානකයි. සමහර කෙනෙක් කියන්න පුලුවන් වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා නේද කියලා. ඔව් අපිට එහෙම තර්ක කරන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් ගොල්ෆ් ක්රීඩාවේ පිත්ත පන්දුවේ වැදෙන කෝණය එක අංශකයකින් එහාට මෙහාට උනොත් පන්දුව යන ගමන්මාර්ගය වෙනස් වෙනවා. එක පාරක් බැරිඋනොත් අනිත් පාර හරි ගොල්ෆ් ක්රීඩාවේ නිවැරදි කරගන්න පුලුවන්. එක තරඟයක් පැරැදුනොත් තවත් තරඟයක් අපිට ජයගන්න පුලුවන් අපේ වැරැදි හදාගෙන අලුත් විදිහට හිතලා.

    දැන් කට්ටිය හිතනවා ඇති ඇයි අපිට ජීවිතයේදීත් මේක අනුගමනය කරගන්න බැරි කියලා. ජීවිතයේදී ගොල්ෆ් ක්රීඩාවට බලපාන නීති සියල්ලක්ම බලපානවා. නමුත් එක දෙයක් වෙනස්. මොකද්ද ඒ. ඒක තමයි "කාලය". අපි ජීවත් වෙන්න වෙන්න කාලය ගතවෙනවා. අපිට ඒක අල්ලන්න බෑ. භෞතිකව මනින්න බෑ. නමුත් කලය ගතවෙනවා. අපිට ජීවිතයේ වෙන වැරදීම් හදාගන්න සමහර වෙලාවට පුලුවන් උනත් ඒ කාර්යයේදි කාලය කියන දේ සමහර වෙලාවට අපිට හරස් වෙන්න පුලුවන්. ක්රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ.

    Toddy+Athura+DPOEM.jpg

    ජීවිතය කියන්නේ පොල් ගස් දෙකක් අතර තිබෙන අතුරක් වගේ. වැරදියට එක අඩියක්වත් තිබ්බොත් විනාසයි. computer game එකක්වගේ replay කරන්නත් බෑ. එක වැරැද්දක් කලොත් ඒකෙන් වැරදි ගානක් සිද්ධවෙන්න පුලුවන්. ඒ වැරදි ටික හදාගන්නත් කාලයක් යනවා. එතකොට කාලයේ වාසිය අපිට නැතිවෙන්න පුලුවන්.

    මම මේ ලිපියෙක් කියන්න උත්සාහ කලේ අපි මීට වඩා ජීවිතය ගැන අවධානයෙන් ඉන්න ඕන කියන එක. වැරදුනාම හදන්න බැරි වැරැද්දක් වුනාම මකන්න බැරි පොතක් වගේ තියෙන ජීවිතය ගැන, තමන් ගැන හොයලා බලන්න පෙලඹෙන්නේ අද කීයෙන් කීදෙනාද ? කවදාවත් ජීවිතය fast track එකේ යන්න එපා. මොකද වැරදුනොත් ආයේ කවදාවත් හදන්න බෑ. හෙමින් නමුත් විශ්වාසයෙන් කෙනෙක් ජීවිත ගමන යනවා නම් එයා වැරදි තීරණයක් ගන්න ගියත් ඒක හදාගන්න එයාට කාලය තියෙනවා.

    "ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව". මේ ටික හොඳින්ම මතක තියාගන්න
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියමයි ඔයාද ලිව්වේ මචන්:).කෝ මේකට comments:frown:
    ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව". මේ ටික හොඳින්ම මතක තියාගන්
    :yes::yes::yes:

    ඔව් ජීවෙතේ හදාගන්න බැරි වැරදිවෙනවා තමා:dull:.එහමවෙලා ආයිත් ගොඩ එන්න බෑරිතරමට මිනිස්සු වැටනවා:sorry:.නමුත් පුද්ගලයෙක් වුනහම දැනගන්න ඕනේ ඒ වැටිච්ච් වලෙන් කොහමහරි ගොඩ එන්න
    11.gif
    .කාලයත් හරස්වෙනවා තමා:eek: .කාලය හරස්වුනා කියන්නේ අපිට එක මාර්ගයක් වැහුනා කියන එක:dull:.හැබැයි හොදට බැලුවොත් අපිට තව මාර්ගයක් හොයාගන්න පුලුවන්
    11.gif
    වෙච්ච් වැරදි ආ‍යෛ නිවරැදිකරන්න බෑරිනම්:dull:.දැනගන්න ඕනේ ආයිත් වැරදි නොකර ඉන්න:yes:.ජිවෙතේ කියන්නේ අතුරේ යනවා වගේ තමා:)හැබැයි ඒක නිසා තමා ජීවිතය ගලාගන යන්නේ:yes: එක තැන පල්වෙනවාට වඩා ඒක හොදයි
    11.gif
    රෙප් 5+
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නියමයි ඔයාද ලිව්වේ මචන්:).කෝ මේකට comments:frown:
    :yes::yes::yes:

    ඔව් ජීවෙතේ හදාගන්න බැරි වැරදිවෙනවා තමා:dull:.එහමවෙලා ආයිත් ගොඩ එන්න බෑරිතරමට මිනිස්සු වැටනවා:sorry:.නමුත් පුද්ගලයෙක් වුනහම දැනගන්න ඕනේ ඒ වැටිච්ච් වලෙන් කොහමහරි ගොඩ එන්න
    11.gif
    .කාලයත් හරස්වෙනවා තමා:eek: .කාලය හරස්වුනා කියන්නේ අපිට එක මාර්ගයක් වැහුනා කියන එක:dull:.හැබැයි හොදට බැලුවොත් අපිට තව මාර්ගයක් හොයාගන්න පුලුවන්
    11.gif
    වෙච්ච් වැරදි ආ‍යෛ නිවරැදිකරන්න බෑරිනම්:dull:.දැනගන්න ඕනේ ආයිත් වැරදි නොකර ඉන්න:yes:.ජිවෙතේ කියන්නේ අතුරේ යනවා වගේ තමා:)හැබැයි ඒක නිසා තමා ජීවිතය ගලාගන යන්නේ:yes: එක තැන පල්වෙනවාට වඩා ඒක හොදයි
    11.gif
    රෙප් 5+

    ඔව් මචන් මම තමයි මේක ලිව්වේ.
    නිකන් ඉන්න වෙලාවට මගේ ජීවිතේ ගැන මම කල්පනා කලාම මෙහෙම දෙයක් මට හිතුනා. මම ලියලා තියෙන දේවල් සෑහෙන ප්‍රමාණයක් මගේ ජීවිතයට ගැලපිලා තියෙන්නේ. කාලය ආපස්සට හරවන්න පුලුවන් නම් මම කරපු වරැදි ආපහු හදාගන්න පුලුවන් නේද කියල හිතෙනවා
    ඒ වැරදි වලින් අත්දැකීම් අරගෙන ආයෙත් ජීවිතේ හදාගන්න මම උත්සාහ කරනවා මචන්. ඒ වුනාට අර මන් කලිං කිව්ව "කාලය" කියන එක හරස් වෙන වෙලාවලුත් තියෙනවා.

    මම මේ ලිපිය මගේ බ්ලොග් එකෙත් දාලා තියෙනවා.
     
    ela ela oyage blog eka mokdha:)
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    කවදාවත් ජීවිතය fast track එකේ යන්න එපා. මොකද වැරදුනොත් ආයේ කවදාවත් හදන්න බෑ. හෙමින් නමුත් විශ්වාසයෙන් කෙනෙක් ජීවිත ගමන යනවා නම් එයා වැරදි තීරණයක් ගන්න ගියත් ඒක හදාගන්න එයාට කාලය තියෙනවා. :yes::yes::yes: :cool::cool::cool:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ක්රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ.

    කතාව හරියටම හරි මචන් reset කරන්න පුලුවන් නම් ගොඩක් වැරදුනු තැන් හදාගන්න තිබුනා සමහර විට 1 පොඩි වැරැද්දක් නිසා ගොඩක් වටින දේවල් අපිට නැති වෙලා තියනව නමුත් ඒව ආපහු ලබා ගන්න යනකොට අපි පරක්කු වැඩියි ද කියලත් හිතෙනව
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    meke inna ewun me wage hoda thread walata comment karanne na, jangiyak genalla dammanam hoo gaala comment, thuk nodokin

    ela wadak bro,
    එහෙම තමයි මචන්. මිනිස්සුන්ට ආකර්ෂණය තියෙන්නේ ඒ වගේ දේවල් වලට තමයි. නමුත් යථාර්තය ටික දෙනෙක් හරි දැකලා ඒක අවබෝධ කරගත්තා නම් ඒක තමයි මගේ සැනසීම
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    niyamai machan.

    Rep +4

    ක්රීඩාවකදී වැරදුනාම reset කරන්න පුලුවන් උනත් කවදාවත් ජීවිතය reset කරන්න බෑ. ජීවිතය ආයෙත් පටන්ගන්නවා කියලා කිව්වාට කාලයේ වාසිය අපිට කවදාවත් ලබාගන්න පුලුවන් කමන් නෑ.

    කතාව හරියටම හරි මචන් reset කරන්න පුලුවන් නම් ගොඩක් වැරදුනු තැන් හදාගන්න තිබුනා සමහර විට 1 පොඩි වැරැද්දක් නිසා ගොඩක් වටින දේවල් අපිට නැති වෙලා තියනව නමුත් ඒව ආපහු ලබා ගන්න යනකොට අපි පරක්කු වැඩියි ද කියලත් හිතෙනව

    :cool::)
     
    • Like
    Reactions: mic

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Good post.Thanks for sharing with us.....

    Rep+

    තෑන්ක්ස් මචන්. මේ මම ලියලා තියෙන්නේ මගේ ජීවිතේම story එක තමයි. මට ජීවිතේ ගොඩක් වැරදුනා පොඩි කාලේ ඉඳලම. ඉගෙන ගන්න කාලයත් එහෙමම වැරදුනා. මම හැම තිස්සෙම fast track එකේ යන්න හිතපු මනුස්සයෙක්. ඉක්මනට කලබල වෙලා වැරදි තීරණ ගොඩක පෑටලුනු කෙනෙක්. තාමත් මම මගෙන් වෙච්ච ඒ වැරදි හදාගන්න බලනවා. එක වැරැද්දක් හරිගස්සගන්න ගියාම තව වැරදි කීපයක්ම ඇතිවෙනවා.
    මේක තමයි ඉතින් මගේ ජීවිතය. මම ඒක ගැන දුක් වුනාට කරන්න දෙයක් නෑ. ඒක නිසාම තමයි ජීවිතේ ගතකරන විදිහ ගැන මගේ හිතට ආපු දේ ඔයාල එක්ක බෙදාගන්න හිතුවේ. මට වෙච්ච දේවල් ඔයාලට නොවෙන්න.

    ඔයගොල්ලෝ මම නම්වත් නොදන්න strangers උනාට කාට හරි හරිමග පෙන්නන්න පුලුවන් නම් ඒක මගේ හිතටත් හොඳයි.